IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


පී.සී.ආර් කරද්දී රිදුනැයි හිමිනමක් හෙදියකට පිඟානකින් ගහලා

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පි.සි.ආර්.පරික්ෂණයකදි දැඩි‍ වේදනාවක් ඇති වු බවට උරණ වු හිමිනමක් අදාල පරික්ෂණය සිදුකල හෙදියට එම ස්ථානයේ තිබු විදුරු පිගානකින් පහර කෑමට ලක් වූ හෙදියක බරපතල තුවාල ලබා රෝහල් කළ බවත් සිද්ධියට සම්බන්ධ හිමිනම අත් අඩංගුවට ගෙන ඇති බවත් ආණමඩුව පොලිසිය කියයි.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ ආණමඩුව මූලික රෝහලේ කෝවිඩ් ඒකකයේ රාජකාරි වල නිරතවි සිටි හෙදියක් බව කියයි.

උණ හා සෙම් රෝගයක් හේතුවෙන් ආණමඩුව මුලික රෝහලට ඇතුළත් කර සිටි ආණමඩුව කුමාරගම විහාරස්ථානයක හිමිනමකගේ පි.සි.ආර් පරික්ෂණයක් සිදුකිරිමට අදාල පි.සි.ආර් සාම්පල ලබා ගන්නා ස්ථානයට කැදවා එම ස්ථානයේදි අදාල පරික්ෂණය සිදුකරමින් සිටියදි එම හිමිනමගේ කේඨ ලබා ගැනිමේදී වේදනාවක් ඇතිවු බව පවසමින්  අසල තිබු විදුරු පිගානින් ‍හෙදියට පහර දි ඇති බව පොලිස් පරික්ෂණවලදි අනාවර්ණය වි ඇති බව පොලිසිය පවසයි.

හිමිනම විසින් විදුරු පිගානින් හෙදියගේ හිසට පහර දිමත් සමග හෙදිය එකවර විලාප දෙමින් බිම ඇද වැටි ඇති බව කියයි.

පසුව රෝහල් කාර්ය මණ්ඩලය කඩිනමින් පැමිණ හෙදියට ප්‍රථිකාර ලබා දිම සදහා රෝහල් ප්‍රාථමික වෛද්‍ය ඒකකය වෙත යොමු කර ඇත.

ඒ සමගම සිද්දියට සම්බන්ධ සැකකාර හිමිනම රෝහල් කාර්ය මණ්ඩලය විසින් අල්ලා පොලිස් නිළධාරින්ට බාර දිමට කටයුතු කර ඇත.

පහරදීමට යොදා ගත්පි ගාන කුඩා කැබලිවලට කැඩි ගොස් ඇති ආකාරය දැක ගත හැකි විය.

ආණමඩුව රෝහලේ වෛද්‍ය අධිකාරි පද්මිනි අබේරත්න මහත්මිය පැවසුවේ විදුරු පිගානින් පහර කෑ හෙදියගේ හිසට දරුණු තුවාල සිදුව ඇති බවත් ඇය ආණමඩුව රෝහලින් ප්‍රථිකාර ලබා දි කඩිනමින් වැඩි දුර ප්‍රථිකාර සදහා කුරුණෑගල ශික්ෂණ රෝහලට යැවිමට කටයුතු කළ බවය.



අදහස් (45)

පී.සී.ආර් කරද්දී රිදුනැයි හිමිනමක් හෙදියකට පිඟානකින් ගහලා

කිරි පුතා Monday, 26 July 2021 04:24 PM

මේ නිගා දුන්නේ අරහත් ධජයට

:       0       1

chathuri Monday, 26 July 2021 04:52 PM

මීට පස්සේ ඔය වර්ගයේ කට්ටියට pcr කරන්න එපා. මිනී කාමරයට දාලා වහන්න. මේ අය මහා දාමරිකයන්....

:       0       1

මුණසිංහ Monday, 26 July 2021 04:54 PM

ධර්මය හොඳින් අවබෝධ කරගත් හිමිනමක්...! ශාසනයට කාගේ පිහිටක්ද?

:       870       1010

gamunuMonday, 26 July 2021 05:55 PM

එක හිමිනමකගේ වැරදි ක්‍රියාවක් නිසා සියලු භික්ෂූන් වහන්සේලාට සහ ශාසනයට මෙයින් හානියක් නොවේ. වැරදි කළ හිමි රටේ නීතිය අනුව දඬුවම් ලැබේවි.

:       0       1

sathyapalaMonday, 26 July 2021 10:33 PM

රෝහලේ තව පිඟන් තිබුනේ නැද්ද? සියලුම කාර්ය මණ්ඩලය පිඟාන ගානේ පාවිච්චි කරා නම් තමයි හරි...

:       0       1

පූජා. Monday, 26 July 2021 04:56 PM

මදැයි, පී.සී. ආර් කළා.. උදව්වට ආපු හෙදියට මෙහෙම කරන අය තමයි, පෝය දවසට කරුණා මුදිතා ගුණය ගැන බණ දෙසන්නේ... පිඟානක් අහු නොවී ළඟපහතක පිහියක් වගේ මුවහත් දෙයක් අහුවුනොත් ඒකෙනුත් දමලා අනී. පුදුම වෙන්න දෙයකුත් නැහැ ඉතින්, ලංකාවේ වෙන දේවල් ගැන බැලුවාම.. තුවාල ලැබූ හෙදියට ඉක්මන් සුවය පතමි..!

:       5380       1042

ganegoda Monday, 26 July 2021 05:00 PM

නුඹ නාඩන්.., නුඹ නාඩන්... අපිට මේවා හොඳ පාඩම්..!!!

:       7654       514

rocky Monday, 26 July 2021 05:00 PM

අපේ සංඝ නායක උන්නාන්සේලා මොකද මේ ගැන දේශනා කරන්නේ? කොහොමද මහා සංඝරත්නයේ වැඩකිඩ?

:       12372       1057

ධම්මික හිමිTuesday, 27 July 2021 05:13 AM

හොඳ ප්‍රශ්නයක්. පැවතුනු හැම ආණ්ඩුවකින්ම මහානායක හාමුදුරුවෝ සහ සංඝසභා ඉල්ලීම් කළා වැරදි කරන භික්ෂූන් පුනරුත්ථාපනය කිරීමට හෝ අවශ්‍ය නීති ප්‍රතිපාදන අනුමත කරලා දෙන්න කියලා. පවතින නීතිය අනුව දඬුවම් කරන්න ගියොත් සංඝනායක හාමුදුරුවෝ හිරේට යනවා. උන්වහන්සේලා අසරණයි. කාති උසාවි හදලා දුන්නට සංඝාධිකරණය අනුමත කරවා ගන්නට ඊනියා සිංහල බෞද්ධ නායකයෝ උදව් කරන්නේ නෑ. හරිම සංවේගයි ඒ ගැන.

:       0       0

jayasekaraTuesday, 27 July 2021 11:54 AM

ඔහොම කිව්වා දේවදත්ත බුදුහාමුදුරුවන්ටත් ගල් පෙරළුවාම...!!!

:       0       0

සමරා Monday, 26 July 2021 05:07 PM

සිවුරු දමා ගත් සියලුම දෙනා බෞද්ධ පුතුන් නොවේ... ඔය සිවුර අස්සේ මැරයෙක්, කුඩ්ඩෙක්, කසිප්පු කාරයෙක්, ස්ත්‍රී දූෂකයෙක් ඉන්න පුලුවන්.., මෙයත් එහෙම කෙනෙක් වෙන්න ඇති..!!!

:       0       0

විජිත් Monday, 26 July 2021 05:10 PM

පිඟානකින් ගහන්න.. මොනතරම් කේන්තියක් ඇතිවෙන්න ඇතිද? වේදනාව දැණුන නිසාම කේන්තියක් ඇතිවෙන්නේ නැහැ. විශේෂයෙන්ම කියන්න ඕනා මේ " හාමුදුරුවෝ " සිල්වත් කෙනෙක් නොවන බව. සිත ශීලයේ පිහිටුවාගත් කෙනෙකුට දැනෙන වේදනාව - නොදැනෙන ලෙස සිත වෙනත් අරමුණක පිහිටුවා සිටිය හැකියි. ඒකම තමයි කියන්නේ භාවනාව කියලා. සිල්වත් හිමිනමක් කවමදාකවත් මේ වගේ "පෝරිසාද" වැඩ කරන්නේ නැහැ. මට හිතෙන්නේ මේ අපේ බුදුන් වහන්සේගේ උතුම් වූ බුදුසසුන වැනසීමට පැමිණි. කහ ඇඳගත් ජූජක බමුණෙකි. ප්‍රවේශමෙන්...ඔය පෝරිසාදයාව ඇප දීලා බේරාගන්න හොර දේශකාපාලුවෙක් නාවොත් තමයි පුදුමේ. ඒ වගේම පහර කෑ හෙදි මහත්මියට විරුද්ධව ..චෝදනා ගොනුකරලා, කතාව ලස්සනට හදලා ..පැණි දාලා.. (මේ රටේ සිටින යුක්තිය පසිඳලන ඉතාමත්ම අවංක, නොනැමෙන සුළු, විනිශ්චයකාරවරුන්ට මගේ ගෞරවය සැමදා හිමිවේ) සිටින උසාවියකට.. ඉදිරිපත් කරලා අවුරුදු දෙක තුනක්වත් සිරගත කරන්නත් පුළුවන්. අමතක කරන්න එපා මේ ධර්මද්විපයයි...!!!

:       0       0

මහකන්දේ විජිතසිරි හිමි Monday, 26 July 2021 05:43 PM

ගිහි මහ සමාජයේ එක මිනිහෙක් මිනී මරපුවාම ඔක්කෝම ගිහි මිනිසුන්ට මිනීමරුවන් කියන කෙනා මෝඩයෙක්ද? පිස්සෙක්ද? පැවිදි උප සමාජයේ එක හාමුදුරුවෝ කෙනෙක් වරදක් කරපුවාම ඔක්කොම හාමුදුරුවන්ට අපහාස කිරීම, බැනීම කරන අය මෝඩයන් පිස්සන් පමණි...

:       0       0

Anzar Monday, 26 July 2021 05:43 PM

ජනතාවට හොඳින් ජීවත් වෙනහැටි දේශනා කරන හිමිනමක් වෙන්න ඇති...

:       0       0

සඳුන් Monday, 26 July 2021 05:47 PM

පිංවත..., හොඳ වෙලාවට දැලි පිහිය ළඟ නොතිබුණේ...!

:       0       0

De Monday, 26 July 2021 06:07 PM

හාමුදුරුවෝ නේද හොඳටම කරලා තියෙන්නේ? බොරු නම් අර පිඟානත් කුඩුවෙලා තියෙන්නේ...!!! 

:       0       0

සංහිද Monday, 26 July 2021 06:11 PM

මෛත්‍රී ගුණය වැඩියි වගේ උන්නාන්සේ ළඟ...!!

:       0       0

කාන්ති Monday, 26 July 2021 06:12 PM

ඔය අර ටවුමේ හිඟමන් යදින තමන්ම සිවුරු දාගෙන හොරට මහණ වෙලා ඉන්න කෙනානේ... ඒ හාමුදුරු නමක් නෙවෙයි...

:       0       0

සුබසිංහ Monday, 26 July 2021 06:13 PM

උදේ, සවස මිනිස්සුන්ගේ කන්බෙර පලන ලවුඩ්ස්පීකර් කන්දොස්කිරියාව නවත්වනු...!!!

:       0       0

C.K.Lankaputhra Monday, 26 July 2021 06:21 PM

මට ලියන්න දේවල් ගොඩක් තියනවා. ඒත් මම අවසානයේදී තීරණය කළා ඒවා එකක්වත් ලියන්නේ නැහැ කියලා...

:       0       0

Don perera Monday, 26 July 2021 07:02 PM

පොහොට්ටුවේ සංඝ කෙනෙක් වෙන්න ඇති...

:       0       0

අජිත් Monday, 26 July 2021 07:44 PM

කොහොමද මහා සංඝරත්නයේ වැඩකිඩ වෙන්නේ? එක සිදූවීමක් නිසා...

:       206       168

ගමේ එකාලා Monday, 26 July 2021 07:52 PM

අනුන්ට බණ දේශනා කරන හාමුදුරුවරුන්ගේ හැසිරීම මෙහෙම නම් ගිහියන් ගැන කවර කතාද?

:       8602       1428

jayasekaraTuesday, 27 July 2021 10:06 AM

අවබෝධයක තරම .මේ උන්නාන්සේ මුළු සමස්ත භික්ෂූ ශාසනයම නියෝජනය කරන්නේ නැහැ .අනිකමේ හාමුදුරුවෝ විතරද මුළු ලෝකෙටම ඉන්නේ .බුදු පියාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලෙත් මේ වගේ ය ඕනේ තරම් හිටියා .දේවදත්ත ,කෝකලික භික්ෂූන් .තව ධර්ම පොත් පරිශීලනය කරන්න .නැත්තං දන කෙනෙක් ගෙන් අහගන්න

:       0       0

රට වැසියා Monday, 26 July 2021 08:14 PM

මෙය කිසිසේත්ම නොසිදුවිය යුත්තක්, PCR පරීක්ෂණය තරමක් වේදනාගෙන දෙන්නකි. රෝහල් කාර්ය මණ්ඩලයද මේ වැනි දේ ගැන සැලකිලිමත් විය යුතුයි. රෝහල්වල මේ වැනිදේ බොහෝ සිදුවේ.. හැම රෝගියාම වේදනාව ඉවසා සිටිනවා හැරෙන්නට පිඟන්වලින් සෞඛ්‍ය සේවකයින්ට පහර දෙන්නේ නැත!. රෝහල්වල නිලධාරීන්ගේ නොසැලකිලිමත් බව නිසා ජීවිත පවා හානි සිදුවේ. ඔවුන්ගේ වෘත්තීය බලය නිසා එවැනි දේ යටපත් වේ... කෙසේවෙතත් හෙදියට පහර දීම හෙළා දකිමු.

:       430       1141

මද්දුමරාල Monday, 26 July 2021 08:22 PM

සංඝ පීතෘවහන්සේ කෙනෙක්ගේ ටෙස්ට් කරනකොට වැඳලා ප්‍රවේශමෙන් කරන්න ඕනෑ බව මේ හෙදිය දන්නේ නැද්ද? උන්වහන්සේ අපවත් වුණා නම් ආනන්තරීය පාපකර්මයක් නේද?

:       1209       139

Pgp thika Monday, 26 July 2021 08:44 PM

බැසිල් ඇමැතිතුමත් කීයලා තිබුණා ලංකාවේ PCR කරන විදිය වැරදියි කියලා.

:       1       18

kasun Monday, 26 July 2021 08:51 PM

හැමෝටම සිවුරු දාන්න දුන්නාම ඔහොම වෙනවා. ලොකු තැන්වල අට පිරිකර ගන්න උන්දැලා දැන්වත් මේවා ගැන බැලුවා නම් හොඳයි.

:       112       122

gampilaTuesday, 27 July 2021 04:37 PM

ඔය බඩගින්නේ වේලි වේලි ඉන්න දරුවන්ව මහණ කරගෙන විවිධ අපචාරයන් සිදුකරන අවස්ථාත් තියෙනවා.

:       77       10

Dasa P Monday, 26 July 2021 09:58 PM

මෙත්මල් පිබිදේවා...!!!

:       0       0

saman Jayasinghe Monday, 26 July 2021 10:50 PM

කාලකණ්ණි... සිවුරු දමාගත් මේ නරුමයින් අපේ පවට උපන්නේ...!!!

:       0       0

සිරිබිරිස් Monday, 26 July 2021 11:03 PM

මේ ආණ්ඩුව ඕකට හෙදිය වැරදිකාරයා නොකළොත් තමයි පුදුමේ... ඔතන පිඟානක් තිබ්බේ ඇයි කියලා අහලා...

:       0       0

Rohana Monday, 26 July 2021 11:18 PM

මේ හාමුදුරුනමක්ද? චීවරධාරියෙක්ද? මොනතරම් රිදුනත් සෞඛ්‍යමය කටයුත්තකදී ඉවසන්න වෙනව. රිදුනට හෙදිය වැරදිකාරයෙක් නොවෙයි. පිගානකින් පහරදී තුවාල සිදුකිරීම මහ අසික්කික වැඩකි.

:       0       0

සෙනෙවි Tuesday, 27 July 2021 12:08 AM

මීට පසු පීසීආර් සාම්පල ගනිත්දී දෑත පිටුපසට කර මාංචු දැමිය යුතුයි.

:       0       0

ලුම්බිණි Tuesday, 27 July 2021 05:27 AM

මේ හිමිනමට දන්දෙන දායකයින් පරිස්සමින් දානය බෙදන්න වගබලා ගන්න...

:       0       0

Clarence Tuesday, 27 July 2021 07:28 AM

බුද්ධ ධර්මයට නිගාවක්.. මොහු නියම භික්ෂුවක් නොවෙයි.

:       0       0

දිනේෂ් Tuesday, 27 July 2021 09:25 AM

ඔය සිවුරු පොරවන් ඉන්න කට්ටිය බහුතරයකගේ හැටි ඔහොම්ම තමයි.

:       0       0

අමල් ශාන් Tuesday, 27 July 2021 10:38 AM

හොඳ වැඩේ, ගහන්න ඕනේ තමා, මුන් හරියට රිද්දනවා. වෙන රටවල ඔය වැඩේ කරනවා ගානක්වත් නෑ.

:       0       0

Shahiwal Tuesday, 27 July 2021 11:21 AM

මමත් ඩුබායි වලදී PCR 20ක් පමණ කරලා තියෙනවා. ඒත් ලංකාවේදි මේ හෙදියෝ දෙන වද වල හැටියට හාමුදුරුවෝ ගහන එක සාධාරණයි.

:       0       0

sahan Tuesday, 27 July 2021 11:28 AM

පොඩි ළමයි මහණ කරන එක ඉක්මණටම නැවැත්වූයේ නැතිනම් ලංකාවේ ශාසනේනැති වෙලාම යනවා. මහණ වෙන්න ඕනෑ ජීවිතය ගැන තීරණ ගන්න පුළුවන් වයසට ආවාම.. ජීවිතේ ගැන වැටහුණාම..

:       0       0

Hemantha Tuesday, 27 July 2021 11:45 AM

මෙහෙම උන්දැලෑටද අපි දණගහලා වඳින්නේ... අහෝ සංඝ සමාජයට ගිය කලක්...!!!

:       0       0

සත්‍යා Tuesday, 27 July 2021 12:19 PM

එලොව යන්න සූදානම් වෙන්න ඉගෙන ගන්න කලින් මෙලොව සමාජයේ ශීලාචාරව ජීවත්වීම ඉගැන්වීම අප රටේ හැම ආගම්වලම වීෂය නිර්දේශයකටම ඇතුලත් කල යුතුයි. එසේ නොමැති නිසා තමයි ආගම් ඇදහීමෙන් රටේ විනයක් ඇතිවූ බවක් පේන්නට නැත්තේ. ඇය ගැන ඉතා කණගාටුයි.

:       0       0

kamal Tuesday, 27 July 2021 03:11 PM

හොඳයි, අද ඉඳලා අපිත් මේ වගේ අයට දුටු තැන ගහනවා...!!!

:       0       0

pakeer Tuesday, 27 July 2021 07:17 PM

බුදු හාමුදුරුවන්ගේ කාලෙත් දේවදත්තලා හිටියා. දැනුත් ඉන්නවා. ඉදිරියටත් ඉඳීවි... ඒකයි ධර්මතාවේ...

:       0       95

Rohan Friday, 30 July 2021 11:10 AM

හිර ගෙදරදී මෛත්‍රී භාවනාව පුරුදු කරගන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දලුව වෙරළට සහල් උරයක ඇසුරූ සිරුරක් ගොඩ ගසයි
2025 මැයි මස 03 499 0

නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා‍ මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල


පොලිස් ලොක්කාගේ රථය හැපූ රියදුරු අත්අඩංගුවට
2025 මැයි මස 03 665 0

පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්


අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි
2025 මැයි මස 03 873 0

2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල



ටිපරයක් පෙරළි තරුණයෙක් මරුට:පහක් රෝහලට
2025 මැයි මස 03 253 0

තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්


ගුවන්තොට උණුසුම් කළ ඉන්දියන් තොරතුර
2025 මැයි මස 03 1483 0

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 585 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 152 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1177 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site