(සුජිත් හේවාජුලිගේ)
කොරෝනා මර්දන එන්නත් මිලදී ගැනීමට රුපියල් කෝටි එක්දහස් පන්සිය හතළිස් හයක පමණ මුදලක් ශ්‍රී ලංකා රජය මේ දක්වා වැය කර ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
රජය මේ දක්වා මිලදී ගෙන ඇති එන්නත් ප්‍රමාණය අසූ හත් ලක්ෂ අනූ පන් දහස් අට සිය තිහකි.
මෙයට අමතරව එන්නත් තිස් තුන් ලක්ෂ හැට හතර දහස් එක සියයක් මෙරටට ප්‍රදාන වශයෙන් ලැබී ඇත .
මේ අනුව මෙරටට මේ දක්වා ලැබී ඇති මුළු එන්නත් ප්‍රමාණය එක්කෝටි විසි එක් ලක්ෂ පනස් නව දහසකි .
සයිනොපාම් එන්නත් මාත්‍රා ලක්ෂ අනූ එකක්ද මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ පහළොවක්ද ඇස්ට්‍රාසෙනිකා එන්නතේ මාත්‍රා දොළොස් ලක්ෂ හැට හතර දහසක්ද ස්පුට්නික් එන්නත් මාත්‍රා එක්ලක්ෂ අසූදහසක්ද ෆයිසර් එන්නත් මාත්‍රා එක්ලක්ෂ පහළොස් දහස් අටසිය තිහක්ද මෙරටට මේ දක්වා ලැබී ඇතැයිද ජයසුමන මහතා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබගේ දුෂ්කර කර්තව්‍යයට ස්තුතියි.. ගොඩාක් දෙනා එය අගයකොට සලකන්නේ නැහැ.
මේ අය කියන ඕනෙම දෙයක් පිළිගන්න ජාතියක්... මෝඩ රැළක්...
රටේ බොහෝ කුහකයින් මේවා අගයන්නේ නැහැ. ක්‍රියාවලියේ ප්‍රශ්න තියෙනවා තමයි. හැබැයි අගය කළ යුතු දේ අගය කළ යුතුයි. පාට, පක්ෂ, නොබලා...
මේ අයගේ වැඩවලට විරුද්ධ මත ප්‍රකාශ කළ පමණින් කුහකයින් කියා සලකන්න එපා. මෙයාලගේ නාට්‍ය දර්ශන, බොරුවලට රැවටිලා දැන් එපාම වෙලා ඉන්නේ. මම ඇතුලු තව බොහෝ අය ඇස්ට්‍රාසෙනිකා එන්නත් එනකම් දැන් මාස 5ක් බලන් හිටියා. හැමදාම කියනවා අද ආවලු, හෙට එනවලු. ඒත් ආපු දෙයක් නම් තාම නෑ. දැන් අපිට ගහපු එන්නතේ බල බිඳිලා නම් මොකද වෙන්නේ...? මේවාට කව්ද උත්තර දෙන්නේ...? කතා කරන අය දේශද්‍රෝහි කියලා හංවඩු ගහන්න එපා. ඒ අයගේ පැත්තෙනුත් හිතා බලන්න. බොරුවෙන් හැමදාම හැමෝම රවටන්න බැහැ.
මොන දේශපාලුවන් ද හරියට ඇත්තක් කියන්නේ..? බොරු බේගල් ගහලා ජනතාව ගොනාට අන්දවපු එකමනේ කෙරුවේ... අන්තිමට අපි රැවටුණු එකයි සිද්ද වුනේ...