(නිමන්ති රණසිංහ)
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා පත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතාගේ අත්සනින් යුතු ලිපියකින් ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යවා ඇතැයි ද දැනගන්නට ඇත.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම් නියම වූ දුමින්ද සිල්වා මහතා ජනපති සමාව යටතේ ඉකුත් දා නිදහස් විය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.