(සුජිත් හේවාජුලිගේ )
විශාල දෙයක් ඇති නොවුණහොත් ලබන සැප්තැම්බර් මාසය වනවිට රට සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට බලාපොරොත්තුවන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
රටේ සියලුම ජනතාවට සැප්තැම්බර් මාසය වනවිට කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව ලබාදී අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
රට හැමදාම වසාගෙන සිටීමට හැකියාවක් නැතැයි කී ශවේන්ද්‍ර සිල්වා මහතා අවශ්‍ය සියලුම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙන රට විවෘත කිරීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයා සෞඛ්‍ය හා ආරක්ෂක අංශවලට නිතර උපදෙස් ලබාදෙන බවද පැවසුවේය.
එසේම විදේශිකයන් සඳහා රට විවෘත කිරීමටද සාකච්ඡා අරඹා ඇති බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ සම්බන්ධයෙන් දිගින් දිගටම කටයුතු කරමින් සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.
කොරෝනා එන්නත් දෙකම ලබාගෙන පැමිණෙන විදේශිකයන්ට පී.සී.ආර් පරීක්ෂණයකින් පසු මෙරටට ඇතුල්වීමට අවස්ථාව ලබාදිය හැකි වනු ඇතැයිද යුද හමුදාපතිවරයා කීවේය.
රටපුරා එන්නත්කරණ වැඩපිළිවෙල වේගවත් කර ඇතැයි පැවසූ ඒ මහතා යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාවේ වෛද්‍ය අංශ මේ සඳහා සිය උපරිම දායකත්වය ලබාදෙන බවද ප්‍රකාශ කළේය.
පළාත් පාලන ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා තමාගේ ගමන් බිමන්වලට වැය වූ ඉන්ධන මුදල් නැවත රජයට පියවන බව ජනාධිපති අනුර දිසානායක මහතා පැවසීය.
පළාත් පාලන මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵල රාත්‍රී 11 වන විට ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසී
ත්‍රස්තවාදී පනත යටතේ රැඳවුම් නියෝග ලබා තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වශයෙන් හඳුන්වන නදුන් චින්තක නොහොත් හර
ගිවිසුම් අවලංගු කෙරුණු පාලම් 97ක ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට 2023 වසරේදී රුපියල් කෝටි 33කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තා
මැයි 6 වැනිදා වියට්නාමයේ ඇරැඹෙන ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාරම්භක අවස්ථාවට සහභාගී වී ඡන්දය දැමීම සඳහා නැවත ලංකාවට එන බව ජනාධිපති අනුර දිසානායක මහතා කීය
කථානායක නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපති ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකක් දක්වා අඩු කිරීමටත් පාර්ලිමේන්තු මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් සහකාර මහලේක
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘‘රට මාස දෙකකින් සම්පූර්ණයෙන්ම අරිනවා‘‘
මහසෙන් Wednesday, 14 July 2021 01:01 PM
කරණා සේවයට සමස්ත ජාතියේම ගෞරවය නිතැතින් හිමිවේ. නමුත් කට පරිස්සම් කර ගැනීම වටී. මීට පෙර අවස්ථාත් සිහිවේ. සටන් කරන්නේ නොපෙනෙන සතුරෙක් සමගිනි...
දිලාන් Wednesday, 14 July 2021 11:25 PM
හමුදාව අපිට මෙච්චර දෙයක් කරලත් මේ ගොල්ලන්ට උපාධිය ගන්න තියන "කොතලාවල විද්‍යා පිඨය" ට "මිලිටරි කරණය වෙනවෝ" කිය කියා ස්ට්‍රයික් කරකර වින කටින්න හදන්න එක ගැනනම් ඇත්තේ විශාල පිළිකුළක්...
Nuwan Wednesday, 14 July 2021 01:06 PM
දැන් මේ ඇරිලා තියෙන ප්‍රමානේ මදිද?
Chinthaka Wednesday, 14 July 2021 01:24 PM
අනේ, හමුදාපතිතුමෝ, මේ වසංගත තත්වය සම්පූර්ණයෙන් පහව යනකම් ඔය දේ කරන්න එපා. මතකනේ සිංහල අවුරුද්දට ඇරලා දීලා වුණු දේ.. සංචරණ සීමා ඉවත් කළාම අපේ මිනිස්සු හිතන්නේ කොරෝනා වසංගතය ඉවරයි කියලා...
කිරි පුතා Wednesday, 14 July 2021 01:26 PM
ජනතාවගෙන් වැඩි ප්‍රතිශතකයකට එන්නත් ලබාදීමෙන් අනතුරුව රට සම්පූර්ණයෙන්ම විවෘත කළ හැකි වේවි. නිවැරදි සෞඛ්‍ය පිළිවෙත් පිළිපැදීම අප සැමගේ වගකීමක්. මේ වෛරසය තව කාලයක් පරිසරයේ තැන තැන තියේවි.
Anura Wednesday, 14 July 2021 01:44 PM
අරින්න කලින් අඩුම ගානේ කොළඹ, ගම්පහටවත් එන්නත් මාත්‍රා 2ක් සම්පූර්ණ කරලා ඉන්න... ජයසුමන ඇමැතිතුමාම කිව්වා සයිනොෆාම් පළමු මාත්‍රාවෙන් පමණක් ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ කියලා...!!!
chris Wednesday, 14 July 2021 01:49 PM
කොරෝනා මාරාන්තික වෛරසය හමුවේ අප කිසිවකුට පෙර ගතකළ ජීවිත ගත කිරීමට අවසර නැත.
පප්ප Wednesday, 14 July 2021 02:04 PM
අපේ අම්මලා කිව්වා කට ඉස්සර කරගන්න එපා කියලා..., මේ කොල්ලා නහින්නේ කටහින්දා...
janabala asamagi Wednesday, 14 July 2021 02:36 PM
රට විවෘත කරලා සමගිජනබලවේගයට බාර දෙමු
aruni Wednesday, 14 July 2021 02:48 PM
මෙයාට වසංගත රෝග ගැන කිසිම දැනුමක් නැහැ. හැම තිස්සෙම කට ඉස්සර කරගෙන අන්තිමට පජාති වුණා. දෙමළ මිනිස්සු මැරුවා වගේ කොරෝනා මරන්න බැරිබව මේ මෝඩ මනුස්සයාට වැටහෙන්නේ නැහැ...
සමන්තWednesday, 14 July 2021 04:15 PM
දෙමළ මිනිසුන් මැරුවා කිව්වේ කොයි රටේද මහත්තයෝ...? ලංකාවේ නම් මැරුවේ කොටි ත්‍රස්තවාදීන්... යමක් කියද්දී සිහි බුද්ධියෙන් කිව්වොත් හොඳයි.
ranjithWednesday, 14 July 2021 05:40 PM
ඇයි නැත්තේ... 83 කළු ජූලියේදී අහිංසක දෙමල මිනිස්සුන්ව මැරුවේ කවුද..? යුද්දේ අන්තිම දවස්වල අහිංසක දෙමල මිනිසුන්ව මැරුවේ කවුද..? ඒවාට තමයි ඔය ජිනීවාවල මානුෂික හිමිකම් ආයතන වලින් අපිට විරුද්ධව සම්බාධක දමන්නේ. අපේ රටේ රටේ ජනාධිපතිවුනත් කමක් නැහැ සමහර රටවලට ගියොත් අත්අඩංගුවට ගන්න බලාගෙන ඉන්නවා.
kamalWednesday, 14 July 2021 07:08 PM
අරුණි කිව්ව දේ සම්පූර්ණ ඇත්ත. මේ ගොල්ලෝ ඒ කාලේ අහිංසක දෙමළ මිනිස්සුන්ව විතරක් නොවෙයි 88-89 කාලේ සිංහල කොල්ලන්, කෙල්ලනුත් දහස් ගණනක් මැරුවා. සිංහල අය නිවට නිසා ජාත්‍යන්තරයට ගියාට ප්‍රශ්නය දිගටම ගෙනගියේ නැහැ. නමුත් දෙමළ ප්‍රජාව ඒ සටන අදටත් ගෙනියනවා...
VithanaFriday, 16 July 2021 08:26 AM
අහිංසක දෙමළ මිනිසුන් මරපු සිදුවීම් ඕනෑ තරම් තිබුණා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවත් ඒ නඩු ඉදිරියට අරගෙන ගියා. ඒත් ගෝඨාභය රාජපක්ෂ ඒ මිනීමරුවන්ට ජනාධිපති සමාව දුන්නා. තව නඩු තියෙනවා මේ ආණ්ඩුවෙන් යට ගහපු කප්පම් ගන්න දෙමළ තරුණයන් පැහැරගෙන ගිහින් මරපුවා එහෙම...
සෑම් Wednesday, 14 July 2021 02:52 PM
රට, රටටම යයි වගේ...
ගමේ එකාලා Wednesday, 14 July 2021 02:57 PM
මෙයා මොනවද වසන්ගතේ ගැන හරියට අනාවැකි කියන්නේ?
dhamneth Wednesday, 14 July 2021 03:05 PM
ලබන සතියේ 21,23 රජයේ නිවාඩු 22 නිවාඩු ගත්තොත් 24,25 සති අන්තයත් සමඟ එකදිගට දවස් 5 ක් නිවාඩු . සියලු දෙනා ප්‍රෙව්සම් වෙන්න
Pubudu Wednesday, 14 July 2021 03:23 PM
වැඩිපුරම සයිනෝෆාම් දෙන නිසා එතරම් ඉක්මනින් අරින්නේ කෝමද? මොකද සයිනෝෆාම් ඵලදායක වෙන්නේ දෙවෙනි මාත්‍රාවත් විදලා සතියකට පස්සේ...
Prabath Wednesday, 14 July 2021 04:20 PM
ගෞරවය තියාගෙන ඉන්න... ඔයා ජනාධිපති නෙවෙයිනේ. වැඩ ටික පිළිවෙළට යන්න. කියන දේ කියන කට්ටියට කියන්න දෙන්න. එතකොට ප්‍රශ්න නැහැ..
Raveendra Wednesday, 14 July 2021 05:42 PM
'සර්' එක්ක එකතුවෙලා අපිට වැඩේ දීලා නම් ගොඩක් කල්.. තව මොනවා කියලා කරන්නද?
de silva Wednesday, 14 July 2021 06:06 PM
ඉස්සරවෙලා අවශ්‍ය එන්නත් ප්‍රමාණය රට තුළට ගෙනත් එන්නත් කරමු. ඊට පස්සේ කතා කරමු...
thushan Wednesday, 14 July 2021 06:58 PM
තව අරින්න දෙයක් නෑනේ... සුපිරියටම ඇරලා තියෙන්නේ.. ගොඩ ඒමක් නෑ... ආයේ වැක්සින් එකෙනුත් ගැහුවනේ...
ළිං මැඩිය Thursday, 15 July 2021 11:46 AM
ඔය තීරණය ගන්න ඕනේ වසංගත අධ්‍යක්ෂතුමා නේද, අපේ රටේ වසංගත නිවාරන සෞඛ්‍ය අංශය ලෝකයේ ඉදිරියෙන්ම සිටිනවා. එම ආයතන වලින් මුලින්ම වැඩ ගතයුතුයි. අනිත් අංශ ඒවා යටතේ ක්‍රියාත්මක විය යුතුයි. අලුතින් system හදන්න අවශ්‍ය නැහැ, තියෙන system හොදටම ඇති, ඒවා ක්‍රියාත්මක කරන්න තමයි ඕනේ. system වෙනස් කරන්නේ තියෙන system වලින් හොරකන් කරන්න බැරි ඉන්දයි. සුළු ප්‍රමාණයක් වර්තමානයට යාවත්කාලින කරන්න අවශ්‍යයි.
අබේරත්න Thursday, 15 July 2021 04:05 PM
පොඩි මිනිසා තමයි තැලෙන්නේ. රට අරින්න කලින් ඡන ජීවිතය කොහොමද කියලා හොයලා බලනවා නම් හොදයි නේද රජයක් වශයෙන්... තවම හමුවන රෝගීන් ප්‍රමාණයේ අඩුවක් නැහැ. අවුරුද්දට ඇරලා හොඳට කෙළවා ගත්තා. එ්වා හොඳ පාඩම්. රටවැසි අපට යහපත උදාවේවා..!!!