(සුජිත් හේවාජුලිගේ )
විශාල දෙයක් ඇති නොවුණහොත් ලබන සැප්තැම්බර් මාසය වනවිට රට සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට බලාපොරොත්තුවන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
රටේ සියලුම ජනතාවට සැප්තැම්බර් මාසය වනවිට කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව ලබාදී අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
රට හැමදාම වසාගෙන සිටීමට හැකියාවක් නැතැයි කී ශවේන්ද්‍ර සිල්වා මහතා අවශ්‍ය සියලුම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙන රට විවෘත කිරීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයා සෞඛ්‍ය හා ආරක්ෂක අංශවලට නිතර උපදෙස් ලබාදෙන බවද පැවසුවේය.
එසේම විදේශිකයන් සඳහා රට විවෘත කිරීමටද සාකච්ඡා අරඹා ඇති බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ සම්බන්ධයෙන් දිගින් දිගටම කටයුතු කරමින් සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.
කොරෝනා එන්නත් දෙකම ලබාගෙන පැමිණෙන විදේශිකයන්ට පී.සී.ආර් පරීක්ෂණයකින් පසු මෙරටට ඇතුල්වීමට අවස්ථාව ලබාදිය හැකි වනු ඇතැයිද යුද හමුදාපතිවරයා කීවේය.
රටපුරා එන්නත්කරණ වැඩපිළිවෙල වේගවත් කර ඇතැයි පැවසූ ඒ මහතා යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාවේ වෛද්‍ය අංශ මේ සඳහා සිය උපරිම දායකත්වය ලබාදෙන බවද ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරණා සේවයට සමස්ත ජාතියේම ගෞරවය නිතැතින් හිමිවේ. නමුත් කට පරිස්සම් කර ගැනීම වටී. මීට පෙර අවස්ථාත් සිහිවේ. සටන් කරන්නේ නොපෙනෙන සතුරෙක් සමගිනි...
දැන් මේ ඇරිලා තියෙන ප්‍රමානේ මදිද?
අනේ, හමුදාපතිතුමෝ, මේ වසංගත තත්වය සම්පූර්ණයෙන් පහව යනකම් ඔය දේ කරන්න එපා. මතකනේ සිංහල අවුරුද්දට ඇරලා දීලා වුණු දේ.. සංචරණ සීමා ඉවත් කළාම අපේ මිනිස්සු හිතන්නේ කොරෝනා වසංගතය ඉවරයි කියලා...
ජනතාවගෙන් වැඩි ප්‍රතිශතකයකට එන්නත් ලබාදීමෙන් අනතුරුව රට සම්පූර්ණයෙන්ම විවෘත කළ හැකි වේවි. නිවැරදි සෞඛ්‍ය පිළිවෙත් පිළිපැදීම අප සැමගේ වගකීමක්. මේ වෛරසය තව කාලයක් පරිසරයේ තැන තැන තියේවි.
අරින්න කලින් අඩුම ගානේ කොළඹ, ගම්පහටවත් එන්නත් මාත්‍රා 2ක් සම්පූර්ණ කරලා ඉන්න... ජයසුමන ඇමැතිතුමාම කිව්වා සයිනොෆාම් පළමු මාත්‍රාවෙන් පමණක් ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ කියලා...!!!
කොරෝනා මාරාන්තික වෛරසය හමුවේ අප කිසිවකුට පෙර ගතකළ ජීවිත ගත කිරීමට අවසර නැත.
අපේ අම්මලා කිව්වා කට ඉස්සර කරගන්න එපා කියලා..., මේ කොල්ලා නහින්නේ කටහින්දා...
රට විවෘත කරලා සමගිජනබලවේගයට බාර දෙමු
මෙයාට වසංගත රෝග ගැන කිසිම දැනුමක් නැහැ. හැම තිස්සෙම කට ඉස්සර කරගෙන අන්තිමට පජාති වුණා. දෙමළ මිනිස්සු මැරුවා වගේ කොරෝනා මරන්න බැරිබව මේ මෝඩ මනුස්සයාට වැටහෙන්නේ නැහැ...
රට, රටටම යයි වගේ...
මෙයා මොනවද වසන්ගතේ ගැන හරියට අනාවැකි කියන්නේ?
ලබන සතියේ 21,23 රජයේ නිවාඩු 22 නිවාඩු ගත්තොත් 24,25 සති අන්තයත් සමඟ එකදිගට දවස් 5 ක් නිවාඩු . සියලු දෙනා ප්‍රෙව්සම් වෙන්න
වැඩිපුරම සයිනෝෆාම් දෙන නිසා එතරම් ඉක්මනින් අරින්නේ කෝමද? මොකද සයිනෝෆාම් ඵලදායක වෙන්නේ දෙවෙනි මාත්‍රාවත් විදලා සතියකට පස්සේ...
ගෞරවය තියාගෙන ඉන්න... ඔයා ජනාධිපති නෙවෙයිනේ. වැඩ ටික පිළිවෙළට යන්න. කියන දේ කියන කට්ටියට කියන්න දෙන්න. එතකොට ප්‍රශ්න නැහැ..
'සර්' එක්ක එකතුවෙලා අපිට වැඩේ දීලා නම් ගොඩක් කල්.. තව මොනවා කියලා කරන්නද?
ඉස්සරවෙලා අවශ්‍ය එන්නත් ප්‍රමාණය රට තුළට ගෙනත් එන්නත් කරමු. ඊට පස්සේ කතා කරමු...
තව අරින්න දෙයක් නෑනේ... සුපිරියටම ඇරලා තියෙන්නේ.. ගොඩ ඒමක් නෑ... ආයේ වැක්සින් එකෙනුත් ගැහුවනේ...
ඔය තීරණය ගන්න ඕනේ වසංගත අධ්‍යක්ෂතුමා නේද, අපේ රටේ වසංගත නිවාරන සෞඛ්‍ය අංශය ලෝකයේ ඉදිරියෙන්ම සිටිනවා. එම ආයතන වලින් මුලින්ම වැඩ ගතයුතුයි. අනිත් අංශ ඒවා යටතේ ක්‍රියාත්මක විය යුතුයි. අලුතින් system හදන්න අවශ්‍ය නැහැ, තියෙන system හොදටම ඇති, ඒවා ක්‍රියාත්මක කරන්න තමයි ඕනේ. system වෙනස් කරන්නේ තියෙන system වලින් හොරකන් කරන්න බැරි ඉන්දයි. සුළු ප්‍රමාණයක් වර්තමානයට යාවත්කාලින කරන්න අවශ්‍යයි.
පොඩි මිනිසා තමයි තැලෙන්නේ. රට අරින්න කලින් ඡන ජීවිතය කොහොමද කියලා හොයලා බලනවා නම් හොදයි නේද රජයක් වශයෙන්... තවම හමුවන රෝගීන් ප්‍රමාණයේ අඩුවක් නැහැ. අවුරුද්දට ඇරලා හොඳට කෙළවා ගත්තා. එ්වා හොඳ පාඩම්. රටවැසි අපට යහපත උදාවේවා..!!!