(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය,ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බාලවයස්කාර දැරියක මෙහෙකාර වෘත්තියේ යෙදවීම හා කෘරත්වයට පත් කළැයි කියන මන්ත්‍රී රිෂ්ඩ් බදියුඩීන්ගේ බිරිය ඇතුළු තුනක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත් අජිත් රෝහණ මහතා පවසයි.
අත්අඩංගුවට පත්වූ වන් අතර මන්ත්‍රී බිරියගේ 76 හැවිරිදි පියා සහ මියගිය බාලවයස්කාර දැරිය මෙහෙකාර වෘත්තියට යෙදවීමට තැරැව්කරුවකු ලෙස කටයුතු කළ ඩයගම 60 හැවිරිදි පුද්ගලයකු ද සිටින බව පොලිස් මධ්‍ය ප්‍රකාශකවරයා කීය.
අත්අඩංගුවට ගත් පිරිස පැය 72ක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට නියමිතය.
පළාත් පාලන ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා තමාගේ ගමන් බිමන්වලට වැය වූ ඉන්ධන මුදල් නැවත රජයට පියවන බව ජනාධිපති අනුර දිසානායක මහතා පැවසීය.
පළාත් පාලන මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵල රාත්‍රී 11 වන විට ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසී
ත්‍රස්තවාදී පනත යටතේ රැඳවුම් නියෝග ලබා තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වශයෙන් හඳුන්වන නදුන් චින්තක නොහොත් හර
ගිවිසුම් අවලංගු කෙරුණු පාලම් 97ක ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට 2023 වසරේදී රුපියල් කෝටි 33කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තා
මැයි 6 වැනිදා වියට්නාමයේ ඇරැඹෙන ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාරම්භක අවස්ථාවට සහභාගී වී ඡන්දය දැමීම සඳහා නැවත ලංකාවට එන බව ජනාධිපති අනුර දිසානායක මහතා කීය
කථානායක නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපති ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකක් දක්වා අඩු කිරීමටත් පාර්ලිමේන්තු මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් සහකාර මහලේක
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මන්ත්‍රී රිෂාඩ්ගේ බිරිය ඇතුළු තුනක් අත්අඩංගුවට
Sunil Friday, 23 July 2021 07:12 AM
වෙන මොනවා කරන්නද? වැඩේ ඒ තරමට බරපතලයි. දැන් වැරැදිකරුවන්ට නිසි දඬුවම් දෙමු.
LakviduSaturday, 24 July 2021 06:53 AM
හීනෙන් විකාර දොඩවන්නේ නැතුව අවදිවෙන්න, අවදිවෙන්න... ඔයා ඉන්නේ ලංකාවේ...!!!
sam Friday, 23 July 2021 07:12 AM
මේ රටේ වැදගත් මිනිස්සු ඉන්දැද්දී මේ වගේ අය දේශපාලනයට ගෙනත් ප්‍රවර්ධනය කරපු අපේ මෝඩ පාලකයෝ...
pradeepa Friday, 23 July 2021 09:21 AM
රිෂාර්ඩ්ගේ කට්ටියට නම් ඇප ලැබෙනවා ශුවර්... මොකද රිෂාඩ්ගේ පක්ෂයේ අය කියලා ගනියි.
Shan Friday, 23 July 2021 11:06 AM
හොඳ නිවුස් එකක්...
Bandara Friday, 23 July 2021 12:55 PM
බදුරුදීන්ගේ පවුලේ කවුරු හරි වැරදි කාරයෙක් වෙලා හිරේ ගියාට පස්සේ එයාට මොන සංස්ථා සභාපතිකම හම්බවෙයි කියලද හිතන්නේ...?
SunilFriday, 23 July 2021 04:10 PM
සංස්ථාවක කොහොම වෙතත්, කාන්තා හා ළමාරක්ෂණ අධිකාරියේ ඉහළම තනතුරක් ලැබෙයි මේ අයට...
Hafeel Friday, 23 July 2021 01:57 PM
අවසානයේ මේ තැරැව්කරු වැරදිකරු වේවි. පල්ලෙහායින් තමයි ජලය ගලා යන්නෙත්.
ganegoda Friday, 23 July 2021 02:05 PM
‘‘ගොඩාක් පින්‘‘ ඔබ සියලු දෙනාටම බුද්ධිය හා ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා...!!!
Samitha Friday, 23 July 2021 03:11 PM
අර කලින් අවුරුදු 15ක ගැහැණු ළමයාගේ ප්‍රශ්නේ රිෂාඩ්ගේ ප්‍රශ්නෙන් ගානට වහලා දැම්මා නේද සර්ලා එකතු වෙලා.. දැන් රිෂාඩ්ගේ ප්‍රශ්නය අමතක කරන්න අලුත් ප්‍රශ්නයක් හදන් එයි හෙට අනිද්දාටම.. සර්ලා තමයි හොඳටම කරන්නේ...
ජනිත් Friday, 23 July 2021 03:41 PM
දඟගෙයි දඩුවම් සියුමැලි වැඩිනම්... සභාපති කමකට මා පත්කරපන්... රට විකුණන සර් මා පත්කරපන්...!!!
Rathana Friday, 23 July 2021 03:51 PM
හරි නං මේ ගෑනු කෙනා ඇරෙස්ට් කරන්න තිබ්බේ ඒ ගැහැණු ළමයා මැරිච්ච දවසේ. සාක්කි හොයන්න තිබ්බේ හොස්පිටල් ඉද්දී. මෙච්චර කාලයක් DNA සාක්කි තියාගන්න ඒ අයට පිස්සු නෑනේ...
Sajiya Friday, 23 July 2021 04:05 PM
මෙන්න දේශපාලන පළිගැනීම් කරනෝ...
සමිත සේනක අලුත්ගමගේ. Friday, 23 July 2021 05:42 PM
ප්‍රමාද වී හෝ මේ සිද්ධියට සම්බන්ධ අයව අත්අඩංගුවට ගැනීමට හැකිවීම අගය කළයුතු දෙයක්. ඒත්, නීතියද නිසි අයුරින් ක්‍රියාත්මක කිරීමට වෙර දරන්නේ නම් තමයි වැඩිය හොඳ. මෙවන් තව තවත් දරුවන් මේ රටේ මේ අයුරින්ම මෙහෙකාර සේවයේ යෙදවීම හා දූෂණය කිරීමේ අවස්ථාවන් නීතියේ දැළට කොටුකර ගැනීමට හැකිවේවා යැයි ප්‍රාර්ථනා කරමු...
WCA Friday, 23 July 2021 06:03 PM
ටීවී එකේ සභාපති කියනවා ළමා අපචාර වලට අවුරුදු 20 -30 හිරේ දාන්න පුළුවන් කියලා. ඊළඟ පුවතේ කියනවා අත්අඩංගුවට ගත්තු ළමා අපචාර වලට අත්අඩංගුවට ගත්තු අයට උසාවියෙන් ඇප දුන්නා කියලා. නිකන් දැම්මේ... අනේ මන්දා මේවා..!!!
Prabha Friday, 23 July 2021 07:33 PM
ඔය පරීක්ෂණ පටන් ගන්න තිබුණේ දරුවා මිය යන්න කළින්...
සමිත සේනක අලුත්ගමගේ. Friday, 23 July 2021 08:12 PM
"දුප්පත් කමට ඉපදී අගහිඟ කමට... වැඩකරනා පිණිස ආවෙමි මේ නගරයට ... මිනිස් වෙසින් සිටි සලෙළුන් චරිතයට... කළ හානියට වැගිරෙනවා කඳුළු කැට... "
පූජා. Friday, 23 July 2021 09:05 PM
"නදිය කෙතරම් සුන්දරද.? ශාන්තව ගළායන... විටෙක බියකරුය. රුදුරු ගල්පර අතරමග හමුවෙන හසූවුවොත් දරුණු සුලියකට, ජීවිතය නදියක් නොව, කඳුලු ගංඟාවකි මරණයෙන් කෙළවරවෙන.."
අජිත් වීරතුංග (කටාර් රාජ්‍යයේ සිට) Friday, 23 July 2021 10:19 PM
මේ ඔක්කොම එකතු වෙලා අවුරුදු 70 ක් අපේ මව්බිම විනාශ කළා.. නුඹලට පිං අයිති වෙයි, දැන්වත් අපෙ මව්බිම විනාශ කරන එක නවත්තලා රටට යහපතක් කරන්න පුළුවන් එකෙකුට දීපල්ලා.. නුඹලා ඔක්කොම එකතු වෙලා කරපු ටික හොඳටම ඇති... කටාර් වල අපි...!
සෙSaturday, 24 July 2021 06:34 AM
ඔබගේ කියමන අසත්‍ය යැයි විශ්වාස කර මෙම මජර ක්‍රමයට කැමති පිරිස් තවමත් වැඩි බව කොමන්ට්ස් වලින් පෙනේ. ටකරමට, අරක්කු බාගෙට, ළමයා පාසලට දැමීමට රටක් වසර 05 කට බාරදෙන බත් බුදින ගවයින් තව බොහෝ දෙනෙක් සිටින බව පෙනේ...
සමරේSaturday, 24 July 2021 07:15 AM
මේ කියන්නේ බාල වයස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යෙදවීම සහ හිරිහැර කිරීම් ගැනද? නැත්නම් චුට්ටක් මල්ලේ පොල්ද? මේ කාරණාව අනෙක් දේශපාලන ප්‍රශ්න වගේම ඉතා වැදගත් කාරණයක්...
Charles Sunday, 25 July 2021 11:29 AM
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත (1998 අංක 50) අප රටේ ක්‍රියාත්මක වන්නේ 1998.11.12 දින සිටයි. ඒ දින සිට රටේ ළමුන් කීදෙනෙක් එම පනතට එරෙහි කටයුතු සඳහා යොදා ගෙන ඇත්ද? මෙම සිද්ධියට මෙතරම් ප්‍රචාරයක් දෙන්නේ දේශපාලකයෙක්ගේ නිවසෙහි සිදුවූ සිද්ධියක් නිසාවෙනි. බාලවයස්කාර දරුවන් ළමා මෙහෙකාර සේවයේ යෙදවීම සහ නොයෙකුත් හිංසනයන්ට ලක්වීම අද ඊයේ සිදුවූ දෙයක් නොවේ. අධිකාරියට පනත සම්මත කළ දින සිට නෛතික බලතල ලැබී ඇත. අධිකාරිය එම බලතල නිසි පරිදි ක්‍රියාවේ යෙදවූයේ නම් පසුගිය දිනවල මාධ්‍ය මගින් වාර්තා වූ සිද්ධින් ඇති විය නොහැකිය. තමන් සතු බලතල ක්‍රියාවේ නොයොදවා හිටි අඩියේ අධිකාරිය අළුගසා නැගීසිට කටයුතු කරන බවක් පෙනේ. තවද පසුගිය දිනවල සිදුවූ සිදුවීම් පිළිබඳව විමසා බැලීමේදී පොලිසිය, ළමාරක්ෂක අධිකාරිය සහ ජනමාධ්‍ය සීමාවන් ඉක්මවා එම සිද්ධීන් සම්බන්ධව පුළුල් ප්‍රචාරයක් ගෙන යන ලදී. එමගින් වින්දිතයින්ට බරපතල හානි සිදුවු බවක් පෙනීයයි. සමහර අවස්ථාවල එම දරු දැරියන්ගේ නම් ගම් සහ ලිපින මෙන්ම ඔවුන් ඉගෙනුම ලැබූ පාසල් සහ සැකකරුවන්ගේ නම් ගම් සහ ඡායාරූප ප්‍රසිද්ධ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් පෙන්වන ලදී...