IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ගම්මන්පිලට ගෙනා විශ්වාසභංගය තුනෙන් දෙකකින් පරාදයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (20) පස්වරුවේ තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් පරාජයට පත්විය.

යෝජනාවට විරුද්ධව ඡන්ද 152ක් ලැබුණු අතර ඊට පක්ෂව ලැබුණේ ඡන්ද 61ක් පමණි.

සමගි ජන බලවේගය,ජනතා විමුක්ති පෙරමුණ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු සහ එක්සත් ජාතික පක්ෂයේ නායක, පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අය අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරුද වූහ.

ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මහතා මුලදී විවේචනය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, මන්ත්‍රී සාගර කාරියවසම් මහතාද යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය .

ඡන්දය විමසන අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ චමල් රාජපක්ෂ සහ ආචාර්ය විජේදාස රාජපක්ෂ යන මහත්වරුද විපක්ෂයේ කුමාර වෙල්ගම සහ හරින් ප්‍රනාන්දු යන මහත්වරුද සභා ගැබේ නොසිටියහ.

අතුරලියේ රතන හිමියෝද විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

මැති සබයේ ඉලෙක්ට්‍රොනික පද්ධතිය ඔස්සේ ඡන්ද විමසීම සිදු කෙරිණ.පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සහ නියෝජ්‍ය මහලේකම් කුෂානී රෝහණදීර මහත්මිය ඡන්ද විමසීමේ කටයුතු මෙහෙයවූහ.

මෙම විශ්වාස භංග යෝජනාව පිළිබඳ විවාදය  දින දෙකක් පුරා පැවැත්විණ.

විවාදයේ දින දෙකේදී ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරු 40කට වැඩි පිරිසක් අදහස් දැක්වූහ.

සමගි ජන බලවේගය ඇමැති උදය ගම්මන්පිල මහතාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළේ ඉන්ධන මිල ඉහළ දැමීම ඇතුළු චෝදනා කිහිපයක් පදනම් කරගෙනය .

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 43 දෙනකු අත්සන් තබා තිබූ එම විශ්වාසභංග යෝජනාව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කතානායකවරයාට පසුගිය 23 වැනිදා බාරගනු ලැබීය .

 



අදහස් (6)

ගම්මන්පිලට ගෙනා විශ්වාසභංගය තුනෙන් දෙකකින් පරාදයි

Dewa Tuesday, 20 July 2021 06:13 PM

හැමෝම මතක තබාගන්න.... පෙට්‍රල් රුපියල් 200ට ගියත් දියවන්නාවේ ප්‍රතිඵලය මේකම තමයි.

:       14       149

ase Wednesday, 21 July 2021 11:48 AM

අපි පත්කර යැවූ ජනතා නියෝජිතයන් අපගේ අහේනිය, අගහිඟය දකින්නේ මෙසේද? තමන්ගේම ජනතාව බලයට, කාසිවලට, උගසට තැබූ ආණ්ඩුවේ නියෝජිතයින්ට මගේ බලවත් පිළිකුල...

:       1       50

NMWednesday, 21 July 2021 06:44 PM

බාල අපචාර දුෂණය සදහා සම්බන්ද, කුඩු ජාවාරම් කරුවන් , මිනීමරුවන්, කප්පම් කරුවන් පාර්ලිමේන්තුවෙන් පන්න දමා ඉදිරි මැතිවරණයේදී නව දේශපාලන සංස්කෘතියක් ලංකාවට හදුන්වාදීමට දැනට පාර්ලිමේන්තුවේ නොසිටින මනුෂ්‍යත්වය හදුනන අවංක විස්වාසනීය කණ්ඩායමක් පත් කරමු.වර්තමාන පාර්ලිමේන්තුවේ ජනතා ප්‍රසන සදහා විසදුම් සෙවිය යුතු උවත් බහුතරයක් මන්ට්‍රිවරු වාද විවාද සදහා බජනය කරනු ලබන්නේ රටේ ජනතවට කිසිදු ප්‍රජෝජනයකට නොමැති දේශපාලකයන්ගේ පුද්ගලික ප්‍රසන වේ. සාම පාර්ලිමේන්තු දිනයකම ඔවුන් කතා කරන්නේ වෛරී කථා ​ය. රට අනාගතය ගොඩ නැගීමට පාර්ලිමේන්තුවට යැවූ පුද්ගලයන් පාර්ලිමේන්තුව තුලදී නොවැදගත් ආකාරයට මෙසේ හැසිරීම නිසා රටේ දරුවන් සහ ජනත්වද ඔවුන් ලබාදෙන ආදර්ශය කුමක්ද ? ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මේවන විට ඉතාම නින්දිත සහ පහත් තත්වයට බිදවැටීමට හේතුව සිරගෙවල් වල සිටිය යුතු පුද්ගලයන් ප්‍රජතන්ට්‍රවාදී පාර්ලිමේන්තුවක් තුල සිටීම වේ. මෙවැනි දේශපාලකයන් පාර්ලිමේන්තු නියෝජනයේ සිටින තුරු රටට දියුණුවක් නොමැත මෙය වෙනස් කල යුතුම වේ. එසේ නොවන්නේනම් ලංකාවට අනාගතයක් නොමැත.

:       0       0

pradeepa Wednesday, 21 July 2021 01:08 PM

මේ ඡන්දය දීපු 152 ම කාලකණ්ණි සතුටක් ලැබුවා. අපි දැක්කා පාර්ලිමේන්තුවේදී, කාටද ඔය ජෝක් කළේ? මේ රටේ අහිංසක ජනතාවටනේ. මෙයාලා තෙල් මල 300ට ගියත් ඔය වැඩේම කරනවා.

:       1       74

K Perera Wednesday, 21 July 2021 05:27 PM

මේ විශ්වාස බංගයෙන් පරාජය වුනේ විපක්ෂය විතරක් නොවේ .ශ්‍රී ලංකාවේ වෙසෙන සියලුම මහා ජනතාවයි

:       0       0

siri Wednesday, 21 July 2021 07:17 PM

මම දැක්කා වනජීවී ඇමති කියනවා සත්තු වත්තේ ඉන්න සතුන්ට කන්න දෙන්න සල්ලි නෑ කියලා . ඒ එක්කම තව තැනක වාර්තාවෙලා තියෙනවා එක්තරා ඇමති කෙනෙකුගේ ගෙදර අලුත් වැඩියා කරන්න ලක්ෂ 150ක් වියදම් කළා කියල.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 895 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site