(නිමන්ති රණසිංහ)
බාල වයස්කාර දැරිය ලිංගික කටයුතු සඳහා යෙදවීමට දැන්වීම් පළ කළ ‘ලංකා ඇඞ් ඩොට් කොම්’ වෙබ් අඩවියේ හිමිකරුගේ බැංකු ගිණුම්වල රුපියල් කෝටි 5කට අධික මුදලක් තැන්පත්ව තිබූ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
නිතිවිරෝධී දේපල හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මෙම සිද්ධියේ සැකකරුවන් 11 දෙනකුට එරෙහිව සිදුකරන ලද වීමර්ශනයකට අදාළව මෙම කරුණු හෙළිවී ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව, මෙම සැකකරුවන් 11 දෙනා සතුව තිබු රුපියල් කෝටි 10කට ආසන්න මුදල් ප‍්‍රමාණයක් සහිත බැංකු ගිණුම් සියල්ල තහනම් කර ඇතැයි ද එම ආරංචි මාර්ග සදහන් කරයි.
බාලවයස්කාර දැරිය ලිංගික කටයුතු සඳහා අළෙවි කිරීම සම්බන්ධයෙන් දැන්වීම් පළ කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ‘‘ලංකා ඇඞ් ඩොට් කොම්’’ නමැති වෙබ් අඩවියේ හිමිකරු වන පානදුර ප‍්‍රදේශයේ පදිංචි රණසිංහ ආරච්චිගේ දුමින්ද සම්පත් පෙරේරා සහ එම වෙබ් අඩවියේ මූල්‍ය කළමණාකරු වන බණ්ඩාරගම ප‍්‍රදේශයේ පදිංචි මාකේවෙලගෙදර ධනුක කෞෂල්‍යය යන අය මේ වන විට අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිති.
දැරිය අලෙවි කළ ‘‘ලංකා ඇඞ් ඩොට් කොම්’’ වෙබ් අඩවියේ හිමිකාර දුමින්ද සම්පත් නමැති සැකකරුගේ බැංකු ගිණුම්වල තිබූ රුපියල් කෝටි 5කට අධික මුදලට අමතරව ස්ථාවර තැන්පතු ගිණුම් දෙකක තිබූ ඇමරිකානු ඩොලර් 12,199ක මුදලක් ද තහනම් කර ඇතැයි පොලිසිය පවසයි.
එම වෙබ් අඩවියේ මූල්‍ය කළමණාකරු වන බණ්ඩාරගම ප‍්‍රදේශයේ පදිංචි මාකේවෙලගෙදර ධනුක කෞෂල්‍යය යන අයගේ බැංකු ගිණුම්වල රුපියල් ලක්ෂ 70ක මුදලක් තැන්පත්ව තිබූ බවද සඳහන් වෙයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
දැරිය විකිණූ වෙබ් මුදලාලිගේ ගිණුමේ කෝටි පහක්
maalaka Thursday, 15 July 2021 07:38 AM
මේ විදියටම දේශපාලකයින් , ප්‍රසිද්ධ ව්‍යාපාරිකයින්, සම්බන්ධ අය ප්‍රසිද්ධ කරන්නේ නැත්තේ ඇයි
surath Thursday, 15 July 2021 07:40 AM
දැන් මේ ප්‍රවෘත්ති ඇති වැරදි අය ප්‍රසිද්ධ කරන්න දඩුවම් දෙනන
ධාතුසේන Thursday, 15 July 2021 10:21 AM
අපි හිතුවා ජනාධිපති නීතීඥයෙකුත් අල්ලගෙන කෙල්ල ඇවිත් බලෙන්ම ඇඩ්ස් දාගෙන කෙල්ල මෙයගෙන් සේවය ලබාගත්තා කියලා කියන්න ලොකු ශක්තියක් තියෙන්න ඕනි නෙ. තව පොඩ්ඩෙන් ඊබේ එකේ අයිතිකාරයත් සාක්කිවලට ගෙන්නන්න වෙනවා.
Rata Perata Thursday, 15 July 2021 12:46 PM
මේවා නම් ඉක්මනට හොයා ගන්නවා. දේශපාලුවන් ගේ ගිණුම් ගැන හොයන්න එකෙක් වත් නෑ. රටේ මිනිස්සු බල්ලෝ මරලා හරි සල්ලි හොයන විදිහට පුරුදු කරලා. හැම පැත්තෙන්ම රට විනාශ කලා
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 15 July 2021 01:31 PM
අනිවාර්යයෙන්ම, මේ මුදල් මේ වැනි දහජරා වැඩවලින් උපයපු ඒවා වෙන්නට ඇති. මොවුන්ට ලැබෙන දඬුවම් වලට අමතරව, මේ මුදල් අගතියට පත් දියණියටත්, මෙලෙස අගතියට පත් තවත් අයත් සිටී දැයි සොයාබලා ඒ අයටද මොවුන්ගේ මේ මුදල් ලබාදෙන්න...