(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙි වසරේ අලාභය ඇමරිකානු ඩොලර් කෝටි දහසයක් පමණ වනු ඇතැයි ගණන් බලා ඇත.
ලොවපුරා බලපා ඇති කොවිඩ් අර්බුදය ,ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මූල්‍ය අර්බුදය තව තවත් උග්‍ර අතට පත්කර ඇතැයි සංචාරක අමාත්‍යංශය කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇත.
සමාගමේ වාර්ෂික වාර්තාව අනුව , අලාභය අඛණ්ඩව වර්ධනය වන රාජ්‍ය සමාගමක් බවට ශ්‍රී ලංකන් ගුවන් සමාගම පත්ව ඇතැයි එම අමාත්‍යාංශය වාර්තාවක් මගින් දැනුම් දී ඇත.
ඉකුත් 2017 වසරේ ඇමරිකානු ඩොලර් එක්කෝටි හැත්තෑ ලක්ෂයක් පමණ වු අලාභය 2019 වසරේ දී ඇමෙරිකානු ඩොලර් කෝටි නවයක් දක්වා වර්ධනය වී ඇතැයි ද එම වාර්තාව මගින් පෙන්වා දී ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම බාහිර පාර්ශව සදහා ගෙවිය යුතු ණය ප්‍රමාණය ඩොලර් කෝටි සීයක් පමණ වනු ඇතැයි ගණන් බලා ඇත .
සමාගම සතු ගුවන් යානා සංඛ්‍යාව 24 ක් වන අතර, එම යානා සියල්ලම කල්බදු පදනමෙන් ලබාගෙන ඇති ඒවා බව ද සංචාරක අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට දන්වා ඇත .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් කාටද ආඩම්බර නැත්තේ?
අාහ් එ්කට කමක් නෑ... එ්කේ ඉන්න මහින්දගේ නෑයින්ට, අධ්‍යක්ෂකලාට ... ඇමැතිලා පඩි හොඳට වෙලාවට ගෙවනවනේ අපේ බදු සල්ලි වලින්... ඒ හොඳටම ඇති...
අපේ බැසිල් සර්ව ඕක නග්ගලා ගනීවි...
බුදු අම්මෝ ... !!! මෙහෙමත් පාඩුවක් ... අප වැනි පුංචි රටකට මේවා දරන්නට පුලුවන්ද? මේවායේ ගුවන් මගීන්ව නොමිලේ ගෙනියන්නේ නැහැ. එසේනම්,කෙසේද මෙවන් පාඩු ලබන්නේ. මේවායේ ඉහළම පුටු ලබාදීම කෙරුණේ හා කෙරෙනුයේ දේශපාලන ඇත්තන්ගේ ළඟම හිතවතුන්ට හා නෑයින්ට බව නොරහසකි. ඒ නිසා මේවා පාඩු ලැබුවේ හා ලබන්නේ, ඔවුන්ගේ යටිමඩි ගැසීම් හා තමන්ව පත්කළ දේශපාලකයින්ගේ හැත්ත බුරුත්ත පිටින්ම නොමිලේ රට සවාරි යෑම හා ඔවුන්ගේ පිටරට හෝටල් බිල් ඇතුළු සුඛිත මුදිත පහසුකම් වෙනුවෙන් වියහියදම් කළ නිසා යැයි උපකල්පනය කළ හැකිය. මේ ලෙස මේ ආයතන පාඩු ලබන්නේ හා ලැබුවේ කෙසේදැයි යන්න පිළිබඳව, අපක්ෂපාතී පරීක්ෂණයක් වහාම පවත්වා රටට සත්‍යය එළිකල යුතුයි. අධ්‍යාපනය සඳහා දරුවෙකුට ෆෝන් එකක් ගැනීමට නොහැකි රටේ මෙවන් මුදල් නාස්ති සිදුවීම අතිශයින්ම පුදුමයකි. හෙණ ගහන අපරාධයකි...
ඕක තියාගත්තා කියලා ලංකාවේ අයට ඇති ප්‍රයෝජනය මොකක්ද?
මේ ආශ්චර්යමත් දේශයේ මොකක්ද පාඩු නැත්තේ...?
රටට ඇති එකම ජාතික ගුවන් සේවය... කවුරු ගොඩ ගනීද?
එමිරේටස් පාලනාධිකාරය යටතේ යස අපූරුවට ලාභ ලබමින් සේවකයින්ට හොඳින් සලකමින් තිබුණු අපේ ගුවන් සේවයට මස්සිනාලා දෙන්නෙක් එකතු වෙලා කරපු විනාශයක්...
කොරෝනා නොතිබුණා නම් හත්මුතු පරම්පරාවම ලෝකේ වටේ ගිහිල්ලා ඔය පාඩුව දෙගුණ තෙගුණ කරලා මෙලහකට...
එමිරේට්ස් ලස්සනට කරගෙන ආපු එක කෑවා. පාඩු ලබන රාජ්‍ය ආයතන පුද්ගලීකරණය නොකර ගොඩ ඒමක් නැත. දැන් ඔය හනමිටි වාමාංශිකයින් යූනියන් කාරයින් එන්න එපා...
ජීවිතයටම ගුවන් යානයකට තබා ගුවන් තොටුපළකට වත් පය නොගහපු අපේ රටේ ලක්ෂ සංඛ්‍යාත දුප්පත් මිනිස්සුන්ගේ බදු සල්ලි මේ විදිහට විනාශ කරන එක ඉතා අසාධාරණයි. ඩොලර් කෝටි 16ක් යනු විශාල මුදලකි. එම මුදල් අපේ පොදු ප්‍රවාහන සේවයට යෙදෙව්වා නම් රටේ මිනිස්සුන්ට කොපමණ සහනයක්ද?
අපිට කියන්න එපා පාඩුව ගැන.. බාරගත්ත අය හරියට වැඩ කළා නම් පාඩු වෙන්නේ නැහැනේ.
නැව් වලින් යමුකෝ...
පවුලේ හතර වරිගයම ඉන්න අය තමුන්ගේ බූදලේ කියලා හිතාගෙන පිනට සවාරි ගැහැව්වා. මහින්ද යනකොට සීයක් හමාරක් පිරිවරාගෙන යන්නේ. ගහපු සවාරි වල හැටියට පාඩු නොවී තියේවිද?
මේ මුදලට ලංගම බස් 6000 ක් පමණ මිලට ගන්න තිබුනා .ඒවා අපේ ප්‍රවාහන පද්ධතියට එකතු කළා නම් අපේ පොදු ප්‍රවාහන ප්‍රශ්නයෙන් 50 % ක් පමණ විසඳන්න පුළුවන්
අපේ රටේ නිදහස් අධ්‍යාපනය පුද්ගලිකරණය කරලා වැඩකට නැති එයාර් ලයින් එකක් තියාගෙන ඉනනවා ජනතාවගේ මුදලින්
හැබැයි අපි නම් ගියේ ආවේ ලක්ෂ ගණන් දීලා මිසක් පිනට නෙවෙයි, පේන විදියට ගුවන් යානා විසින් ඩොලර් කාලා ඇති ආකාරයක් පේන්නේ... අනික හොරු එක්ක මොන මොන ඉන්කම්ද කිව්වලු, ඕවාගේ තියෙන ඇන්ජිනුත් උකස් කරලා තියෙන්නේ කියලා දන්නවද? එ්ක නිසා දැන් මෙරටත් සැම්බියාවක් වගේ වෙලා ඉවරයි...