(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙි වසරේ අලාභය ඇමරිකානු ඩොලර් කෝටි දහසයක් පමණ වනු ඇතැයි ගණන් බලා ඇත.
ලොවපුරා බලපා ඇති කොවිඩ් අර්බුදය ,ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මූල්‍ය අර්බුදය තව තවත් උග්‍ර අතට පත්කර ඇතැයි සංචාරක අමාත්‍යංශය කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇත.
සමාගමේ වාර්ෂික වාර්තාව අනුව , අලාභය අඛණ්ඩව වර්ධනය වන රාජ්‍ය සමාගමක් බවට ශ්‍රී ලංකන් ගුවන් සමාගම පත්ව ඇතැයි එම අමාත්‍යාංශය වාර්තාවක් මගින් දැනුම් දී ඇත.
ඉකුත් 2017 වසරේ ඇමරිකානු ඩොලර් එක්කෝටි හැත්තෑ ලක්ෂයක් පමණ වු අලාභය 2019 වසරේ දී ඇමෙරිකානු ඩොලර් කෝටි නවයක් දක්වා වර්ධනය වී ඇතැයි ද එම වාර්තාව මගින් පෙන්වා දී ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම බාහිර පාර්ශව සදහා ගෙවිය යුතු ණය ප්‍රමාණය ඩොලර් කෝටි සීයක් පමණ වනු ඇතැයි ගණන් බලා ඇත .
සමාගම සතු ගුවන් යානා සංඛ්‍යාව 24 ක් වන අතර, එම යානා සියල්ලම කල්බදු පදනමෙන් ලබාගෙන ඇති ඒවා බව ද සංචාරක අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට දන්වා ඇත .
පළාත් පාලන ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා තමාගේ ගමන් බිමන්වලට වැය වූ ඉන්ධන මුදල් නැවත රජයට පියවන බව ජනාධිපති අනුර දිසානායක මහතා පැවසීය.
පළාත් පාලන මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵල රාත්‍රී 11 වන විට ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසී
ත්‍රස්තවාදී පනත යටතේ රැඳවුම් නියෝග ලබා තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වශයෙන් හඳුන්වන නදුන් චින්තක නොහොත් හර
ගිවිසුම් අවලංගු කෙරුණු පාලම් 97ක ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට 2023 වසරේදී රුපියල් කෝටි 33කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තා
මැයි 6 වැනිදා වියට්නාමයේ ඇරැඹෙන ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාරම්භක අවස්ථාවට සහභාගී වී ඡන්දය දැමීම සඳහා නැවත ලංකාවට එන බව ජනාධිපති අනුර දිසානායක මහතා කීය
කථානායක නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපති ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකක් දක්වා අඩු කිරීමටත් පාර්ලිමේන්තු මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් සහකාර මහලේක
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ශ්රී ලංකන් ගුවන් සමාගමේ වසරක පාඩුව ඩොලර් කෝටි 16ක්
ලුම්බිණි Sunday, 11 July 2021 06:24 AM
ඉතින් කාටද ආඩම්බර නැත්තේ?
sam fenando Sunday, 11 July 2021 07:48 AM
අාහ් එ්කට කමක් නෑ... එ්කේ ඉන්න මහින්දගේ නෑයින්ට, අධ්‍යක්ෂකලාට ... ඇමැතිලා පඩි හොඳට වෙලාවට ගෙවනවනේ අපේ බදු සල්ලි වලින්... ඒ හොඳටම ඇති...
69lakshaya Sunday, 11 July 2021 07:57 AM
අපේ බැසිල් සර්ව ඕක නග්ගලා ගනීවි...
සමිත සේනක අලුත්ගමගේ. Sunday, 11 July 2021 08:05 AM
බුදු අම්මෝ ... !!! මෙහෙමත් පාඩුවක් ... අප වැනි පුංචි රටකට මේවා දරන්නට පුලුවන්ද? මේවායේ ගුවන් මගීන්ව නොමිලේ ගෙනියන්නේ නැහැ. එසේනම්,කෙසේද මෙවන් පාඩු ලබන්නේ. මේවායේ ඉහළම පුටු ලබාදීම කෙරුණේ හා කෙරෙනුයේ දේශපාලන ඇත්තන්ගේ ළඟම හිතවතුන්ට හා නෑයින්ට බව නොරහසකි. ඒ නිසා මේවා පාඩු ලැබුවේ හා ලබන්නේ, ඔවුන්ගේ යටිමඩි ගැසීම් හා තමන්ව පත්කළ දේශපාලකයින්ගේ හැත්ත බුරුත්ත පිටින්ම නොමිලේ රට සවාරි යෑම හා ඔවුන්ගේ පිටරට හෝටල් බිල් ඇතුළු සුඛිත මුදිත පහසුකම් වෙනුවෙන් වියහියදම් කළ නිසා යැයි උපකල්පනය කළ හැකිය. මේ ලෙස මේ ආයතන පාඩු ලබන්නේ හා ලැබුවේ කෙසේදැයි යන්න පිළිබඳව, අපක්ෂපාතී පරීක්ෂණයක් වහාම පවත්වා රටට සත්‍යය එළිකල යුතුයි. අධ්‍යාපනය සඳහා දරුවෙකුට ෆෝන් එකක් ගැනීමට නොහැකි රටේ මෙවන් මුදල් නාස්ති සිදුවීම අතිශයින්ම පුදුමයකි. හෙණ ගහන අපරාධයකි...
Kumara Sunday, 11 July 2021 08:16 AM
ඕක තියාගත්තා කියලා ලංකාවේ අයට ඇති ප්‍රයෝජනය මොකක්ද?
Praba Sunday, 11 July 2021 10:05 AM
මේ ආශ්චර්යමත් දේශයේ මොකක්ද පාඩු නැත්තේ...?
කිරි පුතා Sunday, 11 July 2021 10:51 AM
රටට ඇති එකම ජාතික ගුවන් සේවය... කවුරු ගොඩ ගනීද?
Vithana Sunday, 11 July 2021 10:55 AM
එමිරේටස් පාලනාධිකාරය යටතේ යස අපූරුවට ලාභ ලබමින් සේවකයින්ට හොඳින් සලකමින් තිබුණු අපේ ගුවන් සේවයට මස්සිනාලා දෙන්නෙක් එකතු වෙලා කරපු විනාශයක්...
Ruhunu Sunday, 11 July 2021 11:13 AM
කොරෝනා නොතිබුණා නම් හත්මුතු පරම්පරාවම ලෝකේ වටේ ගිහිල්ලා ඔය පාඩුව දෙගුණ තෙගුණ කරලා මෙලහකට...
KanchanaSunday, 11 July 2021 12:05 PM
හරියටම හරි... මටත් ඔය ටික හිතුණා..
Nuwan Sunday, 11 July 2021 11:14 AM
එමිරේට්ස් ලස්සනට කරගෙන ආපු එක කෑවා. පාඩු ලබන රාජ්‍ය ආයතන පුද්ගලීකරණය නොකර ගොඩ ඒමක් නැත. දැන් ඔය හනමිටි වාමාංශිකයින් යූනියන් කාරයින් එන්න එපා...
de silva Sunday, 11 July 2021 11:28 AM
ජීවිතයටම ගුවන් යානයකට තබා ගුවන් තොටුපළකට වත් පය නොගහපු අපේ රටේ ලක්ෂ සංඛ්‍යාත දුප්පත් මිනිස්සුන්ගේ බදු සල්ලි මේ විදිහට විනාශ කරන එක ඉතා අසාධාරණයි. ඩොලර් කෝටි 16ක් යනු විශාල මුදලකි. එම මුදල් අපේ පොදු ප්‍රවාහන සේවයට යෙදෙව්වා නම් රටේ මිනිස්සුන්ට කොපමණ සහනයක්ද?
Viki Sunday, 11 July 2021 01:16 PM
අපිට කියන්න එපා පාඩුව ගැන.. බාරගත්ත අය හරියට වැඩ කළා නම් පාඩු වෙන්නේ නැහැනේ.
කේ එස් රත්න කුමාර Sunday, 11 July 2021 01:30 PM
නැව් වලින් යමුකෝ...
විපරමා Sunday, 11 July 2021 03:32 PM
පවුලේ හතර වරිගයම ඉන්න අය තමුන්ගේ බූදලේ කියලා හිතාගෙන පිනට සවාරි ගැහැව්වා. මහින්ද යනකොට සීයක් හමාරක් පිරිවරාගෙන යන්නේ. ගහපු සවාරි වල හැටියට පාඩු නොවී තියේවිද?
de silva Monday, 12 July 2021 06:50 AM
මේ මුදලට ලංගම බස් 6000 ක් පමණ මිලට ගන්න තිබුනා .ඒවා අපේ ප්‍රවාහන පද්ධතියට එකතු කළා නම් අපේ පොදු ප්‍රවාහන ප්‍රශ්නයෙන් 50 % ක් පමණ විසඳන්න පුළුවන්
sanjeewa Monday, 12 July 2021 02:17 PM
අපේ රටේ නිදහස් අධ්‍යාපනය පුද්ගලිකරණය කරලා වැඩකට නැති එයාර් ලයින් එකක් තියාගෙන ඉනනවා ජනතාවගේ මුදලින්
vikum Monday, 12 July 2021 08:29 PM
හැබැයි අපි නම් ගියේ ආවේ ලක්ෂ ගණන් දීලා මිසක් පිනට නෙවෙයි, පේන විදියට ගුවන් යානා විසින් ඩොලර් කාලා ඇති ආකාරයක් පේන්නේ... අනික හොරු එක්ක මොන මොන ඉන්කම්ද කිව්වලු, ඕවාගේ තියෙන ඇන්ජිනුත් උකස් කරලා තියෙන්නේ කියලා දන්නවද? එ්ක නිසා දැන් මෙරටත් සැම්බියාවක් වගේ වෙලා ඉවරයි...