සැහැල්ලු ගුවන් යානයක් කන්තලේ ඇළකට කඩා වැටෙයි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් නියමුවන් පුහුණු කරන පී ටී 6 නැමැති සැහැල්ලු ගුවන් යානයක් කන්තලේ ජනරංජන වැව ඉස්මත්තේ ඇති ඇලකට කඩා වැටී ඇති බව ගුවන් හමුදාව කියයි. 15 December 2020
සතොස වාහන අවභාවිතාවකට හිටපු මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ලංකා සතොස ආයතනයේ 2015- 2019 යන වසර වල සිදුවූ බව කියන වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මොහොමඩ් මහරූෆ් සහ ෆාරුක් මොහොමඩ් ඉස්ලාම් යන දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 15 December 2020
රට මත්පැන් විස වී අයියා-මලෝ මරුට විදෙස් රටකින් ගෙනා බව කියන මත්පැන් වර්ගයක් පානය කිරීම හේතුවෙන් අසාත්මිකතාවයකට පත්ව රෝගාතුරවූ පුද්ගලයින් සිව්දෙනෙකු රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එයින් දෙදෙනෙකු මරණයට පත්ව ඇතැයි මීරිගම පොලිසිය කියයි. 15 December 2020
වෛද්‍ය සභාවේ පත්කිරීමට එරෙහි පෙත්සම විසිකරන්නයි පවිත්‍රා ඉල්ලයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහා නව සභාපතිවරයෙකු සහ සාමාජිකයින් සිව් දෙනකු පත් කිරීම අභියෝගයට ලක් කරමින් එහි හිටපු සභාපතිවරයා ඇතුළු පිරිසක් ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන්නැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය මූලික විරෝධතාවයක් ඉදිරිපත් කරමින් අභියාචනාධිකරණයෙන් අද (14) ඉල්ලා සිටියාය. 14 December 2020
හිස්බුල්ලා හමුවන්න නීතිඥවරුන්ට අවස්ථාව තියෙනවා පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා හමුවී උපදෙස් ලබා ගැනීමට , ඔහුගේ නීතිඥවරුන්ට අවස්ථාව සලසා දීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර නොමැති බවත් , එම ප්රවේශයන් ලබා දිය හැකි දින වකවානු පිළිබද හෙට (15) දින අධිකරණයට නිල වශයෙන් දැනුම් දෙන බව නීතිපතිවරයා අද (14) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. 14 December 2020
අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් අංගොඩදී දැලේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වශයෙන් හැඳින්වෙන අංගොඩ ලොක්කා නැමැත්තාගේ ගෝලයකු ගිනි අවි දෙකක් සහ පතුරම් 18ක් සමග සමඟ විශේෂ කාර්ය බලකාය විසින් අංගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබීය. 14 December 2020
කොරෝනා මරණ 150 පනී කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් අද(13) රෝගීන් තිදෙනෙකු මියගොස් ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 13 December 2020
පීසීආර් මගහැරියොත්- ව්‍යාජ තොරතුරු දුන්නොත් දේපළවලට මුද්‍රා පී සී ආර් පරීක්ෂණ සිදුකරන අවස්ථාවේ දී ව්‍යාජ තොරතුරු ලබා දෙන පුද්ගලයන්ට සහ එම පරීක්ෂණ මගහරින පුද්ගලයන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ සහ නිරෝධායන නීතිය යටතේ උපරිම නීතිය ක්‍රියාත්මත කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය. 13 December 2020
මහියංගන ප්‍රා. සභාවේ මන්ත්‍රීවරු ගැටී 12 ක් රෝහලේ මහියංගන ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක්, තවත් පිරිසක් සහ පොදුජන පෙරමුණ පක්ෂ ආධාර කරුවන් පිරිසක් මහියංගණ පොලිසිය ඉදිරිපිටදී අද (12) ඇති කරගත් ගැටුමකින් 12 දෙනකු තුවාල ලබා ප්‍රතිකාර සදහා මහියංගණ මුලික රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය කියයි. 13 December 2020
නිදන්ගල පුරා විද්‍යා රක්ෂිතයේ පුරාවස්තු ඩොසර් කර නිවාස හදලා අනුරාධපුර මුල් යුගයට අයත් යැයි සැළකෙන සෙල්ලිපි , පොකුණු හා විවිධ නටඹුන්වලින් පිරී පවතින නාච්චාදූව නව නගරයේ නිදන්ගල පුරාවිද්‍යා රක්ෂිතයේ පුරාවස්තු බුල්ඩෝසර් කර පිරිසක් විසින් බලහත්කාරයෙන් නිවාස ඉදිකොට තිබේ. 13 December 2020
පාඨලී හෙළ උරුමයෙන් ඉවත් වෙයි ජාතික හෙළ උරුමයේ මහලේකම් ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද(12) සිය ධුරයෙන් මෙන්ම ජාතික හෙළ උරුමයේ පක්ෂ සාමාජිකත්වයෙන් ද ඉවත් විය. 12 December 2020
ගාල්ලේ පාසල් තවත් සතියක් වසාදමයි කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් සියලු පාසල් මෙම මාසයේ 18වැනිදා දක්වා තවත් සතියක් වසා දැමීමට තීරණය කළ බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා කීවේය. 11 December 2020
මහනුවර පාසල් 42 ක් සඳුදා සිට විවෘතයි මහනුවර නගර සීමා බල ප්‍රදේශයේ වසා දමා තිබුණු පාසැල් 45 න් 42 ක් එළඹෙන සඳුදා (14) විවෘත කිරීමට කිරීමට තීරණය කළ බවත් ත්‍රිත්ව,තක්ෂිලා හා කලෙයිමගල් යන විද්‍යාල තවදුරටත් වසා තැබෙන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා පැවසීය. 11 December 2020
පාර්ලිමේන්තුවේ පාන් දීලා කාර්යමණ්ඩලය නොසතුටින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්යමණ්ඩලයට පසුගිය දිනෙක ලැබුණු ආහාර වේලක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සමස්ත කාර්ය මණ්ඩලයම මහත් නොසතුටට පත්ව සිටින බව වාර්තා වේ. 11 December 2020
අනුරාධපුර ගුවන් හමුදා කදවුර අසල ඩ්‍රෝන කැමරාවක් යවලා අනුරාධපුර ගුවන් හමුදා කදවුර ආසන්නයේ අනවසරයෙන් ඩ්‍රෝන කැමරාවක් ගුවන්ගත කළ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි. 11 December 2020
වැඩි ඡන්ද 97 කින් අයවැය සම්මතයි 2021 වසර සඳහා වන අයවැය තෙවැනි වර කියවීම වැඩි ඡන්ද 97කින් අද(10) පාර්ලිමේන්තුවේ දී සම්මත විය. 10 December 2020
’බජට් පාටිය තියන්න එපා’ අයවැය විවාදය මාසයකට ආසන්න කාලයක් පැවැත්වීමෙන් පසු සාම්ප්‍රදායිකව සෑම වසරකදීම කථානායක නිල නිවසේදී සියලු මන්ත්‍රීවරුන් හා හිතවතුන් වෙනුවෙන් පැවැත්වූ භෝජන සංග්‍රහය කොවිඩ් 19 වසංගත තත්ත්වයක් පවතින මෙවැනි වකවානුවක නොපවත්වන්නේ නම් සුදුසු යැයි සමගි ජනබලවේගයේ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද(10) පාර්ලිමේන්තුවේදී යෝජනා කළේය. 10 December 2020
වැලිගම ග්‍රාම නිලධාරී වසම් 6කට සංචරණ සීමා වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ ගම්මාන 06ක් දැඩි සංචරණ සීමා පැනවීමට කටයුතු කරඇති බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පැවසීය. 10 December 2020
සේවාදායකයා ජනපති වී සිටියදී අලි සබ්රි අධිකරණ ඇමැති වීම ගැටලුවක් තමන්ගේ සේවාදායකයා ජනපති වී සිටිද්දී අලි සබ්රි අධිකරණ ඇමැති වීම ගැටලුවක් යැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද(9) පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා අවස්ථාවේ අධිකරණ අමාත්‍යංශ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් පැවසීය. 09 December 2020
අලෙවියට නුසුදුසු ලොකු ලූනූ කිලෝ 60,000 ක් දඹුල්ලෙන් අල්ලයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පිහිටා ඇති ගබඩා සංකීර්ණයේ විදේශ රටවලින් ගෙන්වා තිබූ ආහාරයට නුසුදුසු ලොකු ලූනු කිලෝ 60,000 කට අධික ප්‍රමාණයක් අද ( 9) සොයා ගැනීමට හැකිව තිබේ. 09 December 2020
හොරෙන් ගෙන්වූ ලක්ෂ77ක කහ තොගයක් හලාවතින් අල්ලයි නීති විරෝධීව මෙරටට ගෙන්වා හලාවත ව්ට්ටක්කලිය කාවාටියා වත්ත ප්‍රදේශයේ දි ලොරියක පටවමින් තිබු වියළි සහ තොගයක් සමග සැකකරුවන් 7දෙනෙකුද ලොරියක්ද අද ( 9 ) අලුයම හලාවත කොට්ඨාස බුද්ධි විමර්ශන ඒකකයන්හි නිලධාරින්ගේ මෙහෙයැවීමෙන් සිදු කළ වැටලීමක දි අත් අඩංගුවට ගෙන ඇත. 09 December 2020
බජට් පාටියට 500 කට ආසන්න ආරාධනා පාර්ලිමේන්තුවේදී අයවැය සම්මත වීම නිමිත්තෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සංවිධානය කෙරෙන සාදය හෙවත් බජට් පාටිය අනිද්දා (10 වැනිදා) කතානායක නිලනිවසේදී පැවැත්වීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතී. 08 December 2020
ගාල්ලේ පාසල් විවෘත කිරීම දින දෙකකින් කල් යයි පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයට අයත් සියලුම පාසල් මෙම සතියේ සිකුරාදා වනතෙක් වසා දැමිමට තින්දුකළ බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පවසයි. 08 December 2020
වනජීවි නිලධාරීහු වර්ජනය අත්හරිති ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානය පවත්නා ලෙසටම ආරක්ෂා කරන බවට හා ඉදිරියේදී සාකච්ඡාවක් ලබාදෙන බවට වනජීවි කැබිනට් ඇමතිවරයා කළ ප්‍රකාශය පදනම් කරගනිමින් වනජීවි නිලධාරීන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද(7) සවස තාවකාලිකව අත්හිටවූ බව වන ජීවි නියාමක නිලධාරින්ගේ සංගමයේ සභාපති ශානුක සදරුවන් මහතා පැවසීය. 07 December 2020
කටුනායක ගුවන්තොටුපොළ දොරටු ජනවාරියේදී සංචාරකයන්ට ඇරෙයි එළඹෙන ජනවාරි මාසයේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංචාරකයන්ට යළි විවෘතකිරීමට එහි බලධාරීන් තීරණය කර තිබේ. 07 December 2020
ළමෝ පාසලට එති:ගුරුවරු නැහැ ඇල්පිටිය අධ්‍යාපන කලාපයට අයත් නවදගල මහා විද්‍යාලයේ දරුවන් 59 ක් පමණ අද පාසලට පැමිණ ඇතත් ගුරුවරු අද (07)පාසලට පැමිණ නැතැයි වාර්තාවේ. 07 December 2020
ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල් වහයි අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල් හෙට (07) සිට නැවත දැනුම් දෙන තුරු වසා තැබීමට තීරණය කල බව දකුණු පලාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා පැවසීය. 06 December 2020
නිර්මාණය කළ නඩු ඉහළ උසාවියේදී බිඳවැටෙනවා අපරාධ නඩු සම්බන්ධයෙන් වැඩ කළ නිතිවේදියෙක් ලෙස තමන් දන්නා දේ නම්, නිර්මාණය කළ නඩු ඉහළ උසාවි වල විභාග කිරීමේ දී සාක්ෂි විමසීම්වල දී බිඳ වැටෙන බව යැයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේය. 06 December 2020
රුපියල් කෝටි 300 ක මත්ද්‍රව්‍ය අල්ලයි ඩුබායි රටේ සැඟව සිටින ජූඩ් නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් මෙරටට බෝට්ටු මගින් එවන ලද බව කියන රුපියල් කෝටි 300 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු සහ අයිස් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් බව සුරාබදු කොමසාරිස් ජනරාල් ඒ. බෝඩරගම මහතා පැවසීය. 06 December 2020
ප්‍රභූ ආරක්ෂකයන් 44 කට කොරෝනා ප්‍රභූ ආරක්ෂකයන් 44 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 05 December 2020
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක.. 21 December 2025