
(රංජන් කස්තුරි)
සෞඛ්‍ය සේවාවට අයත් වෘත්තීන් 14ක් සහ කණිෂ්ඨ කර්ය මණ්ඩල ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය හේතුවෙන් රටපුරා රෝහල් රැසකම රෝගී සත්කාර සේවා අද මුළුමනින්ම බිඳ වැටී තිබිණි.
ඉල්ලීම් ගණනාවක් මුල්කර ගනිමින් හා හෙද සේවයට සමාන්තර අනෙකුත් සේවාවන් නොසලකා හැරීම හේතුවෙන් එම සෞඛ්‍ය වෘත්තිකයින් හා සෞඛ්‍ය සේවකයින් අද වැඩ වර්ජනයක නිරත වූහ.
ඔවුන්ගේ වැඩවර්ජනය නිසා රටපුරා රෝහල්වල බාහිර රෝගීන්ට ඖෂධ නිකුත් කිරීම, පී.සී.ආර්. සහ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ සිදු කිරීම, එම්.ආර්. ස්කෑන්, සිදු කිරීම ආදී සේවාවන් කිසිවක් සිදු නොවූ බව ද වාර්තා විය.
මීට අමතරව රෝහල්වල චිකිත්සක සේවාවන්, දත්ත චිකිත්සක කටයුතු ආක්ෂි තාක්ෂණ සේවා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සේවාවන් සහ පවුල් සෞඛ්‍ය සේවාවේ කටයුතු ද දවසපුරා ඇනහිට තිබිණි.
මේ අතර කොළඹ ජාතික රෝහල සහ දිවයිනේ ප්‍රධාන රෝහල් ද පළාත් සභා රෝහල් හා සෞඛ්‍ය ආයතනවලද රෝගී සත්කාර සේවා අඩාලවීම නිසා බාහිර ප්‍රතිකාර ගැනීමට පැමිණි දහස් ගණන් රෝගීහු දැඩි අපහසුතාවයට පත් වූහ.
රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන්ට අද දිනය තුළ අවශ්‍ය සත්කාර නොලැබුණු අතර ඔවුන්ගේ පරික්ෂණ කිසිවක් සිදු නොවීය.
(ඡායාරූප - තිලකරත්න දිසානායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලන් මහලොකු සුදුසුකම් කිව්වට ඔයාට වඩා සුදුසුකම් තියෙන මිනිස්සු රාජ්‍ය සේවයේ ඉන්නවා. ඒ උපාධිධාරින් කිසිම සහනයක් නෑ. ගුරුවරු වැඩ කරන්නේ හිඟන පඩියකට. පඩිත් නෑ. ඉස්පිරිතාලේ නම් ලෙඩ්ඩු බිල්ලට දීලා ඔක්කොම ගන්නවා. අනික් රජයේ සේවකයින් මොනවත් කරන්නේම නෑ වගේ...
මේ ප්‍රශ්නය මුලින්ම ඇතිකළේ වෛද්‍යවරුන්... ඊටපසු එහි හෙද සේවය එල්ලුණා. ඊටත් පසුව අනෙක් අය එල්ලුණා. මේ රටේ තරම්, ඉල්ලීම් වලට කෑදර මිනිසුන් ලොව වෙනත් රටවල නැතුව ඇති කියලා හිතෙනවා. ඒක සත්‍යයක් වගේ තමයි පේන්නේ. නැතිනම්, මේ තරම් වසංගතයක් බෝවී රටේ මිනිසුන් මියයන අවස්ථාවක, තවත් දුක්පීඩා වලින් ජනතාව බැටකන අවස්ථාවක, මෙසේ ඉල්ලීම් සඳහා ස්ට්‍රයික් කිරීම මනුෂ්‍යයින්ගේ අමනුෂ්‍යකම ප්‍රදර්ශනය කිරීමක් නොවන්නේද?
වෛද්‍යවරුන්ට විරුද්ධව අනිත් ඔක්කොම සංගම් ටික එකතු වෙලා පළමු වතාවට ඒකාබද්ධ වැඩ වර්ජනයක් කළා හරි උජාරුවෙන්... හරියට රටටම පේන්න මගුල් කෑවා වගේ නිකන්... තියන තරමක් කුහකකම් ඉරිසියාකම් ඔක්කෝම තියෙන්නෙත් ඒ අය අතරේමයි කියලත් අමතක වෙන තරමටම චූන් වෙලා හිටියේ... පස්සේ ඔක්කෝටම දීමනාවක් දුන්නා. හැමෝටම එකම ගාන. ඕන්න දැං මතුවෙනවා අර පරණ මජර ගති ටික. නර්ස්ලාට අවුල්.. ඇටෙන්ඩත් අපේ දීමනාවමයි කියලා. මගුල අහවර කරලා ඕං මිස්ලා විතරක් ස්ට්‍රයික් තමන්ටම ආවේනික, වෙන්න දොස්තර ඉල්ලීම් ටිකකුත් ඉස්සරහට දාගෙන. ඕනෑම කුණු ගොඩක් සහ කෙබරයක් දෙපාරක් හිතන්නේ නැතුව කනට දාගන්න ස' කිව්ව ඉල්ලීම් දෙන්නම් කියලා. වෙලාවට ස්ට්‍රයික් නැවැත්තුවා. තව ටික දවසක් ස්ට්‍රයික් කළා නම් මේ අය වාට්ටු වල හිටියේ නැතැයි කියලා ගානක් නැති වෙන්නත් ඉඩ තිබුණා. ඉතිං නර්ස්ලාට විතරක් සලකන්නේ මොකද කියලා අතුරුවෛද්‍ය සේවා සංගම් ටික දැං ස්ට්‍රයික්... හෙට අනිද්ද සුලු සේවකයොත් ස්ට්‍රයික් පටං ගනී...
සමිත සේනක, වෛද්‍යවරුන් මොනවගේ ප්‍රශ්නයක්ද ඇතිකළේ කියලා දැනගන්නට කැමතියි.
මෙවැනි ආර්ථික හා ජාතික ආපදා අවස්ථාවක රටේ සියලුම රෝහල් සහ වෛද්‍ය, සෞඛ්‍ය සේවාවන්... ආරක්ෂක හමුදා මගින් කරගෙන යා යුතුයි.