(සුජිත් හේවාජුලිගේ )
කොරෝනා පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස පළාත් අතර පණවා තිබූ සංචරණ සීමා අද(5) සිට තවත් සති දෙකක කාලයකට දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මේ අනුව එම සංචරණ සීමා ලබන 19 වැනිදා දක්වා ක්‍රියාත්මක වනු ඇත.
මෙම සෞඛ්‍ය නීති කඩකරන්නන්ට එරෙහිව ඉදිරියේදී දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන සෞඛ්‍ය නීති සමාලෝචනයට ලක් කරමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් ඊයේ(4) පස්වරුවේ නිකුත් කරන ලද අතර එම මාර්ගෝපදේශ සංග්‍රහයට අනුව කැසිනෝ රාත්‍රී සමාජ ශාලා සමාජශාලා ඔට්ටු මධ්‍යස්ථාන,සහ බාර් තවදුරටත් වසා තැබිය යුතුවෙයි.
මෙයට අමතරව සැණකෙළි, සංගීත සංදර්ශන පැවැත්වීමද උද්‍යාන,වෙරළ,ගං ඉවුරු ආශ්‍රිතව එක්රැස්වීමද තවදුරටත් තහනම් කෙරේ.
සම්භාෂණ හා ගෘහස්ථ රැස්වීම් පැවැත්වීමටද අවසර නොලැබේ.
කෙසේ වෙතත් "ස්පා" විවෘත කිරීමට අවසර හිමි වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ නිකුත් කෙරුණු එම නවතම සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහය මෙසේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
සෞඛ්‍ය මාර්ගෝපදේශ අලුත් වෙයි
Ravi Sunday, 04 July 2021 05:31 PM
පුදුම කෝලන්
කිරිපුතා Sunday, 04 July 2021 05:49 PM
හැකි පමණින් එන්නත් දී රට විවෘත කරන්න අවශ්‍යයි. මිනිසුන් ජීවත් වෙන්න කීයක් හරි හොයාගන්න එපැයි. සෞඛ්‍ය මාර්ග නීති හදන අය ඒ ගැන දන්නෙ නැතිව ඇති
මහසෙන් Sunday, 04 July 2021 10:16 PM
අත්‍යාවශ්‍ය ම සේවාවක් වන ස්පා විවෘත කර ආගමික සිද්ධස්ථාන වසා දැඩි සංචරන සීමා ලිහිල් කල ඔබ සැමට ප්‍රණාමය.