(නිමන්ති රණසිංහ සහ ඉන්දිකා රාමනායක)
යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සහ වනජීවී නිලධාරින් පිරිසක් අතර හබරණ ප්‍රදේශයේදී ඇති වූ බහින්බස්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණය කිරීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විශේෂ කමිටුවක් පත්කර තිබේ.
මෙම පරීක්ෂණ මණ්ඩලය සඳහා ජ්‍යෙෂ්ඨ මේජර් ජෙනරල්වරුන් දෙදෙනකුගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක් යුද හමුදාපතිවරයා විසින් පත් කර ඇත .
මේ පිළිබඳ පැමිණිලි පොලිසියට ද වාර්තා වී ඇති බවත් මීට සමගාමීව යුද්ධ හමුදා පොලිස් පරික්‍ෂණයක් ද ආරම්භ කර ඇති බවත් යුද හමුදාව පවසයි.
දැනට අවශ්‍ය කරුණු හා සාක්‍ෂි විමර්ශනය කරමින් කටයුතු කරනු ලබන මෙම මණ්ඩලය එම සිදුවීමට අදාල නිරික්ෂණ ඇතුලත් සම්පූර්ණ වාර්තාවක් යුද හමුදාපතිවරයාට කඩිනමින් ලබාදීමට නියමිත බව එම නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදාව පවසයි.
වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සහ යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වූ අතර බහින්බස් වීමක් සිදු වූයේ ඉකුත් 25 වැනිදා හබරණ ප්‍රදේශයේ දී ය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදා පරීක්ෂණයක් ආරම්භ කිරිම යනු පියවර ගැනීමක් නොවේ. රටේ නීතිය අත්හිටුවා රණවිරු වරප්‍රසාද සහතික කිරිමකි. රටම බලා සිටියි. වන සතුන්ද හමුදා නීතියට යටත් කිරීමකි...
හමුදා පරීක්ෂණ මණ්ඩලයේ සොයාගැනීම් පොලිසියේ සොයාගැනීම් අභිබවා යයිද...?
ඇත්ත වශයෙන්ම වී ඇත්තේ නීති විරෝධී අලි හොරකමක් සහ පහරදීමක් සමග තවත් රාජ්‍ය දෙපාර්තමේන්තුවක කටයුතු වලට බාධා කරමින් කරන ලද ත්‍රස්තවාදී ක්‍රියාවකි. හමුදාපතිගේ කොමිසම් බොරු ඒවායි. හොරෙක් කිසිදිනක තමන්ව හොයා ගන්නේ නැත. ගොයම් කන්නේ වැටත් නියරත් ය.
කතාවේ නායකයාම විශේෂ කමිටුවක් පත්කරලා... විහිළු තමයි..!!!
තනතුරු නොබලා දඩුවම් දිය යුතුයි