IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


අමතර කණ්ඩායමක් පැත්තකින් තියයි

(යොහාන් භාසුර)

එංගලන්ත සංචාරයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුමට අත්සන් නොකළ හොත් එම ක්‍රීඩකයන් වෙනුවට සංචිතයට ඇතුළත් කිරීමට ක්‍රීඩකයන් 13 ක් කොළඹ තරු පංතියේ හෝටලයක ‘ජෛව ආරක්‍ෂිත බුබුලක්’ ලෙස සංචිත ගතකර තිබේ.

‘දේශීය ජ්‍යෙෂ්ඨ’ කොන්ත්‍රාත්තුවට ඇතුළත් මිලින්ද සිරිවර්ධන, ළහිරු ගමගේ, ඩිල්ෂාන් මුණවීර, රොෂේන් සිල්වා, ඇන්ජලෝ පෙරේරා, ප්‍රභාත් ජයසූරිය, සඳුන් වීරක්කොඩි, මාලින්ද පුෂ්පකුමාර, ළහිරු මධුසංඛ, ජෙෆ්රි වැන්ඩසේ, අෂාන් ප්‍රියංජන්, අසේල ගුණරත්න සහ චතුරංග ද සිල්වා යන ක්‍රීඩකයෝ එම සංචිතයේ සිටිති.

ඉන්දියාවට එරෙහිව මේ මස 13 වැනිදා ශ්‍රී ලංකාවේදී ආරම්භ වන එක්දින සහ විස්සයි20 තරගාවලියට සහභාගි කිරීමට මෙසේ සංචිත ගතකරන බව එම ක්‍රීඩකයන්ට පවසා ඇති බව වාර්තා වේ.

මෙම සංචිතයට අමතරව ‘දේශීය කනිෂ්ඨ’ කොන්ත්‍රාත්තුවට ඇතුළත් ක්‍රීඩකයන් 26 ක් දඹුල්ලේ පුහුණු සැසියකට සහභාගි වී සිටිති.

 



අදහස් (8)

අමතර කණ්ඩායමක් පැත්තකින් තියයි

ජගත් ලියනගේ Friday, 02 July 2021 08:28 AM

ඒක හොඳයි. කවුරු ගැහුවත් එකම ප්‍රතිඵලය නේ. හැබැයි ඔය කට්ටිය අනිවාර්යයෙන් ඕක අත්සන් කරනවා. නිකං දැන ගන්න අහන්නේ. අර තුන් දෙනත් ඕක අත්සන් කරනවාද?

:       0       0

Krishan Friday, 02 July 2021 08:35 AM

පිස්සු වැඩ කරන ක්‍රිඩකයන්ට මොන ගෙවිම්ද ?දක්ෂතා දක්වලා ඉල්ලනන ඔනි

:       0       0

Ruhunu Friday, 02 July 2021 09:53 AM

ඔය එක්කම ක්‍රීඩා ඇමතිත් අයින් කරොත් හොදයි නේද?

:       0       17

කුසුම් දල්පදාදු Friday, 02 July 2021 10:01 AM

ඔන්න ඔහොමයි කොන්දක් ඇතිව වැඩ කරනවා කියන්නේ. රට ගැන, තමන්ගේ වගකීම ගැන නොසිතා සල්ලි ගැන පමණක් සිතා වැඩ කරන ඔළුව උදුම්මවාගෙන අයට පාඩමක් ඉගැන්විය යුතුයි. තරුණ කණ්ඩායමක් එක්ක අපි ටික කාලයක් පැරදුනත් කමක් නැහැ.

:       2       58

මහසෙන් Friday, 02 July 2021 12:09 PM

දැන් නම් කොහොමත් එකයි කවුරු ගැහැවුවත්

:       0       11

Sk Friday, 02 July 2021 12:52 PM

මණ්ඩලේ කචල්... ප්‍රශ්න ගොඩයි.. කවදා ගොඩඒවිද ක්‍රිකට්..?

:       0       1

Lalith m Friday, 02 July 2021 07:44 PM

සෑම අතින්ම ජරාජීර්ණ වූ පරාජයෙන් අවමානයට ලක් වී ඇති කණ්ඩායම ඉදිරියේ දී පරාජයෙන් වළකින්න බෑ. කොහොමත් පැරදුනාට කමක් නැහැ කියලා හිත හදාගෙන ඔය කණ්ඩායම දමලා තරඟ කරලා බලමු.

:       0       3

Prabha Friday, 02 July 2021 09:21 PM

ඉන්දියාව එවන්නෙත් අමතර කණ්ඩායමක් නිසා මේ කණ්ඩායම දාලා ගහන්න තියෙන්නේ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 36 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 194 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 534 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site