(ඉන්දිකා රාමනායක)
කොරෝනා අවදානමක් ඇති කරවමින් මහජනයා වැඩි වශයෙන් ඒකරාශිවන පොදු රැස්වීම්, උද්ඝෝෂණ, වැනි ක්‍රියාකාරකම් නැවත දැනුම් දෙනතුරු තහනම් කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
මෙවැනි ක්‍රියාකාරකම් තුළින් කොවිඩ් කොවිඩ් රෝගය පැතිරයාමේ විශාල අවදානමක් පවතින බැවින් මෙම ක්‍රියා මාර්ග ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම නියෝගය නොකතා උද්ඝෝෂණ හා රැස්වීම් කරන පුද්ගලයන්ට එරෙහිව නීරෝධායන නීතිය යටතේ ක්‍රියා කරන බවද පොලිස් මුලස්ථානය වැඩිදුරටත් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට කොහොමද පොහොර දියව් කියලා කියන්නේ?
සර් බය වෙලා...!!!
ඔහොම යං...
කොරෝනෙක් නිසා නොවෙයි.. මේ රට පාලනය කරන අසික්කිත හොරුන්ට බය හිතිලා. මේ මෝඩයින්ට චුට්ටක්වත් වැටහෙන්නේ නැහැ මේ වගේ බාල වැඩවලින් දැනටමත් මේ රටට දමලා ඇති "තොණ්ඩුව" තවත් හිරවෙන බව. මානව හිමිකම් වල මුලින්ම ඇති අයිතිවාසිකමක් තමයි " භාෂණයේ නිදහස ". එයත් තහනම් කරලා උද්ඝෝෂණය කිරීමේ නිදහසත් නැතිකලාම ..අපේ රටට විරුද්ධව තව තවත් සම්බාධක වැඩිවේවි. පාලකයින්ට ප්‍රශ්නයක් නැහැ. හොරාකාපු සල්ලි ඔවුන්ට තියෙනවා. මේ හැම දෙයකින්ම පීඩාවට පත්වෙන්නේ අසරණ ජනතාවයි. මේ මොහොතේ " අන්ත දුර්වල "විපක්ෂය මේ හොරුන්ව රකිනවාද කියලත් මට නොහිතෙනවාම නොවෙයි. සජිත් ඔබ මීට වඩා ශක්තිමත් විය යුතුයි. රාජපක්ෂලාව අරක්ෂා කරන්න ඔබට කිසිම සදාචාරාත්මක අයිතියක් නැත. නාගානන්ද වැනි අවංක නිර්භීත පුද්ගලයෙක් දැන් ඉදිරියට පැමිණිය යුතුයි.
මේ වනවිට රජය වෙත පවතින ජනතා අප්‍රසාදය පාලනය කර ගැනීම මේ මගින් සිදුකර ගැනීමක් වශයෙන් සැළකිය හැකියි. ප්‍රජාතන්ත්‍රවාදී නොවන දුර්වල පාලකයින් තම හිතුවක්කාර ක්‍රියාකාරකම් ඉටුකර ගැනීමට වසංගතයත් වාසියක් කරගන්නා බවක් පෙනෙන්නට ඇත. රජයක් වසංගතයක් පාලනය කරගැනීමට සිදුකළ යුතු තවත් ප්‍රධාන කටයුතු ඉටු නොවන බවද සඳහන් කළ යුතුව ඇත...
නන්දසේන හිට්ලර් වෙලාම වගේ නවතින්නේ. දැන් සැපද?
බැසිලාගමනයත් ඔය උද්ඝෝෂණ තහනම් කිරීමේ එක් අරමුණක් නේද? ඊළඟ මහ මැතිවරණයේදි පොහොට්ටු ආණ්ඩුව පරාදයි...
ආණ්ඩුවේ දුර්වලතා හේතුවෙන් මිනිස්සු දුක් විඳිනවා... ගොවියට පොහොර නැහැ. බඩු ගිනි ගණන්... රෑට ඉගෙන ගන්න දරුවන්ට යවන්න ඩොලර් නැහැ. මිනිස්සු පාරට බහින එක නවත්වන්නද? මේ කොරෝනා නීතිය මුවාවෙන් හදන්නේ... මිනිස්සු හැමදාම රැවටුණා. මේ සැරේ රැවටුණේ දුරදැක්මක් නැති කෙනෙකුට... දැන් විඳවපල්ලා. එළවන්න ලේසි වෙන්නේ නැහැ. මොකද හොර තක්කඩි රජ පවුලක්..
දැන් කොරෝනාව ඉස්සරහට දාගෙන හැමදේම ඔනි එනි විදියට පාලනය කරනවා
කෝකටත් තෙෙලය කොරෝනා...!!!
මුදල් ඇමතිතුමා දිවුරුම් දෙනකොට මුළු රටේ අය ඒකරාශී වී රතිඤ්ඤා පත්තු කරනකොට ඒ අයට නිරෝධායන නීති නැද්ද?