IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


‘‘නීති කඩන උද්ඝෝෂකයන්ට සමාවක් නෑ‘‘

(සුජිත් හේවාජුලිගේ  සහ අංජුල මහික වීරරත්න)

නිරෝධායන නීති කඩකරමින්  උද්ඝෝෂණ හා රැස්වීම් පැවැත්වුවහොත්  එවැනි කටයුතු කරන අය ඉදිරියටත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියාර් අද්මිරාල්  සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද(9) පැවැසීය .

ඔහු මෙසේ පැවසුවේ  ලංකා ගුරු සේවා සංගමයේ  ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු පිරිස  නිරෝධායනට යොමු කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විරෝධතාව පළ කරමින්  අදහස් දැක්වූ අවස්ථාවේදීය .

මේ එහිදී ඇති ඇතිවූ සංවාදයයි .

සරත් වීරසේකර මහතා :

නීතිය කඩ කරනවා නම් තරාතිරම කුමක් වුවත් ක්‍රියා කරනවා . සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් රැස්වීම් උද්ඝෝෂණ තියන්න අවසර දෙන්න එපා කියලා පොලිස්පතිතුමාට කියලා  තියෙනවා.

එජාප පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා :

ජනතාවට රැස්වීමට අයිතියක් තියෙනවා. ජෝශප් ස්ටාලින් ඇතුළු පිරිස නිරෝධායන පනත යටතේ මුලතිව් ගෙනියන්න බැහැ.  නිරෝධායන පනත  මානව  අයිතිවාසිකම් අනුව සැකසිය යුතුයි. මෙයාලා කොරෝනා  පරීක්ෂණවලට යොමු කරලත් නැහැ


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා :

මේ රෙගුලාසි ක්‍රියාත්මක කළ හැක්කේ නිසි බලධාරියාට පමණයි. නිසි බලධාරියා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා .පොදු ස්ථානවල හැසිරීමේදී  ක්‍රියාදාමයක් හඳුන්වා දී තිබෙනවා . මෙතනදි ක්‍රියාත්මක විය හැක්කේ පොලිසියට නොවේ. මෙතනදි නිරෝධායන පනත උල්ලංඝණය  වුණා . නිරෝධායනය ක්‍රියාත්මක කළ යුත්තේ සෞඛ්‍ය බලධාරීන් .ඒක පොලිසියට අතට ගන්න බැහැ . මෙය මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් . ඒ වගේම සෞඛ්‍ය  රෙගුලාසි උල්ලංඝනය කර තිබෙනවා.  සෞඛ්‍ය නිලධාරීන්ගේ වගකීම පොලිසිය උදුරාගෙන තිබෙනවා . කොරෝනා  පරීක්ෂණ නොකර ජෝශප් ස්ටාලින් ඇතුළු පිරිස  නිරෝධායනයට යොමු කළේ කොහොමද."

"මම පොලීසියට චෝදනා කරන්න කැමති නැහැ. මොකද පොලිසියේ බහුතරයක් හොඳින් රාජකාරි කරන අය  .
මේ රටේ අද තියෙන්නෙ කැලෑ නීතිය."

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා :

බැසිල් දිවුරුම් දීමෙන් පසු ඔහුට  සුබ පතන්න නගර ගණනාවක තෙරපි තෙරපි ජනහමු පැවැත්වුණා. එතනදී ඒ නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ . මෙතනදි ක්‍රියාත්මක වුණා. මෙය දේශපාලන දඩයමක් .තවත් විදියකින් කියනවා නම් පැහැර ගැනීමක්.මේ අය යළි කැඳවන්නයි ඔබතුමා නියෝගයක් ලබා දෙන්න .

සරත් වීරසේකර මහතා

උද්ඝෝෂණ කරන අය අප මීට පස්සෙත් අත්අඩංගුවට ගන්නවා . නිරෝධායන කළ යුතු බව කියන්නේ සෞඛ්ය නිලධාරීන්.අපි ඒ අය මුලතිව් අරන් ගියේ සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් අනුව . මම කාන්තාවන්ට ඇඳුම් අරන් ගියේ නෑ . ඒ අය භාණ්ඩ නැහැ කියලා මට කිව්වා .මම ඒ ගැන පොලිස්පතිතුමාට කිව්වා පමණයි . මෙතනදිත් මම ඒක කළා නම් ඔබතුමාලා ස්ටාලින්ට ඇඳුම් අරන් ගියා කියලා කියාවි . කවුරු කිව්වත් අපි නිරෝධායනය නවත්වන්නේ නෑ .නිරෝධායන නීති කඩකරමින් උද්ඝෝෂණය කරන අය අත්අඩංගුවට ගැනීමත් අපි නවත්වන්නේ නැහැ .

විපක්ෂ නායක :

කිසිම සෞඛ්‍ය නිලධාරියෙක් උසාවිය ඇතුලළේවත් උසාවියේ පිටතවත් හිටියේ නැහැ . ඒක තමයි තිත්ත ඇත්ත . ඔය කොරෝනා නීති දිවුරුම් දීමෙන් පසුව පැවැත්වෙන ප්‍රිය සම්භාෂණවලට අදාළ  නැද්ද . ඒ වගේ තැන්වලදි රතිඤ්ඤා පත්තු කර කර දඟලන්න පුලුවන්ද .

රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා

මේ යන්නේ සභාවේ න්‍යාය පත්‍රයද .  මේවා න්‍යාය පත්‍රයට  අදාළ  නෑ .මේක කෝලම් මඩුවක් කරන්න එපා .පක්ෂ නායක රැස්වීමේදී ගන්න තීන්දු මෙතන ක්‍රියාත්මක කරන්න . න්‍යාය පත්‍රයට දැන් අවධානය යොමු කරන්න .

(සභාවේ ඝෝෂා )

කතානායක:
මොකක්ද රීති ප්‍රශ්නය . මේ රැස්වීම කඩාකප්පල් කරන්න උත්සාහ කරන්න එපා . ඒක අශෝභනයි .ඔබතුමාලගේ නායකයෝ මේ සභාව ගෙනියන්න උදව් කරනවා කිව්වා .

(සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කෑ ගසති.)

අනුර දිසානායක මහතා :

නීතිය කියන්නේ  ඔබතුමාගේ ඔළුවේ පැලවෙන මනස්ගාත නොවේ.

කතානායක :
පෙත්සම ඉදිරිපත් කරන්න

අනුර දිසානායක මහතා :

මේක තමයි රටේම පෙත්සම .සරත් වීරසේකර මහතා රටටම ඉදිරිපත් කළ පෙත්සම ගැන අපි ඉදිරියේ දී නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා .

නලීන් බණ්ඩාර මහතා:

මෙතුමා ජෝශප් ස්ටාලින් ඇරියේ මුලතිව්වලට .නමුත් පියුමි හන්සමාලි බණ්ඩාරවලට ඇරියා .



අදහස් (21)

‘‘නීති කඩන උද්ඝෝෂකයන්ට සමාවක් නෑ‘‘

Naleen Friday, 09 July 2021 12:35 PM

මෙවන් අවදානම් අවස්ථාවක සීමා පැනවිය යුතුයි. එසේම පාරවල්වල කිරිබත් කන, පෙළපාලි යන අයටත් නීතිය ක්‍රියාත්මක වුණා නම් හොඳයි..

:       5       165

හංසමාලී Friday, 09 July 2021 12:54 PM

සරත් සර්, සමහරුන්ට දරණු විදියට කතා කළාට වෙලාවකට පොඩි ළමයෙක් වගේ...

:       5       172

සමිත සේනක අලුත්ගමගේ. Friday, 09 July 2021 01:22 PM

අධිකරණයෙන් ඇප දුන්නු අයට කිසිඳු පීසීආර් පරීක්ෂා කිරීමක් නොකොට මෙසේ හිතු මනාපෙට නිරෝධායනය සඳහා ගෙනයාම නීතියට පටහැණි බවයි පෙනී යන්නේ... මේ දේවල් මෙසේ වුණාට, දිගට හරහට රංචු ගැසී ප්‍රීතිඝෝෂා කරමින් රතිඤ්ඤා පත්තුකරන කට්ටිය ගැන මේ පොලිස් ඇමැතිට පේන්නේ නැහැ. හමුදාවේ සේවය කරපු අය හරිහැටි පොලිස් රාජකාරි ගැන දන්නේ නැතුවා වගෙයි පේන්නේ.

:       2       253

sugathFriday, 09 July 2021 03:52 PM

ඔය රංචු ගැසී ප්‍රීතිඝෝෂා කරමින් රතිඤ්ඤා පත්තු "කරාලු"... කියන කට්ටියට මොලේ නැහැයි කියමුකෝ...! එතකොට මේ අයත් එකතුවෙලා උද්ඝෝෂණය කරලා... ඒ වගේම දෙයක් කළාම, ඔය කියන වැරදි දේ නිවැරදි වෙනවාද..?

:       144       1

බමුණු.Friday, 09 July 2021 10:40 PM

සුගත් මොළේ උඩ ඉඳගෙන ඉන්නා නිසා ඔහුට සත්‍යය අවබෝධ නොවන බව පෙනේ...

:       119       20

Kasun Chameera Friday, 09 July 2021 01:22 PM

එතකොට දන්සල් දීපු මිනිස්සුන්ට, පාරවල් වල ජයඝෝෂා පවත්තපු අයට මොකද්ද නීතිය...?

:       2       121

sachithFriday, 09 July 2021 02:11 PM

ඒ කිරිබත් හදලා තියෙන්නේ ධම්මික පැණිය දාලා. ඒක නිසා ඒ කට්ටියට කොරොනා නෙමෙයි මොන වසංගතයක් ආවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ..

:       0       133

RawanaFriday, 09 July 2021 04:08 PM

රිටිගල පැණියත් දැම්මා නම් කට්ටිය හඳේ...!!!

:       0       176

සනත් Friday, 09 July 2021 02:22 PM

එතකොට රතිඤ්ඤා පත්තු කරලා කිරිබත් කෑවට කමක් නැද්ද හන්දිවල..? එක රටක්, එක නීතියක් කියන්නේ එහෙමද? තමන්ට එක නීතියක්, විරුද්ධ අයට තව නීතියක්... මෙහෙම රටවල් වලට ලෝකෙ හිනාවෙනවා.

:       1       86

Ranjit Friday, 09 July 2021 02:27 PM

එතකොට අර නුවරඑළියේ තිබුණු සැණකෙළියට, සුප්‍රකට දේශපාලන තාත්තාගේ මරණ ගෙදරට ඔය නීතිය ක්‍රියාත්මක වුනේ නැත්තේ මොකද මහත්තයෝ...? අලුතෙන් ආපු විශ්වකර්මයා පිළිබඳ ප්‍රවෘත්තිවලට වැටිලා තියෙන ප්‍රතිචාර ගැන පොඩි සමීක්ෂණයක් කරලා බැලුවොත් තේරුම් ගන්න පුළුවන් වෙයි සේරම දැන් "පුස්වෙඩි" බවට පත්වෙලා කියලා.

:       1       166

pradeepa Friday, 09 July 2021 02:39 PM

නිරෝධායනයට යන හැම කෙනාටම සරත්ගෙන් රෙදි පාර්සලයක් නොමිලේ දෙනු ලැබේ...

:       0       36

Neela Friday, 09 July 2021 02:39 PM

හිතු මනාපෙට නිරෝධායනය = කැලෑ නීතිය

:       1       61

Chris Friday, 09 July 2021 02:45 PM

ආණ්ඩුවේ එක අතක් කරන දෙය අනෙක් අත නොදන්නා බව. හෙමින් හෙමින් රට ඉතාමත් නරක තත්වයකට යන බව මගේ වැටහීමයි..

:       1       78

sampath Friday, 09 July 2021 03:20 PM

කාලයක් ආණ්ඩු කාලේ හදිසි නීතියෙන්, දැන් කොරෝනා පිහිටෙන් බලමු මිනිස්සු උද්ඝෝෂණය කරනවා නම් ඒවට හරියට උත්තර දුන්නා නම් ඉවරයි. මිනිස්සු කුදලන් ගියාට ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. වර්ජකයන්, තර්ජකයන් නිරෝධායනය කිරීම නෙවෙයි, සහමුලින්ම නෙරපන්න.. නමුත් මේක තේරුමක් නැති වැඩක්..

:       0       24

Nuwan Friday, 09 July 2021 03:25 PM

ඔතන අත්අඩංගුවට ගත් කිසිම කාන්තාවක් ළඟ මෙතුමගේ අංකය තිබුණේ නැද්ද?

:       0       70

K.wipula anandasiri Friday, 09 July 2021 03:30 PM

මේ දිනවල වසංගතයෙන් බේරෙන්න ඕනේ..

:       112       2

asanka Friday, 09 July 2021 03:44 PM

මිනිසුන් ඒකරාශි වීමෙන් වසංගතය ව්‍යාප්ත වීම පසුගිය සිංහල අවුරුදු සමයේ සිදුවුණා. වසංගතය ව්‍යාප්ත වී රට වැසීමට සිදුවූ විට, මිනිසුන් දොස් පවරන්නේ රජයටයි. අද රටේ මිනිසුන් තමන්ගේ වගකීමක් ලෙස රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කටයුතු කළ යුතුයි. එසේ නොකරන්නන්ට නීතිය මගින් ක්‍රියා කිරීම කළ යුතුයි.

:       172       1

සමන්ත Friday, 09 July 2021 05:40 PM

රටේ ජනතාව සහ ව්‍යවස්තාව පත් කරගන්නා ලද දේශපාලකයින්ට වඩා පවතින්නක් බව දැනගැනීමට තරම් මොළ කළඳක් හෝ මේ වීරසේකර නැමැති ජාතිවාදී, ආගම්වාදී, වන්දිභට්ටයාට නැති බව පැහැදිලිය. ඔහු හිතාගෙන ඉන්නේ රටේ නීතිය ඔහු යැයි කියාය. මෙම භයානක රෝගය ඔහුගේ සහෝදරයා වන ආනන්ද වීරසේකර නම් පුද්ගලයාටද එකල තිබුණි. කෙසේවෙතත් තමන් වපුරන දේ නිසි කළ පැමිණි විට නෙලා ගැනීමට සරත් වීරසේකර සූදානම්ව සිටිය යුතුයි​.

:       1       55

Bamunuarachchi Sunday, 11 July 2021 11:10 AM

නීති කඩන උද්ඝෝෂකයින් රටට හෙනයක්.... ඔවුන්ගේ අඬු කැඩුවට අපේ කිසිම අමනාපයක් නැහැ.

:       3       0

වලව් ඩෝබිSunday, 11 July 2021 01:34 PM

හිමිකරුවන් නොමැති මල්වානේ දේපළ භුක්ති විඳින අය රටේ මුදල් ඇමති වුණාටද අපේ අමනාපයක් නැත. කෙනෙක් කුලියට කැස්සාටද අපේ අමනාපයක් නැත...

:       0       2

BamunuarachchiSunday, 11 July 2021 05:19 PM

අදාළ විෂට කතා කොරන්න පුරුදු වෙන්න. මල්වානේ ඉඩම් මේවා සම්බන්ද නැහැ. වැඩ අනා ගන්නවා කියන්නේ ඔවට. සමහරු මල්වානේ ඉඩම් ගත්තා තවත් සමහරු ඕස්ට්‍රේලියාවේ ඇපල් වතු ගත්තා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පුංචි ඡන්දෙ ගමන් බිමන් වලට ගිය සල්ලි ආණ්ඩුවට දෙනවා
2025 මැයි මස 03 352 0

පළාත් පාලන ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා තමාගේ ගමන් බිමන්වලට වැය වූ ඉන්ධන මුදල් නැවත රජයට පියවන බව ජනාධිපති අනුර දිසානායක මහතා පැවසීය.


පුංචි ඡන්දයේ මුල්ම ප්‍රතිඵලය රෑ 11ට
2025 මැයි මස 03 224 0

පළාත් පාලන මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵල රාත්‍රී 11 වන විට ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසී


හරක් කටාට දුරකථනයක් දුන් එස්.ටී.එෆ් කොස්තාපල් අත්අඩංගුවට
2025 මැයි මස 03 968 0

ත්‍රස්තවාදී පනත යටතේ රැඳවුම් නියෝග ලබා තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වශයෙන් හඳුන්වන නදුන් චින්තක නොහොත් හර


පාලම් 97ක වැඩ කොටඋඩ
2025 මැයි මස 03 447 0

ගිවිසුම් අවලංගු කෙරුණු පාලම් 97ක ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට 2023 වසරේදී රුපියල් කෝටි 33කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තා


’’වියට්නාමේ ඉඳන් මං ඡන්දෙ දාන්න එනවා’’
2025 මැයි මස 03 2053 0

මැයි 6 වැනිදා වියට්නාමයේ ඇරැඹෙන ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාරම්භක අවස්ථාවට සහභාගී වී ඡන්දය දැමීම සඳහා නැවත ලංකාවට එන බව ජනාධිපති අනුර දිසානායක මහතා කීය


පාර්ලිමේන්තු ලොක්කෝ මැතිසභා වියදමින් සවාරි ගිහින්
2025 මැයි මස 03 4247 0

කථානායක නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපති ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකක් දක්වා අඩු කිරීමටත් පාර්ලිමේන්තු මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් සහකාර මහලේක


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 550 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 147 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1165 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site