(අජන්ත කුමාර අගලකඩ)
ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිත, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ අමාත්‍යාංශයට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ද පැවරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .
කොළඹ වරාය නගරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍ය ධූර ය හොබවන නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ද ,ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා රාජ්‍ය අමාත්‍ය ධූරය හොබවන ඩිජිටල් තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේද ,දැනට පවතී .
මීට අමතරව අලුතින් ඇතිකරන ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතට ජනාධිපතිවරයාගේත්, අගමැතිවරයාගේත්, චමල් රාජපක්ෂ ඇමතිවරයාගේ සහ නාමල් රාජපක්ෂ ඇමතිවරයාගේ ත් අමාත්‍යාංශ යටතේ ඇති ආයතන ගණනාවක් පැවරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .
බැසිල් රාජපක්ෂ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් ලබන බ්‍රහස්පතින්දා (08) දිවුරුම් දීමට නියමිත අතර, ඔහු එදින හෝ ඊට පසු දින ආර්ථික සංවර්ධන හා මුදල් රාජ්‍ය ඇමැතිවරයා වශයෙන් ද දිවුරුම්දීමට නියමිතව ඇතැයි වාර්තා වේ . ඔහු 2015ට පෙර පැවති මහින්ද රාජපක්ෂ රජයේ ද ආර්ථික සංවර්ධන ඇමතිවරයා ලෙස කටයුතු කළේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම බෙදාගෙන තියෙන්නේ රාජපක්ෂලා අතරේ... සර් එක්ක ඕවා බැහැ. කියපු අය කෝ දැන්...?
සියයට දහයේ වැඩේ නම් පහසුවෙන්ම කරයි.
බැසිල් මහත්තයා කියන්නේ, පොහොට්ටුව හැදූ මේ දක්වාම පොහොට්ටු රජයේ ප්‍රධානම ක්‍රියාකාරී සාමාජිකයාය. නමුත් ඔහු බොහෝ විට සිටියේ තිරයේ පසුපසින්. රජයේ ජයග්‍රහණ මෙන්ම පරාජයන්ටද, මෙතුමා වගකීම් දැරිය යුතුයි. එහෙත්, කුමන හේතුවක් නිසා හෝ මේ දිනවල හා පසුගිය දිනවල බැසිල් මහතාගේ පැමිණීම හා ඔහුගේ ක්‍රියාවන් මහා ඉහළින් පෙන්නා ජනතාවගේ ආවේග අවුස්සා ඔවුන් නතුකර ගැනීමේ ක්‍රමවේදයක් තිබුණා යැයි කිවහොත් එය මුසාවක් නොවේ. ඒ කෙසේ වෙතත්, බැසිල් රාජපක්ෂ යනු මේ රජයේම කෙනෙකු මිස, එක්වරම සියලු ප්‍රශ්න විසඳා රට සුඛිත මුදිත කළහැකි අහසින් බිමට වැඩි විෂ්වකර්මයා නොවේ. බැසිල් මහතා කරළියට ගෙන ඒමේ ප්‍රයත්නය අද ඊයේ සිදුවූ දෙයක් නොවේ. ඒ වෙනුවෙන් ගත් බොහෝ උත්සාහයන් විටින් විට ප්‍රදර්ශනය වූ අයුරු කාටත් අමතක නැත. එසේ හෙයින් බැසිල් ආගමනයෙන්.., ගිලෙමින් පවතිනා නැව යළිගොඩ ගැනීමට හැකිවේදැයි සීතාබැලීම වටී...
ආයෙත් ඊපීඑෆ්, ඊටීඑෆ් දෙකටම තට්ටු කරයි.
එතකොට අනික් අය ගෙදර යවන්නයි තියෙන්නේ... නිකන් බොරු සංදර්ශන පෙන්නන්නේ නැතිව.. රටේ බත්කරන හරක්ට මේවා හොඳ පාඩම්..
බැසිල් ආවා කියලා රට මුහුණ දී ඇති අර්බුදවලට විසඳුම් ලැබෙයි කියා සිතන්න අමාරුයි. මොකද බැසිල් කියන්නෙත් සාමාන්‍ය පුද්ගලයකු මිස මැවුම්කරුවකු හෝ ගැලවුම්කරුවකු නොවේ...
20% ගොඩාක්, 100 වැඩේට 400ක් වියදම් කරන කිසිම පලක් නැති ව්‍යාපෘති ගොඩක්... දේශපාලකයින්ගේ වත්කම්.. රටේ ණය බර ගොඩක් වැඩිවෙයි..
ඇමරිකාවෙන් තව ගෙයක් ගන්න සල්ලි ටිකක් මදිවෙලා ඇති... ඒක හොයාගන්න තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ...
ලංකාව යනු බත් කන හරක් ඉන්නා රටකි.
බැසිල්ගේ ආගමනයෙන් වෙන්න පුළුවන් එකම හොඳ තමයි... අර පිනට ලිස්ට් එකෙන් මන්ත්‍රී වෙච්ච රටට මේ වනතුරු වැඩක් නොකරපු නිකමුන් හතර දෙනෙකුගෙන් එක්කෙනෙක් හරි ගෙදර යන එක... පුලුවන්නම් හතර දෙනාම ගෙදර අරින්න. බැසිල් හොඳයි කියනවා නෙවෙයි.. මේ නමුත් බැසිල් වෙනුවෙන් සීට් එක දෙන්න පොරකාපු හතරදෙනාම පාර්ලිමේන්තුවේදී කිසිම දෙයක් නොකරන බවයි පුවත් පළවුනේ. ඒ වගේම කියන්න ඕනෑ බැසිල් පැමිණීම හොඳ හෝ නරක හෝ එන්න ගහපු ගේම් එක නම් හොඳ මදියි කියලා....
ඉතුරු අවුරුදු 04න් රට නැත්තටම නැතිකරලා.. ඇමෙරිකාවට පනීවි කට්ටියම.. ඕගොල්ලන්ට ඉතින් මැරෙන්න හරි රටක් තියෙනවනේ... ඒ මදැයි.
මේවා විද්‍යාත්මක පදනමින්ද මෙහෙම අමාත්‍යාංශවලට ආයතනවල් වෙන්කරන්නේ? කෝ දැන් වියත්මග? මෙහෙමද ජනාධිපතිගේ සැලැස්ම? කොහොමද නාමල්ගේ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ආයෝජන මණ්ඩලය, මහින්දගේ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ කොළඹ වරාය නගරය, දැන් කොළඹ වරායත් බැසිල්ට. පහුගිය ආණ්ඩුවේ රවීගේ විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ ලොතරැයි මණ්ඩලය. මේවා රට හදන්න නොවේ... සාක්කු පුරවන්න කරන වැඩ...
ඔහුයි නියම දක්ෂයා, ඔහු ශ්‍රී ලංකාවට ආයෝජන ගොඩක් ගෙන එයි...
තව දවස් කීයද ඉවසන්න තියෙන්නේ? ඒ ටිකත් පටි තදකරගෙන ඉම්මු...
රාජපක්ෂලාට අයවැයෙන් 75%ක් විතර වෙන් කොරෙනවා. 2015ට කළින් වගේමයි සිස්ටම් එකේ වෙනසක් නැහැ. විමල්ට, උදයට, වාසුට එන්න වෙන්නේ දෙනදේ කාගෙන.., වෙන දේ බලාගෙන...
"අපේ රට දියුණු කරන්න බැරි පාර්ලිමේන්තුවේ එක නම තියෙන කට්ටිය අඩු නිසයි " කියලා කවුදෝ මන්දා කියනවා ඇහුණා.
අනේ වාසනාවන්... ඒ උත්තමයා අපේ ප්‍රශ්න ටික විසඳාවි සුරුස්ගාලා...
මේකට කමෙන්ට් නොදා බලාගෙන හිටපල්ලා මොකද වෙන්නේ කියලා..?
ආයෙත් රැවටෙන්න තරම් අපේ රටේ මිනිස්සු මෝඩයි කියලා හිතන්න අමාරුයි. අනිත් එක අමෙරිකානු පුරවැසියෙක් කොහොමද අපේ රටේ ඇමැති කෙනෙක් වෙන්නේ... මේක සම්පූර්ණයෙන්ම නීති විරෝධී වැඩක්...
රටේ පිනට පහළ වූ අසහාය නායකයා මැති සබයට ගෙනෙනු...
සොරුන්ට රටේ ආර්ථික මර්මස්ථාන ටික දුන්නාම නියමෙටම ගසාකාලා ඔවුන්ගේ රටට යාවි. ලංකාවට බුදුසරණයි...!!!
වැඩේ බැරිනම් අනික් අය මොකටද මහජන ඡන්දෙන් පාර්ලිමේන්තු ගියේ
නරකද ජනාධිපතිකමත් දුන්නා නම් ඔය වගන්තියක් වෙනස් කරලා..?. කෝ අර ගෝඨා..? රට රටවල සිස්ටම් අධ්‍යයනය කරලා ඉන්නේ, වියත්මගේ කතාකරන්න රට දියුණු කරන සැලසුම් කියලා රචනා ලියපු අය...
කැරකිලා, දෙකට නැමිලා ... දෙන්ඩයි හදන්නේ ඔක්කෝටම..!!!
බැසිල් කියන්නේ ගාමිණී දිසානායක යටතේ මහවැලියේ වැඩ ඉගෙන ගත්තු ගාමිණීගේ ගෝලයෙක්. ඒ නිසා වැඩට දක්ෂයා. 10% පැත්තකින් තියලා බැලුවොත් ඇත්තටම දෙයක් කරන්න පුළුවන් (පසු විපාක වෙනයි, ගාමිණීගේ මහවැලියේ පවා හොඳ නරක දෙකම කියනවානේ). ඒ වගේම ගුරාගෙන් හොඳට ඉගෙනගන්න ඇති ඉතුරු ටිකත්. ගාමිණී දිසානායක කියන්නේ ඇමති පඩියෙන් දකුණු ඕස්ට්‍රේලියාවේ ඇපල් වතු ගත්ත දක්ෂයෙක්... ඉතින් ගෝලයා වෙනස් වෙයිද?. ගාමිණීගේ පුතාලා දන්නවා ඇතිනේ තාත්තා එයාලාට ඉතුරු කරගිය ඕස්ට්‍රේලියානු වතුපිටි ගැන. ඒ නිසා අපි ගෝල බැසිල්ගේ වැඩ ගැන හිතනකොට ඔහුට ගුරුමුෂ්ඨි නොතියා වැඩ ඉගැන්වූ ගුරුවරයාවත් සාදරයෙන් මතක් කරමු.
තව ටික දවසකින් මේ අය රටේ නමත් වෙනස් කරගනී..
අැමෙරිකාවට එන හැම වතාවේම මුදල් ගෙනෙන පුතාට දූවරුන් දෙදෙනාට බිරිඳට අැමෙරිකාවේ සැප සම්පත් ලංකාවේ මහජන මුදලින් ලබාදුන් පුද්ගලයා කවුද?
බැසිල්ට තියෙන ලොකුම වගකීම ඊළඟ මැතවරණවලදී පොහොට්ටුව පරාජය කිරීම 2015දී කළා වගේ. 2015 ට වඩා 2024 දී ලේසියි. මොකද දැනටමත් මහජනයාට ආණ්ඩුව එපා වෙලා ඉන්නේ....
අනාගතයේදී බය නැතුව කියන්න පුලුවන් “එදා මම කිව්ව දේ හරියටම හරි කියලා“ බැසිල් ලංකාවේ ආර්ථිකය තවත් ප්‍රපාතෙට ඇද දමනවා කියලා අද කියන එක....
මේ වගේ කෙනෙක්ව රාජ්‍ය නායක කමට පත්කරන කොට ඒකට හුරේ දාන අය තවම මේ රටේ ඉන්නවනේ. මම හිතුවා කෝවිඩ් එකෙන් හොම්බෙන් ගියාට පස්සේ වත් කුඩා මොලේ වැඩකරන්න පටන් අරගෙන ඇතියි කියලා..