(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව සැලසීම සඳහා පත්කළ මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා එම මන්ත්‍රී ධූරයෙන් ඊයේ (6) ඉල්ලා අස්විය.
ඔහුගේ එම ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (6)පෙරවරුවේ බාර දුන්නේය.
බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ අනිද්දා (8) දිවුරුම් දීමට නියමිතය.
බැසිල් රාජපක්ෂ මහතා මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීමෙන් පසුව ඔහුට ඇමති ධූරයක්ද පිරිනැමෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ ජයන්ත කැටගොඩ මහතාට රජයේ ආයතනයක තනතුරක් ලබාදීමට නියමිතව ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෙදාගෙන වළඳනවා
කැටගොඩ මයාට ඕස්තරේලියාවේ තානපතිකමට වඩා නළු පෙනුමක් ඇතිබව පෙනේ. ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස කතාකිරීම , ජාත්‍යන්තර සබඳතා පවත්වාගෙන යාම සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා එහේ සිට කාර්ය භාරයක් කිරීමට මනා සුදුසුකමක් ඇති නිසා වන්නට ඇති යැයි උපකල්පනය කරමි මම,
කොහොමද ඔස්ට්‍රේලියාවේ තානාපතිකම කරන්නේ?
දොල පීදේනිය රාජ්‍ය අංශයේ තනතුරක් ද? තානාපති කමක් ද?
ලොක්කත් රජයත් මෙහමද සැලැස්ම අනුව වැඩ කරන්නේ?
මේක තමයි ලකාවට මෙහෙම වුනේ
රට විනාශයි
ඇතෙක් බරට වස්තුව දෙන්න ඇති. අනික මේක ඉල්ලා අස්වීමක් වගේ පෙනුණාට...බෙල්ලට දැලි පිහිය තියලා තර්ජනය කරලා අල්ලා අස්කිරීමක්. ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කරලා යවයිද දන්නෙත් නැහැ. ලංකාවෙන් පත්කරන තනාපතිලාට මූලික සුදුසුකම වන්නේ 5 ශ්‍රේණිය පාස් වීම නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ඇතෙක් බරට මහජන මුදල් දීලා ගත්ත මේ ' ආසනය ' ලබන පුද්ගලයා " ලෝක හොරෙක් "...!!! ඇතෙක් නොවෙයි මේ රටේම බරට මහජන මුදල් කොල්ලකාලා, මුදල් වෙනුවට මැණික් අරගෙන ගිය සැරේ වගේ එයාපෝර්ට් එකෙන්ම පැනලා යාවී. ඒකෙ දෙකක් නැහැ. ඊට කලින් රටේ ජනතාවට නුවණ පහළ වේවා...!!!
පිම්පියන් ගැන දන්නවා වුණාට "දේශපාලන පිම්පියෝ " ගැන නොදන්නා අයට ඉගෙන ගන්න ලංකාවේ තියන හොඳම උදාහරණයක්. මොනවා වුණත් සමාජයේ වෙසෙන පිම්පියන්ට දොස් නගන්න අපට බැහැ. ඔවුන් අපේ මුදල් වලින් යැපෙන්නේ නැහැනේ. ඒත්, මේ "දේශපාලන පිම්පියන්ව" නඩත්තු කරන්න සිදුවෙලා තියෙන්නේ අපටනේ...
අමුත්තක් නැතිව ඇති
මෙයා කොහේ ඉපදිච්ච කෙනෙක්ද?
පිස්සුනේ, ඉපදුණු රටවත් නව තනතුර කුමක්දවත් සෙව්වාය කියලා මොකෝ ඔය ලබන්න යන තනතුරු දෙක නතර කරන්නයෑ...
පින්පියන්, පිම්පියන් තේරුම් 02ක් තියෙනවා. යකාගේ හැටියට විමානේ කිව්වලු...
නියමයි... මැටිගොඩ අයින්වෙලා, හොරගොඩට දුන්නා. කොහොමද අසිරි ලන්තයේ වැඩ...?
කිසිම උගත්කමක්, සුදුසුකමක් නැති මොලේ උඩ ඉන්න හෙන්චයියන්ට, නෑයින්ට, කේවට්ටයින්ට තනතුරු දීලා වෙච්චි හරිය අපි නොදන්නවා නෙවෙයි. පවුලේ අයට ගිය රට... හොඳ හොඳ සෙල්ලම් තව ඉස්සරහට බලාගන්න බැරි වෙන එකක් නැහැ...
කැටගොඩ දැන් කොට උඩ...
ඔය පින්තූරයේ ඉන්න කෙනාට තානාපතිකමක් දීලා ඉතියෝපියාවට හරි යවන්න බැරිද?
ඕක පවුලේ ගණුදෙණුවක් නිසා රාජපක්ෂලාගේ වළං හෝදන්න දෙන්න. ණය ගෙවන අපිට ඔය බරත් දාන්න එපා..
අප පාලකයා වෙනස් කිරීමෙන් ඵලක් නැත. අප වෙනස් කළ යුත්තේ ජනතාවයි....
අනේ රටට වෙලා තියෙන දෙයක්...
තව පෙළට ඉල්ලා අස්වෙන්න... ඔන්න බොරු නම් බලන්න.. ඉස්සර වෙලාම අගමැතිතුමා.. ඊට පස්සේ ජනාධිපතිතුමා... !!!
කැටගොඩ කියලා මන්ත්‍රී කෙනෙක් හිටියද? ලංකාවේද?
මොකා අස් උනත් ව්‍යවස්ථාවට අනුව බැසිල් ට පාර්ලිමේන්තු එන්න බෑ.
එතකොට අපි පාර්ලිමේන්තු යවපු ආණ්ඩු පක්ෂයේ අයට වැඩ බැරිද? පව්නේද? දැන් වෙන කට්ටියට ඇණගහනවා... වැඩ කරන්න මේ කණ්ඩායමට වෙන රස්සා දුන්නා නම් හොඳයි නේද? ඡන්දයෙන් මේ වැඩ බැරි සෙට් එක නැවත පත්කරන්න හොඳයි නේද?