(සුජිත් හේවාජුලිගේ )
කොරෝනා පාලනය සඳහා පනවා තිබූ පළාත් අතර සංචරණ සීමා තවත් සති දෙකකට දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය .
මේ අතර කොවිඩ් පාලනය සඳහා පනවනු ලැබ තිබූ තවත් සීමා කීපයක් රජයේ විසින් ලිහිල් කරනු ලැබ ඇත.
මේ අනුව පූජනීය ස්ථාන විවෘත කිරීමට අවසර ලැබෙන අතර මංගල උත්සව පැවැත්වීමටද අවසර හිමිවේ .එහෙත් මංගල උත්සව පැවැත්විය හැක්කේ උපරිම සංඛ්‍යාව ලෙස එකසිය පනස් දෙනෙකු සම්බන්ධ කරගෙන පමණි. මංගල උත්සව සභාවල තිබිය හැකි උපරිම ආසන සංඛ්‍යාව වන්නේ මුළු ආසන සංඛ්‍යාවෙන් සියයට 25 කි.
එසේම ඇවිදීමේ මංතීරු ,ආහාර පිටතට ගෙන යන අවන්හල් හා පිහිනුම් තටාක යනාදී ස්ථාන විවෘත කිරීමටද අවසර හිමි වී ඇත.
කෙසේ වෙතත් කැසිනෝ ,රාත්‍රී සමාජ ශාලා සහ ඔට්ටු මධ්‍යස්ථාන තවදුරටත් වසා තැබිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
පළාත් පාලන ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා තමාගේ ගමන් බිමන්වලට වැය වූ ඉන්ධන මුදල් නැවත රජයට පියවන බව ජනාධිපති අනුර දිසානායක මහතා පැවසීය.
පළාත් පාලන මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵල රාත්‍රී 11 වන විට ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසී
ත්‍රස්තවාදී පනත යටතේ රැඳවුම් නියෝග ලබා තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වශයෙන් හඳුන්වන නදුන් චින්තක නොහොත් හර
ගිවිසුම් අවලංගු කෙරුණු පාලම් 97ක ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට 2023 වසරේදී රුපියල් කෝටි 33කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තා
මැයි 6 වැනිදා වියට්නාමයේ ඇරැඹෙන ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාරම්භක අවස්ථාවට සහභාගී වී ඡන්දය දැමීම සඳහා නැවත ලංකාවට එන බව ජනාධිපති අනුර දිසානායක මහතා කීය
කථානායක නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපති ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකක් දක්වා අඩු කිරීමටත් පාර්ලිමේන්තු මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් සහකාර මහලේක
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පළාත් සංචරණ සීමා තවත් සති දෙකකින් දිගු කෙරේ: සීමා කීපයක් ඉවතට
bandara Saturday, 10 July 2021 10:23 AM
හැම පළාතකම ලෙඩ්ඩු ඉන්නකොට සහ අලුතින් හමුවෙනකොට පළාත් අතර සංචරණ සීමා දාල වැඩක් නෑ. කලා කරුවන්ට මංගල උත්සවවල සින්දු කියන්න අවස්ථාව දෙන්න ගිහින් ආයෙත් 4 වන රැල්ල පටන්ගන්නයි යන්නේ. රටේ සමස්ත අවශ්‍යතාවය ඉක්මනින් කොවිඩ් තුරන් කිරීම. මේ තීරණ නිසා කොරෝනා මර්දනය තවත් කල් යනවා.
සමන්තSunday, 11 July 2021 07:22 AM
කොරෝනා මර්දනය කරන්න අවශ්‍ය පියවර ගතයුත්තේ මිනිසුන් නැතිව රජය නෙමේ. මිනිසුන්ගේ හැදියාව හොඳ නම් කොරෝනා මර්දනය කිරීමට හැකියි. ඔබතුමා කියන විදියට කළොත් අප වැඩ කරන ආයතන වල සේවකයින්ට පඩි ගෙවන්නේ ඔබතුමාගේ සාක්කුවෙන්ද? කොරෝනා කිය කියා හිටියොත් කන්න බොන්න නැතිව මන්දපෝෂණය නිසා මිනිසුන් මැරිලා යයි. කන්න බොන්න දේවල් තිබ්බාට ගන්න සල්ලි නැත්නම් මොනවා කරන්නද? මේ කරපුු දේ හරි. මිනිසුන් දැනගන්න ඕනේ හරි විදියට ජීවත් වෙන්න. බස් එකේ තෙරපිලා යන්න එපා කියද්දී මිනිසුන් නගිනවා බස් එකට මේ වෙලාවට දඩ ගන්න ඕනේ හිරවෙලා යන මිනිසුන්ගෙන්... එතකොට තමයි නිවැරැදි දේ කරන්න මිනිසුන් කටයුතු කරන්නේ....
දිසා......ගම්පහ. Saturday, 10 July 2021 11:24 AM
පොදු ප්‍රවාහන සේවාවන්ගෙන් එක් පළාත් සීමාවකට පැමිණ අනෙක් පළාත් සීමාවට පා ගමනින් ගොස් එතැන් සිට යළිත් පොදු ප්‍රවාහන සේවාවන්ගෙන් ගමන් ගැනීමට හැකි නම් මේ පළාත් සංචරණ සීමාවෙන් ඵලක් වේද? මන්ද කොරෝනා ව්‍යාප්තිය ප්‍රවාහන සේවාවන්ගෙන් නොව මිනිසුන්ගෙන් සිදුවන බැවිනි.
මැක්ස් Saturday, 10 July 2021 11:26 AM
අපට අපේ ගම්වලට ගිහිං එන්න බැරිදෝ?
C.K.Lankaputhra Saturday, 10 July 2021 11:27 AM
එතකොට සර්ලා ස්පා අරිනවා නේද? එහෙම නං තැන්ක්යූ සර්ලා.
Kodi Saturday, 10 July 2021 12:09 PM
ළමුන් 25කට අඩු ටියුෂන් පන්ති කරන්න දෙන්න... අද ටියුෂන් ගුරුවරු (කුඩා පරිමාණ) අන්ත අසරණ තත්වයකට පත්ව ඇත. මේ ගැන වහාම අවධානය යොමු කරන්න. රටට බරක් නොවූ උගතුන් විශාල පිරිසක් මෙහි සිටී...
Koka Saturday, 10 July 2021 01:07 PM
ඒක හොඳයි... පළාත් අතර සීමා ඉවත් කළොත් උදලු උස්සගෙන කට්ටිය ලබන සතියේ කොලඹ එනවනේ...
Asliya Saturday, 10 July 2021 01:24 PM
සර්ල කොහොමත් වහලා අරින්න දක්ෂයි..
මහසෙන් Saturday, 10 July 2021 03:01 PM
පළාත් අතර සංචරණ සීමාකෙතරම් දුරකට සාර්ථක ද යන්න දන්නෝ දනිති. රටම විවෘත කරන්න. දැන් කොහොමත් එකයි. බොරුවෙන්ම ජීවත් වෙලා බොරුවෙන් ම මැරිලා යන ජාතියක් අපි...!!!
සෙනවි Saturday, 10 July 2021 04:44 PM
ජනතා උද්ඝෝෂණ මැඩලිය හැකි එකම යාන්ත්‍රණය සංචරණ සීමා පැනවීම බව හොඳට පැහැදිලියි.
de silva Saturday, 10 July 2021 08:05 PM
කරුණාකර ඔය මංගල උත්සව සහ ඇඟලුම් කම්හල් වැනි කොරෝනා තවාන් වසාදමන්න.
සමනතSunday, 11 July 2021 07:25 AM
ඔබතුමා ද ඒ අයගේ පවුල්වල අයට කන්න බොන්න දෙන්නේ? එහෙම කරනවා නම් වසා දැමුවාට කමක් නෑ. ඔබතුමාගේ ලිපිනයද සඳහන් කරන්න.