
(සුජිත් හේවාජුලිගේ )
ඉක්මනින්ම රට විවෘත නොකළහොත් ආර්ථිකය ඉදිරියට ගෙන යෑමට නොහැකි වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
එන්නත්කරණය වේගවත් කළහොත් සැප්තැම්බර් මාසය වනවිට රට සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට හැකි වනු ඇතැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ ජනාධිපති කාර්යාලයේදී ඊයේ(5) පෙරවරුවේ පැවැති ජාත්‍යන්තර සමුපකාර දින සැමරුම් උත්සවය අමතමිනි.
ජනාධිපතිවරයා එහිදී මෙසේද පැවසීය.
"එන්නත් මාත්‍රා ලක්ෂ 90ක් මේ මාසෙදි අපට ලැබෙනවා .මේ තත්ත්වය නිසා අපිට සැප්තැම්බර් වෙනකොට මේ රට සම්පූර්ණයෙන්ම විවෘත කරන්න පුළුවන් වේවි.මොකද අපි ඉක්මනින්ම රට විවෘත නොකළොත් මේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්න පුළුවන්කමක් වෙන්නේ නෑ."


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවේම එක්තරා ඇමතිවරයෙක් ඇතුළු බොහෝ දෙනෙක් නම් කියන්නේ "දැන් රටට ඇරලා" කියලයි. මොකද්ද දන්නේ නෑ ඒ කතාවේ තේරුම?.
ඩ්‍රයිවින් බැරි මමත් වැඩිපුර කතා කරන්නේ පාරෙ තත්ත්වය ගැන...
ඕක හිතන්න තිබුණේ දැන් නෙමේ අර මුට්ටි සෙල්ලම් දදා හිටපු කාලේ...
ලංකාවේ ඒකමඅර්ථිකේ ටුවරිසම් කියලා හිතාගන ඉන්නේ
රට වහගෙන ආර්ථිකය ඉදිරියට ගෙන යාමට බැහැ. ඒක ඇත්ත. ඒත්, ඒ වගේම, රට ඇරගෙන කෝවිඩ් හොඳ කරගන්නත් බැහැ. පුදුම තත්වයක් තමයි වර්තමානයේ ඇතිවී තිබෙන්නේ. මේ තත්ත්වයට සම්පූර්ණයෙන්ම වගකිවයුතු වන්නේ ඔබතුමාලාම තමයි. දැන් අමතක වුණාට, මතකද? පසුගිය කාලේ, වෛද්‍ය මතයට ඇහුම්කම් නොදුන් හැටි. අපට නම් ඒවා හොඳහැටි මතකයි. කොවිඩ් බෝවෙනවද කියා අත්හදා බැලීම් කරපු හැටි අමතකද? එදා වෛද්‍ය මතයට කන් දුන්නා නම්, අද මේ අහිතකර තත්වය ඇති නොවෙන්නට ඉඩ තිබුණා...
සමහර අය ඉන්නවා ඇරියත් බැහැ... වැහුවත් බැහැ. මොනවා කරත් බැහැ. එහෙම අයට කියන්නේ පින්ගුත්තරයින් කියලා...
මිනිස්සුන්ට බෙල්ලේ වැල දාගන්න වෙලා තියෙන්නේ දැන්..
මම නම් හිතන්නේ සර් හරියටම කළා කියලයි.
ඔය ඇත්තෝ එහෙම කියන්නේ ඔය ඇත්තන්ගේ සනුහරේටම එන්නත් අරගෙන නේද? අනිත් මිනිස්සු ඒ කිසිම ආරක්ෂාවක් නැතිව නේද මහමගට බහින්න ඕනෑ තෙරපි තෙරපි... ඒවා ආත්මාර්ථකාමී බහුභූත.
කට්ටියටම දැන් තමයි මේවා මතක් වෙන්නේ. කරන්න ඕනේ දේවල් කළේ නැහැ. තීන්දු නොගැනීමේ විපාක තව ඉස්සරහට තේරේවි රටේ මිනිස්සුන්ට.
විරුද්ධ පක්ෂයේ හාදයෝ, ජෙප්පෝ කට වහගෙන හිටියොත් රට ඉදිරියට යයි. 1971- 1989 කාලේ ජෙප්පෝ රට වට්ටපු වැටිල්ලට තවම නැගිටින්න බැරි වුණා.
කවද්ද අනේ රට වහලා තිබ්බේ..? අහිංසක එදා වේල හම්බකරන් කන මිනිහට විතරයිනේ රට වහලා තිබුණේ. ඔය ලොකු ලොකු කොම්පැනි ඔක්කෝම හොඳට ඇරලා තිබුණේ ලස්සනට.. තාම කියන්නේ රට වහපු කතා පිස්සුනේ අප්පට මෙයාලට... අර හිඟන්නගේ තුවාලේ වගේ මොනවා හරි කතාවක් කියමින් ඉන්නවා..
රට අරිනන ඔනි මේ සිමා මායාම් අයින් කරනන ඔනි ලෙඩේ පාලනය කරන එක මිනිසුන්ටම බාර දෙනන ඔනි
එහෙමන් මෙච්චරකල් රට වහන් ඉන්නෙ විපක්‍ෂයෙන්ද . නැත්නම් පිටරටකින්ද?
අද වෙමින් තිබෙන්නේ, මිලිටරි බලය යොදාගෙන රට පාලනය කිරීමක්...
1969 ඉඳලා ගත්තොත් රට ඇරගෙන ඉඳලා, ආර්ථිකය දියුණුව මොකක්ද? බිලියන් ගණන් ණය විතරයි. වහලාම දැම්මානම් හොඳයි..
ඕන තැනත්, නැති තැනත් හැම තැනටම හමුදාව දාලා, වැඩ වර්ජන, පෙළපාලි, රැස්වීම්, විරෝධතා ආදිය තහනම් කරලා ඒ මදිවට මාධ්‍ය නිදහසත් සීමාකරලා "යකඩ සපත්තු දාගෙන මාර්ච් පාස්ට්" කරලා නම් ආර්ථිකය නොවේ මොන දෙයක්වත් ඉදිරියට ගෙනියන්න බෑ...
රට ඇර ගෙන ජනතාව මරු මුවට ගෙනියන එක ලේසියි.
ඔව්, ඔව්, ... 2005 ඉඳන් අවුරුදු 10ක් රට අරගෙන ආර්ථිකය නග්ගපු වැඩේට ආසියාව කොහොම වුණත් චීනය නම් ආශ්චර්යයට පත්වුණා. දියුණු වෙලා ඉස්සරහට ගිය තරම් කිව්වොත් චීනය හැප්පිලා කුඩුවෙලා ඉන්නේ. ඒකනේ දෙන්නා මදිවෙලා තුන්දෙනා එකතු වෙන්න යන්නේ රට කන්න.
කරයි කියලා තමයි බය...!!!