(උපාලි ආනන්ද)
මින්නේරිය ජාතික වනෝද්‍යානයේ රාජකාරියේ නිරතව සිටි වනජීවි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර මරණ තර්ජනය කරමින් එක් වනජීවි නිලධාරියකුට පහරදුන්බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ විසි එක්වැනි සේනාංකයේ සේනාධිපති මේජර් ජෙනරාල් මොහාන් රත්නායක යන අය රුපියල් ලක්ෂ 5 ක් වටිනා ශරිර ඇප දෙකක මත මුදා හරින ලෙස කැකිරාව දිසා විනිසුරු මහස්ත්‍රාත් සමන් වැරණියගොඩ මහතා අද(01) නියෝග කලේය.
2022 වසරේ පෙබරවාරි මස 22 දින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද මහෙස්ත්‍රාත්වරයා මේජර් ජනරාල්වරයාට නියෝග කළේය.
ඉකුත් 23 වැනිදා රාත්‍රියේදි මින්නේරිය ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වූ යුද හමුදාවට අයත් වාහන දෙකක් වනජීවී නිලධාරින් විසින් පරීක්ෂා කිරීමට යාම මෙම ගැටුමට පාදක වී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මඩු වලිගෙන් තලලා, ජම්පර් එකක් අන්දලා, බලු කූඩුවට දාන්න තිබුනේ... අනුරාධපුර ඥාණා අක්කගේ අද්භූත බලෙන් එළියට එන්න පුලුවන්නේ. බලු වැඩ ඔක්කොම කරලා දැන් අලි පැටව් අල්ලන්න කොන්ත්‍රාත් එකක් අරගෙනලු. හොඳ නිරෝගී පැටියෙක් කෝටි 2 කට දෙන්න පුළුවනිලු...
2022 වසරේ පෙබරවාරි මස 22?
අහෝ .. නීතිය... හමුදා සොල්දාදුවන් 2000ක් තමන් විසින් මැරුවා යැයි ප්‍රසිද්ධ වේදිකාවේ කිව්ව කරුණා අම්මාන් දවසක් හෝ රිමාන්ඩ් භාරයේ තැබීමට නොහැකි වූ ඔබ, ශානි අබේසේකර දිගටම බන්ධනාගාරයේ තැබූ ඔබ, පාස්කු ප්‍රහාරයේ වගකීම දරන දේශපාලකයින් තවමත් නිදැල්ලේ තබන ඔබ, තමන් කැමති අයට හා බලවතුන්ට එක ආකාරයකටත්, අනෙක් අයට තවත් ආකාරයකටත් සලකන ඔබ ගැන කෙසේ විශ්වාසයක් තබමුද?
යුදහමුදාවටම ලැජ්ජාවක්... වනජීවී එකේ නිලධාරීන්ට කතාකරන විදිහ අන්තිම කැතයි.
පරණ අලි සෙල්ලම් පටන්ගෙන වගේ එහෙනම්... වනජීවි මහතුනි, කෙසේ හෝ මෙම අලි ජාවාරම මැඩලන්න ජනතාව ඔබ සමගයි. මෙවන් අලි පැටවුන් බාහිර සමාජයේ සිටියි නම් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන්න. එතකොට සැඟවිය නොහැකිය..
වනජීවී ඇමැතිතුමනි, පරිසර ඇමතිතුමනි ඔබලා බුදිද? එහෙම නැත්නම් බයද? 2015-2020 කාලේ කරපු අලි සංගණනයෙන් පස්සේ අලි පැටවුන් වෙළඳාම ජයටම කෙරුණා. එක පටියෙන් ඇලන් මතිනියාරාමයට හොරෙන් දාලා ගිහින් තිබුණා. දැන් ආයෙත් ඒක පටන්ගෙන වගේ...
හමුදා සාමාජිකයෙක් රටේ පොදු නීතිය යටතේ අපරාධමය වරදක් කරලා උසාවියක නඩු පැවරුණු විට සාමාන්‍යයෙන් හමුදාව කරන්නේ හමුදා නියෝග යටතේ එම නඩුව ඉවර වනතුරු ඔහුගේ සේවය අත්හිටුවයි... අපි බලමු මේ ඉහළ නිලධාරියාටත් ඒ නීතිය ක්‍රියාත්මක වේවිද කියලා ...
නඩුත් හාමුදුරුවන්ගේ... බඩුත් හාමුදුරුවන්ගේ... !!!
ශවේන්ද්‍ර විරුවාණනි, අපේ අලි පැටවුන් බේරා දෙනු මැනවි ඔබට ඤාණක්කා සරණයි... !!!
තමුන් හැර අනිකුත් රජයේ නිලධාරීන් පිම්පියෝ, තව ටික කලක් මෙහෙම ගියොත් රටම ඉබාගාතේ. ගරු ජනපතිතුමනි, මේ වසංගත තත්ත්වය පාලන මට්ටමකට ආ පසු කරුණාකර රටේ හමුදාව ඔවුන්ගේ ගෞරවය රැකෙන සේ සිවිල් කටයුතුවල යෙදවීමෙන් ඉවත්කර කඳවුරු තුළට සීමා කරමු. හමුදාව කැඳවිය යුත්තේ හදිසි නීතිය යටතේ මිලිටරි අවශ්‍යතා සඳහායි. එහෙම නොකළොත් එදා රණවිරු, අද සුවවිරු පිදුම් ලබන අය හෙට මැරවිරු වේවි...
යුද හමුදාව තුල විනය පරීක්ෂණයක් නෑ කියන්නේ සමස්ත හමුදාව තුලම විනයක් නෑ කියන එක. එතකොට හමුදාපතිතුමා පිලිබඳ මහජනයාගේ විශ්වාසය නැති වෙනවා.
ඉතාම ලජ්ජා සහගතයි.
මහජන මුදල්වලින් වැටුප් ගන්න නිලධාරියෙක් වන ජීවී නිලධාරීන්ට කතා කළ හැටි අහපුවාම මේ මානසික රෝගියෙක්ද කියලා හිතෙනවා. තනතුරෙන් උදම් වෙලා වනජීවී නිලධාරීන්ට කතා කළේ මොන වචනවලින්ද? රණවිරුවන්ටත් අපහාසයක්..
රජයේ නිලධාරින් අතර වනජීවි නිලධාරින් තමන්ගේ වගකීම් හරියට ඉටු කරනවා