(උපාලි ආනන්ද)
මින්නේරිය ජාතික වනෝද්‍යානයේ රාජකාරියේ නිරතව සිටි වනජීවි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර මරණ තර්ජනය කරමින් එක් වනජීවි නිලධාරියකුට පහරදුන්බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ විසි එක්වැනි සේනාංකයේ සේනාධිපති මේජර් ජෙනරාල් මොහාන් රත්නායක යන අය රුපියල් ලක්ෂ 5 ක් වටිනා ශරිර ඇප දෙකක මත මුදා හරින ලෙස කැකිරාව දිසා විනිසුරු මහස්ත්‍රාත් සමන් වැරණියගොඩ මහතා අද(01) නියෝග කලේය.
2022 වසරේ පෙබරවාරි මස 22 දින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද මහෙස්ත්‍රාත්වරයා මේජර් ජනරාල්වරයාට නියෝග කළේය.
ඉකුත් 23 වැනිදා රාත්‍රියේදි මින්නේරිය ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වූ යුද හමුදාවට අයත් වාහන දෙකක් වනජීවී නිලධාරින් විසින් පරීක්ෂා කිරීමට යාම මෙම ගැටුමට පාදක වී තිබිණි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.