(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ත රණසිංහ)
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ඖෂධ නියාමන අධිකාරිය විසින් පත් කෙරුණු එන්නත් පිළිබඳ ස්වාධීන විශේෂඥ උපදේශක කමිටුවෙන් ඉවත් වී ඇත.
පෞද්ගලික හේතුවක් මත ඇය මෙසේ ඉවත් වී ඇති බව එම කමිටුවට සම්බන්ධ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
කොළඹ උතුර( රාගම )වෛද්‍ය පීඨයට අනුබද්ධ මහාචාර්ය ඒ. පත්මේෂ් මහතාද එම කමිටුවෙන් මෙයට පෙර ඉල්ලා අස්විය.
මෙම විශේෂඥ කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ,වෛද්‍ය රජීව ද සිල්වා,වෛද්‍ය කාන්ති නානායක්කාර ,මහාචාර්ය චන්න රණසිංහ ,මහාචාර්ය සරෝජ් ජයසිංහ ,වෛද්‍ය රෝහිත මුතුගල,වෛද්‍ය මහේන් කොතලාවල සහ වෛද්‍ය හසිත තිසේරා යන මහත්වරු කටයුතු කරති.
ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක කෙරෙන එන්නත්කරණ වැඩපිළිවෙළ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් පිළිබඳ නිර්දේශ පිළිබඳව මනා ලෙස අධ්‍යයනය කර මෙරටට එන්නත්කරණ වැඩපිළිවෙළක් නිර්දේශ කිරීම මෙම විශේෂඥ කමිටුවට පැවරී ඇති වගකීමයි.
මේ සම්බන්ධයෙන් අප මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියගෙන් දුරකථනය ඔස්සේ අදහස් විමසීමට ඊයේ උත්සාහ දැරුවත් එය ව්‍යාර්ථ විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්තයගේ බිස්නස් එකට ලාබ වැඩිනිසා වෙන්න ඇති...
තම තමන්ගේ දේශපාලන මතිමතාන්තර වලට සමගාමීව සහ ඒවා තහවුරු කිරීම අරමුණු කරගෙන දැන් අපි මේ සිද්ධිය විග්‍රහ කරමු. ඒ අනුව කැමැත්ත අකැමැත්ත ප්‍රකාශ කරමු.
මගේ රටට ආදරේ කරන සියලු විද්‍යාත්මක දැනුමක් ඇති, විද්වත් වියතුනි.. අපේ රට ගමන් කරන ආකාරයට... මේක මගේ රට, අපේ රට නොවෙයි... උන්ගේ රට බවට පත්වී හමාරයි. ඔබතුමන්ලා, ඒ පාපයෙන් ගැලවීමට වෙරදැරීම ගැන උත්තම ආචාර්ය පිළිගන්වමි. වෙන කිසිවකු නොව මම... ස්තුතියි..!!!
ඔය තියෙන්නේ මහදැනමුත්තා හොඳටම කරලා.
මෙසේ ඉවත්වීම පසුපස කුමක් හෝ අප නොදන්නා හේතුවක් ඇති. අපේ රටේ ඇතැම් දේශපාලන ඇත්තන්ට...
මේ ඉල්ලා අස්වීමට අප නොදන්නා හේතුවක් ඇති. මේ වැනි දේශපාලනයට කඩේ නොයන උගතුන් රටේ හා ජනතාවගේ වාසනාවට සිදුවන දෙයක්. ඒත්, ඒ වැනි උගත් අය ඇතැම් දේශපාලකයන්ට වහ කදුරු වගෙයි. එවැනි දේශපාලන ඇත්තන්ව දෙවියන් සේ අදහන ඇතැම් ගැත්තන්ට රටේ සැබෑ යථාර්ථය වැටහෙන්නේ නැහැ. එවැනි මිනිසුන් ඉන්නා රටක තමයි අප මේ ජීවත්වෙන්නේ...
එහෙනම් වෙන එක්කෙනෙක් දාගන්න.
මොන ප්‍රශ්න තිබුණත් මේ අවස්ථාවේ ඉල්ලා අස්වීමට අවශ්‍ය නොවේ.. ජනතාව ඔවුන් ගැන විශෟවාසය තබා ජීවිත රැකගැනීමට බලාසිටින නිසාවෙනි..
උගත් මිනිස්සුන්ට වැඩකරන්න දෙන්නේ නැහැ... නූගත් දේශපාලකයෝ..!!!
අනවශ්‍ය බලපෑම් කරන විට, අවසානයේදී මෙලෙස සිදුවිය හැකිය...
නඩු කාරයින් නඩු වලින් ඉවත් වෙනවා. උගතුන් තම රාජකාරියෙන් ඉවත් වෙනවා. එතකොට මේ වැඩ කරන්නේ සාමාන්‍ය ජනතාවද? එහෙම කරන්න එයාලට තියෙන අයිතිය කුමක්ද?
මේ වගේ උදවියට මේ පාලනය යටතේ තැනක් නැහැ. පැණි විකුණපු ඊනියා මහාචාර්යවරු, මුට්ටි පාකරපු නෝනාවරු, යුද්ධය විතරක්ම ගැන දන්නා සොල්දාදුවන් තමයි කෝවිඩ් පාලනය කරන්නේ. මේකේ අවසානය නම් මහා ව්‍යසනයක්..
එන්නත් කලවම් කරන්න අනුමැතිය දෙන්න බැහැ කියපු නිසාද?
නිදහස් අධ්‍යාපනයෙන් ලොකු තැන්වලට යන අය රටට විය යුතු යුතුකම් ඉටුකරන්නේ නෑ. මගහරිනවා නැතිනම් බොරුවක් දාලා රට අතඇරලා යනවද?
බූතයින් කියන විදියට වැඩ කරන පාලකයින්ට උපදෙස් දීලා වැඩක් නැහැ කියලා හිතෙන්න ඇති..!!!
වෙන රටවල වසංගත පාලනය බාරදෙන්නේ වසංගත ගැන දන්න මිනිස්සුන්ට... නමුත් මෙහෙ බාර දෙන්නේ ක්‍රීඩා ඇමැතිලාට සහ යුද හමුදාවට...
ඔබ වැනි උගත් බුද්ධිමත් ඒ වගේම හදවතට නොව බුද්ධියට අමතන, හොර දේශපාලකයින්ට නොව රටේ මිනිසුන්ට ආදරේ කරන, නිවැරදි තීරණ ගන්නා, හොඳ "කොන්දක්" ඇති රටට ආදරේ ශ්‍රී ලංකික දූ පුතුන් තවත් දහස් ගණනින් බිහිවේවා..!!! ඔබේ තීරණය උදාරයි...!!!
ඔය රාජකාරියත් අනිත් රාජකාරී වගේ රාජපක්ෂ පවුලේ කෙනෙකුටම බාරදෙන්න..
නිදහසේ තමන්ගේ රාජකාරිය කරන්න ඉඩ නොදී, නොයෙකුත් බලපෑම් එල්ල වෙනවා නම් වෙන මොනවා කරන්නද?
මෙයා නැති වුණාට කමක් නැහැ. අපේ සර්ට ඕනෑතරම් විද්වතුන් ඉන්නවා... ඕනෑම වැඩක් කරගන්න. දැක්කද අර පැණියත් හොඳයි කියවා ගත්ත හැටි...
අනේ සර් ඕකටත් විශ්‍රාම ගිය හමුදා නිලධාරියෙක් පත්කරන්න. වැඩේ ඉවරයිනේ...
මෙවැනි රාජකාරි දේශපාලකයින් සතුටුකරන ආකාරයට කරන්න බැහැ. සම්පූර්ණයෙන් ස්වාධීනව නිදහස් මනසකින් කළයුතු දෙයකි. දේශපාලකයින් ඒකටත් බලපෑම් කරනවා නම් ඉල්ලා අස්නොවී වෙන කුමක් කරන්නද? රටට දෙයියන්ගේම පිහිටයි...
මෙතුමිය ඉවත් වුණා කියලා අවුලක් වෙන එකක් නැතුව ඇති. ඔක්කෝටම හරියන්න වියත්මග ඉන්නේ...
සෑම කෙනෙක් තම ජීවිකාව කරගත් වෘත්තිය දන්නා අයුරින්..., ඇගේ වෘත්තිය වැනි විශේෂඥ දැනුමක් අවශ්‍ය ක්ෂේත්‍රයක් දේශපාලනය, භාෂාව, නීතිය වැනි ක්ෂේත්‍රවල අය දන්නා බව පෙන්වීම විහිළුවකි. කොරෝනා යනු දිනපතා වෙනස්වන විෂයයක් යැයි ඔප්පු වන්නේ සයිනෝෆාම් එනනත් භාවිතා කළ ඩුබායි.., බහරේන් සහ සීෂෙල්ස් වැනි රටවල් ගත් අලුත් තීරණ දෙස බලන විටයි. එබැවින් එකිනෙකාට මඩ ගැසීම වෙනුවට සියළු ජනතාව බේරීම සඳහා දිනපතා අලුතෙන් සිතා සියලු ජීවිත බේරීම නායකයින්ගේ වගකීමකි...