(සුජිත් හේවාජුලිගේ )
බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට මේ මස 31 වැනිදාට පෙර කොරෝනා මර්දන එන්නත ලබාදී අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට ඊයේ(2) උපදෙස් දුන්නේය.
දිවයිනේ සියලුම ප්‍රදේශවල ඉහළ ප්‍රතිශතයකට ලබන සැප්තැම්බර් මාසයට පෙර එන්නත ලබාදීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ එන්නත්කරණය සහ කොවිඩ් මර්දන කටයුතු සම්බන්ධයෙන් කොවිඩ් මර්දන විශේෂ කමිටුවේ සාමාජිකයන් සමග ජනාධිපති කාර්යාලයේදී ඊයේ(2)පෙරවරුවේ පැවති සාකච්ඡාවකදීය.
2025 දෙසැම්බර් මස 18
679
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස්නාහිර 30ට වැඩි සැමට 31ට පෙර එන්නත් දී අවසන් කරන්න
de silva Friday, 02 July 2021 04:31 PM
අනික් පලාත්වල ජිවත් වෙන්නේ මනුස්සයෝ නෙවෙයිද
සමරේSaturday, 03 July 2021 01:25 PM
කෝවිඩ් වැඩියෙන්ම පැතිරෙන්නේ සහ මැරෙන්නේ බස්නාහිර පළාතේ... ඒ නිසා බස්නාහිර පළාතේ අයට මුලින්ම එන්නත් දීම වැරදි නැහැ. ඒ වගේම රටේ වැඩිම ජනගහනය සහ රැකියා සපයන ආයතන තියෙන්නෙත් බස්නාහිර පළාතේ සහ රටේ වැඩිම දළ ජාතික නිෂ්පාදිතයා සිදුකෙරෙන්නේ බස්නාහිර... මේ සියළු හේතූන් නිසා බස්නාහිර පළාතට මේ අවස්ථාවේ ප්‍රමුඛතාවයක් දීම සිදුවිය යුතු දෙයක්. එ්කෙන් අදහස් කරන්නේ නෑ.. අනික් පළාත්වලට වෙනස්කම් කරනවා කියලා...
මැක්ස් Friday, 02 July 2021 04:55 PM
හිතක් පපුවක් නැති ස්ට්‍රයික් කාරයොත් එක්ක ඒ ඉලක්කයට යන්න පුලුවන් ද? කුප්‍රසිද්ධ එන්ජීඕ නර්ස් මහත්තය වැඩ පටන් අරං නේද?
Ruhunu Friday, 02 July 2021 05:19 PM
උතුරෙන් ආවොත් විදගන්න පුලුවන්ද? සර්.
මහසෙන් Friday, 02 July 2021 05:26 PM
ඉස්සෙල්ලා 60 වැඩි පිරිසට ගහලා ඉමුකෝ නේ ද? කට ඉස්සර කරගන් නැතුව.මොක ද තාම එකක්වත් ගහන්න තියා කව දා ගහයි ද කියලා හිතාගන්න බැරි පිරිස වැඩි නිසා
siri Friday, 02 July 2021 05:57 PM
කොරෝනාව අද හෙට අවසන්වෙන වසංගතයක් නොවන බවත් එන්නත් දෙන එක අවුරුද්දක් පතා තව බොහෝ කාලයක් යනතුරු කරන්නට සිදුවෙන දෙයක් බවත් තමයි මේවා ගැන කරුණු කාරනා දන්නා අය කියන්නේ. අපි වගේ දුෂණය ඉහ වහා ගිය රටවල් වලට ඒවගේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න ශක්තියක් තිබේද කියන එකයි ලොකුම ගැටලුව.
වර්ණකුලසූරිය Friday, 02 July 2021 08:10 PM
"උපදෙස් දුන්නේය. අවධාරණය කළේය." 69 ලක්ෂයක් හිතපු කොන්ද කෙළින් ජනාධිපතිවරයෙක් නම් නියෝග දීමට සමත්විය යුතුයි. ප්‍රමාණවත් එන්නත් නොමැතිව කරන ප්‍රකාශයක් වශයෙන් මෙය සළකන්නට සිදුවේ.
චාමර Friday, 02 July 2021 09:02 PM
අපි කොලඹ
de silva Friday, 02 July 2021 09:53 PM
මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙනන බැහැ
ගිජුලිහිණි සංදේශය Saturday, 03 July 2021 07:37 AM
මැසිවිලි කියකියා කට මැත නියන්නේ - කිසි අරුතයක් නැතිවම බණ දෙසන්නේ - ඇසිපිය විල්ලකින් කී දෙය නොදන්නේ - අසිරිය බලාපන් විරුවෙකි දොඩන්නේ
Akila Saturday, 03 July 2021 08:04 AM
එන්නත් දෙන ප්‍රදේශ දැනගන්න පුළුවන් කොහොමද? නිරෝධායනය වෙමින් සිටි නිසා මාහට දෙවෙනි එන්නත් ලබාගැනීමට නොහැකිවුණා.. මෙවැනි අය එය ලබන්නේ කොහොමද?
jagath Saturday, 03 July 2021 09:44 AM
වැඩ බැරි ජනාධිපති, සද්දෙ විතරයි. අවශ්‍ය එන්නත් ටික ගෙන්න ගන්නේ නැතිව ඔක්කොටම දෙන්න කියලා කිව්වට දෙන්නේ මොනවද? දැන් පේන විදිහට මෙච්චරකල් ඕක කරගන්න බැරි වෙලා තියෙන්නේ මෙයා ඕක දීලා ඉවර කරන්න කියලා අණකරපු නැති නිසා කියලයි මට නම් හිතෙන්නේ.