(ඉන්දිකා රාමනායක)
සෞඛ්‍ය නීති උල්ලංඝණය කරමින් පානදුර පල්ලිමුල්ල ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයක් පැවැත්වූ පුද්ගලයන් 20 දෙනකු දින 14ක කාලයක් නිරෝධායනය සඳහා යොමුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මොවුන්ගේ නිරෝධායන කාලය නිම වූ පසු නිරෝධායන නීතිය සහ දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන යටතේ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ද හෙතෙම කීය .
සෞඛ්‍යය නීති උල්ලංඝණය කරමින් පල්ලිමුල්ල ප්‍රදේශයේ මංගල උත්සවයක් පැවැත්වෙන බවට ලද තොරතුරක් අනුව සෞඛ්‍ය බලධාරීන් සහ පොලීසිය එක්ව මෙම වැටලීම සිදුකර තිබුණි.
එහිදී මෙම මංගල උත්සවයට පැමිණි බොහෝ පිරිසක් ආපසු නිවෙස්වලට ගොස් ඇති අතර එහි සිටි පිරිමි පුද්ගලයන් 12 දෙනකු හා කාන්තාවක් 8 දෙනෙකු නිරෝධායනය සඳහා යොමුකර තිබිණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න කොතරම් අපරාධයක්ද? දවස් 14ක් කියන්නේ... ගෙදරක හම්බ කරන කෙනාව දවස් 14ක් නිවාස අඩස්සියේ තැබීමෙන් ගෙදර ජීවන තත්වයට... මොකද වෙන්නේ? කවුරුත් මේ ගැන හිතුවද? පීසීආර් ටෙස්ට් වලට යන මුදල්..? මේ හැම දේකින්ම පිටරටවල් ගොඩ යනවා. ලංකාව නැතිවෙනවා.