IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


හෙද ඉල්ලීම් 7න් 5කට විසඳුම්

(යොහාන් භාසුර සහ නිමල කොඩිතුවක්කු)

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් හතෙන් පහකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් අද (02) පස්වරුවේ විසඳුම් ලබා දුන්නේය.

සෙසු ඉල්ලීම් දෙකට ඉදිරි අය වැයෙන් විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාව පළ කර තිබේ.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සමඟ අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම තීරණවලට එළඹිණ.

ඒ අනුව හෙද සරසවිය ආරම්භ කිරීම, යහපාලන රජය සමයේ අත්හිටුවූ මාණ්ඩලික තත්ත්වය නැවත ලබාදීම, අත්හිටුවා ඇති  3 ශ්‍රේණියෙන් 2 ශ්‍රේණියට උසස් වීම වසර පහක් ලෙස හා 2 ශ්‍රේණියෙන් 1 ශ්‍රේණියට වසර හතෙන් උසස් කිරීම, රුපියල් විසිදහසක වාර්ෂික නිල ඇඳුම් දීමනාව ලබාදීම සහ දැනට පැය 36 ක්ව පවතින රාජකාරී කාලය සතියකට දින පහක (පැය 30 ක) කාලයක් ලෙස සැලකීම විශේෂ කමිටුවක අධ්‍යයනයට යොමු කිරීම යන ඉල්ලීම් පහ වහාම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා තීරණය කළේය.

රුපියල් දසදහසේ දීමනාව සහ 2014.12.24 දින මුදල් අමාත්‍යාංශය චක්‍රලේඛයක් මඟින් සඳහන් කර ඇති මූලික වැටුපෙන් සියයට එකක අමතර සේවා දීමනාව ලබන අය වැයෙන් ලබාදීමටත් ජනාධිපතිවරයා විසින් එකඟතාව පළකළේය.

 



අදහස් (7)

හෙද ඉල්ලීම් 7න් 5කට විසඳුම්

Prase Saturday, 03 July 2021 01:37 AM

ඕවා දෙන්න ජනතාවට තවත් බදු ගහයි

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 03 July 2021 08:36 AM

ඉල්ලීම් ලබාදීම හොඳ දෙයක්. ඒත්, මේ වසංගත කාලයේ වෘත්තීය සමිතිකාරයින් ජනතාව බිල්ලට දී කරනා වැඩ වර්ජන ගැන සතුටු වෙන්නට නම් බැහැ. එදා ෆ්ලෝරන්ස් නයිටින්ගේල් තම ජීවිතයම හා පිය උරුමයෙන් ලද ධනයද වැයකොට, ලොවට බිහිකළ මේ හෙද සේවය අද මේ රටේ වෙනස් දරදඬු මාර්ගයකට ගෙනඒම ඉතාමත් කණගාටු දායකයි. තමන්ට ජීවත්වීමට උපකාරවන රැකියාව ඉදිකළ නිර්මාතෘවරිය වන ෆ්ලෝරන්ස් නයිටින්ගේල් හට අද වෘත්තිය සමිති කාරයින් කරනුයේ මොනතරම් නොහොබිනා ක්‍රියාවක්ද? බුදු දහමට අනුව බුදු පුතෙකු කළ යුත්තේ, අසරණ ලෙඩුන් වෙනුවෙන් ඉදිරිපත් වීමයි. එය එසේ වෙතත්, එක්තරා චීවරධාරියකු පෙනී සිටිනුයේ හෙදියන් වෙනුවෙනි. ඔහුට ලෙඩුන්ගේ දුක පසෙක තබා හෙදියන්ගේ දුක පමණක් පෙනුණේ මන්දැයි නොදනිමු. මේ ක්‍රියාව මහානායකවරුන්ට හෝ බුද්ධ ශාසන අමාත්‍යාංශයට නොපෙනෙන්නේ මන්දැයි නොදනිමු.

:       0       109

samanSunday, 04 July 2021 02:45 AM

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් දිගින් දිගටම එල්ලකළ බරඅවි ප්‍රහාරයෙන් පසු රජය පසු බසී... කළ ඉල්ලීම් හතෙන් පහකට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මැදිහත් වීමෙන් විසඳුම්... මේ අතර සෑම අර්බුදයකටම මැදිහත් වී ඉල්ලගෙන කන්නා වූ සහ ලෙඩුන් අසරණ කරමින් ඉල්ලීම් දිනාගැනීමට අවස්ථා කීපයකදී උත්සාහ දැරු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් දිගින් දිගටම එල්ලකළ බර අවි හමුවේ සියලු අනවශ්‍ය මැදිහත්වීම අතහැර පළාගොස් සැඟවී ඇති බව වාර්තා වේ...

:       0       1

kamal Saturday, 03 July 2021 09:16 AM

දකකද අපේ සර්ගේ වැඩ

:       0       0

p.d goonawardena Saturday, 03 July 2021 09:28 AM

එකක් වත් දෙන්න එපා ජනාධිපතිතුමනි.. ඔවුන්ට ලැබෙන ඒවා ඉහටත් උඩින්... ඔවුන් ඕවා කරලා දිනාගෙන ගන්න සල්ලි වක්කඩ කැඩුවා වගේ දියවෙලා යායුතුයි.

:       1       2

Vithana Saturday, 03 July 2021 09:42 AM

මුදල් දීමනා ඉල්ලීම් නම් ඕනෑම කෙනෙක්ට දෙයි. සල්ලි අච්චු ගහන මැෂිම පැය 24ම වැඩ නිසා. අච්චු ගහලා බෙදන්නනේ තියෙන්නේ... ඔය වගේම අනිත් රැකියාවලත් ප්‍රශ්න විසඳනවා නම් තමයි හොඳ...

:       0       3

Asanga Saturday, 03 July 2021 10:14 AM

සර්ට ජයවේවා

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 570 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2268 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1702 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site