ඊ.ටී.අයි අධ්‍යක්ෂක මණ්ඩලයේ තිදෙනෙකු අත්අඩංගුවට ඊ.ටී.අයි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු මීට ස්වල්ප වේලාවකට පෙර අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 05 January 2021
හිමිනම ඝාතනයට සැකපිට 4ක් අල්ලයි හංවැල්ල තුන්මෝදර කොඩි කන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ උඩුවිළ ධම්මසිරි හිමියන් පැහැරගෙන ගොස් ඝාතනයකොට පුළුස්සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව හංවැල්ල පොලිසිය පවසයි. 05 January 2021
ලබන 21 වැනිදා සිට සියලුම ගුවන්තොටුපොලවල් විවෘත කරයි විදෙස් සංචාරකයින් ඇතුළු සියලුම වාණිජ ගුවන් යානා සඳහා ලබන 21 වැනිදා රටේ සියලුම ගුවන්තොටුපොළවල් සම්පූර්ණයෙන්ම විවෘත කෙරෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (05) පැවසීය. 05 January 2021
කොඩිකන්ද සේනාසනයේ හිමියන් ඝාතනය කර ගිනි තියලා කොටදෙනියාව නවාන පොදු සුසාන භූමියේ මිනී වළක් මත දැවෙමින් තිබූ නාඳුනන මළ සිරුර අතුරුදන් වූ හංවැල්ල තුම්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ උඩුවිල ධම්මසිරි හිමියන්ගේ සිරුර බවට හඳුනාගෙන තිබේ. 04 January 2021
රාජ්‍ය ආයතන 5ක් කෝප් කමිටුව හමුවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව මෙම ජනවාරි මාසයේදී රාජ්‍ය ආයතන 05ක විගණන කටයුතු පරීක්ෂාවට ලක් කිරීමට නියමිත බව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි. 04 January 2021
යුක්රේන සංචාරකයන්ගේ පොළොන්නරු සංචාරය අවලංගු කරයි මෙරටට පැමිණි යුක්රේන සංචාරකයින්ගේ පොළොන්නරු සංචාරය අවලංගු කර තිබෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි. 04 January 2021
මාලිගාවත්ත එච් එන් නිවාස සංකීර්ණ හුදකලා බවින් නිදහස් කරයි මාලිගාවත්ත එච් එන් නිවාස යෝජනා ක්‍රමය මේ අද (04) සිට හුදකලා බවෙන් නිදහස් කිරීමට තීරණය කර තිබේ. 04 January 2021
වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී ළමුන් 8ක් ඇතුළු 14කට තුවාල හපුතලේ සිට බලංගොඩ බලා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් ඊයේ රාත්‍රියේ හල්දුම්මුල්ල වල්හපුතැන්න මහා වංගුව ප්‍රදේශයේදී අඩි 200 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් කුඩා ළමුන් 8දෙනකු ඇතුළු 14දෙනකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කළ බව හල්දුම්මුල්ල පොලිසිය කියයි. 04 January 2021
කරුණා සියලුම දෙමළ දේශපාලන සිරකරුවන්ට නිදහස ඉල්ලයි එල්ටීටීඊ සංවිධානය නියෝජනය කළ තමන් වැනි නායකයින් හා තවත් සාමාජිකයින් රැසක් පොදු සමාව යටතේ නිදහස්ව සිටියදි ඉතිරි සියලූ දෙමළ දේශපාලන සිරකරුවන්ද පොදු සමාවක් යටතේ නිදහස් කළ යුතු යැයි දෙමළ එක්සත් නිදහස් පක්ෂයේ නායක විනයගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පැවසීය. 03 January 2021
යාල ගිය ජීප්රථ හිමියෝ නීරෝධායනයට යන්න බෑ කියති සංචාරක නියමු ව්‍යාපෘතිය යටතේ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොලින් මෙරටට පැමිණි යුක්රේන ජාතික සංචාරක පිරිස රජයේ මැදිහත් වීමෙන් යාල සෆාරි ජාතික උද්‍යානය නැරඹීමට රැගෙන ගිය අතර උද්‍යානය නැරඹීමෙන් පසු පිටතට පැමිණි ජීෆ් රථ හිමියන් එකවරම ආරක්ෂක අංශ විසින් දින 14ක කාලයක් නිරෝධායනය ලක්කල යුතු බව පැවසීමත් සමග උණුසුම් තත්වයක් ඇතිවිය. 03 January 2021
බොයිලේරුවක් පුපුරා ඉන්දියානු ජාතිකයෙක් මරුට-2ක් රෝහලේ කොටදෙණියාව කරබොටුවාව ප්‍රදේශයේ පිහිටි අබලි යකඩ උණු කිරීමේ වැඩ පොලක අද(3) උදෑසන බොයිලේරුවක් පුපුරා යාමෙන් සිදු වූ අනතුරකින් එහි සේවය කළ ඉන්දියානු ජාතිකයකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි කොටදෙණියාව පොලිසිය කියයි. 03 January 2021
කොවිඩ් පාලනයට දිස්ත්‍රික් මට්ටමින් හමුදා නිලධාරීන් 25 ක් කොවිඩ්-19 වෛරසයේ පාලන කටයුතු ශක්තිමත් කිරීම සදහා දිවයින පුරා සියලුම පරිපාලන දිස්ත්‍රික් ආවරණය වන පරිදි යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 25 දෙනෙකු පත්කර ඇති බව හමුදාව පවසයි. 01 January 2021
මැනිං වෙළෙඳපොලේ කඩ බෙදාගැනීමට ආරවුල් 60 ක් පිටකොටුවේ තිබූ මැනිං වෙළෙඳපොල පෑලියගොඩට ගෙන ඒමෙන් පසු අලුතෙන් කඩකාමර බාරදීම සම්බන්ධයෙන් ආරවුල් 60 ක් පමණ ඇතිවී තිබේ. මෙම ආරවුල් විසඳීමට කමිටුවක් පත්කර ඇතැයි නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැර කිරීමේ හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා මහතා පැවසීය. 01 January 2021
ශ්‍රී ලංකාව ගැන අලුත් තීරණයක් ඕනෑ එළැඹෙන මාර්තු මාසයේදි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගන්නා තීරණය අලුත් තීරණයක් විය යුතු බව දෙමළ ජාතික සන්ධාන මාධ්‍ය ප්‍රකාශක එම්. ඒ සුමන්තිරන් මහතා සඳහන් කරයි. 01 January 2021
ඛණිජ තෙල් සංස්ථාවේ ප්‍රධාන කාර්යාලය වසාදමයි ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ දෙමටගොඩ පිහිටි ප්‍රධාන කාර්යාලය හා මුතුරාජවෙල ලහිසි තෙල් අංගණය වසා දමා ඇත. 31 December 2020
මුහුද ගොඩ ගලා මුතුපන්තිය යටවෙයි මුහුද ගොඩ ගැලීමෙන් අද(31 ) අලුයම මුතුපන්තිය දුපතේ නිවාස රැසක් ජලයෙන් යටවී ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පවසයි. 31 December 2020
යුක්රේනයෙන් ආ සංචාරකයන් තිදෙනකුට කොරෝනා සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කරමින් පසුගිය 26 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් පිරිසෙන් තිදෙනකුට කොරෝනා වයිරසය අසාදනය වී ඇතිබව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා කියයි. 30 December 2020
නීතිවිරෝධීව ගෙන ආ කහ කිලෝ 20,900ක් ගිනි තබයි නීතිවිරෝධීව ඉන්දියාවෙන් ගෙන එන ලද, හුංගම කළමැටිය ධීවර වරායේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිය බාරයට ගනු ලැබූ කහ තොගය පොලිස් පතිවරයාගේ විශේෂ නියෝගයක් මත අද(30) අලුයම අම්බලන්තොට ලුණම ආදාහනාගාරය තුළදි ගිනි තබා විනාශ කිරීමට පියවර ගනු ලැබීය. 30 December 2020
කොරෝනා වසංගතය පාලනය වන අතට ඔක්තෝබර් 5 වැනිදා ආරම්භ වූ කොරෝනා දෙවැනි රැල්ල පසුගිය 14 වැනිදා එහි උපරිම අගයට ළඟා වීමෙන් පසුව මේ වන විට තරමක් දුරට පාලනය වෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ නිල වෙබ් අඩවියෙන් (http://www.epid.gov.lk/web/index.php?lang=en) පෙන්නුම් කරයි. එම වෙබ් අඩවයේ මේ වන විටත් පෙන්නුම් කරනු ලබන දත්ත අනුව වසංගතය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වීමේ බරපතළම අවධිය වී ඇත්තේ දෙසැම්බර් මස දෙවැනි සතියයි. 29 December 2020
ඒකල කර්මාන්ත ශාලාවක 39 දෙනකුට කොවිඩ් ඒකල කර්මාන්ත ශාලාවක කරනු ලැබූ පී සී ආර් පරීක්ෂාවකදී කොවිඩ් 19 ආසාදිතයන් 39 දෙනෙකු සොයා ගත් බව ජා-ඇල ප්‍රාදේශීය සභා පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ඩබ්ලිව්. එම්. වයි. විජේසිංහ මහතා කීවේය. 29 December 2020
කොරෝනා ආසාදිත සිරුර මාසයක් මෝචරියේ කොරෝනා ආසාදිත බව තහවුරු වූ ගාල්ලේ පදිංචි මුස්ලිම් ජාතිකයකුගේ සිරුර මාසයකට ආසන්න කාලයක් තිස්සේ කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තිබෙන බව රෝහල් පොලිසිය පවසයි. 28 December 2020
මන්නා-කතුරුවලින් අයිය-මලෝ- බිරින්දෑවරු ඇනගෙන සිය අයියාගේ බිරිඳට කතුරෙන් ඇණ, අයියා මන්නයෙන් කපා තුවාල සිදුකළ මල්ලී, නෑනා, නැන්දම්මා යන තිදෙනෙකු ඇතුළු තවත් සැකකාරයන් තිදෙනකු අද(28)පාන්දර පහරදීම සිදු කල මන්නයද සමග තෙලවලදී අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය පවසයි. 28 December 2020
අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙක් පොලිස් වෙඩි පහරින් මරුට අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවකු සමඟ පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වේයන්ගොඩ හල්ගම්පිටිය ප්‍රදේශයේ මෙහෙයුමක් සඳහා ගිය අවස්ථාවේදී ඇති වූ සිද්ධියක දී වෙඩි පහරට ලක්ව එම සැකකරු අද(28) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 28 December 2020
ගාල්ලේ වෛද්‍යවරු වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හරිති ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් හෙට (28 ) සිට සිය රාජකාරී වලින් බැහැරව ගැනීමට නියමිතව තිබූ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටවූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් වෛද්‍ය මණ්ඩල ද සොයිසා මහතා පැවසීය. 27 December 2020
ගාල්ලේ සෞඛ්‍ය නිලධාරීහු වෘත්තිය ක්‍රියාමාර්ගයකට සැරසෙති ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් හෙට(28) සිට සිය රාජකාරි කටයුතුවලින් ඉවත්ව වෘත්තිය ක්‍රියාමාර්ගයක් ගැනීමට තීන්දුකොට ඇති බැව් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා මහතා පවසයි. 27 December 2020
වැලිකන්ද කොරෝනා රෝහලේ වෛද්‍යවරු දෙදෙනෙක් ලෙඩවෙති පොලොන්නරුව, වැලිකන්ද කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සේවය කරන වෛද්‍යවරුන් දෙදෙනෙකුට කොරෝනා ආසාදිත වී ඇති බවට අද(26) තහවුරු වී ඇතැයි පොලොන්නරුව දිස්ත්‍රික් මහරෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා ප්‍රකාශ කලේය. 26 December 2020
මළසිරුරු ශීතාගාරවල තැබීම කොරෝනා වයිරසය ගබඩා කරතැබීම හා සමානයි කොරෝනා මළ සිරුරු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛ හා ගැසට් නිවේදනයේ උපදෙස් නොතකා මළ සිරුරු ශීතාගාරවල තබාගැනීම කොරෝනා වයිරසය ගබඩාකර තබාගැනීම හා සමාන බව ගාල්ලේ ආන්දෝලනයට තුඩුදුන් මළ සිරුර ඇසුරින් කරන ලද පීසීආර් පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි ගාල්ලේ අධිකරණ වෛද්‍යවරු කියති. 26 December 2020
නුෂාඩ් පෙරේරා සතොසෙන් ඉවතට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් සමුපකාර තොග වෙළඳ සංස්ථාවේ (සතොස) සභාපති තනතුරෙන් නුෂාඩ් පෙරේරා මහතාව ඉවත් කරනු ලැබ තිබේ. 25 December 2020
කෘෂි අපද්‍රව්‍ය එවීම ගැන බාසල් සම්මුතියට පැමිණිලි කරන්න පුද්ගලික ආයතනයක් විසින් කොත්තමල්ලි මෙරටට ආනයනය කරන මුවාවෙන් ගෙන්වා තිබෙන කෘෂි අපද්‍රව්‍ය සහිත බහළුම් 28 සම්බන්ධව බාසල් සම්මුති කාර්යාලයට පැමිණිලි කරන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට අද දින (25) පෙරවරුවේ උපදෙස් දුන්නේය. 25 December 2020
ඇනවුම් කළ කොත්තමල්ලි වෙනුවට යුක්රේනයෙන් ශාක අපද්‍රව්‍ය එවලා රුපියල් කෝටි 7කට අධික වටිනාකමින් යුතු කොත්තමල්ලි තොගයක් යූක්රේනයෙන් මිලදී ගැනීම සදහා ශ්‍රී ලාංකික ආනයනයකරුවන් පිරිසක් කළ ඇනවුමකට, ඔවුන් රවටා කෘෂිකාර්මික ශාක අපද්‍රව්‍ය තොගයක් කොළඹ වරායට එවා තිබියදී ශ්‍රී ලංකා රේගුවේ පාරිභෝගික ආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද(24) සොයාගෙන ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කළේය. 24 December 2020
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක.. 21 December 2025