(සුජිත් හේවාජුලිගේ)
කොවිඩ් වයිරසය වේගයෙන් පැතිර යන හෙයින් අත්‍යවශ්‍යම කරුණකට හැරෙන්නට වෙනත් කිසිදු කටයුත්තකට නිවෙස්වලින් බැහැර නොයන්නැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සියලු මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
එසේම කොවිඩ් මර්දන එන්නත නොගත් එය ලබාගත යුතු වයස් සීමාවේ පසුවන සියලු දෙනා එන්නත වහාම ලබාගන්නැයිද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
තවද සෙනඟ ගැවසෙන මංගල අවමංගල්‍ය හා වෙනත් උත්සව සඳහා සහභාගි වීම සම්පූර්ණයෙන්ම නතර කරන්නැයි ඉල්ලා සිටින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කාමර, ශාලා ,විදුලි සෝපාන ක්‍රියාත්මකවන ආවරණ සහිත ස්ථානවල දිගු වේලාවක් රැඳී සිටීමෙන් වළකින්නැයිද දැනුම් දෙයි.
විශේෂයෙන් නිදන්ගත රෝගවලින් පෙළෙන්නන් නිවෙස්වලින් බැහැරට යෑම කොහෙත්ම නොකළ යුතු බවද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා නිකුත් කළ නිවේදනයක සඳහන්වේ.
මේ අතර මෙරට කොවිඩ් ආසාදිතයන්ගේ සියයට 1.5ක් මරණයට පත් වන බවත් ආසාදිතයන්ගෙන් සැලකිය යුතු පිරිසකට දැඩිසත්කාර ඒකකයන්හි ප්‍රතිකාර ලැබීමට සිදු වී ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ ඒක වෙන්න ඇති සම්පුර්ණයෙන්ම ආණ්ඩුවේ කට්ටියව ගිය සතියේ ගෙන්නුවේ
සිංහල අවුරැදු සමයේ දැඩි නීතී රීති සමඟ සති දෙකක්වත් රට ලොක් ඩවුන් කලා නම් අද මේ තත්වය උදාවෙන්නේ නැහැ.අපේ බත් කන හරක් හැසිරැනේ නැවත සිංහල අවුරැද්දක් නොඑනු ගානටයි..එහි පලවිපාක දැන් විඳින්න වෙලා.අපට හරි කණගාටුයි. අප රටේ සියලු දෙනාට බුදු සරණයි .
තත්වය භයානක බව අපිත් නොදන්නවා නෙවෙයි.., අපිටත් ඕනේ අපිවත් අපේ පවුල් රැකගන්න තමයි. නමුත් අපි රජයේ රැකියා නොකරන අය නිසා පුද්ගලික අංශයේ ඒ ඒ ආයතන ප්‍රධානීන් කියන දේ කරන්න වෙනවා. ඔය රජයේ නිවේදන කිසිවක් පුද්ගලික අංශ වල ප්‍රධානීන්ට වැදගත් නැහැ. ඔවුන් සියලුම සේවකයින් අත්‍යාවශ්‍ය සේවකයින් කරලා ගෙන්න ගන්නවා. අපිට ගෙදරට වෙලා පින් පඩි දෙන්න කියලා නොවේ මේ කියන්නේ.., අපේ රැකියාව සුරක්‍ෂිතව කරගන්න ඉඩ දෙන්න කියලයි ඉල්ලන්නේ. ඒත් ඒ දේ හරියට නොවෙන නිසයි අපි ඉල්ලන්නේ... පඩි නොලැබුණත් සති 2ක් හෝ 3ක් මේ රට වහන්න කියලා. ඒකෙන් අපේ රකියාවලුත් බේරෙනවා වසංගතයෙනුත් බේරෙනවා.
ගෙදරම ඉන්නලු. එළියට යන්න එපාලු. සීමා කඩන්න එපාලු. මොන කුණුහරුපද මේ. ඔය ඔක්කොම ටික එකතු කළාම කියන්නේ ලොක් ඩවුන් නේද? සීමිත කාලයකට හරි ඒ දේවල් කරණවලා. මේ විදියට බිලි පූජා නොකර... !!!
අපේ රටේ පාලකයින් ඉතා මුරණ්ඩුයි. දැන් සිදුවන සෑම මරණයකට පාලකයින් වග කියන්න ඕනෑ. තමන්ගේ පක්ෂයේ නායකයින් කියන ඕනෑම දෙයකට පක්ෂව කථා කරන්න ඒ පසුපස යන එහෙයියන් සැදී පැහැදී සිටිනවා. නමුත් මේක නොවෙයි විය යුත්තේ. ඒ නිසා මින් ඉදිරියටවත් පාර්ලිමේන්තුව ඇතුලේ දේශපාලන තනතුරු ගන්න බලාපොරොත්තුව සිටින සියලු දෙනාට බහුවරණ ප්‍රශ්ණ පත්‍රයකට වත් පිළිතුරු ලියන්න දෙන්න අවශ්‍යයි. එදා ෆොන්සේකා මහත්තයා කොරෝනා ගැන කථා කරනකොට විමල් වීරවංශ මහතා කිව්වේ කොරෝනා නොවෙයි ගොරෝනා - ඔරෝනා කියලා. ඉතිං මෙහෙම මිනිස්සු වගකීමෙන් කටයුතු කළා නම් මේ අවාසනාවන්ත තත්වයෙන් රට මුදවා ගන්න තිබුණා. එන්නත දීපු එක හොඳයි. ඒක තමයි කළ යුත්තේ. නමුත් පසුගිය අවුරුදු කාලේ නුවරඑළියේ සහ රටේ විවිධ පළාත් වල නටපු නාඩගම් නිසා අද මේ තත්වය උදාවුණා. මේවාට වග කියන්න ඕනෑ ආණ්ඩුව. ආණ්ඩුවක් තියෙන්නේ අවශ්‍ය වේලාවට අවශ්‍ය තීන්දු තීරණ ගන්න තමයි. වෛද්‍යවරු කියන විද්‍යාත්මක අනාවැකි කිසිවක් මේ ආණ්ඩුව ගනන් ගත්තේ නැහැ. එ් නිසා දැන්වත් දැඩි සංචරණ සීමා පනවන්න. වෛද්‍ය උපදෙස් වලට අනුව කටයුතු කරන්න. නැත්නම් අනාගතයේ මේ සියල්ලටම වග කියන්න වෙන්නේ රජයට තමයි. ඒත් ජනතාව මිය ගියාට පස්සේ කුමක්ද ඇති වැඩේ..?
දියව් දියව් ... පොහොර දියව්... පඩි වැඩිකර කන්න දියව්..., බොන්න දියව්...මන්ත්‍රී තුමන්ලාට වාහන දියව්.
ආගමික ස්ථානවලින් ලවුඩ්ස්පීකර් දමා සිදුකරන මහජන පීඩාව නවත්වන්න...! පසුගිය කොරෝනා සමයේ අපි හරියට ඒ මහා ශබ්දයන් නිසා උදේ සවස දුක් වින්දා. ලොක්ඩවුන් නිසා කොහෙටවත් යන්නත් බෑ. සද්දෙ නිසා ගෙදර ඉන්නත් බෑ. පොඩි දරුවන් වගේම වැඩිහිටියනුත් මේ නිසා පීඩා විඳිනවා.. මනුෂ්‍යත්වයෙන් මේ ගැන හිතන්න !!!
අහවල් කෙහෙල් මලකටද ගුරුවරු පාසල් ගෙන්වා ගන්නේ? මේ දවස්වල අධ්‍යාපන ඇමැතිගෙයි, ලේකම්ගෙයි මොලේ කචල් වෙලාද? රජයේ සේවකයින් සියළුදෙනාම නතර කළ යුතුයි...
අපි තමයි හොඳටම කළේ... දැන් නිවසින් එළියට යාමත් තහනම්.. කන්නේ මොනවද කියලා අහන්න කෙනෙක් නැද්ද? දැන් රට ඇරලද තියෙන්නේ එතකොට..? මිනිස්සුන්ව නිවසට පැක් කරලා.
දැන් රටම වහන්න අවශ්‍ය නැහැ කියලනේ කියන්නේ. එතකොට මැති ඇමතිවරුන් සංවිධානය කරන උත්සව, අර රට වටා ගෙනයන චුඩාමාණික්‍යය වැඳපුදා ගන්නවා වගේ දේවල්වලට ගියාට වරදක් නැද්ද?
මේ රට පාලනය කරන්නේ අන්ධයෝ.. ගොලුවෝ.. බිහිරෝද කියලා හිතෙනවා.. කිරි සප්පයෙකුටත් තේරෙන දේ පාලකයින්ට තේරුම් ගන්න බැරි මොන කරුමයක්ද මන්දා..? ඊයේ කරන්න තියෙන දේ අද කරලා හරියන්නේ නෑ දෙයියනේ..
ඇයි දැන්ද ඇහැරුනේ? ඕක වෙනබව ගිය සතියේ රජයේ නිලධාරීන් සියඑ දෙනා එකවර සේවයට කැඳවන කොටම සෞඛ්‍ය අංශ වලින් කිව්වා..
ඒ කාලේ කෑ මොර දීපු පැණි කාරයින්, මුට්ට් දාපු කට්ටිය හිටිගමන් අන්තරස්ධාන වෙලා වගේ.. කිසිම සද්දයක් නැතුව...
අපි දැක්කා ඊයෙත් පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකතුමා කිව්වා දැන් කොරෝනා රැල්ල රටේ දරුණුම විදියට පැතිරෙනවා.. පුලුවන් නම් දැඩි සෞක්‍ය නීති දාලා රට ඉදිරි සති කීපයකට වහලා හරි මේ මිනිස්සු මැරෙන එක නවත්තන්න ඉක්මන් තීරණයක් ගන්න කියලා... විපක්ෂය වුණත් රටේ ඇත්ත තත්වය ගැන කියනකොට... රජය එය පිළිඅරගෙන ඉක්මන් තීරණයක් ගත්තොත් රටේ ජනතාව වශයෙන් අපිත් එක හෙළාම ඒ තීරණයට එකඟ වෙනවා. මොකද තව දවස් කීපයකින් රටම දැඩි අනතුරක ඉන්නේ... දැනටත් ප්‍රමාදයි...
ප්‍රතිචාර දැක්කම පේන්නේ තාමත් තමතමන් කැමති දේශපාලන කෝණයෙන් මේක දිහා බලනවා මිසක් රටක් විදිහට හිතන පාටක් පේන්නවත් නෑ. තාම මරණ සීයට අඩුයිනේ, හැබැයි සෙන්චරිය ගැහුවත් අපේ අයට දැනෙන්නෙ නෑ... කරුණාකර පාට කණ්ණාඩි වලින් බලන නෝනා, මහත්වරුන්ට දන්න අය තේරෙන භාෂාවකින් පැහැදිලි කරලා දෙන්න.. අපේ රටේ ජනගහනයයි, ඉන්දියාවේ ජන ගහනයයි සමාන වුණා නම් අපේ රටේ මරණ අනුපාතය ඉන්දියාවට වඩා වැඩියි කියන එක. හැම පක්ෂයකම අයගේ ප්‍රතිශක්තීකරණය වගේම මොලෙත් වැඩිවේවා...!!!
එතකොට අපි අපේ දෙවන මාත්‍රාව ගන්නේ කොහොමද?
ගෙවල්වලින් එළියට යන්න හොඳ නෑ තමයි. සති 2-3ක් සියලු දේවල් වහලා මේක කරන්න. බොරු කයිවාරු ගහලා මේ රටේ මිනිස්සු මැරෙන්න අරින්න එපා. ඇත්තටම මේක ඉතිහාසගතවන මහා පාපකර්මයක්...
ආණමඩුව ආසනයේ බොහෝ දෙනෙකුට 30ට වැඩි තියා 60ට වැඩි අයටවත් පළමු එන්නත් මාත්‍රාවවත් තවම දීලා නෑ. ඒ පළාතට ඇතිතරම් එන්නත් ලැබිලා නැති බව තමයි කියවෙන්නේ... සමහර අයට දෙවන මාත්‍රාව දීලාත් සෑහෙන දවසක් ගත්වෙලා. එහෙම තත්වයක් තුළ ඉක්මණට එන්නත ගන්නලු? මේවා හොයලා බලන්න කෙනෙක් නෑ. කාට කියන්නද මේ අවනඩුව...!!!
දැනට මේ රටේ අපේ මිනිස්සු 5000කට වඩා මැරිලා කියලා මේකෙම තියෙනවා. දෙයියනේ කෙටි කාලයක් තුළ මේ අහිමිවුණු අහිංසක ජීවිත 5000 වටිනාකම තේරෙන්නේ නැතිද? ආර්ථිකය රැකගන්නද මේ තරම් ජීවිත පූජා කරවන්නේ? රටේ අහිංසක ජීවිත බේරාගැනීම ලොකු පාපයක්... ඡන්දෙ කාලෙ තිබ්බ සංවේදීකම් දැන් කෝ...?
මිනිස්සු හැමෝම හම්බ කරන්න යන්න ඕන .එය අත්‍යවශ්‍ය කටයුත්තක්. පෞද්ගලික අංශයේ සේවකයෝ හෝ වේවා රජයේ සේවකයෝ හෝ වේවා වැඩට යන්න ඕන. රජයෙන් සීමා පැන වුවොත් විතරයි ගෙදරින් බැහැර යන්නැතුව ඉන්න පුළුවන් වෙන්නේ
දැක්මක් නැත! ආණ්ඩුව අතරමං!
ඊයේ විවෘත කළා - අද හුදකලා.
විශිෂ්ඨ නිවේදනයකි. සැම දෙනාගේම ප්‍රයෝජනය සඳහා කරුණාකර මෙය අනුගමනය කරන්න.
ඉන්දියාවේ ජනගහනය මේ වන විට මිලියනයකට වාර්තා වී ඇති මරණ ගණන 307 . ලංකාවේ 233 මේක සැහැල්ලුවට ගන්න එපා .පේනවා නේද අවධානම .ඒ නිසා මේක වගකීමක් අරන් කටයුතු කරන්න පුළුවන් කණ්ඩායමකට දැන්වත් භාර දෙන්න .අන්තිමට ජනතාව කියන දේ ඇහුවේ නෑ කියලා බෝලේ පාස් කරන්නේ නැතුව
මේකේ ප්‍රතිචාර වලට දාපු dislikes දැක්කාම තේරෙනවා හොරුන්ගේ මඩ බලකාය තදින්ම ක්‍රියාත්මක වෙලා ඉන්නෙ කියල ...
අපට දේශපාලනය හෝ කොයි පැත්තේ දේශපාලකයින්ගේ හෝ පම්පෝරි කතා කරන්න අවශ්‍ය නැහැ. මේ මියයන්නේ අපේම රටේ මිනිසුන්. මේ පැතිරෙන්නේ අර ඉන්දියාවෙන් ගෙන ආපු පොකුර. මේවා වහන්න එක එක අපබ්‍රංශ කතා මවනවා. රටේ බොහෝ තැන්වල කෝවීඞ් තියෙනවා. සමහර දෙනා කුමන හේතුවක්ද දන්නේ නැහැ. ඒවා වහගෙන රහසිගතව රෝගය වසන් කරගෙන සිටිනවා. ඒ නිසා ලෙඩේ පැතිරෙනවා. ඒ වගේම සමහර දෙනා මාස්ක් එක දාන්නේ නැහැ. දැම්මත්, බෙල්ලට හෝ නිකටට දාන්නේ. ඒ කෙසේ වෙතත්, සැමදෙනා මේ ගැන අවධානය යොමු කර, නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කිරීම හා පරිස්සම් වීමට වගබලා ගන්න. රටේ තත්වය ඉතාමත් බිහිසුණුයි.
බොරු කතානේ... මෙහෙම බොරුවට මිනිස්සු බය කළාම අපේ බිස්නස් වැටෙනවා.
මුල් කාලයේදී කොරෝනා හොඳට පාලනය කළා කියල ප්‍රසිද්ධ කළා. චන්දයත් දිනා ගත්තා. හොඳට පාලනය කල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් අයින් කරා. බයියෝයි පවුලේ අයයි හැමතැනම දා ගෙන. ජනතාව කැප කිරීම් වලට පෙළඹවීම සඳහා පාලක පන්තියේ කැපවීම සහ අවංක භාවය මනාව පෙන්නුම් කලයුතුයි. වැරදි කරුවන්ව නිදහස් කොට ලොකු තනතුරුත් දිම වැනි සිදු වීම ඉතාමත් නිර්ල්ජ්ජිතයි. මුදල් කොතරම් නැති වුවත් වෙනමම ගුවන් යානයක් අරගෙන ඔලිම්පික් ගොස් වියදම් කරනවා. ජනපති යම් සාධනීය දෙයක් පෙන්නුවද, ඊට පහල අය ඒ දේවත් ගැන සිතා කටයුතු කරන්නේ නෑ. ජනපති ඒවා ගැන සලකන්නේ නැත්තේ ඇයි කියල ප්‍රශ්නත් ඇති වනවා. පවතින විශ්වාසයත් බිඳ වැටෙනවා එහෙම වුනාම ජනතාවත් ඕන දෙයක් වුනාවේ කියලා හිතු මතේ වැඩ කරනවා. අන්තිමේදී අප සියලු දෙනාම වැනසෙනවා
එක් රොක් වීමෙන් කොවිඩ් 19 වසංගතය මාරාන්තිකව පැතිරී යනවා නම්, මිනිසුන් ඇයි රොක් වන්නේ..මරනයට බය නැද්ද..