(යොහාන් භාසුර)
ලාෆ් සමාගමේ කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363 කින් ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරිය අවසර දී තිබේ.
මෙම මිල ඉහළ දැමීමත් සමඟ රුපියල් 1493 ක්ව පැවැති කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,856 ක් දක්වා ඉහළ ගියේය.
රුපියල් 600 ක්ව පැවැති ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 5 කුඩා ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 743 ක් දක්වා ඉහළ දමා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවතින ලෝක මිල ගණන් හමුවේ මෙය කල යුතුව තිබුන දෙයක් .කෝ දැන් ආර්ථික විශේෂාංගනයාගේ බොරු බූරු කතා ?දන්න දේකුත් නැත .න්‍යාය කරපින්නා ගෙන ජනතාවට දුක් දෙන එක තමයි ඔහුගේ කාරිය .කිරි පිටි ,පොහොර ,සීනි සහ අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ වලටත් ලැබෙන්නේ ඔය කලදවසම තමයි
ඔව් අපි තමා හොඳටෝම කලේ
ඕකට තමා කෙකර ගෑවේ .ජනතාව නේ තරම් කොරෝනා උවදුරෙන් බැට කද්දී ජනතා සංවේදී පියවරද මේ ?
මෙච්චර දවස් තැටමුවේ ඕකට තමා.කරන එක නම් දැන් හොදම එකෙන්ම කරනවා.හරිම සනීපයක් දැනෙනවා සර්
ආණ්ඩුව ආයෙත් රිවස් පාරක් ගැහුවා එහෙනම්!
දැන් සැපද කොල්ලනි කෙල්ලනි
69 ලක්ශෙ බලාපොරොත්තු උන වෙනස .දැන් සනීප ඇති
මම පොහොට්ටු විරෝධී පුද්ගලයෙක් .69 ලක්ෂය ඇතුලේ නැහැ .නමුත් පවතින ලෝක ආර්ථික පරිහානිය යටතේ මෙම මිල වැඩිවීම සාධාරණයි .පවතින මිල ගණන් යටතේ 600 කින් වත් මිල වැඩි කල යුතු අවස්ථාවක මෙවැනි අඩු මුදලකින් මිල වැඩි කිරීම පිළිබඳව මා රජයට ස්තුති කරනවා .69 ලක්ෂයක් වූ චන්ද දායකයින්ටද එම ස්තුතිය මේ මොහොතේ පුද කල යුතුයි
අනන්තයට යන පාර දිගේ ... ඒ ...ඒ සර් එනවා ... ආ ...ආ
අවධානයෙන් ඉන්න. කොරෝනා ව්‍යාප්ත කරලා පවුලේ ගිණුම් වැඩි කරගන්න වැඩපිළිවෙළක් දැන් යන්නේ. කොලඹ වරායේ අක්කර 13 ක 70% ක් චීන සමාගමකට දෙන්න යනවා. කරුණාකර අවදිවන්න. අපේ රට අපට නැති කරන්න ඉඩ දෙන්න එපා. රටේ ජනතාවගේ ජීවිත එක්ක සෙල්ලම් කරන මේ අන්ත අසාර්ථක පාලනය නවත්වන්න එක්වන්න.
ලාෆ් එකේ පියදාස කුඩාබාලගෙ ( සමූහ කළමනාකාර අධ්‍යක්‍ෂක) කියන්නෙ ...... ල වෙනුවෙන් හිරේ ගිය මිනිහෙක්.ලාෆ් එක ආන්ඩුවෙන් ණය අරන් අරන් ගෙවාගන්න බැරිව ඉන්නෙ.කොහොමද කට්ටිය එකතු වෙලා අන්තිමට ඔක්කොමගෙ වැරදි ජනතාවට ගෙවන්න හදපු ලස්සන විතරක්.ඊට පස්සේ ලිට්‍රො ගැස් වලත් මිල වැඩි කරයි ලැජ්ජ නැතිව.
ජනතාවට මේ තරම් දුක් ගැහැට ලබා දුන් ආණ්ඩුවක් තිබිලා නෑ .බොරුවෙන් රට කරන්නේ කොවිඩ් අස්සේ එයාලා කීප දෙනෙකුගේ ඕනේ එපාකම් ඉටුකරගන්නවා වැරදි කරපු උන් සුද්ද කරගන්නවා
ගෑස් ලිපේ උයන කිරිබත් වගේ නෙමේ, දර ලිපේ උයන කිරිබත්..හරිම රසයි. අනික දර ලිපේ උයන කෑම කාපුවාම ඇඟේ තෙල දාන්නෙත් නැහැ. රබන් ගගහා වෙඩි පත්තු කරමින් දඟලන්න හිතෙන්නෙත් නැහැ. අනික දර ලිපේ හදන කොත්තු වලට වඳ වෙන්නෙත් නැහැ. ඉතින් එහෙම බැලුවාම ගෑස් මිල වැඩිකරපු එක හරිම ෂෝක් නේ.. ඔහොම වෙලා මදි උඹලට!!
69 බයියෝ ටිකට විතරක් වැඩි කලා නම් නේද සාධාරණ
ගෑස් සිලින්ඩරයක් පිටේ බැඳගෙන දියවන්නාවට පනින්න තමයි දැන් සිද්ද වෙලා තියෙන්නේ
නියමයි වැඩේ .. අප දන්නවා මෙහෙම වෙන බව. ඇමති එකක් කිව්වා. නි.ඇමති ඊට හාත්පසින්ම වෙනස් දෙයක් කිව්වා. ගෑස් මිල ඉහළ දමා තිබෙනවා. හෙමීට වෙනත් ප්‍රශ්නයක් මවා ඉතිරි ගෑස් වර්ගයෙත් මිල ඉහළ දමාවි. බලාගෙන ගියාම නරින්ටත් කපටිකම් උගන්නලා තියෙන්නේ මේ අය වාගෙයි පේන්නේ ...
මේ කලබල අස්සේ දෙවෙනි පුතා ගෑස් වෙළඳාමක් පටන්ගන්න යනවා කියලත් කියනවා. දැන් රටේ වෙන වැඩ ගැන පරණ කතාවක් අලුත් කරලා "ගොනා ඇන්න මිනිහ ගහෙනුත් වැටුනා වගේ" කියලත් කියනවා ඔන්න. මේගොල්ලෝ ආවදා ඉඳලම රටටනන් ඉතින් "අභාග්‍යය" විතරක්ම තමා.
දැන් 69 ලක්ෂය සතුටු කරන්න අපේ බන්දුල ගුණවර්ධන මේ සමාගමට විරුද්ධව නඩු දානවයි කියල කියාවි. ඔහොම මේ සංදර්ශනය ඉවරයි. ජනතාවට පාඩු සහ ලාෆ් සමාගම දිනුම්.
මේ වෙලාවේ ගෑස් ඉහල දැමිය යුතුයි රජයට මුදල් අවශ්‍යයි.
ලෝක වෙළද පොලේ ඉන්ධන මිල ඉහල යන විට ලංකාවෙත් මිල ඉහල දමන්න වෙනවා නම් ලංකාව පාලනය කරන්න ආණ්ඩුවක් මොකටද කියලා එදා අහපු විමල් දැන් ඉන්නේ මේ ආණ්ඩුවේ නෙවිද? එතුමා කියන දේවල් සටන් පාඨ විතරක්ද? ප්‍රායෝගික නැතිද?
බන්දුලාණෙනි, රටටම ඇහෙන්ට ආර්ථික විද්‍යාව දේශනා කරනු මැනවි... ! ඒ දේශනාවට සවන් දීමෙන් අපේ බඩ පිරෙනවා ඇති...
දැන් හොර පාරෙන් ෂෙල් එකත් වැඩිකරයි..
යහපාලන ආණ්ඩුව කාලෙ මේවගෙම ගෑස් හිගයක් ඇතිවුනාම වර්තමාන ආණ්ඩුව කරන ඇත්තෝ ‘ ගෑස්ටික දෙන්ඩ බැරි ආණඩුවක් මොකටද’ කියල වේදිකා දෙවනත්කලා මතකයි. කාගෙ කාගෙත් වැරදි අඩුපාඩු උවමනාවට වඩා පුම්බල පෙන්නන්නෙ ඡන්ද ටික ලබාගන්න මිස තමන් බලයට ආවම ඒක හරියට කරන්න නොවන බව කවුරුත් තේරුම් ගතයුතුයි.
පාණ්ඩුවක් මේක නම්...!!!