IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


හිටපු නියෝජ්‍ය ඇමති සරණ නඩු අටකින් නිදහස්

(නිමන්ති රණසිංහ)

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම මණ්ඩලයට කුලී පදනම මත වාහන ලබාගෙන රජයට පාඩු කර දූෂණය නැමැති වරද සිදු කළැයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට ගොනුකර තිබූ අල්ලස් නඩු අටකින් ඒ මහතා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද 30 නියෝග කළේය .

තාක්ෂණික දෝෂයක් මත එම නඩුව තවදුරටත් පවත්වාගෙන යෑමට නොහැකි බැවින් මෙම නඩු ඉල්ලා අස්කර ගන්නා බවට අල්ලස් කොමිසම අධිකරණයට කළ දැනුම්දීමකට අනුව එම චූදිත නිදහස් කිරීමට අධිකරණය එලෙස නියෝග කළේය .

ඒ අනුව, අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 186 වගන්තිය ප්‍රකාරව මෙම නඩු අටෙන් චූදිත නිදහස් කරන බව අධිකරණය දැනුම් දුන්නේය.

මෙම සිද්ධියට අදාළ නඩුව අද (30) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය.

අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි සහකාර අධ්‍යක්ෂ ජනරාල් අසිත ඇන්තනි මහතා කරුණු දක්වමින් සදහන් කර සිටියේ මෙම නඩු ගොනුකිරීමේ දී අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තිදෙනෙකුගේ ලිඛිත විධානය ඉදිරිපත් වී නොමැති හෙයින් එය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් මතුවී ඇති බවය.

මෙම නඩුවේ චූදිත සරණ ගුණවර්ධන මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ නිරෝෂන් සිරිවර්ධන මහතා සඳහන් කර සිටියේ මෙම නඩු කෘත්‍යයන් පවත්වාගෙන යාමට අපහසු නම් තම සේවාදායකයා නඩුවලින් නිදහස් කරන ලෙසය.

ඒ අනුව, අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරයා කළ කරුණු දැක්වීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසම ගොනුකර තිබූ නඩු අටකින් චූදිත නිදහස් කරන ලෙස නියෝග කළේය.

2007 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති වරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම මණ්ඩලයට කුලී පදනම මත වාහන ලබා ගැනීමේ දී රජයට පාඩු කිරීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව එම නඩු ගොනු කර තිබුණි.

 



අදහස් (41)

හිටපු නියෝජ්‍ය ඇමති සරණ නඩු අටකින් නිදහස්

gamage Friday, 30 July 2021 12:25 PM

කෝ මේ පොහොට්ටු ගොට්ටො ටික...? කිරිබත් උයාගෙන කන්න. සෞභාග්‍යයේ දැක්ම දෝරේ ගනවා.

:       51       533

gamunuFriday, 30 July 2021 06:32 PM

පාර්ලිමේන්තුවේ සිට සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම දුෂිතව දේශපාලනීකරණය වූ රටක දුෂිතයන් නඩුවලින් නිදහස් වීම අරුමයක් නොවේ. රටට වෙනසක් සඳහා ගෝඨාභය පත්කළද සිදුවූ සියල්ල ඒ ආකාරයෙන්ම රට තුළ සිදුවේ. වෙනසක් ඉල්ලා සිටි ජනතාවට සිදුවුයේ වෙනස් පුද්ගලයකු පැමිණ දේශපාලනයේ සිටි දුෂිත කණ්ඩායම් සමග ඉදිරියට යාම හැර ඔවුන් බලාපොරොත්තු වූ වෙනස සිදුව නැත. ලංකාවට වෙනසක් අවශ්‍ය සියලු රටවැසියන් කළයුතු වන්නේ පාර්ලිමේන්තුවට, රටට වගකියන නව කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යැවීම පමණි. රටට පෙනෙන දැනෙන වෙනසක් අවශ්‍ය නම් එම වෙනස කළහැකි වන්නේ ජනතාවටම පමණි. දුෂිතයන් හට නඩු පැවරීමේ සිට නඩුවලින් නිදහස් වීම දක්වා සිදුවන්නේ රටේ ජනතාවගේ බදු මුදල් වියදම් කිරීම පමණි. ලංකාවේ විනිසුරුවරුන් වෙනත් රටවල විනිසුරුවරුන් රැකියා සඳහා යන්නා සේම ලංකාවටත් වෙනත් රටවලින් විනිසුරුවරුන් ගෙන්වීමට අනාගතයේදී සිදු වන්නටද හැකියාව පවතිනුයේ මේ ආකාරයට දූෂිතයින් නිදහස් කිරීම නිසා රටේ ජනතාවගේ විශ්වාසය සහ ගරුත්වය නැතිවී යාමට සලස්වා ගැනීමෙන් සහ නිසාවෙනි.

:       8       199

මහසෙන් Friday, 30 July 2021 12:39 PM

දැන් නම් හොඳටම කරනවා... රෙස්පෙක්ට්...!!!

:       7       571

Asanga Friday, 30 July 2021 12:49 PM

මෙපමණ හොරුන්ට, නිදහස ලැබුණු කාලයක් මම දැක්කාමයි. අහෝ ඛේදයකි...

:       7       430

Perera Friday, 30 July 2021 01:02 PM

ඔය අල්ලස් කොමිසමෙන් වැඩක් තියනවද ?නඩු කීයක් දැන් ඉල්ලා අස් කර ගත්තාද ?

:       3       556

chandanaFriday, 30 July 2021 02:03 PM

මරණ බිය කාටත් පොදුයි. අල්ලස් කොමිසම කියලා වෙනසක් නෑ.

:       2       373

Raveendra Friday, 30 July 2021 01:07 PM

හුරේ.......සත්ගුණවත් "කිසිදු පාටක්, පක්ෂයක් නැති කම්බ හොරුන්ගේ සංගමයේ" ප්‍රබල සාමාජිකයාට ජයවේවා ........

:       549       476

gunarathna Friday, 30 July 2021 01:08 PM

පළාත් සභා ප්‍රාදේශීය සභා චන්ද ලං වෙනවනෙ

:       3       353

ගමරාළFriday, 30 July 2021 01:33 PM

ඉස්සර හිටපු හාමුදුරු නමක් ලියපු පොතක තිබුණා අපායට යන්න ඕනෑනම් නුඹට... කරපන් මහ ඇමතිකම එක දවසකට කියලා. ඒ කාලේ මහ ඇමතිකම තිබුනේ නැහැ. හාමුදුරුවෝ එහෙම කිව්වෙ අගමැතිට කවුරු මොනවා කළත් මාරයාගේ පොතේ ලියැවුණු දෙයක් මකන්න සක්කරයාටත් බැහැ කියලා මතක තියා ගත්තොත් හොඳයි..

:       120       341

Raveendra Friday, 30 July 2021 01:12 PM

හොරකමින්ම සියළු "සරණ"වල් ගිය මෙමාට..... කන පැලෙන්න දුන්නේ ඇස් නැති දෙවගනනේ...... දෛවයේ සරදම් නම් පුදුමාකාර බව පේනවනේ...... මම දැන් එළියේ නැවතත් හොරාකමි නොදැනෙන්න.....

:       2       298

De Friday, 30 July 2021 01:12 PM

අසරණ සරණට සරණක් උන අපේ සිර්ට ගොඩක් පින් .දැන් නම් අපිට සතුටුයි

:       3       367

SAPUMAL Friday, 30 July 2021 01:17 PM

ඔබට සතුටුයිද දැන්

:       5       222

Raveendra Friday, 30 July 2021 01:19 PM

නමටම ගැලපෙන තක්කඩි පින්වත් මුණ මගේ..... කැත නැහැ නේද පට්ටියේ නැවතත් ලගින්නට....... කෙරුවත් කෙරුවේ හොරකම් සිතකින්ම නොවේ.... එබැවින් දෙනවාද අවසර ලගින්නට පට්ටිය ඇතුලේ....

:       271       255

siri Friday, 30 July 2021 01:54 PM

විස්ස සම්මත කරලා තුනෙන් දෙකකුත් දුන්නේ පොල් ගගා ඉන්න නෙවේනේ...

:       36       390

සෑම් Friday, 30 July 2021 02:00 PM

මහ පොළව නුහුලන අපරාධ තමයි මේ කරන්නේ. රටේ නීතිය, යුක්තිය, සාධාරණය විනාශයි. අන්තිමට ඇමෙරිකාවට පනියි...

:       3       269

විපරමා Friday, 30 July 2021 02:44 PM

අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ. ඒකම තමා සිද්ධ වෙන්නේ .

:       4       130

K PereraFriday, 30 July 2021 03:37 PM

ඊට කලින් ස්වභාවධර්මය දඩුවමක් දේවි .

:       1       81

shanthaFriday, 30 July 2021 04:14 PM

පනින්න කලින්, මේ රටේදීම සාටක පවුලේම වැඩ ඉවරකරන්න ඕනෑ...

:       0       45

Naushad Friday, 30 July 2021 02:07 PM

මේක කසපහර විතරයි. පෙරහැර බලන්න පුළුවන් තව ටික කාලෙකින්...

:       3       211

pradeep Friday, 30 July 2021 02:15 PM

සර් තමයි ඒකත් හොඳටම කළේ... රෙස්පෙක්ට් සර්...!!!

:       5       192

don perea Friday, 30 July 2021 02:30 PM

සාදු සාදු 69ට...

:       5       138

පප්ප Friday, 30 July 2021 02:31 PM

පගා දෙයියෙක්, ශරිර කූඩුව සුදු ඇඳුමෙන් වහගෙන මේ පව්කාරයින් කරන්නෙ හොරකම්, ජඩකම්..., ඉතින් කාගේද වැරැද්ද? ඡන්දෙ දෙන අපේ මිනිස්සුන්ගේ අතේ නේද?

:       2       173

pradeepa Friday, 30 July 2021 02:41 PM

අනෙක් රටවල් අපිට හිනාවෙනවා ඇති... මොකද එක කාලෙකදී උසාවියෙන් වැරැදිකරු වෙනවා. තවත් කාලෙකින් ඒ උසාවියෙන්ම නිදොස් කරනවා. මාරයිනේ..

:       4       215

ඡන්දදායකයා Friday, 30 July 2021 02:51 PM

මූණ දිහා බැලුවමත් අහිංසක පාට පේනවා. ඒ නිසා වෙන්නැති නිදහස් කරන්ඩ ඇත්තේ

:       2       93

සමිත සේනක අලුත්ගමගේ. Friday, 30 July 2021 03:42 PM

නඩු එකකින් දෙකකින් නොවෙයි අටකින්ම නිදහස්. සුද්දාට අප බැන්නාට ඒ මිනිසුන්ගේ රටවල, ලොකු පොඩි කොයි කාටත්, නීතිය ඒ රටවල පොදුයි. ඒ මිනිසුන්ගේ මට්ටමට එන්නට අපට මෛත්‍රි බුදුහාමුදුරුවන් බුදුවෙන කාලේදීවත් බැහැ. නීතිය පක්ෂග්‍රාහීව කිසියම් රටක ක්‍රියාත්මක වන්නේ නම්,.. ඒ රට ජාත්‍යන්තරයේ හෑල්ලූවට ලක්වෙනවා පමණක් නොව කොන්වීමකටද ලක්වෙනවා. මේ නිසා, ඒ රටට වෙන හානිය සුළුපටු නොවේ.

:       0       191

Kumara Friday, 30 July 2021 03:45 PM

පවු .අහිංසකයා

:       0       76

පප්පFriday, 30 July 2021 03:59 PM

මෙයාට තව හොරාකන්න දෙන්න... පව්..!!!

:       0       57

. බද්රානි Friday, 30 July 2021 04:13 PM

නිකමට හිතන්න, බල්ලන්ට ගිය රටේ බල්ලෙකුට තැනක් නැත්නම් ඉතින් වෙන කාටද තැනක් තියෙන්නේ? එපමණක් නොවේ, සැරට හැදුණු වස බල්ලන්ටත් ඒ බලු සමාජයේ ලොකු තැනක් තියෙනවා. කොහොමත්, අපේ අය බලු හුරතලේටත් හරි ආසයිනේ...!

:       0       83

Bishan Friday, 30 July 2021 04:13 PM

සර් බයියන්ට කැමැති විදිහේ රටක් හදන්න...

:       0       110

නිරීක්ෂකයා Friday, 30 July 2021 04:24 PM

ඒ වුණාට රංජන් රාමනායක දඬුවම් විඳිනවා නේද?

:       0       89

විජේ Friday, 30 July 2021 04:41 PM

ඒක තමයි. මම නම් මුල ඉඳලාම දැනන් හිටියා වාහන අවභාවිතා කරලා නෑ....

:       0       31

එච් එම් gunawardhana Friday, 30 July 2021 06:57 PM

වැරදි ආකාරයට (අඩුපාඩු සහිතව) නඩු ඉදිරිපත්කල නිලධාරීන් මේකට වගකිව යුතුයි. මොවුන්ට කිසිම දඬුවමක් නැද්ද? මෙහෙම බලනකොට මේ කොමිසමේ නිලධාරීන්ට රථවාහන පොලිසියේ කොස්තාපල් වරයකුගේ දැනුමවත් නැහැ වගේ (කොස්තාපල් වරයෙක් ඉදිරිපත් කළ නඩුවක් ඉල්ලා අස්කර ගැනීමක් ගැන ආස නැත) ලැජ්ජයි.. අහිංසක ජනතාවගේ බදු මුදලින් නඩත්තු කරන මෙවන් නිලධාරීන් පන්නා දමා මේ කොමිසම විසුරුවා හරින්න..

:       0       6

Prabha Friday, 30 July 2021 07:38 PM

නියමිත පරිදි රාජකාරිය නොකරපු කොමසාරිස්ලා තුන්දෙනාව කූඩුවේ දාන්න ඕනේ...

:       0       50

Kumara Friday, 30 July 2021 08:52 PM

ආසයි සර්... !

:       0       45

U Siriwardane Saturday, 31 July 2021 12:31 AM

සියලු සත්වයෝ එකවර නිදොස්කොට නිදහස් වේවා!

:       0       34

rangi Saturday, 31 July 2021 07:29 AM

69 ලක්ෂයක් ඉල්ලුව ඒවා ටික ලැබෙනවා වගේ බඩගින්නේ හිටියත් කමක් නෑ... මේ ටික ලැබුණොත් ඇති නේද?

:       0       23

Ilange Saturday, 31 July 2021 08:38 AM

සර් තමයි හොඳටම කරන්නේ...

:       0       21

චමත් Sunday, 01 August 2021 08:42 AM

මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්..! තාක්ෂණික දෝෂයක් නිසා අල්ලස් කොමිසම නඩුවක් ඉවත් කර ගනියි. සර් හොරුන්, මිනීමරුවන් බේරන තාක්ෂණේ හොඳට දියුණු කරනවා. ඊළඟ ඡන්දෙදී අලුතෙන්ම එන මොකක් හරි පක්ෂයකට ඡන්දෙ දෙනවා පරණ අය කවුරුවත් නැති...

:       0       0

Vithana Sunday, 01 August 2021 09:10 AM

මෙ අමුඅමුවේ උල්ලංඝනය කරන්නේ රටේ නීතිය සහ නීතියේ ස්වාධිපත්‍යය නේද? ආණ්ඩුවක් කළ යුත්තේ මේකද? අපි අද ජීවත්වෙන්නේ සෝමාලියාවේ ආණ්ඩුව යටතේද?

:       0       0

අරුණ Sunday, 01 August 2021 10:24 PM

කලකිරිම 69 ලක්ශයක් වුනු අප හිත් වල තියෙනවා

:       0       0

බණ්ඩා Monday, 02 August 2021 09:41 AM

බණ්ඩා ඔය පටන් ගත්තා විතරයි. හෙට අනිද්දා නියම සෙල්ලම් එළියට එනවා. ආයෙත් මැතිවරණ තියෙන්නත් පුළුවන්... නැතිවෙන්නත් පුළුවන්. ලේ ගඟ ගලා යාවි.. එදාට 69 ලක්ෂයේ අයට සැපේ හිටියැකි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දලුව වෙරළට සහල් උරයක ඇසුරූ සිරුරක් ගොඩ ගසයි
2025 මැයි මස 03 505 0

නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා‍ මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල


පොලිස් ලොක්කාගේ රථය හැපූ රියදුරු අත්අඩංගුවට
2025 මැයි මස 03 680 0

පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්


අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි
2025 මැයි මස 03 881 0

2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල



ටිපරයක් පෙරළි තරුණයෙක් මරුට:පහක් රෝහලට
2025 මැයි මස 03 257 0

තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්


ගුවන්තොට උණුසුම් කළ ඉන්දියන් තොරතුර
2025 මැයි මස 03 1494 0

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 585 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 152 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1177 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site