(නිමන්ති රණසිංහ)
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම මණ්ඩලයට කුලී පදනම මත වාහන ලබාගෙන රජයට පාඩු කර දූෂණය නැමැති වරද සිදු කළැයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට ගොනුකර තිබූ අල්ලස් නඩු අටකින් ඒ මහතා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද 30 නියෝග කළේය .
තාක්ෂණික දෝෂයක් මත එම නඩුව තවදුරටත් පවත්වාගෙන යෑමට නොහැකි බැවින් මෙම නඩු ඉල්ලා අස්කර ගන්නා බවට අල්ලස් කොමිසම අධිකරණයට කළ දැනුම්දීමකට අනුව එම චූදිත නිදහස් කිරීමට අධිකරණය එලෙස නියෝග කළේය .
ඒ අනුව, අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 186 වගන්තිය ප්‍රකාරව මෙම නඩු අටෙන් චූදිත නිදහස් කරන බව අධිකරණය දැනුම් දුන්නේය.
මෙම සිද්ධියට අදාළ නඩුව අද (30) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය.
අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි සහකාර අධ්‍යක්ෂ ජනරාල් අසිත ඇන්තනි මහතා කරුණු දක්වමින් සදහන් කර සිටියේ මෙම නඩු ගොනුකිරීමේ දී අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තිදෙනෙකුගේ ලිඛිත විධානය ඉදිරිපත් වී නොමැති හෙයින් එය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් මතුවී ඇති බවය.
මෙම නඩුවේ චූදිත සරණ ගුණවර්ධන මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ නිරෝෂන් සිරිවර්ධන මහතා සඳහන් කර සිටියේ මෙම නඩු කෘත්‍යයන් පවත්වාගෙන යාමට අපහසු නම් තම සේවාදායකයා නඩුවලින් නිදහස් කරන ලෙසය.
ඒ අනුව, අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරයා කළ කරුණු දැක්වීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසම ගොනුකර තිබූ නඩු අටකින් චූදිත නිදහස් කරන ලෙස නියෝග කළේය.
2007 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති වරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම මණ්ඩලයට කුලී පදනම මත වාහන ලබා ගැනීමේ දී රජයට පාඩු කිරීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව එම නඩු ගොනු කර තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ පොහොට්ටු ගොට්ටො ටික...? කිරිබත් උයාගෙන කන්න. සෞභාග්‍යයේ දැක්ම දෝරේ ගනවා.
දැන් නම් හොඳටම කරනවා... රෙස්පෙක්ට්...!!!
මෙපමණ හොරුන්ට, නිදහස ලැබුණු කාලයක් මම දැක්කාමයි. අහෝ ඛේදයකි...
ඔය අල්ලස් කොමිසමෙන් වැඩක් තියනවද ?නඩු කීයක් දැන් ඉල්ලා අස් කර ගත්තාද ?
හුරේ.......සත්ගුණවත් "කිසිදු පාටක්, පක්ෂයක් නැති කම්බ හොරුන්ගේ සංගමයේ" ප්‍රබල සාමාජිකයාට ජයවේවා ........
පළාත් සභා ප්‍රාදේශීය සභා චන්ද ලං වෙනවනෙ
හොරකමින්ම සියළු "සරණ"වල් ගිය මෙමාට..... කන පැලෙන්න දුන්නේ ඇස් නැති දෙවගනනේ...... දෛවයේ සරදම් නම් පුදුමාකාර බව පේනවනේ...... මම දැන් එළියේ නැවතත් හොරාකමි නොදැනෙන්න.....
අසරණ සරණට සරණක් උන අපේ සිර්ට ගොඩක් පින් .දැන් නම් අපිට සතුටුයි
ඔබට සතුටුයිද දැන්
නමටම ගැලපෙන තක්කඩි පින්වත් මුණ මගේ..... කැත නැහැ නේද පට්ටියේ නැවතත් ලගින්නට....... කෙරුවත් කෙරුවේ හොරකම් සිතකින්ම නොවේ.... එබැවින් දෙනවාද අවසර ලගින්නට පට්ටිය ඇතුලේ....
විස්ස සම්මත කරලා තුනෙන් දෙකකුත් දුන්නේ පොල් ගගා ඉන්න නෙවේනේ...
මහ පොළව නුහුලන අපරාධ තමයි මේ කරන්නේ. රටේ නීතිය, යුක්තිය, සාධාරණය විනාශයි. අන්තිමට ඇමෙරිකාවට පනියි...
මේක කසපහර විතරයි. පෙරහැර බලන්න පුළුවන් තව ටික කාලෙකින්...
සර් තමයි ඒකත් හොඳටම කළේ... රෙස්පෙක්ට් සර්...!!!
සාදු සාදු 69ට...
පගා දෙයියෙක්, ශරිර කූඩුව සුදු ඇඳුමෙන් වහගෙන මේ පව්කාරයින් කරන්නෙ හොරකම්, ජඩකම්..., ඉතින් කාගේද වැරැද්ද? ඡන්දෙ දෙන අපේ මිනිස්සුන්ගේ අතේ නේද?
අනෙක් රටවල් අපිට හිනාවෙනවා ඇති... මොකද එක කාලෙකදී උසාවියෙන් වැරැදිකරු වෙනවා. තවත් කාලෙකින් ඒ උසාවියෙන්ම නිදොස් කරනවා. මාරයිනේ..
මූණ දිහා බැලුවමත් අහිංසක පාට පේනවා. ඒ නිසා වෙන්නැති නිදහස් කරන්ඩ ඇත්තේ
නඩු එකකින් දෙකකින් නොවෙයි අටකින්ම නිදහස්. සුද්දාට අප බැන්නාට ඒ මිනිසුන්ගේ රටවල, ලොකු පොඩි කොයි කාටත්, නීතිය ඒ රටවල පොදුයි. ඒ මිනිසුන්ගේ මට්ටමට එන්නට අපට මෛත්‍රි බුදුහාමුදුරුවන් බුදුවෙන කාලේදීවත් බැහැ. නීතිය පක්ෂග්‍රාහීව කිසියම් රටක ක්‍රියාත්මක වන්නේ නම්,.. ඒ රට ජාත්‍යන්තරයේ හෑල්ලූවට ලක්වෙනවා පමණක් නොව කොන්වීමකටද ලක්වෙනවා. මේ නිසා, ඒ රටට වෙන හානිය සුළුපටු නොවේ.
පවු .අහිංසකයා
නිකමට හිතන්න, බල්ලන්ට ගිය රටේ බල්ලෙකුට තැනක් නැත්නම් ඉතින් වෙන කාටද තැනක් තියෙන්නේ? එපමණක් නොවේ, සැරට හැදුණු වස බල්ලන්ටත් ඒ බලු සමාජයේ ලොකු තැනක් තියෙනවා. කොහොමත්, අපේ අය බලු හුරතලේටත් හරි ආසයිනේ...!
සර් බයියන්ට කැමැති විදිහේ රටක් හදන්න...
ඒ වුණාට රංජන් රාමනායක දඬුවම් විඳිනවා නේද?
ඒක තමයි. මම නම් මුල ඉඳලාම දැනන් හිටියා වාහන අවභාවිතා කරලා නෑ....
වැරදි ආකාරයට (අඩුපාඩු සහිතව) නඩු ඉදිරිපත්කල නිලධාරීන් මේකට වගකිව යුතුයි. මොවුන්ට කිසිම දඬුවමක් නැද්ද? මෙහෙම බලනකොට මේ කොමිසමේ නිලධාරීන්ට රථවාහන පොලිසියේ කොස්තාපල් වරයකුගේ දැනුමවත් නැහැ වගේ (කොස්තාපල් වරයෙක් ඉදිරිපත් කළ නඩුවක් ඉල්ලා අස්කර ගැනීමක් ගැන ආස නැත) ලැජ්ජයි.. අහිංසක ජනතාවගේ බදු මුදලින් නඩත්තු කරන මෙවන් නිලධාරීන් පන්නා දමා මේ කොමිසම විසුරුවා හරින්න..
නියමිත පරිදි රාජකාරිය නොකරපු කොමසාරිස්ලා තුන්දෙනාව කූඩුවේ දාන්න ඕනේ...
ආසයි සර්... !
සියලු සත්වයෝ එකවර නිදොස්කොට නිදහස් වේවා!
69 ලක්ෂයක් ඉල්ලුව ඒවා ටික ලැබෙනවා වගේ බඩගින්නේ හිටියත් කමක් නෑ... මේ ටික ලැබුණොත් ඇති නේද?
සර් තමයි හොඳටම කරන්නේ...
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්..! තාක්ෂණික දෝෂයක් නිසා අල්ලස් කොමිසම නඩුවක් ඉවත් කර ගනියි. සර් හොරුන්, මිනීමරුවන් බේරන තාක්ෂණේ හොඳට දියුණු කරනවා. ඊළඟ ඡන්දෙදී අලුතෙන්ම එන මොකක් හරි පක්ෂයකට ඡන්දෙ දෙනවා පරණ අය කවුරුවත් නැති...
මෙ අමුඅමුවේ උල්ලංඝනය කරන්නේ රටේ නීතිය සහ නීතියේ ස්වාධිපත්‍යය නේද? ආණ්ඩුවක් කළ යුත්තේ මේකද? අපි අද ජීවත්වෙන්නේ සෝමාලියාවේ ආණ්ඩුව යටතේද?
කලකිරිම 69 ලක්ශයක් වුනු අප හිත් වල තියෙනවා
බණ්ඩා ඔය පටන් ගත්තා විතරයි. හෙට අනිද්දා නියම සෙල්ලම් එළියට එනවා. ආයෙත් මැතිවරණ තියෙන්නත් පුළුවන්... නැතිවෙන්නත් පුළුවන්. ලේ ගඟ ගලා යාවි.. එදාට 69 ලක්ෂයේ අයට සැපේ හිටියැකි...