(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවකයන් ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි මුර දෙකකට සේවයට කැඳවීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු සාකච්ඡාවකදී තීරණය කෙරුණු බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය.
මෙයට අමතරව රාජ්‍ය සේවයේ නිරතව සිටින ගැබිනි සේවිකාවන්ට නිවසේ සිට රාජකාරිය කිරීම සඳහා අවස්ථාව සලසා දීමටද එහිදී තීරණය කෙරුණු බව හෙතෙම සඳහන් කළේය.
ජයසුමන මහතා මෙසේ පැවැසුවේ කොරෝනා මර්දන කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට අතිරේක මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා ඉදිරිපත් කෙරුණු පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ විවාදයේදීය.
මෙම තීරණ වලට අදාල චක්‍රලේඛ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් අද හෙටම නිකුත් කෙරෙනු ඇතැයිද ඔහු සඳහන් කළේය.
මේ අනුව රාජ්‍ය සේවකයන් ආයතන ප්‍රධානීන්ගේ අභිමතය පරිදි සඳුදා අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා වශයෙන් මුර දෙකකට සේවයට කැඳවීමට පියවර ගැනෙනු ඇතැයි පැවසූ චන්න ජයසුමන මහතා සෞඛ්‍ය නිර්දේශ නිසියාකාරව ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීම සඳහා සෑම ආයතනයකම නිසි බලධාරියකු බැගින් පත් කිරීමටද එහිදී තීරණය කෙරුණු බව පැවසුවේය.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා එම කටයුතු සිදු කරනු ඇතැයිද හෙතෙම ප්‍රකාශ කළේය.
රාජ්‍ය සේවයේ වයස 18ට වැඩි සියලු දෙනාට කොවිඩ් මර්දන එන්නත කඩිනමින් ලබාදීමටද මෙහිදී තීරණය කෙරුණු බවත් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් මිලදී ගැනීමට කටයුතු කරගෙන යන බවත් මහාචාර්යවරයා කීවේය.
කොවිඩ් පැතිරීම නිසා මිනිසුන් රෝහල්වල මැරී වැටෙන තත්වයක් ඇතිවී ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය. විශාල ව්‍යසනකාරී තත්ත්වයක් මතුවී ඇති අවස්ථාවක උද්ඝෝෂණ පැවැත්වීම සුදුසු නැති බවත් උද්ඝෝෂණ නවත්වා රජයේ කොරෝනා පාලන වැඩපිළිවෙළට සහාය දක්වන්නැයි තමා සියලු ගුරුවරුන්ගෙන් ආයාචනාත්මකව ඉල්ලා සිටින බවත් ජයසුමන මහතා පැවැසුවේය . මංගල උත්සව සහ මූව ආවරණ ඉවත් කර එකට ආහාර ගැනීම වැනි කටයුතු කොවිඩ් පැතිරීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව සෞඛ්‍ය අංශ සොයා ගෙන ඇති බවත් මේ තත්ත්වය නිසා එවැනි ක්‍රියාකාරකම් ගැන වඩාත් සැලකිලිමත් වීමට සිදුවන බවත් හෙතෙම ප්‍රකාශ කළේය. සියළුම රාජ්‍ය සේවකයන් පසුගිය (2)වැනිදා සදුදා සිට රාජකාරිය සඳහා කැඳවනු ලැබීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාල පැට්‍රල් ගහලද මන්දා වාහනේ යන්නෙම "රිවර්ස්" එකටනේ. පොහොර නීතිය වගේ මේකත් පස්සට යනවා නේද? දාන දාන චක්‍රලේඛන ආපස්සට හැරවෙනවා. ඉස්සර නම් කිව්වේ "මගේ කටවචනේ තමයි චක්‍රලේඛනය" කියලා...
හොඳ තීරණයක්...
ඒක නම් හොඳම අදහසක්... සේවා මුර දෙකක් නම් ඉරිදත් කරත් කමක් නෑ නේද?. ඉතුරු දවස් 3ක්ම වැඩ නැත්තම්.. මේ ව්‍යවසනය කාලේ විතරක් හොඳ වැඩක්...
මේවා සකස් කරලා ඉවර වෙලාම සේවයට කැඳෙව්වා නම් කොපමණ වටිනවාද? ගිය සතියේ ආවාට ගියාට පොල් පටවලා ගෙන්නන්නේ නැතිව...
සෙනසුරාදා රාජ්‍ය සේවය වැඩ කියන්නේ... පුද්ගලික අංශයටත් සෙනසුරාදා වැඩ...!!!
ඔය කියන විදිහටම වෙනවා නම් කමක් නෑ. සමහර රජයේ ආයතනවල අය හැමදාම වැඩ. ඔය චක්‍රලේඛන එයාලට ක්‍රියාත්මක වෙන්නැහැ. පව් ඒ මිනිස්සු...