IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


රාජ්‍ය සේවයට අලුත් චක්‍රලේඛයක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවකයන් ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි මුර දෙකකට සේවයට කැඳවීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු සාකච්ඡාවකදී තීරණය කෙරුණු බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය.

මෙයට අමතරව රාජ්‍ය සේවයේ නිරතව සිටින ගැබිනි සේවිකාවන්ට නිවසේ සිට රාජකාරිය කිරීම සඳහා අවස්ථාව සලසා දීමටද එහිදී තීරණය කෙරුණු බව හෙතෙම සඳහන් කළේය.

ජයසුමන මහතා මෙසේ පැවැසුවේ කොරෝනා මර්දන කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට අතිරේක මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා ඉදිරිපත් කෙරුණු පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ විවාදයේදීය.

මෙම තීරණ වලට අදාල චක්‍රලේඛ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් අද හෙටම නිකුත් කෙරෙනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

මේ අනුව රාජ්‍ය සේවකයන් ආයතන ප්‍රධානීන්ගේ අභිමතය පරිදි සඳුදා අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා වශයෙන් මුර දෙකකට සේවයට කැඳවීමට පියවර ගැනෙනු ඇතැයි පැවසූ චන්න ජයසුමන මහතා සෞඛ්‍ය නිර්දේශ නිසියාකාරව ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීම සඳහා සෑම ආයතනයකම නිසි බලධාරියකු බැගින් පත් කිරීමටද එහිදී තීරණය කෙරුණු බව පැවසුවේය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා එම කටයුතු සිදු කරනු ඇතැයිද හෙතෙම ප්‍රකාශ කළේය.

රාජ්‍ය සේවයේ වයස 18ට වැඩි සියලු දෙනාට කොවිඩ් මර්දන එන්නත කඩිනමින් ලබාදීමටද මෙහිදී තීරණය කෙරුණු බවත් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් මිලදී ගැනීමට කටයුතු කරගෙන යන බවත් මහාචාර්යවරයා කීවේය.

කොවිඩ් පැතිරීම නිසා මිනිසුන් රෝහල්වල මැරී වැටෙන තත්වයක් ඇතිවී ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය. විශාල ව්‍යසනකාරී තත්ත්වයක් මතුවී ඇති අවස්ථාවක උද්ඝෝෂණ පැවැත්වීම සුදුසු නැති බවත් උද්ඝෝෂණ නවත්වා රජයේ කොරෝනා පාලන වැඩපිළිවෙළට සහාය දක්වන්නැයි තමා සියලු ගුරුවරුන්ගෙන් ආයාචනාත්මකව ඉල්ලා සිටින බවත් ජයසුමන මහතා පැවැසුවේය . මංගල උත්සව සහ මූව ආවරණ ඉවත් කර එකට ආහාර ගැනීම වැනි කටයුතු කොවිඩ් පැතිරීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව සෞඛ්‍ය අංශ සොයා ගෙන ඇති බවත් මේ තත්ත්වය නිසා එවැනි ක්‍රියාකාරකම් ගැන වඩාත් සැලකිලිමත් වීමට සිදුවන බවත් හෙතෙම ප්‍රකාශ කළේය. සියළුම රාජ්‍ය සේවකයන් පසුගිය (2)වැනිදා සදුදා සිට රාජකාරිය සඳහා කැඳවනු ලැබීය



අදහස් (6)

රාජ්‍ය සේවයට අලුත් චක්‍රලේඛයක්

siri Thursday, 05 August 2021 05:22 PM

බාල පැට්‍රල් ගහලද මන්දා වාහනේ යන්නෙම "රිවර්ස්" එකටනේ. පොහොර නීතිය වගේ මේකත් පස්සට යනවා නේද? දාන දාන චක්‍රලේඛන ආපස්සට හැරවෙනවා. ඉස්සර නම් කිව්වේ "මගේ කටවචනේ තමයි චක්‍රලේඛනය" කියලා...

:       4       0

Narada Thursday, 05 August 2021 05:32 PM

හොඳ තීරණයක්...

:       0       1

වීරවිජේ Friday, 06 August 2021 10:28 AM

ඒක නම් හොඳම අදහසක්... සේවා මුර දෙකක් නම් ඉරිදත් කරත් කමක් නෑ නේද?. ඉතුරු දවස් 3ක්ම වැඩ නැත්තම්.. මේ ව්‍යවසනය කාලේ විතරක් හොඳ වැඩක්...

:       0       6

දන්තෙ Friday, 06 August 2021 08:00 PM

මේවා සකස් කරලා ඉවර වෙලාම සේවයට කැඳෙව්වා නම් කොපමණ වටිනවාද? ගිය සතියේ ආවාට ගියාට පොල් පටවලා ගෙන්නන්නේ නැතිව...

:       0       1

pakeer Sunday, 08 August 2021 07:28 PM

සෙනසුරාදා රාජ්‍ය සේවය වැඩ කියන්නේ... පුද්ගලික අංශයටත් සෙනසුරාදා වැඩ...!!! 

:       1       0

සමන් කොඩිකාර Tuesday, 10 August 2021 01:30 PM

ඔය කියන විදිහටම වෙනවා නම් කමක් නෑ. සමහර රජයේ ආයතනවල අය හැමදාම වැඩ. ඔය චක්‍රලේඛන එයාලට ක්‍රියාත්මක වෙන්නැහැ. පව් ඒ මිනිස්සු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 507 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site