(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රේගු නිලධාරීන් පිරිසක් විදේශගතව සිටියදීද වැටුප් ලබාගෙන ඇතැයි අනාවරණය වූ බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා කමිටුව) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති එහි අලුත්ම වාර්තාවේ සඳහන් වේ.
රේගු ප්‍රධාන කාර්යාලයේ ඇඟිලි සලකුණු භාවිතා කිරීමට ඇඟිලි සළකුණු යන්ත්‍රය සවි කර තිබුණද එය පූර්ණ වශයෙන් සක්‍රීය තත්ත්වයේ නොපවතින බව එම කමිටුව අනාවරණය කරගෙන ඇත.
ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය කොවිඩ් වසංගත තත්ත්වය නිසා ප්‍රමාද වූ බව රේගුවේ ප්‍රධානීන් කෝපා කමිටුව හමුවේ ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත් රේගු නිලධාරීන් කාර්යාල ගත ක්ෂේත්‍ර නිලධාරීන් ලෙස වර්ගීකරණය කර ඇති හෙයින් රාජකාරි ස්වභාවය අනුව ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතා කිරීමේ අපහසුතාවක් පවතින බවද එම ප්‍රධානින් කමිටුව හමුවේ වැඩිදුරටත් පවසා ඇත .
ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතා කිරීම ප්‍රායෝගිකව අපහසු අංශ සහ ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතා කළ හැකි අංශ ඇතුළත් වාර්තාවක් වහාම ඉදිරිපත් කරන්නැයි කෝපා කමිටුව ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධානින්ට උපදෙස් දී ඇත .
රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළේය.
ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය ක්‍රමානුකූලව සිදු වෙනවාද යන්න අධීක්ෂණය කිරීමේ වගකීම රේගුවේ ඉහළ නිලධාරීන් සතුව පවතින බව කෝපා කමිටුවේ සාමාජිකයෝ මෙහිදී පැවැසූහ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.