IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


මෙහෙකාර දැරියගේ ගින්න ගැන නිවසේ ආරක්ෂක කැමරාවල නෑ

(ඉන්දිකා රාමනායක)

හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ තිබු සී සී ටී කැමරා 16 ක් පරීක්ෂා කළ ද ඉෂාලිනි දැරිය ගිනි තබාගත් බව කියන දර්ශන හා ගින්න නිවු බව කියන දර්ශන එහි කිසිදු සී. සී ටී. වී. කැමරාවක සටහන් වී නොතිඹුණ බව පොලිසිය කියයි.

දැරියගේ සිරුරින් ගිනි දැල් හටගෙන තිබෙනු අන්දම කුස්සිය ආසන්නයේ දැක නිවැසියන් විසින් නිමා දැමු පසු ඇය නිවස ඉදිරිපිට පොකුණක් දෙසට දිවගොස් මද වේලාවක් එහි බැස සිට බවට ප්‍රකාශ වලින් හෙළි වු බවත්, ඒ බව තහවුරු කර ගැනීමට එම පොකුණ ඇති ස්ථානයේ සී සී ටී වී කැමරාව ක්‍රියා විරහිත වී ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉහත ස්ථානයේ කැමරාව ක්‍රියා විරහිත වීම සම්බන්ධයෙන් පොලිසිය රිෂාඩි බදියුදීන් මහතාගේ බිරිඳගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට පත් වීම නිසා කැමරාව අලුත් වැඩියා කිරීමට නොහැකි වු බවත්, ඔහු නොමැති නිසා පිටස්තර කාර්මිකයන් කිසිවකු නිවස වෙත කැඳවුයේ නැති බවට ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළ බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම නිවසේ කැමරා 16 සවිකර තිබුණ ද සිද්ධිය වන අවස්ථාවේ එහි ක්‍රියාත්මක ඇත්තේ කැමරා 14 ක් පමණක් බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

 



අදහස් (16)

මෙහෙකාර දැරියගේ ගින්න ගැන නිවසේ ආරක්ෂක කැමරාවල නෑ

මැඩියා Thursday, 05 August 2021 04:59 AM

විවෘත මනසකින් මේ ප්‍රශ්නෙ දිහා බැලුවොත් තේරෙයි.බදුර්දීන්ගෙ මුස්ලිම් චන්ද වලින් සීයට අනූවක්ම යන්නෙ විපක්ෂයට.ඒක හැම චන්දයකදීම රාජපක්ෂලට අවාසියි.ඒකට කරන්න තියෙන්නෙ එක්කො බදුර්දීන් ව දේශපාලනයෙන් අයින් කරල තමන්ගෙ ඉත්තෙක්ව එතනට දාන එක.ඒකට උපරිම උත්සහ කරනව මොකක් හරි වරදක් පටවල ප්‍රජා අයිතිය නැති කරන්න.කාලයක් බෝම්බ ප්‍රහාරයට ආදන්න බැලුව.ඊට පස්සෙ විල්පත්තුවට ආදන්න බැලුව.දැන් මේකට... ඔලුවෙන් හිතන්න ... තේරෙයි එතකොට.

:       576       564

U SiriwardaneThursday, 05 August 2021 01:20 PM

රිෂාඩ් මේ ගෙවන්නේ දින 52 ක ආණ්ඩුවට එකතු නොවීමේ ප්‍රතිථලයයි

:       289       412

Raveendra Thursday, 05 August 2021 05:22 AM

එකල හබන් කුකුලන් අද සමාජයට සමාන වන්නේ CCTV කැමරාය . එකල වල ඌරන් අද සමාජයට සමාන වන්නේ ගම් ඌරන්ටය. එකල හබන් කුකුලන් මොනවද තලනකොට වල් ඌරන්ට ජය මගුල් කිව්වනේ... මෙකල CCTV වල මුකුත් නැහැ කියන්නේ "මේවගේ ගම්ඌරන්ට" සැමදා රාමසාන්ය.

:       158       227

මහසෙන් Thursday, 05 August 2021 06:28 AM

කොරෝනා වල ඇත්ත තත්වෙයි,ගුරු උද්ඝෝෂණයි ,අනාගත්ත පොහොර ප්‍රශ්නෙයි යට ගහන්න නිකං බොරු නාටක පෙන්වන් නැතුව ඉන්න.ඔය කැමරා වැඩ නොකරන බව කොහොමත් දන්නවා මිනිස්සු අන්තිමට.ඔය කට්ට්යව නිදහස් කරලා දාන්න

:       87       65

fairoosThursday, 05 August 2021 01:07 PM

වහලුන්ට මේවා තේරෙන් නැහැ

:       59       109

මුණසිංහ Thursday, 05 August 2021 07:18 AM

අපි අහපු නිවුස් අනුව සියල්ල ඉතා සැලසුම් සහගතව සිදුව ඇති අයුරු පෙනී යනවා. ලොක්කා අසනීපයක් නැතිව රෝහල් ගතවීමත් එහි එක් ජවනිකාවක්.

:       72       118

රුචිර දෙමටගොඩ Thursday, 05 August 2021 07:44 AM

තව දවසක් දෙකක් පරක්කු කරලම බැලුවනම් හොදටම හොයාගන්න තිබ්බා.

:       0       55

Sunil Thursday, 05 August 2021 08:40 AM

හිතා මතා ක්‍රියා විරහිත කරන්න ඇති .ඇත්ත හෙළි වෙයි කියලා

:       0       54

කිරි පුතා Thursday, 05 August 2021 10:36 AM

කාර්මික ශිල්පියෙකු ලවා බලවන්නයි තියෙන්නෙ. ඒ කැමරාව විතරක් කොහොමද වැඩ නොකළෙ කියලා . විද්‍යානුකූලව ගියාම සියලු සැළසුම් සහගත දේවල් අහුවෙයි

:       3       50

ranjan Thursday, 05 August 2021 11:07 AM

අනේ මේ මල් කැකුලු විනාශ කරන කාලකන්නි රකින්නේ නැතුව දඬුවම දෙනවනම් හොදයි

:       2       109

ජයන්ත මිලානො Thursday, 05 August 2021 11:21 AM

පුනපුනා මේ කාරනය උලුප්පා දැම්මට වැඩක් නැ . ලෝකයාට මේ මරනය ගැන සැකයක් නැ . කොහොම නමුත් නීතියෙ හිල් බොහෝමයි . සල්ලි බලය ජයගන්නවා නිසැකයි.

:       17       80

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 05 August 2021 12:45 PM

ආරක්ෂක කැමරා දෙක ක්‍රියාත්මක නොවීමෙන්ම වැඩේ ගැන සාධාරණ සැකයක් මතුවෙනවා.පුහුල් හොරා කරෙන් දැනේ කිව්වාලු.අනිත් කාරණේ තමයි මතකද ඊයේ පාර්ලිමේන්තුවේදී කිරිඇල්ල මන්ත්‍රී වරයා රිෂාඩ් ගේ වැඩ ගැන නොදන්නවා වගේ ඔහු බේරාගන්නට කතාකල හැටි. ඔහුට ඕනෑවෙලා තිබුණේ පාර්ලිමේන්තු වරප්‍රසාද ආරක්ෂා කරගන්නයි.පාර්ලිමේන්තු වරප්‍රසාද ආරක්ෂා වෙලා රටට හෙන ගැහුවත්,අපේ දුර්ජන දේශපාලකයන්ට කමක් නැහැ.

:       13       159

Ruhunu Thursday, 05 August 2021 12:49 PM

ඔය කරන පරික්ෂණ සේරම දවසක "ගඟට කපන ඉනි වගේ" තමයි.

:       0       150

Layan Sathsara Thursday, 05 August 2021 01:47 PM

ඔය කරන පරික්ෂණ සේරම දවසක "ගඟට කපන ඉනි වගේ" තමයි. @රුහුනු - ඔබගේ අදහසට හරියටම හරි

:       0       131

Raveendra Thursday, 05 August 2021 02:24 PM

කෞතුකාගාර කඩු හොරකම් කරද්දිත් cctv වැඩකෙරුවේ නෑ.. තාජුඩීන් හැප්පුණු වෙලාවෙත් නෑ. තව ලොකු පෝලිමක් තියෙනවා...

:       0       0

chandana Thursday, 05 August 2021 06:01 PM

මාකඳුරේ මධූෂ් ඝාතනය කළා වගේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දලුව වෙරළට සහල් උරයක ඇසුරූ සිරුරක් ගොඩ ගසයි
2025 මැයි මස 03 501 0

නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා‍ මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල


පොලිස් ලොක්කාගේ රථය හැපූ රියදුරු අත්අඩංගුවට
2025 මැයි මස 03 670 0

පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්


අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි
2025 මැයි මස 03 874 0

2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල



ටිපරයක් පෙරළි තරුණයෙක් මරුට:පහක් රෝහලට
2025 මැයි මස 03 255 0

තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්


ගුවන්තොට උණුසුම් කළ ඉන්දියන් තොරතුර
2025 මැයි මස 03 1484 0

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 585 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 152 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1177 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site