(අජන්ත කුමාර අගලකඩ)
ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා ප්‍රශ්නය ලබන සතියේ පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී යළි සාකච්ඡා කර තීරණයකට එළඹෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගුරු හා විදුහල්පති සංගම් නියෝජිතයන් සමඟ අද(27) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය.
ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් විය යුතු බව මෙන්ම ගුරු සේවය වෙනම සේවාවක් බවට පත් විය යුතුය යන්න පිළිගන්නා බවද අගමැතිවරයා සඳහන් කළේ ය.
එසේ වුවද රටේ පවතින ආර්ථික තත්වය අනුව වැටුප් විෂමතා ඉවත්කිරීමේ හැකියාවක් නොමැති බවද අගමැතිවරයා සඳහන් කර ඇත.
අගමැතිවරයා සහ ගුරු වෘත්තීය සංගම් අතර මෙම සාකච්ඡාව අරලියගහ මන්දිරයේදී පැය දෙකහමාරකට ආසන්න කාලයක් පැවැත්විණි
අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී එල් පීරිස් ,ආචාර්ය බන්දුල ගුණවර්ධන ,විමල් වීරවංශ, ගාමිණි ලොකුගේ, වෛද්‍ය රමේෂ් පතිරණ, සුසිල් ප්‍රේම ජයන්ත සහ ලසන්ත අලගියවන්න යන මහත්වරුද ,ගුරු හා විදුහල්පති සංගම් නියෝජනය කරමින් ජෝසප් ස්ටාලින්, මහින්ද ජයසිංහ යන මහත්වරුන් ඇතුළු වෘත්තිය සංගම් නියෝජිතයෝ පිරිසක් ද මීට සහභාගී වුහ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යාපනය, අධ්‍යයනය කියන වචන දෙකේ තේරුම නොදන්න අධ්‍යාපන ඇමැතියි, විමලෙයි සමග එකතු වෙලා මොන සාකච්ඡාද? විදුහල්පති ගුරු සංගම් මහත්වරුනි, උප්පැන්න සහතිකය ලියවාගන්නද?
දැන් මිනිස්සුන්ට සාකච්ඡා තියලා අන්දන්න අමාරුයි ලොක්කා. ලොක්කමනේ ඇහුවේ දැන් සැපයිද කියලා..
අගමැතිතුමනි, කෙළින්ම කියන්න... රට ආර්ථික අර්බුදයක... කාටවත් කිසිම දෙයක් දෙන්න බැහැ... ඒ මොකද රජයේ සේවකයෝ විතරයිද කන්නේ...?
ඉස්කෝලේ ඉගැන්වීම් නතර වුණාට කමක් නැහැ... ඒ ගුරුවරු ටියුෂන් වල උගන්වන නිසා. ළමයින්ට පාඩුවක් නැහැ...
මේ වෙලාවේ කිසිම පඩි වැවැඩිවීමක් සිදු නොකළ යුතුයි . රටම වසංගතයකට මූණ දෙමින් ආර්ථික අර්බුදයක ඉන්න වෙලාවේ මොනවද මේ කරන බාල වැඩ..අපි පුද්ගලික අංශයේ සේවකයෝ විදිහට නොයෙකුත් මූල්‍ය කප්පාදු මැද්දේ රැකියාව කරන්නේ ආයතනයත් රැකගන්න අවශ්‍ය නිසා. පහුගිය අවුරුදු එක හමාරම මොවුන් හිටියේ ගෙදර .සියලු අමතර වියදම් අඩු වෙලා සම්පූර්ණ පඩිය අරගෙන මේ කරන්නේ තනිකරම ආත්මාර්ථකාමී දේශපාලන වැඩසටහනක් . කෝවිඩ් නීති අමු අමුවේ උල්ලංඝනය කරලා උද්ඝෝෂණය කරනවා. පාරේ යන වාහනවල හුළං අරිනවා..මේ වගේ මිනිස්සුද අර ගරු ගුරු වෘත්තීය කරන්න ඉන්නේ..ඉස්සර මේ වගේ ගුරුවරු අපිටනම් හිටියේ නැහැ ..ඇත්තටම මොවුන් ලැජ්ජා විය යුතුයි
බලධාරීන් ප්‍රශ්නය කල් දම දමා පැනලා යන්න එපා.. පිළිතුරු ලබාදෙන්න...