IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ගුරු වැටුප් ගැටළුව ලබන සතියේ යළි සාකච්ඡාවට

(අජන්ත කුමාර අගලකඩ)

ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා ප්‍රශ්නය ලබන සතියේ පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී යළි සාකච්ඡා කර තීරණයකට එළඹෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගුරු හා විදුහල්පති සංගම් නියෝජිතයන් සමඟ අද(27) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය.

ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් විය යුතු බව මෙන්ම ගුරු සේවය වෙනම සේවාවක් බවට පත් විය යුතුය යන්න පිළිගන්නා බවද අගමැතිවරයා සඳහන් කළේ ය.

එසේ වුවද රටේ පවතින ආර්ථික තත්වය අනුව වැටුප් විෂමතා ඉවත්කිරීමේ හැකියාවක් නොමැති බවද අගමැතිවරයා සඳහන් කර ඇත.

අගමැතිවරයා සහ ගුරු වෘත්තීය සංගම් අතර මෙම සාකච්ඡාව අරලියගහ මන්දිරයේදී පැය දෙකහමාරකට ආසන්න කාලයක් පැවැත්විණි

අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී එල් පීරිස් ,ආචාර්ය බන්දුල ගුණවර්ධන ,විමල් වීරවංශ, ගාමිණි ලොකුගේ, වෛද්‍ය රමේෂ් පතිරණ, සුසිල් ප්‍රේම ජයන්ත සහ ලසන්ත අලගියවන්න යන මහත්වරුද ,ගුරු හා විදුහල්පති සංගම් නියෝජනය කරමින් ජෝසප් ස්ටාලින්, මහින්ද ජයසිංහ යන මහත්වරුන් ඇතුළු වෘත්තිය සංගම් නියෝජිතයෝ පිරිසක් ද මීට සහභාගී වුහ .

 



අදහස් (8)

ගුරු වැටුප් ගැටළුව ලබන සතියේ යළි සාකච්ඡාවට

Babasingngno Burullapitiya Tuesday, 27 July 2021 03:47 PM

අධ්‍යාපනය, අධ්‍යයනය කියන වචන දෙකේ තේරුම නොදන්න අධ්‍යාපන ඇමැතියි, විමලෙයි සමග එකතු වෙලා මොන සාකච්ඡාද? විදුහල්පති ගුරු සංගම් මහත්වරුනි, උප්පැන්න සහතිකය ලියවාගන්නද?

:       244       553

Puppa Tuesday, 27 July 2021 04:22 PM

දැන් මිනිස්සුන්ට සාකච්ඡා තියලා අන්දන්න අමාරුයි ලොක්කා. ලොක්කමනේ ඇහුවේ දැන් සැපයිද කියලා..

:       44       449

Prase Tuesday, 27 July 2021 05:55 PM

අගමැතිතුමනි, කෙළින්ම කියන්න... රට ආර්ථික අර්බුදයක... කාටවත් කිසිම දෙයක් දෙන්න බැහැ... ඒ මොකද රජයේ සේවකයෝ විතරයිද කන්නේ...?

:       255       81

ThilakThursday, 29 July 2021 09:28 PM

දෛනික වැටුපට වැඩ කරන ජනතාව හරිම අපහසුතාවයෙන් මේ කාලය තුළ ජීවත් වෙන්නේ. මේ අයට මෙසේ වැටුප ඉඳලාම හම්බ වෙනවා. හරිම අසාධාරණ ස්ට්‍රයික් එකක්... කොරෝනාවෙන් පීඩා විඳින වෙලාවේ. ඔය ස්ටාර්ලින් වගේ අය මොන ලෝකෙද යන්නේ? නම අහනකොටත් අප්පිරියයි.

:       17       0

මුණසිංහ Tuesday, 27 July 2021 07:10 PM

ඉස්කෝලේ ඉගැන්වීම් නතර වුණාට කමක් නැහැ... ඒ ගුරුවරු ටියුෂන් වල උගන්වන නිසා. ළමයින්ට පාඩුවක් නැහැ...

:       346       197

SL Wednesday, 28 July 2021 11:04 AM

ගම් වල පාසැල් වල ගුරුවරු හරියට උගන්වනවා නම් , ලංකාවේ ගම්වල දරුවන් කීදෙනෙක් විශ්වවිද්‍යාල වලට ඇතුල් වෙලාද ? ගුරුවරු හරියට උගන්වනවා නම් පුද්ගලික උපකාරක පන්ති මොකට ද ? පඩි වැඩි උනහම උපකාරක පන්ති වහන්න පුළුවන් වෙයි ද ?

:       14       0

Thilina Tuesday, 27 July 2021 10:17 PM

මේ වෙලාවේ කිසිම පඩි වැවැඩිවීමක් සිදු නොකළ යුතුයි . රටම වසංගතයකට මූණ දෙමින් ආර්ථික අර්බුදයක ඉන්න වෙලාවේ මොනවද මේ කරන බාල වැඩ..අපි පුද්ගලික අංශයේ සේවකයෝ විදිහට නොයෙකුත් මූල්‍ය කප්පාදු මැද්දේ රැකියාව කරන්නේ ආයතනයත් රැකගන්න අවශ්‍ය නිසා. පහුගිය අවුරුදු එක හමාරම මොවුන් හිටියේ ගෙදර .සියලු අමතර වියදම් අඩු වෙලා සම්පූර්ණ පඩිය අරගෙන මේ කරන්නේ තනිකරම ආත්මාර්ථකාමී දේශපාලන වැඩසටහනක් . කෝවිඩ් නීති අමු අමුවේ උල්ලංඝනය කරලා උද්ඝෝෂණය කරනවා. පාරේ යන වාහනවල හුළං අරිනවා..මේ වගේ මිනිස්සුද අර ගරු ගුරු වෘත්තීය කරන්න ඉන්නේ..ඉස්සර මේ වගේ ගුරුවරු අපිටනම් හිටියේ නැහැ ..ඇත්තටම මොවුන් ලැජ්ජා විය යුතුයි

:       0       0

Dewa Wednesday, 28 July 2021 07:51 AM

බලධාරීන් ප්‍රශ්නය කල් දම දමා පැනලා යන්න එපා.. පිළිතුරු ලබාදෙන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 895 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site