(යොහාන් භාසුර)
වෙළෙඳ අමාත්‍යවරයාට හිමි දැනට විවාදයට ලක්ව තිබෙන කොළඹ නිල නිවස පාවිච්චි නොකළ බවත් එය සතොස සේකවයන්ට නවාතැන් ගැනීමට ලබාදී ඇති බවත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
‘කොවිඩ් වසංගතය අවස්ථාවේදී සතොස සමගින් සහන මලු ලක්‍ෂ ගණනක් ජනතාව වෙනුවෙන් සකස් කළ බවත් ඒ සඳහා සේවය කළ සතොස සේවයින්ට නවාතැන් ගැනීමට ස්ථානයක් නොමැති අවස්ථාවේදී එම නිල නිවස ලබාදුන් බවත් අමාත්‍යවරයා කීය.
මෙම නිල නිවස කාලයක් පාවිච්චි නොකිරීම නිසා ප්‍රතිසංස්කරණ කටයුතුවලට රුපියල් කෝටි දෙකක් පමණ වැය වන නිසා එය නැවත බාරදීමට තීරණය කර තිබුණ ද නැවත කොවිඩි හිස එසවීමෙන් බාරදීම ප්‍රමාද වූ බව කී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ සතොස සේවකයන් ඉවත්ව ගිය පසු එය බාරදෙන බවයි.
කොළඹ පිහිටි වෙළෙඳ අමාත්‍යංශයේදී අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එසේ පැවසීය.
වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන එහිදී මෙසේ ද පැවසීය.
“මම මීට කලින් කැබිනට් අමාත්‍ය ධූර පහක් දරලා තියෙනවා. මා කිසිදිනක රජයේ නිල නිවාසයක පදිංචි වෙලා නෑ. නමුත් මෙවර වෙළෙඳ අමාත්‍යංශයට ජාත්‍යන්තර වෙළෙඳ වගකීම් පැවරීමෙන් පසු නිල නිවසක ප්‍රායෝගික වැඳගත්කමත් තිබෙන නිසා හිටපු වෙළෙඳ අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාට හිමිව තිබූ නිල නිවස රජය මගින් මට ලබාදුන්නා.
ඒ නිල නිවසේ පදිංචි වෙන්න පුළුවන් ආකාරයට ගෘහ භාණ්ඩ කිසිවක් තිබුණෙත් නෑ.
කාලයකින් පාවිච්චි කර නොතිබුණු නිසා විශාල අලුත්වැඩියාවක් කරන්න සිද්ධ වෙලා තිබුණා.
ඒ සඳහා අපේ ලේකම්තුමිය මධ්‍ය ඉංජිනේරු කාර්යංශය ආදි ආයතනවලින් මිල පිළිබඳව කැඳවීම් කරලා තිබුණා. ඒ අනුව ලක්‍ෂ 200 කට වැඩි මුදල් ඒ සඳහා අවශ්‍ය වන නිසා මම දැනුම් දුන්නා අමාරු අවස්ථාවේදී මේ නිල නිවස අවශ්‍ය නෑ කියලා.
නැවත රට වසා දැමූ අවස්ථාවේදී සතොසට සිද්ධ වුණා සහන මළු සකස් කරන්න. කොළඹ නරගයට පමණක් මළු 110,000 ක්, මාතලේට 60000 ක් වගේ විශාල මළු ප්‍රමානයක් සතොස දුන්නා.
එම අවස්ථාවේදී සතොස සේවකයන්ට එම නිවසේ පදිංචි වෙන්න මම අවස්ථාව ලබාදුන්නා. ඒ නිසා ආපසු බාරදීම පමාවුණා.
ඒ අතරේ මේ නිවස සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කීපයක් පරික්ෂණ පවත්වන්නේ. සතොස කාර්ය නිමකළ පසුව නැවත එම නිසව පාළාත් පාලන බාර අමත්‍යතුමාට බාරදෙනවා”
නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල
පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘‘රිෂාඩ්ගේ නිල නිවස මට දුන්නත් මා එය පාවිච්චි කළේ නැ‘‘
SIRIPALA Monday, 02 August 2021 09:42 PM
ඔයා හොඳ ළමයා
janahitha Monday, 02 August 2021 10:41 PM
ඇත්තමද මහතුන්..? ඔය තමයි හරි මිනිහා...
Vithana Tuesday, 03 August 2021 04:02 AM
ඔබතුමාට ඊට වඩා හොඳ නිවාස නම් ඇති මොකද වෙළඳ ඇමති තනතුරේම කී සැරයක් හිටියද?
ravin Tuesday, 03 August 2021 04:05 AM
අපොයි සත් ගුණවත් ධානපතියා. අනිවාර්යයෙන්ම කොලේ වහලා කාටහරි කුලියට දීලා ඇති.සමුපකාරයේ හාල්මැස්සෝ ටික ජේම්ස්බෝන්ඩ් බෑග් එකේ දාගෙන හොරෙන් පන්නපු සද්ගුණවත් බන්ධුල, තමන්ගේ නිල නිවස කාට හරි නොමිලේ දෙයිද ?මිනිහා ඔය ගෙදර කසිප්පු පෙරනවාද දන්නෙත් නැහැ. නැත්නම් දුමින්දගේ කුඩු ස්ටොක් කරනවාද දන්නෙත් නැහැ.
Buddika Tuesday, 03 August 2021 07:07 AM
මෙයාගේ ගෙදර නුගේගොඩ... ඉතින් මොකටද කොළඹ නිල නිවස?