අජන්ත කුමාර අගලකඩ
ආණ්ඩුවෙන් සිදුවන බව කියන කෙණෙහිලිකම් සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත .
ඒ අනුව ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයින් අතර තීරණාත්මක හමුවක් ලබන 21 වැනිදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් නොසලකා හැරීම,රජයේ කටයුතු සඳහා ආසන සංවිධායකවරුන් සම්බන්ධ කර නොගැනීම ආදි කාරණා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට දිගින් දිගටම චෝදනා එල්ල කළේය .
මේ අතර, ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්,රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ද දැඩි විවේචනයට පසුගියදා ලක්විය .
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ පක්ෂ මූලස්ථානයේදී පැවැති අතර, ආණ්ඩුවෙන් සිදුවන මදි පුංචිකම් සම්බන්ධයෙන් එහිදී ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ
මේ තත්ත්වය තුළ ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට ද එහිදී පිරිසක් යෝජනා කර ඇතැයි දැනගන්නට තිබේ .
එහෙත් එවැනි තීරණයක් මේ මොහොතේ ගත යුතු නැතැයි මධ්‍යම කාරක සභාවේ තවත් පිරිසක් එහිදී අදහස් ප්‍රකාශ කර ඇත.
මේ තත්ත්වය තුළ පවතින ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට ශ්‍රීලනිපය තීරණය කර ඇති අතර ඒ සඳහා ලබන 21 වැනිදා පැමිණෙන ලෙස ජනාධිපතිවරයා ගේ පාර්ශ්වයෙන් දැනටමත් ආරාධනයක් ලැබී ඇතැයි දැනගන්නට තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංධාන ආණ්ඩුවෙන් ගියා කියලා වෙනසක් නැ. දැන් ඕනෑ දේ කරලා දුන්නේ.. දැන් ඉතින් හිටියත් එකයි. ගියත් එකයි.
බලාගෙන ඉන්න. හුළං තමයි හම්බ වෙන්නේ...
ඕවා ගැන එතුමා දන්නවා කියලද හිතන්නේ? අයියා හම්බ වුණානම් ඔයිට වඩා වැඩක් වෙයි. හැබැයි පක්ෂයේ සභාපති පැත්ත පළාතකට අරගෙන යන්න නම් එපා.
ජනපතිතුමනි, මෛත්‍රි ඇතුළු සෙට් එක ගැන කිසිම විශ්වාසයක් තබන්නට එපා. ඒ අය කළ දුටු කළ වල ඉහගන්නා උදවිය බවද, අමතක කරන්න එපා...
'උන්නත් දාහයි, මලත් දාහයි' කියන වදන හරියටම හරියන්නේ මේ වගේ සිදුවීම් වලට... හිටියොත් ඇමතිකම් ටික රැකගෙන දුකෙන් ඉන්න පුළුවන්... ගියොත් ලොක්කට පාස්කු කොමිසමේ නිර්දේශවලට ඇතුළට යන්න සිදුවෙනවා. අවසානයේ ශ්‍රීලනිපය අවසන් වෙනවා.
ලංකාව කාලකණ්ණි කරලා හමාරයි.. දැන් ඉතින් මොන කතාද? සක්කරයා ආවත් ගොඩගන්න බෑ.
අනේ ඇත්තට... රටට මෙච්චර විපතක් වෙලා තියන වෙලාවේ එයාලගේ ඇමතිකම්, මන්ත්‍රීකම් රැකගන්නයි දඟලන්නේ... රට ගොඩගන්න බැරි ආණ්ඩුවකට හේත්තුවෙලා හරි එයාලා රැකුණොත් ඇති. මෙහෙම රටක අපි ඉපදුනේ පූරුවේ කරපු පවක්ද? ඉස්සර අපි හරි අභිමානයෙන් අපේ රට ගැන කතා කළේ. අවුරුදු 73ක් මාරුවෙන් මාරුවට රට කෑවා. ජාතීන් අතර අසමගිකම් හැදුවා. ආගම් බේද ඇතිකළා. මොනවද නොකලේ රට බේදකරලා කෑලි වලට කඩලා විකුණගන්න. මේ හැමෝම මරණයෙන් පස්සේ යන්නේ නම් අපායට තමයි... කාලකන්නී දේශපාලුවෝ...
ජනපතිට කිව්වා කියලා ඇති වැඩක් නැහැ. වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. සහෝදර සමාගම නෑයින් ටික කිට්ටු කරගෙන ඉන්නේ... තව මොනවාද?
රාජපක්ෂ අහංකාරකම වටේ සිටිනා මැති ඇමතිවරුන්ගේ ඉහට ගසා ඇත. මෙම මෝඩ අහංකාරකමින් රටත් ජනතාවත් අඳුරු අගාධයකට ඇද දමා ඇත. රාජපක්ෂ පවුල් ගසට වෙනත් රටවල මාධ්‍ය පවා හුවා දක්වා ඇත. මෙවන් රටකට විදේශ ආයොජන ලැබේද?
පොහොට්ටුවට ඔබලා අවශ්‍ය වෙන්නේ ලබන ඡන්දෙ කිට්ටු වුණාම...!!!