(ඩයනා උදයංගනී)
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ මතුපිටින් පෙනෙන දේට වඩා නොපෙනෙන පැත්තක් ඇති බව පෙනෙන්නේ යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (21) පැවසූහ.
මෙම ප්‍රහාරයේ සත්‍ය යටපත් කිරීමට කවුරුන් හෝ උත්සාහ ගන්නේ නම් ඔවුන් බොඳ කර, ඔවුන්ගේ බලය අඩු කර, හෘද සාක්ෂිය අනුව වෙනුවෙන් පෙනීසිටීමේ ශක්තිය ලබා දෙන්නැයි දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටින බව ද කාදිනල්තුමෝ සඳහන් කළහ.
මෙම ප්‍රහාරයේ තොරතුරු යටපත් කර අත සෝදාගන්නට මිනිසුන් උත්සාහ කළත් දෙවියන් වහන්සේ එයට ඉඩ නොදෙනු ඇතැයි කොළඹ අගරදගුරුතුමෝ කීහ.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ මේ බව පැවසුවේ පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට මාස 28 ක් ගතවුවත් එයට වගකිවයුත්තන් හෙළිනොවීම සම්බන්ධයෙන් දිවයින පුරා අද (21) ක්‍රියාත්මක කළ විරෝධතාවයට සමගාමීව අගරදගුරු මැදුරු දෙව් මැදුරේදී පැවති විශේෂ යැදුම් මෙහෙයට එක්වෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාස්කු ප්‍රහාරයේ නොපෙනෙන පැත්ත ගැන මාධ්‍ය සංදර්ශන පවත්වා ජනයාට කීමෙන් ඵලක් නැත. මක්නිසාදයත් මහජනයාට නොපෙනෙන පැත්ත නොපෙනේමයි. මෙය දෙවියන් වහන්සේට කිව්වොත් ඇත්ත දැනගත හැකියි.
අයියෝ මෙයාලගෙත් පුදුම ඇඬියාවක්නෙ තියෙන්නේ. මොකුත්ම නැත්තන් ගහක් හරි බදාගෙන කොඩිය උස්සනවා. ඔන්න ඔය මේ අය කියන කෙනා මරලා මේ ප්‍රශ්නේ විසඳලා දාන්න. ආගමික නායකයො දේශපාලන බලය අල්ලන්න හදනකොට අප්පිරියයි කියල මුන්ට තේරෙන්නෙ නැත්ද?
මෙයත් අර රැව්ල ගිනි අරන් තියෙන අස්සේ සුරුට්‍ටු පත්තු කරන්න එනවා. අඩු ගානේ රටට සෙත් පතා යාතිකාවක් වත් කරනවා, හැමතිස්සෙම දෙස් දෙවොල්ම තිය තිය ඉන්නෙ නැතුව.
ගරැ පිය තුමනි, මේ පිලිබද ඔබගේ උනන්දුව ගැන අපි ගරැ කරමු. එහෙත් කොටි ත්‍රස්තයන්යට කිරි දරුවන් ගැබිනි මව්වරැන් ඇතුලු සිංහලයන් ගම් පිටින් කපා කොටා මරා දමද්දී ඒ ගැන ඔබ දැක්වූ මුනිවත ගැන අපි වික්ෂිප්ත වන්නෙමු!
අපිට ඔබ ගැන ඉස්සර හොඳ පැහැදීමක් තිබුනා. දැන් නම් ඒක අනිත් පැත්ත. ලංකාවේ කොහොමත් නඩුවක් විසඳන්න අවුරුදු 5-10ක් යනවා. ඒක ඔයාලගෙ සුද්දා හදල ගියපු සිස්ටම් එක. එංගලන්තෙ, ඇමරිකාවෙ වුනත් මේ වගේ සංකීර්ණ සිද්ධියක් විමර්ශනය කරල තීන්දුවක් දෙන්න කල් යනවා. මොකද හදිසියේ දෙන තීන්දුවක් වැරදුනොත් ජාතීන් අතර, ආගම් අතර අර්බුදයක් ඇති වෙන්න පුලුවන් නිසා.
ඒ මියගිය ජීවිත සංඛ්‍යාවට හා කරදර හිරිහරයට හා තුවාල ලැබූ සංඛ්‍යාවට වගකිවයුතු ප්‍රධානියා වන මෛත්‍රී අදටත් නිදැල්ලේ. කාදිනල් හිමිපාණන් ඒ දිනවල තිබුණු රජයට එරෙහිව කටයුතු කොට මේ රජය බලයට ඒමට හැකි පරිසරයක් උදාකලේ පාස්කු ප්‍රහාරයට වගකිවයුතු අයට දඬුවම් දේ යැයි යන විශ්වාසයෙන්. ඒත්, එය ඉටුවුනේ නැහැ.
ඔබගේ දෙවියන් වහන්සේට, දෙවියන් වැඩ සිටිනා ස්ථානයේ දෙවියන් යදිමින් සිටි මිනිසුන්ගේ ජීවිත බේරා ගැනීමට නොහැකි වී නම්, ඒ දෙවියන් අන් දෙයකට පිහිට වේද?
පැවැති රජයත්, වත්මන් රජයත් මෙම සිදුවීමේදී අසමත් වී ඇත. වසර 2 මාස 4ක් තුළ කළදෙයක් නැත. ජනාධිපති කොමිසමේ නිර්දේශ ලිපිගොනු අතර සැඟවී ඇත. චුදිතයින් පාර්ලිමේන්තුවේම ඇත. ඔවුන්ගේ ඉදිරියෙන් කැරට් අලයක් තබා ඇත. පිටුපසින් කිනිස්සක් තබා ඇත. මේ තරම් නීතිය නවන රටක් ලෝකයේ තවත් තිබේද?
අතිගරු මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමණි - "ඔබට එය නැවත කියන්න පුළුවන්!"
ඔබ වහන්සේ නොදැක්කාට , අපි නං ඒ නොපෙනෙන පැත්ත දැක්කා ඒ දවස් වලම .
නොපෙනෙන පැත්ත තමයි " අඳුරු කුටිය තුල දොරගුළු ලාගෙන ගයන ගීතිකා යදින යාචිලා දෙවියන් හට නෑසේ "
පුදුමේ කියන්නේ, දේව පුත්‍රයෙක් වූ ඔබ තුමාට දැන් වැටහිලා තියන දේ මෝඩ මට, මීට වසර කීපයකට කලින්ම අවබෝධ වෙලා තුබුන දේනේ. මම, ඔබ තුමාව පහුගිය කාලේ හොඳට නිරීක්ෂණය කළා.
ඔබ තුමා වහෙන් ඔරෝ නැතුව කෙලින් කතා කරන්නේ නැති එක කතෝලික අපි පුදුමයෙන් ඉන්නේ .ඇයි ඔබ තුමා බය කාටද .කෙලින්ම අත දික් කර මහා ජනතාවට මේක කරපු උපදෙස් දුන්නු අය හෙලි කරන්න .ඔබ තුමා දන්නා බව අපට පෙන්වලා වැඩක් නෑ
ඔය බයිල ගගහ ඉදල වැඩක් නැහැ. මේ පාලකයො ඔවා ගනන් ගන්නෙ නෑ.යන්න ජාත්‍යන්තරේට .මේ අයට රට්ටුන්ට කරන බොරු ඒ අයට කරන්න බැහැ.මතකද අර බ්‍රතාන්‍ය සංචාරකයගෙ පෙම්වතිය දුෂනයකරලා පෙම්වතා මරපු වෙලාවේ එය කල දේශපාලුවා සම්බන්ද පරික්ෂන මහරජා යට ගහන්න යනකොට බ්‍රතාන්‍ය ආණ්ඩුව මැදිහත් වුනා . ඒ ප්‍රථිපලය තමයි ඒ තක්කඩි කුපාඩි රැලට දඩුවම් ලැබුනේ.ස්වාමිනි අපට මේ ප්‍රහාරය පිටු පස ඉන්න අය ගැන දැන ගන්න ඕන .කරුණාකර ජාත්‍යන්නරයට බලකරන්න මෙයට මැදිහත් වන්න.
සුලඟ එන්න එන්නම වැඩිවෙන පාටයි.
දැන් අපිට ඔබ වහන්සේ ගැනත් ප්‍රසාදය අඩු වේගෙනයි යන්නේ . අපිට පේන විදියට ඔබ වහන්සේ දන්නා දෙයක් සඟවමින් ඉන්නවා. බය නැතිව ඒ සියල්ල හෙළි කරන්න. එතකොට යථාර්ථය තේරෙනවා. කාටවත්ම කරගන්න දෙයක් නැතිව යනව. පරීක්ෂණ වල අඩුපාඩු හැදේවි.
මෙතන බොරු කියලා ජාතිවාදේ ඇති කරන්න එපා.
අපිටත් පේනවා මෙතන මොකක්හරි ලොකු දෙයක් තියෙනවා කියලා.
ලඟදී නැවක් ආවේ නැතැයි
ඇත්තවශයෙන් මමනම් පෙනෙන පැත්තට වඩා නොපෙනෙන පැත්ත දැක්කේ.
ගරු පියතුමනි, ඔබේ හැසිරීම මහා නිගාවකි. ත්‍රස්තවාදීන්ට ඔබතුමාගේ පූජකයින්ගේ අනුග්‍රහය නොමඳව ලැබෙන කල අැස්, කන් පියාගෙන සිට දැන් මෙවන් දුෂ්කර අවස්ථාවක සියල්ල පෙනිපෙනී ඔබ කරන මේ රඟපෑම අඩුවක්ව තිබූ අාගමික යුද්ධයකට අතපෑමකි...
අයි එස් ත්‍රස්තයින් සිරියාවෙන් බිහිව ඉරාකයේ බොහෝ ප්‍රදේශ අල්ලා ගත්තා. පසුව ඔවුන් ඉතා ප්‍රබල වුණා. ඒ අතර ඔවුන්ගේ අනාගත ඉස්ලාම් සිහින රාජ්‍යයේ සිතියමද මුදා හැරියා. ලොව ජිහාඩ්වාදී තරුණ අයගේ ආකර්ශණය ඒ වෙත යොමු වුණා. ඒ සිහින රාජ්‍ය වෙනුවෙන්.., ලොව බොහෝ රටවලින් ජිහාඩ්වාදීන් සිරියාවට පැමිණ අයි.එස්.. සටන්කාමීන් හා එක්වුණා. සෙසු අය තමන් ජීවත් වන රටේ සිට කුමක් හෝ ත්‍රස්ත ක්‍රියාවක් කර තම දායකත්වය ලබා දුන්නා... බොහෝ දේ සිදුවූයේ ලොව තනි ආගමක්, සහ ඉස්ලාම් රාජ්‍යයක් වෙනුවෙන්.. අපේ රටේ විතරක් වෙනස් සංකල්පයක්.. එහෙත්, සෙසු අයි.එස්. වාදීන් හැම ත්‍රස්ත ක්‍රියාවක් කලේ ස්වේච්ඡාවෙන්...
මම බෞධයකු වුණත් කාදිනල්තුමාට බෙහෙවින් ගරු කරනවා. මට හිතෙන විදියට උන්වහන්සේ මේ ගන්නා නොපසුබට උත්සාහය අපි අතිශයින් අගේ කළයුතුයි. එය නොසලකා හැර එයට විවිධ අවමන් කොට මෙම අපරාධය කළවුන්ට ගැලවී ඇමට ඉඩ හළොත් තරයේ හොඳට මතක තියාගන්න.. ඔව්, හොඳට මතක තියාගන්න කවදාහරි අපට වෙන්නේ අර ඇෆ්ගනිස්ථානයේ අහිංසක මිනිස්සුන්ට සිද්ධවෙලා තියෙන ඒ මහා විනාශයට මුහුණ දෙන්නයි. එදාට අපට උදව් කරන්න මොන සක්කරයාටවත් බැහැ.
දඩයම කරතියගෙන දිව්ව උන් බවට අපිට නම් පැහැදිලියි. ලංකාවෙ තිබිච්ච චැනල් දෙකක් මේක මාස දෙකක් තුනක් ප්‍රධාන මාතෘකාව කරල නිවුස් දැම්මෙ අපරාධකරුවන් හොයන්න නෙවෙයි.. ඡන්ද බාගන්න. ඒවගේ කොට පාරවල් වලින් බලය ලබාගැනීමේ විපාක මේ රටක ජනතාව විඳින දුෂ්කරතා වලට එක් හේතුවක්.
එල් ටී ටී ඊ එක සිංහලය බුරුතුපිටින් මරනකොට එක වචනයක් කිවද උන්ට විරුද්දව එවාට කතෝලික සභාව නෑ.
පාස්කු ප්‍රහාරයේ පිටිපස්සේ ඉන්නේ බලලෝභී, දූෂිත දේශපාලුවන්. රට කුලප්පු කරලා බලය අල්ල ගන්නයි ඔවුන්ට ඕනෑ කලේ... ආරක්ෂාවට වගකියන නායකයෙක් කියලා කියන එකෙන්ම හිතාගන්න පුලුවන්නේ.. කාදිනල්තුමාට අපි ගරුකරනවා. දූෂිත, බලලෝභී පවුල් පාලනේ අයගෙන් සාධාරණයක් ඉෂ්ට වෙන එකක් නැහැ. රජකම් කෙරුවත් කළකම් පළදෙනවා. කර්මය තමුන්ගේ පසු පස්සේ හෙවනැල්ල වගේ එනවා. ස්වභාවධර්මයෙන් කෙදිනක හෝ දඬුවම් ලැබෙයි...
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ මතුපිටින් පෙනෙන දේට වඩා ඔබලා නොබලන දේ තිබෙනවා. අල්ලා විශ්වාස නොකරන මිනිස්සු මරපල්ලා කියන දේශනාව ඉස්ලාම් මුලධර්මවාදීන් ක්‍රියාත්මක කරන බව හොයා බැලුවාද? ඒ ගැන සෙව්වා නම් මහා මොලකරුවෙක් සොයන්නේ නැහැ නේද? අද ප්‍රසිද්ද පුවත්පතක කියනවා මේ ආණ්ඩුව පෙරලා දමන්න රුපියල් වලින් කෝටි 85ක් එන්ජීඕ කාරයින්ට එ්වා තිබෙනවා කියලා. මට සාධාරණ සැකයක් තිබෙනවා එම මුදල් දැනටමත් බෙදිලද කියලා...
කාදිනල් උන්නාන්සේ නොපෙනෙන දේවල් ඇති. එහෙම දේවල් කියලා නඩු දමන්න බැහැ දඬුවම් කරන්නත් බැහැ. කරුණු කාරණා සහිතව ඔප්පු කරන්න ඕනේ. කාටවත් නොපෙනෙන ඔබට පමණක් පෙනෙන දේවල් තිබෙනවා නම් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න. මෙහෙම දෙයක් දැකලා තිබෙනවා පාප් උන්නාන්සේ හෝ කාදිනල් උන්නාන්සේ කෙනෙක් කිව්වොත් ක්‍රිස්තියානි අන්ධයින්ටත් ඒ දේ හොඳට පෙනෙනවා. ඊට පස්සේ කියන්න ඕනේ නැහැනේ...
බමුනුඅරච්චිගේ පිළිතුර සැර වැඩිද?
යහපාලනය කාලයේදී ඔහු ඉතාමත් නිශ්ශබ්දයි.. දැන් ඔහු බලන්නේ සාධාරණත්වයයි.
පාස්කු ප්‍රහාරයට සාධාරණ පරීක්ෂණයක් කවදාවත් සාධාරණ පරීක්ෂණයක් කරන්නේ නෑ. වගකිව යුත්තන්ට දඬුවම් දෙන්නෙත් නෑ. මොකද මේ ප්‍රහාරය පිටිපස්සේ හිටපු මිනිස්සු තමයි අද බලයේ ඉන්නේ... නීතියෙන් බේරුණාට ස්වභාව ධර්මයෙන් දඬුවම් ලැබෙයි කවදාහරි...