ශ්රී ලංකාවේ උග්‍ර තත්ත්වයට පත්ව තිබෙන කොරෝනා වසංගතයට අදාලව ගත යුතු පියවර ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද(17) පෙරවරුවේ පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොරෝනා වසංගතය හමුවේ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව පෙරදා(16) සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවැත්වූ දුරකථන සංවාදයේ ප්‍රතිඵලයක් ලෙස මෙම සාකච්ඡාව සිදු කෙරිණි.
ජනපති සහ එජාප නායකයා අතර පමණක් පැවැත්වූ සාකච්ඡාව කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී විනාඩි 40 ක පමණ කාලයක් පවත්වා තිබේ.
කොරෝනා වසංගතය පිටුදැකීම සඳහා එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ යෝජනා මාලාව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් ද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ජනාධිපතිවරයාට පවසා තිබේ.
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද(17) කොළඹදී සිදුකෙරේ.
මෙම හමුව සිදු වන්නේ රටේ වත්මන් කොරෝනා වසංගත තත්වය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දුරකථනයෙන් ඊයේ කළ සංවාදයකට පසුවය.
එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා ගේ පියාගේ අවමඟුලට සහභාගීවීමට රනිල් වික්‍රමසිංහ මහතා අද උදේ කොළඹින් බැහැර ගොස් සිටින අතර යළි කොළඹට පැමිණි වහාම මෙම හමුව සිදු වීමට නියමිත බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිටත් සබ්ජෙක්ට් එක පුරුදු කරන්නද කොහෙද යන්නේ...
අග්‍රාමාත්‍යවරයා ද වෙනස් කිරීමේ ඉඟියක් විය හැකිය. අගමැති මහින්ද සමඟ සම්බන්ධතාවය නරක අතට හැරෙමින් පවතින බව දැනගන්නට ඇත. කපටි රනිල් ඕනෑම විස්මිත පියවරක් ගත හැකිය.
කරන්න දෙයක් නැතිනම් විපක්ෂයට උනත් දීලා බලමු .වෙන මොනවා කරන්නද ?කවුද දන්නේ අපලේ ඉවරද කියලා
රනිල්ද කපටි, රනිල්ව එක රැයෙන් එලියට ඇදල දාල අගමැති උනු රාජපක්ශලාද?
කාලය නාස්ති වීමක් විතරයි වෙන්නේ
දැන් නම් බැඳුම්කර හොරුන්ට ලේසි වෙන් නෑ .හෙට අනිද්දාම හිරේ දාලා වංචා කරපු මුදල් ආපහු ගනී
IMF එකෙන් ණය ගන්න විදිහ කියල දෙන්නයි යන්නේ.
හැබැයි දැන් සියළු වැරදි රනිල් කරපිට.
කතා බස් කලේ නඩුහබ ගැන, නැත්නම් ජාතික ආණ්ඩුවක් ගැන නොවේ එහෙනම්...
උවදුරක් ඇති වුනාම ඔක්කොම එකතුවෙලා මුහුණ දෙන්න ඔනි
ඔය කියන කොරෝනා සාකච්ඡා පටන් ගන්න තිබුණේ වසංගතය පටන්ගත් සතියේ නොවේද? දහස් ගණනක් මියගොස්, රෝහල්වල මළසිරුරු කඳු ගොඩගැසෙන විටද ගෝඨාට රනිල් මතක් වුණේ... සර්ට බැරිවුණා.. හමුදාවට බැරිවුණා. ඇමැතිවරිය දොට්ට දැම්මා... කොරෝනා දෙවියන්ට බාරකරපු එක්කෙනා ඇමැතිකමට දමලා.. රනිල් එක්ක බොරු ටෝක් දමනවා. මෙහෙමත් ලොක්කෙක්...
රජයේ පාර්ශවාකාර පක්ෂ, පසුපෙළ මන්ත්‍රීන්ට බැරිද දැන්වත් ඉදිරියට එන්න...? තමන්ගේ මතය ඉදිරිපත් කරන්න. වැඩ කළ හැකි කවුරුවත් නැද්ද?
ඔය සාකච්ඡාවලට පුතාණෝ ගෙවාගන්නේ නැතිද?
අර මොල 07 බැසිල් ගොඩ එන්න ‘‘අදහස්‘‘ මොකුත් දීලා නැද්ද?