කොවිඩ් වසංගතය පරාජය කිරීම සඳහා එක්ව වැඩ කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් අද (20) ප්‍රකාශ කළේය.
රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් ජනාධිපතිවරයා මෙසේද කීවේය.
කොරෝනා වසංගතය මැඩපැවැත්වීමට එකම විසඳුම එන්නත්කරණය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේත්, වෛද්‍ය විශේෂඥවරුන් වැඩිදෙනාගේත් සහ ලෝක සම්මත ක්‍රමවේදය අනුවත් පිළිගත් මතයයි.
ලංකාවට එන්නත් ගෙන්වා ගැනීමට පසුගිය කාලයේ මම විශේෂ උනන්දුවක් ගත්තේ ඒ නිසයි. චීනය, ඉන්දියාව වැනි රටවල රාජ්‍ය නායකයන්ට මම පෞද්ගලිකව කතා කළා. තවත් රාජ්‍ය නායකයන්ට මම පෞද්ගලිකවම ලිපි යැවුවා. අපේ විදේශ අමාත්‍යාංශය හරහාත් තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් හරහාත් එන්නත් නිෂ්පාදනය කරන රටවල් සමඟ සාකච්ඡා කළා. අපේ නිලධාරීන් එන්නත් නිෂ්පාදනය කරන සමාගම් සමඟ සම්බන්ධීකරණය කළා.
මේ සියලු උත්සාහයන් දැරුවේ අපේ රටේ සියලුම ජනතාව එන්නත්කරණය කිරීමට මට අවශ්‍ය වූ නිසයි. මේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට සෑම මසකම අපට අවශ්‍ය එන්නත් විශාල ප්‍රමාණයෙන් රටට ලැබෙමින් පවතිනවා. අපිට මුලින්ම ලැබුණේ ඉන්දියාවේ නිෂ්පාදනය කළ ඇස්ට්‍රා සෙනිකා එන්නතයි.
ඉන් පසු අපට චීනයේ නිෂ්පාදනය කළ සිනොෆාම් එන්නත ලබාගැනීමට හැකි වුවත් එම එන්නතට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අනුමැතිය ලබා දීම ප්‍රමාද වූ නිසා ජනතාවට එන්නත ලබා දීම මසකින් පමණ ප්‍රමාද වුණා. කෙසේ වෙතත් මේ වසරේ මැයි මාසේ 8 වෙනිදා සිට සිනොෆාම් එන්නත අඛණ්ඩව ලබා දීම සිදු කළා. මීට අමතරව අපට ඇමරිකාවෙන් ෆයිසර් සහ මොඩර්නා එන්නතත්, ජපානයෙන් ඇස්ට්‍රා සෙනිකා එන්නතත්, රුසියාවෙන් ස්පුට්නික් එන්නතත් ලැබී තිබෙන නිසා ලෝකයේ එන්නත් ලබා දෙන රටවල් අතර ඉහළම තැනක අප සිටිනවා. පසුගිය 19 වන දා වනවිට අප එන්නත් එක් කෝටි විසි ලක්‍ෂ දහනව දහස් එකසිය අනූ තුනක් (12,019,193) පළමු එන්නත ලෙස ලබා දී තිබෙනවා.
දෙවන එන්නත ලෙස පනස් එක් ලක්‍ෂ විසි හතර දහස් එකසිය අසූ පහක් (5,124,185) ලබා දී තිබෙනවා. ඊට අමතරව දෙවන එන්නත ලෙස ලබා දීම සඳහා තවත් එන්නත් මාත්‍රා මිලියන තුනකට ආසන්න ප්‍රමාණයක් අප සතුව තිබෙනවා. එන්නත් මාත්‍රා තවත් මිලියන 3 ක් මේ මස අගදී ලැබෙනවා. මේ වනවිට වයස 30 න් ඉහළ 98% පමණ පිරිසකට එන්නත ලබා දී තිබෙන අතර 43% පමණ පිරිසකට දෙවන එන්නත දී තිබෙනවා. අගෝස්තු 31 වන විට 81% කට වැඩි පිරිසකට දෙවන එන්නත් මාත්‍රාව ලබා දීමට හැකියාව තිබෙනවා. සැප්තැම්බර් මස 10ය වන විට 100% කට දෙවන එන්නත දෙන්න පුළුවන්. ඒ තත්ත්වයත් සමඟ රෝගීන්ගේ සංඛ්‍යාවත් මියයන සංඛ්‍යාවත් අඩු වනවා ඇති.
අපි සියලුම ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයන්ට, වරාය වැනි අත්‍යාවශ්‍ය සේවා, ආරක්ෂක සේවා, කර්මාන්තශාලා සේවකයන්ට ප්‍රමුඛත්වය දී එන්නත්කරණය කළා. වයස 60 ට වැඩි පිරිසට ද ප්‍රමුඛත්වය දී එන්නත ලබා දෙන්නට හැකි වුණා. මීට අමතරව වයස 30 ට අඩු, මිලියනයකට වැඩි කර්මාන්ත ශාලා සේවකයන්ටත් එන්නත ලබා දුන්නා.
මුළු රටේම පළාත් අතර සංචරණ සීමා දැමීම, ග්‍රාම සේවා වසම් හුදෙකලා කිරීම, ඇඳිරි නීතිය දැමීම, රාජ්‍ය සේවයේ අත්‍යාවශ්‍ය සේවකයන් පමණක් වැඩට කැඳවීම, මංගල උත්සව ආදී කටයුතු නතර කිරීම, සමහර වෙළඳ ව්‍යාපාර වසා දැමීම, පළාත් අතර ගමනාගමනය නතර කිරීම, ආගමික ස්ථානවලට ජනතාව රැස්වීම නතර කිරීම, වැනි පාලන ක්‍රම මේ වන විටත් අපි අනුගමනය කරනවා.
කොවිඩ් 19 පළමු රැල්ලේ දී අප ගත් ක්‍රියා මාර්ග නිසා සාර්ථකව එයට මුහුණ දීමට හැකි වුණා. එවැනි දැඩි තීරණ ඒ අවස්ථාවේ ගැනීමට සිදු වූයේ එවකට වෙනත් විකල්පයක් නොතිබූ නිසයි.
එක දිගටම මාස කිහිපයක් රට පූර්ණ වශයෙන් වසා දමන්නට ද සිදු වුණා. ඒ සියල්ල තුළින් පළමු රැල්ල ජය ගැනීමට අපට හැකි වුණා. අපි විටින් විට රට වසා දමන්නට ක්‍රියා කළත් එම තීන්දුවේ අතුරු ප්‍රතිඵලත් අපි තේරුම් ගත යුතුයි. රට වසාදැමීම නිසා කොරෝනා පළමු රැල්ල කාලය, නිදහසින් පසු මෙරට අඩුම ආර්ථික වර්ධනයක් පෙන්නුම් කළ කාලයක්.
විශේෂයෙන්ම ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 5ක පමණ ආදායමක් ගෙන ආ ඇඟලුම් කර්මාන්තයට මින් විශාල පාඩුවක් සිදු වුණා. ඔවුන්ගේ ඇණවුම් නවතා දමනු ලැබුවා. බොහෝ දෙනෙකුට රැකියා නැති වුණා. අපනයන ආදායම කඩා වැටුණා. ඇමරිකානු ඩොලර් බිලියන 4.5ක් වුනු, මිලියන 3 කට වැඩි පිරිසක් ජීවිකාව කළ අපේ සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. රැකියා ලක්ෂ ගණනාවක් නැති වුණා.
විටින් විට කරන රට වසා දැමීම නිසා ඉදිකිරීම් කර්මාන්තයට විශාල පහරක් වැදුණා. ඔවුන්ට අවශ්‍ය ආකාරයට සේවකයන් ගෙන්වා ගන්න හැකියාවක් නෑ. අවශ්‍ය වෙලාවට අමුද්‍රව්‍ය ගෙන්වා ගන්න හැකියාවක් නෑ. පසුගිය වසර එක හමාර තුළ මේ ක්ෂේත්‍රයට අපි බලාපොරොත්තු වුණු දේශීය හා විදේශීය ආයෝජන බොහොමයක් අපට අහිමි වුණා.
අපේ දේශීය ආර්ථිකයේ තවත් වැදගත් අංශයක් වන්නේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරයි. සමස්ත දල ජාතික නිෂ්පාදිතයෙන් 50% කට වඩා වැඩි ප්‍රමාණයකට දායකත්වය දක්වන මෙම ව්‍යාපාරවලටත් කොරෝනා වසංගතය විශාල ගැටලුවක් වුණා. ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු වලට දිගින් දිගට බාධා සිදු වීම නිසා ඒ සමාගම්වලට ආදායම් අහිමි වී තමන්ගේ ණය ගෙවා ගන්නට හෝ වැටුප් ගෙවා ගන්න බැරුව බරපතළ ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදු වුණා. වාහන ලීස් කළ අයට ලීස් එක ගෙවා ගන්නට බැරි වුණා. නිවාස ණය ගත් අයට ඒ ණය ගෙවා ගන්නට බැරි වුණා. ඊට අමතරව මිලියන 4.5 කට ආසන්න ස්වයං රැකියා සහ දෛනික ආදායම් ලැබූවන්ගේ ආදායම් මාර්ග සම්පූර්ණයෙන්ම බිඳවැටුණ නිසා ඔවුන්ගේ ජීවිත අසරණ වුණා.
මේ සියලු බාධක මැද්දේ අපට ජනතාව ජීවත් කරවීමේ වගකීමත් තිබුණා. අපි ඒ වගකීම පැහැර හැරියේ නැහැ. කොරෝනාවලට රට වසා දැමූ සෑම අවස්ථාවකම දෛනික ආදායමක් නොමැතිව අසරණව සිටි ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දෙන්නට අපි සෑම වටයකම රුපියල් බිලියන 30ක් පමණ වැය කරනවා. මේ වනවිට අවස්ථා ගණනාවක දී රජය මෙම වියදම දරා තිබෙනවා.
රජය මගින් නඩත්තු කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල වියදමට අමතරව තමන්ගේම නිවෙස්වල නිරෝධායනය වන සෑම පවුලකටම සති දෙකක් සඳහා රුපියල් 10,000 ක සහන මල්ලක් ලබා දෙනවා. මේ අසීරු තත්ත්වය යටතේ රජය කිසිම විටක මිලියන 1.4 කට වැඩි රජයේ සේවකයන්ගේ වැටුප් අඩු කරන්නට හෝ දීමනා කපන්නට කටයුතු කළේ නැහැ.
අපේ විදේශ විනිමය ආදායම් අඩු වුණාට අපි රජයේ ණය වාරික පැහැර හැරියේ නැහැ. පසු ගිය කාලයේ විවිධ රජයන් විසින් ගෙන තිබුණ ණය නිසා අපට වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 4 ක පමණ විශාල ණය වාරිකයක් ගෙවන්නට තිබුණා. ඒ සියලු ණය මුදල් නියමිත දිනට ගෙවුවා.
රට නැවත වරක් සම්පූර්ණයෙන් වසා දැමීමෙන් රටේ ආර්ථිකය බරපතළ අර්බුදයකට ලක් වෙනවා. එය මේ රටට දරාගත හැකි තත්ත්වයක් නොවෙයි. විශේෂයෙන්ම අපනයන කේෂ්ත්‍රයේ ඇඟලුම් කර්මාන්ත සඳහා ඇණවුම් විශාල ප්‍රමාණයක් ලැබී තිබෙනවා. මේ ඇණවුම් අපට කලටවේලාවට ලබා දෙන්නට අපහසු වුණොත් විශාල විදේශ විනිමයක් අපට අහිමි වන්නට ඉඩ තිබෙනවා.
ඒ වගේම කඩා වැටුණු සංචාරක කර්මාන්තය ගොඩ ගැනීමට අප විශාල උත්සාහයක් දරමින් සිටිනවා. දැනට 200 කට ආසන්න වූ සංචාරකයන් පිරිසක් දිනකට රට තුළට ඇතුළු වෙමින් සිටිනවා. රට වසා දැමුවහොත් සංචාරකයන් ගෙන්වා ගැනීම මුල සිට ආරම්භ කරන්න සිදු වෙනවා.
ඒ වගේම දෛනික ආදායම් ලබන්නන්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්, සමාගම් ආදියට රට වසා දැමීම නිසා නැවත සහන ලබා දීම සිදුවීමෙන් අද රටේ තිබෙන ආර්ථිකයට විශාල බලපෑමක් ඇති වෙනවා. සම්පූර්ණයෙන් රට වසා දැමීම තුළින් වන බලපෑම ජනතාව තේරුම්ගත යුතුයි. අද ලෝකයේ රටවල් කීපයක් හැරෙන්නට ආර්ථික බලවතුන් පවා රටවල් සම්පූර්ණයෙන්ම විවෘත කර තිබෙනවා.
ලෝකයේ සංචාරක ක්ෂේත්‍රය ක්‍රමයෙන් යථාතත්ත්වයට පත් වෙමින් පවතිනවා. අද එලෙස විවෘත කර ඇති රටවල් එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් සිටිනවා. කුඩා ආර්ථිකයක් ඇති අපේ රට ද මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත යුතුයි. එසේ නොකර රටේ ආර්ථිකය නැවතත් සම්පූර්ණයෙන් කඩා වැටෙන්නට ඉඩ දෙන්නට අපට හැකියාවක් නැහැ.
එසේ වූවත් කොවිඩ් රෝගීන්ගේ පැතිරීම පාලනය කර ගැනීම සඳහා අද රාත්‍රී 10 සිට මේ මස 30වන සඳුදා උදෑසන 4දක්වා රට වසා තැබීමට මා තීරණය කළා.
මේ තත්ත්වය විවිධ මතධාරීන්, වෘත්තිය සමිති, වෛද්‍යවරුන්, අනෙකුත් සෞඛ්‍ය නිලධාරීන් සහ රජය අතර ඇති එකිනෙකා පරයා යන තරගයක් හෝ ඝට්ටනයක් නොවෙයි. අපි යථාර්ථය තේරුම්ගත යුතුයි. මෙය මුළු ලෝකයම මුහුණ දෙන බැරෑරුම් ප්‍රශ්නයක්. අද සෑම රටක්ම නව සමාන්‍යකරණය ක්‍රමවේදයට හැඩගැහෙමින් සිටිනවා. රජයක් හැටියට ගතයුතු සෑම පියවරක්ම නිසි ලෙස අපි අරගෙන තිබෙනවා.
ඔක්සිජන් සැපයීම, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සකස් කිරීම සහ එන්නත ලබා දීම වැනි රජයෙන් කළ හැකි සියලු දේ කරතත්, රෝගීන් මනා ලෙස කළමනාකරණය කිරීම වෛද්‍යවරුන්ගේ කාර්යභාරයක්. ඒ වගේම මෙතෙක් කල් තම ජීවිත අවදානම ද නොතකා වෛද්‍යවරු, හෙද හෙදියන් ඇතුළු අනෙකුත් සියලුම සෞඛ්‍ය අංශ නිලධාරීන් කරන ලද සේවය මා ඉතාමත්ම අගයකොට සලකනවා. එමෙන්ම තම ජීවිතය පවා පූජා කළ සෞඛ්‍ය අංශවල සියලුම තරාතිරම්වල නිලධාරීන්ට මාගේ නොමඳ ගෞරවය පුද කරනවා.
මෙය වැඩ වර්ජන, උද්ඝෝෂණ සඳහා සුදුසු අවස්ථාවක් නොවන බව පැහැදිලි කරුණක්. රට අරාජික තත්ත්වයට පත් කරන්න සූදානම් වෙන්න එපා.
සෞඛ්‍ය ක්ෂේත්‍රය මෙම කරුණ දෙස එක් කෝණයකින් පමණක් බැලුවත් රජයක් ලෙස අප විදෙස් ණය ගෙවීම, වැටුප් ගෙවීම, සහනාධාර ලබා දීම ආදී කටයුතු අතපසු නොකර අඛණ්ඩව පවත්වා ගෙන යෑමට නම් අප රටේ ඇති කුඩා ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට අපට සිදු වෙනවා.
කොවිඩ් රෝගයෙන් මිය ගිය අයගෙන් බොහෝ දෙනා අවුරුදු 60 ට වැඩි අයයි. ඒ අයගෙනුත් වැඩි අය නිධන්ගත රෝග වලින් බොහෝ කල් පීඩා විඳි අයයි. ඒ වගේම එන්නත ලබා නොගත් අයයි. එම නිධන්ගත රෝග තිබුණු අය කොවිඩ් රෝග ලක්‍ෂණ ඇති වූ වහාම ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි. මේ නිසා නිධන්ගත රෝග තිබෙන අවුරුදු 60 ට වැඩි අය ඉලක්ක කරගෙන සතියකට වරක්වත් ඇන්ටිජන් පරීක්‍ෂාවක් කරන ලෙස මම සෞඛ්‍ය අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා.
ඉදිරියේදී රට දීර්ඝකාලයක් වසා තැබීමට සිදුවුවහොත් රටේ සියලු දෙනාම වඩාත් කැපකිරීම් කරන්නට සූදානම් වන්නැයි මා ඉල්ලා සිටිනවා.
මේ තීරණාත්මක මොහොතේ රටේ සියලු දෙනාම, බැරෑරුම් තත්ත්වය තේරුම් අරගෙන සැලසුම්සහගතව රට ඉදිරියට ගෙන ආ යුතුයි.
එම නිසා කණ්ඩායමක් ලෙස එකමුතුව කොවිඩ් වසංගතය පරාජය කිරීම සඳහා එක්ව වැඩ කරන ලෙස සියලු දෙනාගෙන්ම මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පච හැලියක්... !!!
මොනවා වුණත් කතාව ඇත්ත තමයි. මේ කරුණු හැම දෙයක්ම හරි.. ඒත් මම හිතන්නේ මේ තරම් අවුල් වෙන්න මූලික හේතූන් අනුපිළිවෙලින්: 1) ලංකාවේ ජනයාගේ විනයක් රහිත නොහැදියාව සහ ආත්මාර්තකාමී කම 2) එන්නත් කරණය වේගවත්ව කළත් එය රටපුරා නිසි සැලස්මක් සහිතව අවශ්‍ය අයට සහ ප්‍රදේශ වලට ප්‍රමුඛතා පටිපාටියක් මත සිදුනොවීම 3) සාමාන්‍ය මට්ටමේ දෛනික ආදායම් ලාභීන් හට ආදායම් මාර්ගයක් ලෙස විකල්පයක් නොවීම. 4) ආයතන ප්‍රධානීන් පවතින තත්ත්වය ගැන නිසි අවබෝධයක් ලබා නොගෙනම සේවකයන් බලෙන් කැඳවීම 5) මේ වැනි ගෝලීයකරණය වූ පාලනය කළ නොහැකි වසංගතයත් ලංකාවේ විපක්ෂයේ කණ්ඩායම් සහ ආණ්ඩුවේ ද දේශපාලකයින් විසින් කුජීත ලෙසින් පටු අරමුණු වෙනුවෙන් දේශපාලනීකරනය කිරීම 6) ප්‍රශ්නයේ විනිවිද භාවයේ ඇති ගැටලු - සැබෑ තොරතුරු සහිතව සත්‍ය තත්ත්වය මහජනතාව සමග ඍජුව සාකච්ඡා නොකර සැඟවීම 7) රජයේ නිලධාරීන් සහ සේවකයින්ගේ, සෞඛ්‍ය සේවා වෘත්තීන් සහ දේශපාලන නායකත්වයන්ගේ කලමනාකරණයේ තිබෙන යම් අකාර්යක්ෂමතාවන්...
මේ කෝවිඩ්, ඩෙල්ටා නම් සාපයක්. ලංකාවට තියා අපට වඩා ගොඩාක් ධනවත්, බලවත් ඇමරිකන් එක්සත් ජනපදයට සහ යුරෝපයේ රටවල් ගොඩක් ඒවාටත් සෑහෙන අමාරුවෙන් තමයි මේ දවස්වල තියෙන්නේ... මේ ඩෙල්ටා වේරියන්ට් එක නිසා. ඊශ්‍රායලය අච්චර වැක්සීන් ගහලා සෑහෙන්න දුරට සංවිධානාත්මක ලෙස මේකට විරුද්ධව සටන් කළා.. ඒත් බැරිවුණා හිතපු තරම් හොඳට පාලනය කරන්න. ලංකාව වගේ අපි උපන් දා සිට රටින් පිටව යනකන් විතරක් නෙමෙයි තාමත් එදා වගේම හැමදේම අනාගත්ත කුජීත පරිපාලනයක් සහිත රටක මේ තරමට හරි මේ මගුල පාලනය වෙලා තියෙන එක ගැන මටම පුදුමයි. රටේ මිනිස්සුන්ගේ යම් කිසි වාසනාවකට වෙන්න පුළුවන්....
අනේ මටත් කියන්නකෝ ... කොච්චර අමාරුකම් තිබ්බත් ණය ආපහු ගෙවන ක්‍රමය... කොච්චර කල්පනා කළත් මට ඔය ක්‍රමය හිතාගන්න බෑනේ... ණයකාරයන්ගෙන් ගැලවීමක් නෑ මට...
දැනට අප රටේ ඇති විපක්ෂයේත්, සමහර වෘත්තීය සමිතිවලත් කෙරුවාව දිහා බැලුවාම මේ රට මේ ගාණටවත් තියෙනවා ඇති....
යථාර්ථය අවබෝධ වෙන කොට පෙරහර ගිහිල්ලා ඉවර වුණත් මින් ඉදිරියටවත් ඔය එහෙයියන් කියන දේ නොව විද්‍යාත්මක කරුණු ඉදිරිපත් කිරීම් සහ ඒ අංශවලට සහාය ලබාගන්න.
ඉදිරියේදී රට දීර්ඝකාලයක් වසා තැබීමට සිදුවුවහොත් රටේ සියලු දෙනාම වඩාත් කැපකිරීම් කරන්නට සූදානම් වන්නැයි මා ඉල්ලා සිටිනවා. මේ තීරණාත්මක මොහොතේ රජය බැරෑරුම් තත්ත්වය තේරුම් අරගෙන සැලසුම් සහගතව රට ඉදිරියට ගෙන ආ යුතුයි.
අමු කැවිලා වගේ...
මෙය සාධාරණ, මධ්‍යස්ත ඉල්ලීමක්... රටේ සියලු ජනයා මේ ඉල්ලීමට සහයෝගය දිය යුතුයි.
රට අරාජික තත්ත්වයට පත් කළේ කවුද, කවදා ඉඳලද කියලා කවුරුත් දන්නවා...
මිනිස්සු තවමත් තේරුම් අරන් නෑ මේ භයානක තත්වය. අද සවස සුපිරි වෙළඳ සල් වල දි මිනිස්සුන්ගෙ හැසිරීම හරිම කනගාටුයි. පරතරය තියාගෙන හිටියොත් ඉදිරියෙන් ඇවිත් හිට ගන්නවා. සදාචාරය මුලින්ම උගන්වන්න ඕන. එහෙම නැතුව බලෙන් නීති දාල මිනිස්සු හදන්න බෑ.
රට අරාජික කරන මිනිස්සුම අපිට කියනවා අරාජික කරන්න එපා කියලා. මේ වගේ විහිළු කාරයෙක් ඉතිහාසෙම ඉඳලා නෑ. රටේ කරුමේ.
කෝ අර බර ගානක් වියදම් කරලා හදා දුන්න නාන කාමරය ?
දැන් මොන දේ කීවත් වැඩක් නෑ .බැසිල් ගෙනාවේ කොහොමද පාර්ලිමන්ට් එකට .අන්න ඒ වගේ තමයි රටේ කෙරුවාව .
පුතානෝ ලා දැනටමත් ස්ට්‍රයික් එකක් සැලසුම් කරනවා ඇති
රටක් වශයෙන් කව්රැත් මේ මොහොතේ සහයෝගයෙන් කටයුතු කළ යුතුයි. එහෙත් සහයෝගයෙන් කටයුතු කිරීමට කිසිවෙකුට ආරාධනයක් සිදුවුනේ නැත. අපට නිතරම දකින්න ලැබුණේ නම් රජයේ චංඩිකම විතරයි. අදත් උදයාංග වීරතුංග කතා කරන්නේ චංඩිකමටයි. හැම විටම වගකිව යුතු රාජ්‍ය නිලධාරින් වගේම අන් දේශපාලන පක්ෂද දෙවෙනි කොට සළකා කටයුතු කළා. අද අනාගත්තාට පස්සෙයි යමක් තේරැම් අරගෙන තියෙන්නේ. උද්ඝෝෂණ,වර්ජන මේ මොහොතේ සුදුසු නොවන්නට පුළුවනි. පාස්කු ප්‍රහාරය පසුගිය රජයේ උවමනාවකට සිදුවූවක් නොවේ. එදා විපක්ෂය බලය ලැබීමට එය ප්‍රයෝජනයට නොගත්තේද? බලය ලැබීම ගැන සිතන දේශපාලකයන් මිස රටක් ගැන සිතන දේශපාලකයන් අපි තවමත් නොදුටුවෙමු.
"රජයක් හැටියට ගතයුතු සෑම පියවරක්ම නිසි ලෙස අපි අරගෙන තිබෙනවා." ටිකක් අපහැදිළියි. රජයක් ලෙස කෙසේ වෙතත් රටක් ලෙස නම් කොහෙත්ම නැහැ.
මේ කථාවේ සමස්තය ගත කලද "මම තමයි හොඳටම කරේ" කියා පෑම මිස වෙන යමක් නොවේ. මේ තාක් වී ඇති විනාශයන් වලට හේතුව යටපත් කර ලෝකයෙන් අප රටේ ජනතාව වෙත නොමිලේ ලබාදුන් සහ, ලෝක බැංකුව මගින් ණය සහන පදනමින් ලබා දුන් එන්නත් තමන්ගේ වීර ක්‍රියාවක් ලෙස හුවා දැක්වීම ම ඔහු ගේ අසමත් බව කියාපායි.
"රජයක් හැටියට ගතයුතු සෑම පියවරක්ම නිසි ලෙස අපි අරගෙන තිබෙනවා." ටිකක් අපහැදිළියි.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පළමු අවස්ථාව 2020 ජනවාරි 26 දින වාර්තා විය. එතැන් සිට සෞඛ්‍ය බලධාරීන් වෙනස් විය; ඇමතිවරු ගණන වැඩි කළා. නමුත් එකම පාලකයා තවමත් රට පාලනය කරයි. ශ්‍රී ලංකාව මාලදිවයින වැනි දූපත් රටකි- අපේ ජනගහනය 21,514,893 ට වඩා 4 ගුණයකින් අඩු අපේ රට 6790 ට සාපේක්‍ෂව වාර්තා වී ඇත්තේ මරණ 222 ක් පමණි. ඔවුන් දිනපතා පරීක්‍ෂා කරති. මේ මස 14 දා සිට අපේ පරීක්‍ෂණ අවසන් වී ඇත. විපක්ෂයට, වෘත්තීය සමිතිවලට, ගුරුවරුන්ට සහ වෙනත් අයට දොස් නොකියන්න.
ජනාධිපතිතුමනි විරුද්ධ පක්ෂයේ ආර්ථික පඬිවරුනම් කියන්නේ මේ ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ එන්න ජ්‍යතියන්තර මුල්‍ය අරමුදල සමග එකතු වෙන්න කියලා;
අන්තිමට මහ ජනතාවට තගක් දාලා, "දීර්ඝකාලයක් වසා තැබීමට සිදුවුවහොත් රටේ සියලු දෙනාම කැපකිරීම් කරන්නට සූදානම් විය යුතුයි කියලා". ඒ කියන්නේ මේක කරන්නේ සඳුදා ඉදලා මිනිස්සු බලය අතට ගෙන රට වහන්න ඉස්සෙල්ලා බයට.
බොරු කතන්දර කියලා, මෝඩ මිනිස්සුන්ව රවටලා, රටේ නායකයා වුණා.
මිනීමරුවන්ට ජනාධිපති සමාව දීලා අපිට කියනවා රට අරාජික කරන්න එපා කියලා
එන්නත් කරණය නෙමෙයි මේකට තියන විසදුම , කරන්න ඕනේ පුළුවන් තරම් PCR වැඩිකර සමාජයේ සිටින කොවිඩ් රෝගීන් හඳුනාගෙන ඔවුන් ලෙඩේ බෝකරන් එක නැවත්වීමයි , අපි වගේ පුංචි රටකට ඕක කරන්න පුළුවන් , අද චිනේ කරන්නේ ඕක , එක තේරුම් ගන්නකන් ලංකාව දිනෙන් දින අරාජික වෙයි
රට අරාජික කරලා තියෙන්නේ කවුද කියලා ගිහින් බලන්න කන්නාඩියකින්.
ඔබතුමා ගැන මේ රටේ මිනිස්සු හොදට දන්නවා. රටකට ඕනා ඔබ වැනි බුද්ධිමත් නායකයින්. උද්ගෝශන පසුපස සිටියේ කවුද සහා ගුරුවරුන් කියා රුපියල් 1000ට කිසිදු රැකියාවක් නොකරන මිනිස්සු ගෙන්නුවේ කියලත් රටම දැනගත්තා.
පලවෙනි පාර ආපු වෙලේ ඡන්දේ තිබ්බා රට වැහුවා. එන්නත් නැතුව අපූරුවට පාලනය කලා. දැන් රටේ බිදවැටීමලු, වහන්න බෑලු, එන්නත පට පට ගහලා ගැහුවාම සේරම හරිද. ජනතාවාදි වෙන්න ඔන ආණ්ඩුවක්. ජනතාව රැකුනොත් අපිට ඉදිරියක් දකිනන පුලුවන්. රටේ ආර්ථිකය ගැන හිතනවනම් කරන්න බෝම දේවල් තීනවා. උස පුටු වල ඉන්න අය සිදු කරන දේවල් වලින් මේ රට බෝම කාලයක ඉදන් කඩන් වැටුනේ.
රට අරාජික කලේ කවුද කියන එක දැන් රටම දන්නවා. මැරෙන්න ඇරපු ජාතියක් අමතලා වැඩක් නෑ. මේ වැහිල්ල කලෙත් රටේම සංවිධාන, මහානායක හිමිවරු සහ විපක්ෂයේ කණ්ඩායම් ඉල්ලා හිටපු නිසා. වෙළඳ සංගම් සහ වෘත්තීය සමිති රට වහගෙන වහගෙන ගිය නිසා ලැජ්ජාවෙන් බේරෙන්න. නැතුව රට වහන්න ආණ්ඩුවට කිසිම උවමනාවක් අදටත් නෑ.
දෙපැත්තේ සියලු දෙනා ගහපු ඒවා දුන්නානම් ණය එකවර ගෙවලා ආඩම්බරයෙන් රටක් විදියට නැගිටින්න පුළුවන්.
ලොක්ඩවුන් කාලසීමාවේ සේවයට කැදවන සේවකයන්ට වැඩකරන දින වලට පමණක් වැටුප් ගෙවිය යුතු චක්‍රලේඛයක් හදන්න. සුලු ව්‍යාපාරිකයො වශයෙන් වැඩ නොකර පඩි ගෙවන්න අපට අපහසුයි. පසුගිය ලොක්ඩවුන් කාලයේ කිසිදු දිනක ආයතනය විවෘත නොකර මාස දෙකක පඩි දෙන්න උනා. රාජ්‍ය සේවකයන්ට සම්පූර්ණ වැටුප් ලැබෙන නිසා නිරෝධනය නීතීන්ට යටත්ව අනිවාර්යයෙන් වසා තැබිය යුතු ආයතන සේවකයින් පිලිබද කිසිදු හැගීමක් නෑ. මෙවන් ව්‍යසනකාරී අවස්ථාවක රට වෙනුවෙන් හැමෝම කැපවීම් කරන්න ඕනෙ.
මේ සත්‍ය සියලු දෙනාම තේරුම් ගත යුතුයි... අපි ඉතා කුඩා ආර්ථිකයක් තියෙන රටක්... සියලු දේ පිටරටින් ගෙනැල්ලා කන්න දෙනකම් බලන් ඉන්න ජාතියක්... තම තමන්ගේ දේශපාලන පක්ෂයේ මතය අනුව ජනාධිපතිට රට පාලනය කරන්න ඕනෑ කියලා හිතන මිනිස්සු එක්ක මේ රට මෙහෙම තියෙන එකම ලොකු දෙයක්... කිසිම හික්මීමක්, විනයක් නැතුව අඩුම තරමින් දෙන උපදෙස්වත් පිළිපදින්නේ නැතුව ආණ්ඩුවටම දොස් කියනවා. අපි හැමෝම අමාරුවෙන් ඉන්න කාලයක්... රජයේ සේවකයිනුත් මේ වෙලාවේ කැපකිරීම් කළ යුතුයි. ඔවුන් ඉන්නේ ගෙදර...
ඇමැතිලගේ පටි මුලින් තද කරලා අපිට ආදර්ශයක් දෙන්නකෝ... ඇමැතිලගෙන් එකතු කරපු සල්ලිවලින් කරපු වැඩ අපිට පෙන්නන්නකෝ...
අඩුම ගානේ මේ කමෙන්ට්ස් බලලා එතුමාට කියන්නේ කවුරුත් නැද්ද?
කතාව හරියටම හරි... නමුත් වෙලා තියෙන්නේ අපේ රටේ කල්ලි ඉන්නවා රට කන්න හදන...
“නිරෝධායනය වන සෑම පවුලකටම සති දෙකක් සඳහා රුපියල් 10,000ක සහන මල්ලක් ලබා දෙනවා” - හරියටම 10000 සහන මල්ලේ බඩු තියෙනවද කියලා පසුවිපරමක් කළොත් හොඳයි “නිධන්ගත රෝග තිබෙන අවුරුදු 60 ට වැඩි අය ඉලක්ක කරගෙන සතියකට වරක්වත් ඇන්ටිජන් පරීක්‍ෂාවක් කරන ලෙස මම සෞඛ්‍ය අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා” - සෞඛ්‍ය අංශ කෙසේවෙතත් පෞද්ගලික අංශයෙන් වත් රපිඩ් ඇන්ටිජන් කරන්න තැනක් හෙව්වොත් හොඳයි.. 6500 ගානේ දීලා ඇන්ටිජන් පරීක්‍ෂාවක් කරන්න බැහැනේ හැමෝටම..
ආර්ථික තත්වය ගැන කවුද වගකීම බාරගන්නේ? දේශපාලකයින්ද? නැතිනම් පොදු ජනතාවද?
මෙවන් ව්‍යවසනයකදී පක්ෂ විපක්ෂ සෑම දෙනාම පොදු අරමුණ සඳහා කටයුතු කළ යුතු වෙනවා. සෑම තීරණයක්ම හොඳ සහ නරක දෙකම ඇති නිසා වඩාත් හොඳ තීරණයකට හැම දෙනාම සහයෝගය දිය යුතු බවයි මගේ අදහස...
මේක වවුලන්ට පැනවපු නීතියක් වගේ.., රාත්‍රී 10 යේ ඉඳලා පාන්දර 4 වෙනකම් මිනිස්සු ඉන්නේ ගෙවල්වල නේද? මොනවද මේ විකාර...?
රට අරාජික තත්ත්වයට පත් කරේ ඔයානේ... ඔයා ඔයාටම ඕක කියා ගත්තා නම් හොඳයි...
රටක් අරාජික වීම යනු කුමක්දැයි තේරුම් ගෙන මෙතුමා එම අදහස් පාවිච්චි කළ බවක් නොපෙනේ..! - රට අරාජික කරපු දේශපාලකයින් රැලක්, රට අරාජික කරන්න එපා යැයි රට වැසියාට කීම දේශපාලන නූගත් බවකි..!
මිනිස්සු දැන් ඔය බයිලා පිළිගන්නේ නෑ. දුප්පත් මිනිස්සුන්ට කැපකිරීම් කරන්න කියන්න කලින් තමුන්නැහෙයි රටේ මුදල් ගසා කන අයයි. පාර්ලිමේන්තුවේ ඉන්න කාලකණ්නි ටිකයි කැපකිරීම් කරලා පෙන්වන්න. අධි සුඛෝපභෝගි වාහන ගෙන්වන්නේ කැපකිරීම් කරන්නද..? ඔයා බබාද..? ඔයාලාට සැප විඳින්න අහිංසක මිනිස්සු කැපකිරීම් කරන්න ඕනෑද...? හීනෙන් කියවන්න එපා...
මුලින්ම තමුන්ගේ වටේ ඉන්න පිසාචයින් ටිකට පොළවට බහින්න කියන්න. ආදර්ශයක් දෙන්න මුලින්...
එතකොට අර ඇමතිලා කතානායකලා බීපු පැණිය වැඩක්ම නැද්ද?
අන්තර් ජලයේ තිබුණු මසුරන් කතාවක්. "හොඳයි මහජනතාව මේ කැප කිරීම් කරන්න සූදානම්ද? ඔව්. මුලින්ම පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට ගෙවන වැටුප නවත්තන්න. මන්ත්‍රි විශ්‍රාම වැටුප නවත්තන්න. ඔවුන්ට දීලා තියෙන වරප්‍රසාද, බදු සහන ඉවත් කරන්න. පාර්ලිමේන්තුව ඔන්ලයින් රැස් කරන්න. නිකම් කන්න දෙන භෝජනාගාරය වහලා දාන්න. රටේ ඉහළම ආදායම් ලබන සුපිරි පොහොසතුන්ගේ ආදායම් මත 50% ක බදු පනවන්න. තමන්ගේ රජයකුත් පත් කරගෙන නොවිඳිනා දුක් විඳින මිනිස්සුන්ට කථා කිරීමේ නිදහස දෙන්න. ආණ්ඩුවේ බොරු වියදම් නවත්තන්න. සියලුම රජයේ අමාත්‍යංශ පවත්වාගෙන යන පෞද්ගලික ගොඩනැගිලි වලට ගෙවන කුළිය මාස 3 ක කාලයක් සඳහා 50%ක් දක්වා අඩු කරන්න. පුළුවන් නම් කරලා පෙන්නන්න... මොකද ඒ අමාත්‍යංශ කුලිය ලෙස කෝටි ගණනක් ගෙවන මහජන සල්ලි වලින් විශාල ප්‍රමාණයක් ආපසු ඇමතිවරයාට අත යටින් ලැබෙන එක නැවත්තුවොත් විතරයි මේක කරන්න පුළුවන්." දෙගොල්ලන්ම කැප කිරීම් කරමු.
රට අරාජික කළේ මෙයාම තමයි. රට විනාශ මුඛයට දැම්මා. පලපුරුද්දක් නැති, නායකත්වයක් නැති, හිතුවක්කාර පාලකයෝ පත්කරපු ගොන්නු මේවාට වගකිව යුතුයි.
රටේ මිනිස්සුන්ට තියන විනය නැතිකමට මුල් දශක ගණනාවක් දේශපාලන පද්ධතියේ තිබෙන දේශපාලනයට සම්බන්ධ අයගේ මංකොල්ල කෑම පිළිබඳ ජනතා විඥාණයයි. මෙවරත් ඡන්දෙටත් උදව් කළ ගෝල බාලයින් මංකොල්ලය පටන් ගත්තේ ගස්, පස් සහ කෝවිඩ් ආශ්‍රිතවයි. පාදඩ සාමාජයේ දේශපාලන හෙංචයියන් එසේ කළද, රටේ බහුතර ජනතාවට නීතිය එකක් බැවින් ඔවුන් නීති ප්‍රකාරව තම පොහොර ටික සහ වැටුප් විෂමතා ඉල්ලා සිටියේ විපක්ෂයට ගිය නිසා යැයි නොසිතිය යුතුයි. විපක්ෂය ජනතාව පසුපසින් ආ බව බොහෝ අයගේ මතයයි. ජනපති ජනතා කැමැත්තෙන් පත් වූ අතර තම අයිතීන් ඉල්ලූවිට ඔවුන් විපක්ෂයේ යැයි නොසිතිය යුතුයි. රජය දැන් කළ යුත්තේ ලෝකයේ අප හා සමාන ජනගහනයක් ඇති රටවල ඉන්න තරමට ඇමති සංඛ්‍යාව සීමා කොට කෝවිඩ් අරමුදල විගණනය රජයේ විගනාධිපතිට යටත් කොට රජයේ මධ්‍යම හා ඉහළ වැටුප් ලබන අයගේ වැටුප් ප්‍රතිශතයක් අරමුදලට එක් කිරීමයි. මංකොල්ල කෑමේ උච්ඡතම අවස්ථාවක ඉන්න අතර ජනතාවද පීඩනයෙන් මිරීකී ගොසිනි. නිහතමානි වී සැවොම රට ස්ථාවරව පවත්වා ගැනීමට උදව් කළ යුතුයි...
1952 මුලදීම සිංගප්පූරුවට සමාන ජපානයට දෙවෙනි වූ ආර්ථිකයක් තිබුණු අපේ රට කුඩා පරිමාණ ආර්ථිකයක් බවට පත් කලේ කවුද ඔබ වැනි මුග්ධ මිනිස්සු ඉන්න තාක් කල් මේ රට සංවර්ධනය නොවේ.., හේතුව මේ රට මෙවැනි තත්ත්වයට ඇද දැමූ දේශපාලකයන්ට ප්‍රශක්ති ගායනා කිරීමයි.. මේ රට මේ තත්වයට වැටීම සම්පූර්ණ වගකීම මෙවැනි අමන හැඟීම්වල සිටින ඔබ වැනි මිනිසුන්ය..
නියමයි... මේක කොළ අත සහ රතු අත අතර තරගයක්...
ඔබතුමා මුලින්ම කෝවිඩ් මර්දන බලකාය හදනකොට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සිටිය තිස්ස විතාරණ, රමේෂ් පතිරණ වැනි මහත්වරුන්ට සහ ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වැනි ක්ෂේත්‍රය ගැන දැනුමක් තියෙන පුද්ගලයන් මේ පුටුවලට දමන්නේ නැතිව වෙනත් අය එතැනට දැම්මා.. නිරෝධායන නීති කඩකරමින් අනවශ්‍ය වැඩ කළා. කලට වේලාවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ එන්නත් ඇණවුම් නොකර, ධම්මික පැණි සහ මුට්ටි ගඟේ දැමීම කළා... නිරෝධායන හෝටල් මාෆියාවට විදේශ ශ්‍රමිකයෝ සහ සංචාරක ක්ෂේත්‍රය ගසාකන්න ඉඩදීලා උඩබලාගෙන හිටියා. එමගින් රටට ලැබෙන විදේශ විනිමය නැති කරගත්තා. මේ වැරැදි පිළිඅරන් කොනක සිට නිවැරැදි නොකළොත් තව අවුරුද්දක් ගියත් රට කොරෝනාවෙන් ගැලවෙන්නේ නැහැ.
ඔව් අනේ, මේ රට කිසිවකු අරාජික කරන්න එපා...
බෝම්බ පුපුරලා රට අරාජික කරා ඒ සාපය තමයි මේ
ලෝකෙට ණය වෙලා ලබාගත්ත ප්‍රතිලාභයක් තිබේද.?
මේ ආණ්ඩුව තමයි වෛරසය. විනයක්.
“රට අරාජික තත්ත්වයට පත් කරන්න එපා“ හුටා..! එතකොට අපි පත්කරපු රජාට මොකැයි වුනේ?
හත්වලාමයි........! ඒ කියන්නේ මෙයා රජකම අතඇරලා ආපහු ඇමෙරිකාවේ යනවා කියලාද?
රට අරාජික තත්ත්වයට පත් කරන්න එපා........! “අයියණ්ඩිය බිය නොවන්න මම ඒ පෝස්ට් එක බාරගන්නම්.....!”
ශ්‍රී ලංකාව සහ COVID -19 රෝගය පිළිබඳව ලන්ඩනයේ අහස යට සිට.. ශ්‍රී ලංකාව, ඉන්දියාව හා සමාන තත්වයට පත්වන්නට පෙර ඇඳිරි නීතියත් සමගින් ගමන් බිමන් සීමාවන නීතිරීති ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත්... නමුත් එය ක්‍රියාත්මක කිරීමට ප්‍රමාද වූවා... කෙසේවෙතත් අවසානයේදී සෞඛ්‍ය අංශයට මුල්තැන දියයුතු බව රජයක් කිසිවිටෙක අමතක නොකළ යුතුයි. සෞඛ්‍ය බලධාරීන් සහ වෛද්‍ය අංශය නොකඩවා ඉල්ලා සිටියා මීට පෙර ඇඳිරිනීතිය ක්‍රියාත්මක කරන ලෙසට. මේ දවස් 10ක් ඇඳිරිනීතිය දාලා මොනවා කරන්නද? දැනට සති ගාණකට ඉස්සර නම් මේ දවස් 10යෙන් යම් ප්‍රතිඵලයක් ලබා ගන්න තිබුණා. මෙතැනින් ගැලවීමක් නෑ. දැනට තිබෙන තත්වයෙන් මිදෙන්න නම් මාස එක හමාරක් වත් ඇඳිරි නීතිය පනවන්න වෙනවා. ලෝකයේ බොහෝ රාජ්‍ය නායකවරු රටවල් ඇරියේ රටේ ජනගහනයෙන් 50% කටවත් අඩුමගානේ පළමු එන්නතවත් ලබා දුන්නට පසුවයි. ඒකට ලංකාවේ දේශපාලුවන් ටික කලේ එන්නත් හොරකම් කරලා, අපි තමයි වටිනාම මිනිස්සු කොටස කියලා පරම්පරාවල් පිටින් එන්නත් කර ගත්තු එක... වයස සීමාවක් නැහැ. දැන් අසරණ අපේ වැඩිහිටියන් මැරිලා යනවා.
තෙල් බැරල් එකක් ඩොලර් 11 අඩු වෙලා, තෙල් මිල අඩු කරන්න.
මේ කොමෙන්ට් වලට ඩිස් ලයික් දාන්න කුලිකාරයෝ හැටියට ජනතාව දරන මතය වෙනස් කරන්න ටිකක් අමාරු වෙයි ලොක්කා. යු.ඇන්.පී ආණ්ඩුවලට පින් සිද්ද වෙන්න ඇඟලුම් කම්හල් වලින්, විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම නැත්නම් හොම්බෙන් තමයි යන්න වෙන්නේ. මොකද නෙලුම් කුලුනෙන්, සුරිය වැව පිට්ටනියෙන්, හම්බන්තොටින් කියලා ආදායම් එනවා කියලා යෑ.
රට මේ තත්වෙට පත්කරලා තියෙන්නේ ජනතාවද.?
අප රටේ සමහරු ඉතා වියදම් අධික ජීවිතයක් පෙන්නුම් කිරීමට උත්සහ කරන්නේ යටත් විජිත මානසිකත්වය නිසා බව ඔවුන් දන්නෙ නැහැ. බ්‍රිතාන්‍ය වැනි විශාල රටකත් පාර්ලිමේන්තුව රැස්වෙන්නෙ ඉතා කුඩා කාමරයක. කොවිඩ් සමයේ ඔවුන් ඔන්ලයින් රැස්වන බව කියනවා. ඒත් අපේ කුඩා රටේ පාර්ලිමේන්තුව පුරාජේරුවෙන් පිරි නඩත්තුව සදහා දිනකට කෝටි ගණන් වැයවන තැනක්. එම ස්ථානය විශේෂ අවස්ථාවකට සීමා කර බ්‍රිතාන්‍යය මෙන් කුඩා තැනකට එක් රැස් කිරීමේ වෙනස ඔබතුමාට කල හැකියි. එය අතපසුවීම් බොහොමයක් අමතක කොට ජනතා ප්‍රසාදය හිමිවන කරුණක් වේවි.
අනේ පව් වහල්ලුන්ට මෙදාසැරේ කිරිබත් කන්න වෙන්නේ නැහැ..
මම පැහැදිලි කරන්නම්. මුලින්ම කළ දේ තමයි මේක සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස නොදැකීම... මේ ප්‍රශ්නය දුටුවේ ත්‍රස්තවාදී ප්‍රශ්නයක් ලෙස... එසේ සිතා සෞඛ්‍ය බලධාරීන්ව ඉවත්කොට හමුදා බලධාරීන්ට මූලිකත්වය දීම... ඊළඟට එක එක අයට වෙන වෙනස් විදියට නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීම. තමුන්ගේ යාළුවන්ට කොරෝනාව ගරානාවක් කර ගන්න ඉඩ දීම. ඊළඟට වෙලාවට රට නොවැසීම. ආණ්ඩුවට සම්බන්ධ අය රටට එනකන් ගුවන්තොටුපල නොවැසීම. ඒ අතරේ කෝවිඩ් ආසාධිත සංචාරකයින් ගෙන්වීම... එන්නත්කරණය වෙනුවට පැණිය සහ කලගෙඩි නැටුම් හඳුන්වාදීම, එන්නත ගෙන්වීම ප්‍රමාද කිරීම සහ රට පුරා පැතිරෙන්න ඉඩ හැරීම. මේ පියවරයන් ගැන වෙන්න ඇති එතුමා කියන්න ඇත්තේ...
කරුණාකරලා කරන්න පුළුවන් කෙනෙකුට දීලා මෙයාට යන්න කියන්න අප්පා.