
(යොහාන් භසුර)
හිටපු අමාත්‍යවරයකු මෙන්ම ශ්‍රී ලංකා දේශපාලනයේ වඩාත් ආදෝලනාත්මක චරිතයක් වූ මංගල සමරවීර මහතා ‘කොවිඩ්’ ආසාදනය වීමෙන් අද (24) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.
‘කොවිඩ්’ ආසාදනය වීමෙන් සතියකට අධික කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වන විට 65 වැනි වියේ පසුවිය.
1956 වසරේ අප්‍රේල් මස 21 වැනිදා උපත ලැබූ මංගල පින්සිරි සමරවීර මහතා විදේශ කටයුතු සහ මුදල් යන වඩාත් භාරධූර අමත්‍යංශ ඇතුළු අමාත්‍ය ධූර රැසක් හෙඹවූ ප්‍රබල දේශපාලන චරිතයකි.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාතර දිස්ත්‍රික්කයේ සංවිධායකරයා ලෙස 1983 වසරේ දේශපාලනයට පිවිසි මංගල සමරවීර මහතා 1989 වසරේ පැවැති මහ මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්යෙන් පාර්ලිමේන්තුවට පළමු වරට තේරීපත්විය.
1994 වසරේ පත්වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රජයේ ජනමාධ්‍ය අමාත්‍ය ධූරය ලැබූ ඒ මහතා ඉන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතාගේ රජයන්හී වරින් වර විවිධ අමාත්‍ය ධූරවල කටයුතු කළේය.
මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් රජයෙන් 2007 වසරේ ඉවත් කිරීමෙන් පසුව ඒ මහතා එක්සත් ජාතික පක්‍ෂයට එකතු වූ අතර ඒ මහතා අවසන් වරට 2015 වසරේ සිට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රජයේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.
අවසන් වරට 2020 වසරේ පැවැති මහ මැතිවරණයේදී සමඟි ජනබලවේගය පක්‍ෂයේ මාතර දිස්ත්‍රික් ලැයිස්තුවට ඇතුළත්ව සිටි ඒ මහතා එම ලැයිස්තුවෙන් සහ පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඉවත් වන බව නිවේදනය කළේය.
අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව අද (24) සිදුකෙරිණි.
එම අවස්ථාවට දේශපානලඥයින් ඇතුළු මංගල සමරවීර මහතාගේ හිතවතුන් රැසක් එක්ව සිටියහ.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම්, මුජිබර් රහුමාන්, එක්සත් ජාතික පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය යන මහත්වරුන්ද ඒ අතර විය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි, තවත් කොරෝනා මරණයක්. තව කීදාහක් මේ වගේ වෙනවා ඇත්ද.?
අයියෝ, මේ රටට විශාල සේවයක් කල කෙනෙක්. මාතර පැත්තේ වැඩක් කල එකම දේශපාලකයා මෙතුමා.
ඉතාම කණගාටුදායක පුවතක්. කිසිම හොරකමක් නැතුව හිටපු පුද්ගලයෙක්.
හරිම කණගාටුදායක පුවතක්.... බොහෝ විවේචනයට බඳුන් වූ දේශපාලඥයෙක්..... ලද පරිභව ඉවසා සිටි පුද්ගලයෙක්. හොඳ මහත්මයෙක්..... ඔබතුමාට නිවන් සුව ලැබේවා....!!!
මෙතුමාගේ සමහර අදහස් සමඟ මම එකඟයි. චීවරධාරීන්, ශාසනයේ නාමයෙන් ව්‍යාපාරිකයන්ගේ හා දේශපාලකයන්ගේ අතකොලු බවට පත්වී සිටින බව නිර්භයව ප්‍රකාශ කලේ මෙතුමා. මෑතකදී ෆයිසර් එන්නත ඇමරිකාවෙන් ලබා ගැනීමට මැදිහත් වුවත් ලකුණු දමාගැනීමෙන් තොරව නිරහංකාරව සිටීමත් අගය කල යුතුයි. විවිධ දේශපාලන හා සමාජ සම්මතයන් පිළිබඳව විවේචන ඇතත් එතුමාට සාමාන්‍ය පුද්ගලයකුට වඩා බුදු දහම පිළිබඳ නිවැරදි දැක්මක් පැවති බව මගේ මතයයි. ඔබට නිවන් සුව!
දේශපාලන පොර බිමේ සුවිශේෂී චරිතයක් නිරූපණය කල ඔබතුමා ට නිවන් සුව ලැබේවා !
දේශපාලන මතය සහ ඔහුගේ පුද්ගලික දේවල් කෙසේ වෙතත් මොහු මේ රටට වටිනා පුද්ගලයෙක්... ඔහුගේ වියෝව මේ රටට ලොකු පාඩුවක්.. නිවන් සුව ලැබේවා..!!!
අපගේ බලවත් කණගාටුව.
අවංක දේශපාලකයෙක්. කෙතරම් ජනප්‍රිය නොවුනත් තමාගේ මතය නොබියව ඉදිරිපත් කල චරිතයක්. ඔබට නිවන්සුව පතමි
එතුමා, මේ රටේ ජනතාවගේ මුදල් හොරකම් නොකරපු වැදගත් දේශපාලනඥයෙක්. ඒ වගේම ලංකාවේ දේශපාලනඥයින්ට කත් අදිමින් බඩගෝස්තරය මෙන්ම සුඛ විහරණයෙන් සැපවත්ව දිවිගෙවන හොර තක්කඩි පිංගුත්තර කල්ලි ගැන නොබියව ප්‍රකාශ කල එතුමාට ගරු කරන අතරම, එතුමාට අමා මහා නිවන් සුව අත්වේවා යයි පතමි!!!
අද ඉන්න දේශපාලකයින් අතර සිටි හොඳ මිනිහෙක්. කණගාටුයි. නිවන් සුව!
අයියෝ හොඳ මිනිස්සු සේරම නැතිවෙන කාලයක්, සෘජුගති තියෙන මෙතුමන් මේ මඩ ගොහොරුවේ මලක්...
පසුගිය ඡන්දවලදී රටේ බහුතර ජනතාව රට අගාධයට ගෙනයන රාජපක්ෂලාම පත් කරගත් ආකාරය ගැන එතුමා තුල ලොකු කළකිරීමක් තිබුණා. ජනතාව විසින් තම වල කපාගත් ආකාරය ගැන එතුමා තුළ ලොකු කලකිරීමක් තිබුණා. රාජපක්ෂ පාලනයකින් පසුව නැවත මේ රට ගොඩ ගන්න හැකි වේවි දැයි එතුමා තුළ ලොකු සැකයක් තිබුණා. තම වයස අනුව ඒ සඳහා නැවත අවස්ථාවක් ලැබේවි දැයි එතුමා තුළ සැකයක් තිබුණා. පසුගිය යහපාලන ආණ්ඩුව තුළ මුදල් ඇමැති ලෙස එතුමා ගත් විප්ලවීය තීන්දු තීරණ සමකළ හැක්කේ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මුදල් ඇමතිතුමා ගත් තීරණ සමග පමණයි. එවන් වීරෝදාර නායකයින් බිහිවන්නේ කලාතුරකින්. ඔබට නිවන් සුව පතමු..!!!
ජනතා මුදල් හොරකම් නොකළ මෙවන් අවංක දේශපාලනඥයෙකුගේ අභාවය රටට පාඩුවක්....
මා ගරුකළ, පගා නොගහපු රටට වැඩක්කල මිනිසෙක්. ඔබතුමා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 15%ක් අවුරුද්දට දුන් පොලිය නිසා අද කීදෙනෙක් කරදයක් නැතිව තම විශ්‍රාම ජීවිතය ගතකරනවද? ඒ පිනම ඇති ඔබතුමාට. ඔබතුමාට නිවන් සුව ලැබේවා...!!!
මාතරට අමිල සේවයක් කල නියමුවා ...සුබ ගමන් !!!
කණගාටුදායක ආරංචියක්. රටේ පාර්ලිමේන්තුවේ සිටිය යුතු දේශපාලන චරිතයක්. අවස්ථාව ඇතිවිට විදේශ සහ මුදල් අමාත්‍යාංශ හොඳින් පරිපාලනය කළා. ඔබට නිවන් සුව...
ඔහු ඉතා ශූර රාජ්‍ය තාන්ත්‍රිකයෙක්. ලොව බලවත් රටවල රාජ්‍ය නායකයින් සහ නිලධාරින් සමග ඔහු ඉතා කිට්ටුවෙන් ආශ්‍රය කළා. ඔවුන් සමග කිට්ටුවන්තයින් ලෙස ඇසුරු කළා. ඔහු ඒ වාසිය තම මාතෘ භූමියට ලබා දුන්නා. 2000 වසරේදී කොටි ත්‍රස්තවාදීන් යාපනය අර්ධද්වීපය වටකොටගෙන මසක් පමණ කාලයක් පුරා පහර දෙන අවස්ථාවේදී..., ලොව බලවත් රටවල් ශ්‍රී ලංකාවට අවි ආයුධ සැපයීම නතර කර තිබියදී, චෙක් රාජ්‍යයට ගොස් මල්ටි බැරල්, රොකට් යන්ත්‍ර ගෙන ආවේත්, යුක්රේනයට ගොස් මිග් යානා ගෙනආවේත් එතුමායි. කොටින්ට එරෙහි අවසන් සටනේදීත් යොදාගත්තේ එම අවි ආයුධයි. මේ ඉතිහාසය දන්නේ ඉතා සුළු පිරිසකුයි. එහෙත් කිසිම විටෙක ඒ ආයුධවලින් කොමිස් ගහන්න ගියේ නෑ එතුමා. ඒ වගේ වැඩවලින් කිසිදිනෙක තමන්ගේ නම කැත කර ගත්තේ නෑ එතුමා...
ඔහුගේ ආගම්, සංස්කෘතිය, දේශපාලනය මත ගැන විවේචන තිබුණත්, රටට ගොඩක් වැඩ කළ දක්ෂ දේශපාලකයෙක්. ආණ්ඩු පෙරලීමට, හැදීමට හපනෙක්. ජීවිත කාලේ හොඳට සැප වින්දා... සුබ ගමන්...
කාට කාටත් අන්තිමේ ඉතිරි වෙන්නේ හතර රියන විතරයි.
මහජන මුදල් කිසිදිනෙක අවභාවිතා කළා කියලා චෝදනා නැති වැදගත් දේශපාලඥයෙක්... මහජන මුදල් අවභාවිතා කළ අයට නම් මෙවන් ඉරණමක් සිදුවුණාට නම් දුක්විය යුතු නැහැ.
දේශපාලනය කරන හැමෝම කාගෙන් හො අඩු වැඩි වශයෙන් බැණුම් අහනවා. ඒ විතරක් නොවේ සමහරුන්ට හිරගෙවල්වල පවා යන්න වෙනවා. තව අයට ජීවිත පවා අහිමි වෙනවා. ඒත් දේශපාලනය කරනවා. බනින අයම සමහර විට නැවත ඡන්දයත් දෙනවා. නැවත බනිනවා... මිය ගියාම දුක්වෙනවා. සංසාරේ හැටි. කොහොම වුණත් මංගල සමරවීර මහත්තයා දේශපාලනයේ කැපී පෙනුණු චරිතයක්... එතුමාට නිවන් සුව පතනවා..
බහුතරයක් විරුද්ධ වුවත් නොවෙනස් ලෙස තම මතය වෙනුවෙන් පෙනි සීටීමට ශක්තිමත් කශේරූකාවක් තිබු අයෙක් ලෙස ඔහුට නිවන් සුව පතමි!!!
නිවන්සුව අත්වේවා.....!!
පාර්ලිමේන්තුවේ වචන දෙක තුනක්වත් කථා නොකර පුටු රත්කරන, නිදාවැටෙන බොහොමයක් මන්ත්‍රීන් ඉන්න යුගයක මෙතුමා ඉතා එඩිතර කෙනෙක්... අඩුපාඩු අහුවෙන්නත් වැඩ කරලා තියෙන්න ඕනෑ කියන්නා වාගේ බැහැලා වැඩ කළ කෙනෙක්... නිවන් සුව!
හොඳ මහත්මා දේශපාලකයෙක්... පැවසිය යුතුදේ නිර්භයව ප්‍රකාශ කරලා... රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ලංකාවට බොහෝ අවශ්‍ය දේවල් කෙරුවා. නමුත් ඒවා තමුන් කළඹවා ප්‍රසිද්ධ කරන්න නොගිය අවංක දේශපාලකයෙක්... ඔබට අමාමහ නිවන් සුව...
ආණ්ඩුවට මුල ඉඳන්ම කෝවිඩ් අනාගෙන නාගත්ත නිසා තව මොනවා වෙයිද මන්දා..?
මංගල කියන්නේ වැඩ පෙන්නපු පොරක්... රටට, ගමට ණය නැති පුතෙක්. මෙවන් වටිනා මිනිසුන් අපිට අහිමි කරන කෝවිඩ් වසංගතයට නියම විසඳුම් නොදුන් දේශපාලකයින්ට සාප වේවා...!!!
මංගල සමරවීර මහතා ලංකාවේ වර්තමානයේ සිටින වඩාත්ම දියුණු ලිබරල් අදහස් සහිත දේශපාලකයා විය. එසේම බොරු නොකියා විවෘතවම තම අදහස් කියා පාන එකම දේශපාලකයා විය. මහජන දේපල හොරකම් කිරීම පිළිබඳ චෝදනාවකට බඳුන් නොවූ දේශපාලකයා විය. එම හිදැස පිරවිය හැකි අයෙක් අද දේශපාලන කරලියේ නැත.
මාතර නගරය අද තියෙන තත්වයට ගෙනාවේ එතුමා. මාතර බස් නැවතුම්පළ..., නව නගර සැලසුම, පාලම, පරෙවි දූපත සංවර්ධනය වගේම බ්‍රවුන්ස් හිල් සහ පොල්හේන වෙරළ තීරයන් අද තියෙන තත්වයට සංවර්ධනය කලේ එතුමා. මාතර විතරක් නෙවෙයි, කොළඹ නගරයටත් අද තියෙන අලංකාරය ගෙන ආවේ එතුමායි... දශක ගණනාවක් කොළඹ නගරයට බරක්ව පැවති බේරේ වැවේ ගඳ නැතිකරලා එහි බෝට්ටු සේවයක් ඇති කළේත් එතුමායි. කොළඹ ගෝල්ෆේස් පිටිය අද තියෙන තත්වයට ගොඩ නැගුවේත් එතුමා. සහශ්‍රපුර තට්ටු නිවාස සංකීර්ණය එතුමාගේ සංකල්පයක්... ඉතා අඩුවෙන් කතා කොට වැඩියෙන් වැඩ කළ, ඒ වගේම ජනතා මුදල් කොල්ලකාපු නැති අවංක ලංකා පුත්‍රයෙක් අපිට අහිමි වුණා.
සංහිඳියාවේ සළකුණ .... මංගල ඔබට නිවන් සුවය ලැබේවා...!!! මුස්ලිම් අපගේ බලවත් ශෝකය...
ජනතාවගේ මානව හිමිකම් රැක දීම වෙනුවෙන් කල උදාර මෙහෙවර වෙනුවෙන්, විශේෂයෙන්ම 88-89 භීෂණ සමයේ මවු පෙරමුණ පිහිටුවාගෙන කල උතුම් සේවය වෙනුවෙන් නැවත මිනිස් ආත්මයක්ම ලැබේවායි ප්‍රාර්ථනා කරමි. ජීවත් උනත් මල මිනිසුන් සේ සිටින පාලකයන් සිටින සමයක ඔබගේ වියෝව බලවත් පාඩුවකි.
ඔබව විවේචනය කල බොහෝ දෙනකුට ඔබගේ අදහස් වල වටිනාකම දැනී ඇත.
අද ඉන්න දේශපාලුවන් අතර හිටපු අවංක දේශපාලනඥයෙක්. රටේ අවාසනාව සහ හොර රැලගේ වාසනාව. ඔබට නිවන් සුව ලැබේවා.
මම අහලාතියෙන ආකාරයට බොහොම මධ්‍යස්ත මතධාරී දේශපාලනඥයෙක්. ඒවගේම ඔහු රටේ ධනය හොරකම් කල , දුෂිත " දේශකාපාලුවෙක් " නොවන බවත් බොහෝ දෙනෙක් කියනවා. ඔහුගේ පුද්ගලික ජීවිතය පිළිබඳව මගේ විවේචනයක් නැතුවා මෙන්ම , අනුන්ගේ පුද්ගලික ජිවිත අනවශ්‍ය ලෙස විවේචනය කරන්නවත් හෙලා දකින්නවත් අපට අයිතියක්ද නැත.
අපේ රටේ මිනිස්සු බොහෝ විට දෙස්පාලඥයෙකු වෙනුවෙන් අවංකවම දුක් වෙන අවසන් අවස්තාව මෙය වෙන්නට පුළුවන්.
මෙතුමාට දුශ්ශීල චීවරධාරීන් පෙන්නන්න බැහැ. නමුත් සිල්වත්, ගුණවත්, ධර්මධර, විනයධර උතුම් යතිවරුන්ට කවදත් ගරුකළා. ඔබතුමන් වඩා බුද්ධිමත් මිනිස්සුන් වෙසෙන දියුණු රටක හොඳ තැනක ඉපදේවා..!!!
රූපවාහිනියේ චැනල් අයි නාලිකාවේ නිර්මාතෘ එතුමායි. 2000 වසරේ චන්ද්‍රිකා රජයේ ජනමාධ්‍ය ඇමැතිවරයා වශයෙන් කටයුතු කරන කාලයේදීයි. එතුමා එවන් නාලිකාවක වැදගත්කම වටහාගෙන එය ආරම්භ කළේ... එහි සමාරම්භක උත්සවය තිබුනේ මාතර කොටුව අභියසදීයි. ඔහු එදා වේදිකාවට පැමිණ පැවසූ ආකාරයට අයි. එන්. එඩියුකේෂන්, යූත් ඇන්ඩ් එන්ටටේන්මන්ට්. එම නාලිකාවෙන් අඩු පහසුකම් ඇති පාසැල් දරුවන්ගේ අධ්‍යාපනයට මහඟු සේවයක් කළා. අවාසනාවකට මේ ආණ්ඩුව ආපු ගමන් ඒක වහලා දැම්මා. දුරස්ථ අධ්‍යාපනය අත්‍යාවශ්‍යම මේ වගේ මොහොතක ජනතාවට ආදරයක් නැති පාලකයින් එය වසා දැමුවා...
මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වෙයි.. ලංකාවේ හැටි ඔහොම තමයි.
ආවොත් කවදා හරි දවසක අපිට යන්න වෙනවා.. වැදගත් වෙන්න උන්නු කාලය තුළ අපි මොනවද කෙරුවේ කියන එකයි.. එතුමාගේ සමහර මතිමතාන්තර ගැන නම් මම එකඟ වෙන්නේ නැහැ.. නමුත් බොහෝ දේශපාලකයින් අතර ඔහු සෘජු සහ අවංක දේශපාලනයක් කළ කෙනෙක්.. ඔහු තම රට වෙනුවෙන් යම් කාර්යභාරයක් කළ මිනිසෙක්.. ජාත්‍යන්තරය තුළ නමක් දිනාගත් අයෙක්... ඔබට නිවන් සුව ලැබේවා මහත්මයාණෙනි...!
තෙරුවන් සරණයි...!!! නිවන් සුව...
ශ්‍රී ලංකාවේ දේශපාලකයින් අතරේ මහත්මා ගති ඇති අවංක දේශපාලකයෝ අතළොස්සෙන් කෙනෙකුගේ වියෝව ශ්‍රී ලංකාවට විශාල පාඩුවක්... ඔබතුමාට අපි පතන ආකාරයෙන් නිවන් සුව ලැබේවා....!!!
ලාංකීය දේශපාලනයේ අමරණීය චරිතයක්. දුර්ලභ, අවංක දේශපාලනඥයෙක්... අසාධාරණයට එරෙහිව හඬ නැඟූ මානව හිතවාදීයෙක්. වින්දිතයින්ගේ ජාති ආගම් නොසලකා සෑමවිටම අනුග්‍රහය දැක්වූ උත්තමයෙක්...
මේකේ කමෙන්ට් කරලා තියෙන විදිහට දේශපාලනය කරලා තිබුණානම් අද ලංකාව මෙහෙම නෑ.
තමන්ගේ මතවාදය ඇතුලේ කොන්දක් ඇතුව හිටගත්ත මිනිහෙක්... "දරුවනි, දෙමව්පියන්ට වඳින්න! ගුරුවරුන්ට වඳින්න! හැබැයි දේශපාලකයින්ට වඳින්න යන්න එපා! ඔබ ඔවුන්ට වැඳිය යුතු නැහැ!"
ඔබතුමා දැයෙන් සමුගත්තත් ඔබතුමාගේ ජීවිත කතාවේ කලු පැල්ලම් නෑ... ඔබට නිවන් සුව...!!!
හරිම කණගාටු දායකයි... ඔබතුමාට නිවන්සුව ලැබේවා...!
අවංකවම ජාතික සමගිය ඇතිකිරීමට කැපවූ, මහජන මුදල් හොරකම් නොකළ, මානව දයාවෙන් රටට සේවය කළ මහත්මයාණනි, ඔබට නිවන් සුව...!!!
හොඳ දේශපාලනඥයෙක්.. රටේ ඉන්න ඕනේ කෙනෙක්... ඔබට නිවන් සුව...!!!
කොවිඩ් කොහොමත් කාගෙවත් මූණ තනතුර බලලා නෙවෙයිනේ ගෙනියන්නේ... පරිස්සම් නොවුණොත් හැමෝටම යන්න තමයි වෙන්නේ.. ඒක ෂුවර්..
නිවන් මඟ සාදාගත යුත්තේ ජීවත්ව සිටින විටදීයි. කයෙහි මරණය නොවැළැක්විය හැකියි. ඔබ කළ දෑ ඔබ පසුපස එනු ඇත. සසර කෙටි කර ගැනීමට වාසනාව අත්වේවා...!.
සියළු දෙනා අද මංගල සමරවීර නම් දේශපාලඥයා සහ රාජ්‍ය තාන්ත්‍රිකයාගේ අකල් මරණය ගැන කණගාටු වෙනවා. 1989 වගේ අති භීෂන කාලෙක තරුණ පරපුර හැම පැත්තෙන්ම බැට කද්දී ඒ පිරිස වෙනුවෙන් හඬ නගපු, සටන් කරපු අය අතර මංගල ඉදිරියෙන්ම හිටියා. එදා ඒ දුර්දාන්ත ආණ්ඩුව වෙනස් කරන්න මංගල ඉදිරියෙන්ම හිටියා. ඒ නිසා සියළු දෙනාට සැනසීම ලැබුණා. මහින්දට දේශපාලනයට ආයෙත් එන්න ලැබුණෙත් ඒ හින්දා. ඔය මංගලට බැන්න අය එදා ඉපදිලාවත් ඉන්න නෑ... අබෞද්ධයින් අතර මංගල නියම අබෞද්ධයෙක්... ප්‍රතිගාමීන් අතර නියම ප්‍රගතිශීලියෙක්. දේශද්‍රෝහීන් අතර සැබෑ දේශප්‍රේමියෙක්. ඉතිරිය ගැන අපි ඔක්කොම දන්නවා...
මාතර මහානාම පාලම නම් කෙරුවේ ඔහුගේ පියා සිහි කරන්නයි. එය විවෘත කරන දින වෙනකොට ඔහු මහින්ද රජයෙන් ඉවත්වෙලා. මර්වින් සිල්වා යෝජනා කරාලු.. ඒ නිසා මහානාම නම පාලමෙන් අයින් කරන්න කියලා... නමුත් මහින්ද එයට විරුද්ධ වෙලා නම එහෙම්ම තිබූ බව එකල පුවත්පත්වල තිබුණා.
කවුරු මොනවා කිව්වත් රටට යමක් කළ හැකි හොඳ දැක්මක් ඇති දේශපාලන චරිතයක්... විශේෂයෙන් ජනතාව රවටන ආගමික භක්තිය රටට නොපෙන්වපු දේශපාලනඥයෙක්. එතුමාට නිවන් සැප ලැබේවා..!
නිවන් සුව මැතිඳුනි... ජීවිකය අනියතයි...
ඔබතුමාගේ මහත්මා දේශපාලනය දැක්කේ ඔබ අපව හැරගිය පසුවයි. අපට සමාවන්න. ඔබට නිර්වාණාවබෝධයම වේවා..!!!
ඇත්තෙන්ම, ඕනෑම කෙනෙක්, විරුද්ධ පාක්ෂිකයන්ගෙන් ලැබෙන පරිභව ඉවසන්න පුරුදු වෙන්න ඕනෑ. දේශපාලනයට එනවා නම්.. 2020 සමරවීර මැතිතුමා, පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඉවත් වන බව නිවේදනය කරන්නට ඇත්තේත්, එතුමා අසනීපයකින් පෙළුණු නිසා වෙන්න බැරිද..? අවසානයේදී කොරෝනා ගිණුමට බැර වුණේ.. මංගල සමරවීර මැතිතුමාට නිවන් සුවය පතමු!
සියලු පණිවිඩ කියෙව්වම තේරෙන්නෙ ලියපු සියලු දෙනා ඔහුගෙ අනුගාමිකයින් බවයි. සමලිංගිකත්වය නීති ගතකරගන්න සිංහල බෞද්ධ රට ඔහුට හිසරදයක් වී තිබුණා .
ඔබගේ අමිල සේවයට හදපිරි උත්තමාචාරය. ඔබතුමාට නිවන් සුව!!!...
මම දැකපු ණය නැති මිනිසා ඔබට නිවන් සුව.!
මංගල සමරවීර නම් මෙම අව්‍යාජ දේශපාලනඥයාගේ හදිසි අභාවය වෙනුවෙන් 64 දෙනෙකු අදහස් දක්වා තිබීමෙන් ගම්‍ය වන්නේ ජනතා මුදල් සොරා නොගත් අවංක දේශපාලනඥයෙකු හට ජනතාව ගරු කරන අන්දම නොවේද ?
මැරෙන්න ඕනේ අය තවමත් ඉන්නවා.... ඉන්න ඕනේ අය ඉක්මනින්ම මැරෙනවා.
දැන් අපේ රට කන අයටයි..., නිදහස දුන්නු දා පටන් රට කාපු අයටයි.., හොරකම් කළ සල්ලිවලින් සුරසැප විඳින පරපුරේ අයටයි මොකද වෙන්නේ එතකොට...