
(අජන්ත කුමාර අගලකඩ)
ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාව සඳහා සාධාරණ විසදුමක් ලබාදීමට පියවර ගතයුතු යැයි ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ඇමති අනු කමිටුව සිය වාර්තාව මගින් රජයට නිර්දේශ කර ඇත .
රට තුළ පවත්නා වසංගත තත්වය හේතුකොටගෙන සමස්ත ආර්ථිකයට සිදුව ඇති බලපෑම සැලකිල්ලට ගෙන ,මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම අයවැයෙන් ප්‍රකාශයට පත්කර ,අදියර ගතව ක්‍රියාත්මක කිරීම සුදුසු බව ද කමිටුව නිර්දේශ කර තිබේ .
ගුරු, විදුහල්පති ,ගුරු උපදේශක සහ අධ්‍යාපන පරිපාලන යන සේවා ඒකාබද්ධ කොට, එය සංවෘත සේවාවක් බවට පත් කළ යුතු යැයි ද කමිටුව සිය වාර්තාවෙන් යෝජනා කර ඇත.
එහි පළමු විසඳුම ලෙස, ගුරු විදුහල්පති සේවා සංවෘත සේවාවක් බවට පත් කිරීමේ විධිවිධාන ලබන නොවැම්බර් මස විසි වැනිදාට පෙර ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන්නැයි ද කමිටුව රජයට නිර්දේශ කර ඇත .
ගුරු විදුහල්පති වැටුප් විෂමතාව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ඇමැති අනුකමිටුවේ වාර්තාව ඉකුත් සදුදා පැවති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරනු ලැබූ අතර, එය ලබන සතියේ සාකච්ඡා කර තීන්දුවක් ගැනීමට නියමිතව ඇත .
අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග සහ මහින්ද අමරවීර යන මහත්වරු එම අනු කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කළහ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක අමුතුවෙන කියන්න දෙයක් නැහැ. දිය යුතුයි කියල තමා මේ පෙළපාලි ගිහින් කියන්නේ
දේශපාලුවන්ට කෝටි ගණන්වල වාහන ගන්න නම් එක කැබිනට් පත්‍රිකාවයි දාන්න ඕනෑ.
නියම අන්දරේලා සෙට් එක.. රටට විහිළු සපයනවා.
නුඹලා හතරදෙනාට තේරුණාට, නුඹලාගේම අනිත් අයට නොතේරීම අපිලගේම කාලකණ්ණිකම බොලවුණේ...
සිතෙනා හැටියට මේ කමිටුවේ කට්ටියගෙන් එක්කෙකෙක් තමයි ටිකක්වත් හොඳ. උගතුන් ගැන තීරණ ගන්න ඕනෑ උගතුන්. ඒත්, මෙතන වෙලා තියෙන්නේ වෙනස්ම දෙයක්. මේ දෙයින්ම තේරෙනවා කමිටු පත්කරන්නන්ගේ බුද්ධි මහිමයේ තරම. නයි කයිද රෝස් පාන් කිව්වාලු.
මේ ගැටලුව අනිවාර්යයෙන්ම විසදිය යුතුයි. නමුත් ඒ විසදුම මගින් අනිකුත් සේවාවන් ට අසාධාරණයක් ද නොවිය යුතුයි. නැතිනම් සමස්ත රාජ්‍ය සේවයම හා මුළු රටම අර්බුදයක් කරා යාවි.
මේ අයගෙන් උසස් පෙළ සමත් කෙනා කවුද.?
මෙතැන තියෙන්නේ කමිටුව උගත් නෑ කියන මන්ද බුද්ධික කමෙන්ටුනේ... ගුරු විදුහල්පති සංගම් මොකටද එහෙනම් මේ කමිටුව ඉදිරියට ගියේ?
මරු කමිටුව.. සාධාරණ විසඳුම් ගැන කියන්නම... මේ වෙලාවේ ලකුණු දාගන්න හදනවා. මේ දුෂිත දේශපාලකයින්ගේ වැඩ ගැන අපි නොදන්නවා නෙවෙයි නේ...
වෘත්තීය සමිති නායකයින්ට අවශ්‍ය වූයේ ආණ්ඩුව පෙරළීමට ය. ඔවුන් බොහෝ දේ ඉල්ලති. ඔවුන්ට එරෙහිව රජය දැඩි පියවර ගත යුතුයි.
එය මීට කලින් කරන්න තිබ්බා, ළමයින් තවමත් ගොදුරු වී ඇත.
හතර දෙනාම සුරයෝ.
මේ ලෝකෙට අලුත් නිර්මාණ සොයා ගැනීම් කරපු කිසි කෙනෙක් ගුරුවරුන්ගෙන් ඉගෙන ගත්ත අය නොවෙයි.
ගුරුවරු මොනවා නැතත් ප්‍රිවෙට් ක්ලාස් ටිකනම් වෙලාවට කරනවා. පඩිය වගේම අමතර ගානක් ඒ අය උපයනවා. සල්ලි නැති දෙමාපියන්ට හුල්ලනවා තමන්ගේ දරුවට මොකද වෙන්නේ කියලා . පුද්ගලික අංශයේ බහුතරයගේ වැටුප 50% කපලා . ඒ අය වගකීමක් ඇති පුරවැසියෝ විදිහට තමන්ගේ ආයතන වෙනුවෙන් මේ වෙලාවේ උපරිමයෙන් වැඩ කරනවා. මේ වගේ අමාරු වෙලාවක මෙහෙම කරන ගුරුවරු ඉන්නේ මේ ලෝකෙද කියල වෙලාවකට හිතෙනවා.
ගුරුවරු ගෙනාපු ඔන්ලයින් පෙත්සමට තාම බාගයක්වත් ගුරුවරුම අත්සන් කරලා නැ . අත්සන් කරපු වැඩි හරියක් ගුරුවරුමද කියල ෂුවර් නැහැ. එකෙන්ම තේරෙනවා මේ වර්ජනේ අරමුණ. සැබෑ ගුරුවරයා මේ වර්ජනයයේ නැහැ . කැම්පස් ගිය කාලේ පාරවල් දිගේ පිකටින් කර කර ඉදල අවසානයේ ගුරු පත්විමකින් නැවතුන අය දැන් අලුත් වටයකින් තමන්ගේම පරණ පුරුදු පටන් අරගෙන . බැරිනම් කරුණාකර අස්වෙලා යන්න.
රජයේ පාසල්වල ඉන්න බහුතර ගුරුවරුන්ට ඔන්ලයින් තාක්ෂණය ගැන කිසිම දැනුමක් නොමැත. එම නිසා පාසලේ වත් හරියට උගන්වන්නේ නැති බහුතර ගුරුවරුන්ගෙන් මොන ඔන්ලයින් ඉගැන්වීමක්ද.
විසඳුමක් දෙන්න කලබලේ නොවෙයි. එහෙම උනොත් දිනුවා වෙනවා. උද්ඝෝෂණයෙදී ගුරුවරු වෙච්ච අය දැන් 2000 ගන්න පෝලිමේ. අපි හිඟන්නෝ කියාගෙන පෝලිමේ ඉන්නවා.
අවුරුදු 26 ක් නොව මා දන්න අවුරුදු 32 ක පටන්ම ගුරුවරුන්ද ඇතුුළුව අනෙකුත් හෙද, වෙද, ලිපිකරු, පොලිස්, යනාදී සියළුම තනතුරු වල වැටුප් පරිමාණයන් සියළුම වැටුප් සංශෝධන අවස්ථා වලදී නියමිත පරිදිම නිවැරදිව ගලපා ඇත. ඒ්වා වෙනස් කිරීමෙන් අනෙකුත් සියළුම තනතුරු අතර විෂම තත්වයක් හට ගනී. අඩන්න බලාගෙන ඉන්න ඒකාට ඇඟිල්ලෙන් අනින් සේ වන පිළිතුරක් ලබා දීමෙන් අනෙක් සියළු දෙනාද සටනට අවතීර්ණ වනු ඇත. වැටුප් සංශෝධන විෂයය ගැන ප්‍රාමාණික අවබෝධයක් ඇතිවකු ලෙස මාගේ අදහස වන්නේ ගුරුවරුන්ට පමණක් වැටුප් පරිමාණ වල විෂමතාවයක් හට ගෙන නොමැති බවයි. තමාද අධ්‍යාපන සේවයේ සිටියකු බැවින් ඒයට සැලකීමක් වශයෙන්දෝ හිටපු ඇතිවරයෙක් විෂම ලෙස මොවුන්ගේ වැටුප් වැඩිකිරීමක් සිදු කල බව හොඳින් මතකය. මේ අයගේ සටන 100% ක්ම දේශපාලන අරමුණු මතය. මග සිටියත්, ගෙදරගියත් නසින තත්වයට ආණ්ඩුව පත්විය යුතු නැත. ළමයින්ට ඉගැනවීම සඳහා මාසෙටම රු. 1,000/- ක් වත් වියදම් නොවන ක්‍රම ඇති බව නොදන්නා අය වැටුප් විෂමතාවයන් ගැන කුමක්දැයි සිතේ.
මහජන මුදලින් වැටුප් ගෙන මහජනතාවට සේවය කල නොහැකි කිසදු වෘත්තියකින් වැඩක් නැත. ඔවුනට නිවෙස් වලටම වී සිටින්නැයි කියා රජය පළමුව චරිත මත නොරැඳී හොද මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේද කඩිනමින් හඳුන්වා දිය යුතුය. මේ සඳහා ඒක්තරා පෙෘද්ගලික ව්‍යාපාරික මහත්මයකු යූ ටියුබ් මාධ්‍යයෙන් නොමිලේ ඉගාමත්ම ගුණාත්මක පාඩම් සපයමින් හොඳ පූර්වාදරශයක් සපයා ඇත. දෙවනුව නිවසේ සිට හෝ සේවයේ යෙදිය යුතු වීමේ නීතිය අකුරටම ක්‍රියාත්මක කරමින් නීය දැඩිව ක්‍රියාවේ යෙදවිය යුතුය. අවශ්‍ය තරම් ශක්තිමත් දැඩි නීති පැනවිය යුතුය. 2/3 ක වරමක් දී ඇති රජයකට ජනතාව වෙනුවෙන් රටේ අනාගත පරම්පරාව වෙනුවෙන් ඒවැනි දැඩි නීති රීති පැනවිය නොහැකි නම් ඒය රජයේ අසාර්ථකත්වයයි. පොදු ජනතාවට හානිදායක වන කුමන හෝ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නේ නම් ඒදින සිටම සදාකාලිකවම නිවසට වී සිටීමටත්, ඒම අවස්ථාව රැකිය විරහිත දක්ෂ උපාධිධාරීන්ගෙන් සැපිරීමටත් ශක්තිමත් නීති ගෙන ආ යුතුය. සංවෘත සේවාවන් කිරීම යනු තවත් මිත්‍යාවක් පමණි. වැඩවර්ජන උද්ගෝෂණ යනු ප්‍රශ්ණ විසඳීමේ ආතල්ම ක්‍රියා පටිපාටිය බව දැනටමත් ළමුන් කල්පනා කරනවා ඇත. ඉතින් ඔවුන් අනාගත විශ්වවිද්‍යල තුල කුමක් කරනු ඇත්ද.