IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


පෞද්ගලික රෝහලට අත් බෝම්බය ගත්තේ ඇමැති නිල නිවසකින්

(නිමන්ති රණසිංහ)

නාරාහේන්පිට පෞද්ගලික රෝහලක වැසිකිලියක් තුළ තිබී සොයා ගත් අත් බෝම්බය සැකකරු විසින් රැගෙන එනු ලැබ ඇත්තේ කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි අමාත්‍යවරයකුට අයත් නිල නිවාසයක ලාච්චුවක තිබී බවට තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙම සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය අත්අංගුවට ගෙන රැදවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින ත්‍රිකුණාමලය උප්පුවේලි ප්‍රදේශයේ පදිංචි ඉදිකිරීම් සමාගමක සේවකයා විසින් කරනු ලැබූ ප්‍රකාශයකට අනුව මෙම කරුණු හෙළිවූ බව එම ආරංචි සඳහන් කරයි.

ඒ අනුව මෙම සැකකරු මීට මාස තුනකට පමණ පෙර කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි එම ප්‍රභූ නිල නිවස අලුත්වැඩියා කිරීම සදහා ගොස් සිටියදී එහි කාමරයක තිබූ මේසයක ලාංච්චුවක තිබී මෙම ජීව අත්බෝම්බ සහ ජීව උණ්ඩ කිහිපයක් සොයා ගෙන ඇති බව ද සැකකරු ප්‍රකාශ කර ඇතැයි පැවසෙයි.

ජීව අත්බෝම්බය මෙම සැකකරු ලබාගෙන ඇති අතර අනෙක් පතුරොම් ඔහු සමග සිටි අනෙක් සගයා රැගෙන ගොස් ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවද පොලිස් ආරංචි මාර්ග වලින් පැවසෙයි.

ඒ අනුව, විමර්ශන කණ්ඩායම් කිහිපයක් කොළඹ 07 පිහිටි එම ප්‍රභූ නිල නිවසට සහ පතුරෙම් සෙවීම සඳහා මහව සහ වැලිකන්ද යන ප්‍රදේශවලට ඊයේ (16) පස්වරුවේ ගොස් පරීක්ෂා කර ඇතැයි ද වාර්තා වෙයි.

මේ වන විට එම නිවෙස් කැබිනට් අමාත්‍යවරයෙක් පදිංචිව සිටින බවත්, සැකකරු පවසන ආකාරයට මෙම ජීව අත්බෝම්බය සහ පත-ුරොම් සොයා ගෙන ඇත්තේ අදාළ ඇමැතිවරයා එම නිල නිවසේ පදිංචි වීමට පෙර බවත් පැවසෙයි.

මෙම සිද්ධියට අදාළ සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පෙරේදා 15 ය. සිද්ධියට අදාළව වැඩිදුරත් විමර්ශන කටයුතු සිදුවන බැවින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව සැකකරු රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාසයෙන් අවසර ලබා ගෙන ඇත.

 



අදහස් (19)

පෞද්ගලික රෝහලට අත් බෝම්බය ගත්තේ ඇමැති නිල නිවසකින්

prem Friday, 17 September 2021 06:57 AM

බිල්ලෝ මවන්න හදනවද.?

:       4       57

samira Friday, 17 September 2021 07:12 AM

මේ රටේ ඇමතිලා කියන්නේ අමුතුම ජාතියක්.

:       1       56

gunarathna Friday, 17 September 2021 07:54 AM

මොනදේ වුනත් එකට කොහෙන් හරි ඇමති කෙනෙක් සම්බන්ධයි.

:       1       70

චන්දන Friday, 17 September 2021 09:21 AM

කොහොම වුනත් මෙතන කියන්නේ ඇමතිවරයා එතනට යන්න කලින් වූ සිදුවීම ක්.

:       18       9

පිටිගල මිලානෝ Friday, 17 September 2021 10:50 AM

මම ඉන්න රටේ නම් මේ වෙලාවට ඇමති යකඩ දොරේ කූරු ගනන් කරනවා..... ඒකට ලංකාවේ.

:       37       39

ajith Friday, 17 September 2021 11:47 AM

කවුද මේ ඇමති.?

:       0       26

Ruwan R Friday, 17 September 2021 12:29 PM

මන් දන්නේ නැහැ... මන් දැක්කේ නැහැ... මගේ නෙවෙයි... ඇමති නිදහස්. සොක්කෝ ගස්.

:       0       33

Madushanka Friday, 17 September 2021 12:40 PM

ජනතා ප්‍රශ්න විසඳන්න එන අයගේ නිල නිවාස වල තියෙන දේවල් දැක්කම පුදුමත් හිතෙනවා.

:       0       30

Lal Friday, 17 September 2021 01:08 PM

බෝම්බ සහ අවි ආයුධ ළඟ තියාගෙන රට ජාතිය ආගම රකින්න අපේ ඇමතිවරු කරන කැපවීම ඉතාමත් ප්‍රශංසනීයයි.ජයවේවා.

:       36       36

sunilFriday, 17 September 2021 01:32 PM

මෙම සැකකරුවන්ට ජීව අත්බෝම්බ සහ ජීව උණ්ඩ ලැබී ඇත්තේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිවසක තිබී බවයි. අදාළ නිවස හිටපු ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු භාවිතා කළ නිවසක්. එම හිටපු අමාත්‍යවරයා ඉකුත් වසරේ අභාවප්‍රාප්ත වුණා.

:       43       11

සොරිසේන Friday, 17 September 2021 11:36 PM

තව ටික දවසකින් කියයි ඔය කියන නිල නිවසේ පෙර පදිංචිකාරය වෙන කෙනෙක් කියලා... සජීවීව රඟදක්වන බව කරුණාවෙන් සලකන්න.!!!

:       0       6

Senaka Friday, 17 September 2021 02:33 PM

යහපාලන ඇමතියෙක්?

:       11       7

සුදුබණ්ඩා Friday, 17 September 2021 04:40 PM

දැන් කවුද ප්‍රභූ? 5 පාස් හරක් හොරු, කසිප්පු කාරයො, පාතාලයො පාර්ලිමේන්තු ගිහින් ප්‍රභූ වෙලා.අපි පඩි ගෙවල පිනට කන එවුන් ගිය උඩ කිව්වලු. අපේ සල්ලි වලින් පඩි ගෙවල තව වැඳවැටෙන්නත් ඕනෙ. දේශපාලනය කියන්නෙ සමාජ සේවයක් කැමති අය වැඩ කරන්න බැරි අය යන්න.

:       1       12

සුදන්ත Friday, 17 September 2021 07:02 PM

තවත් වේදිකා නාට්‍යයක් වත්ද?

:       0       14

sampath Friday, 17 September 2021 07:22 PM

දැන් මේ නිල නිවෙස් වලට එනකොට මේවයේ නයි පොලොංගු ඉන්නවද ලාච්චු වල කබඩ් වල තියෙන්නේ මොනවද කියලා කවුරුවත්ම සොයන්නේ බලන්නේ නැද්ද .කෝ ආරක්ෂාවක් ඔය විදියට ඔය ගෙවල් වල තව මොනවා තියෙයිද දන්නේ නෑ .ඇමතිවරයෙකුට ආරක්ෂාවට කී දෙනෙක් ඉන්නවද .වැඩ කරන මනුස්සයෙක් ඔය බොම්බේ හොරකම් කරන යනකම් මේ ඉන්න අය නිදාගෙනද හිටියේ .

:       22       11

බද්රානි Friday, 17 September 2021 08:32 PM

මම වැඩිපුර කිසිවක් ලියන්නේ නැහැ. මේ රට තමයි, ඊළඟ, ඇෆ්ගනිස්තානය. ශ්‍රී ලන්කන් තලෙයිබාන්ලා අතට මේ රට පත්වෙලා ඉවරයි..

:       17       17

chandima Saturday, 18 September 2021 06:14 AM

කොහොමත් ඕවා ඇමති මන්ත්‍රීලාගේම වැඩ තමයි. නැතුව ගමේ අපි ගාව බෝම්බ තියෙනවද.?

:       0       0

Saththaya Saturday, 18 September 2021 08:50 AM

රටේ ආරක්ෂාව දුර්වලයි කියලා.., හදිසි නීතිය තියාගන්න අටවපු උගුලක් වෙන්න බැරිද?

:       0       4

Subash Monday, 20 September 2021 07:53 AM

රටේ සමාජය මුළුමනින්ම පිරිහිලා ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සරසවි සිසුවාට පහරදුන් සිසුන් 7 දෙනාට ඇප
2025 මැයි මස 07 98 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් අත


භාරකරුවන් නොමැති මළ සිරුරු 28ක් මාස දෙකක් තිස්සේ කළුබෝවිල රෝහලේ
2025 මැයි මස 07 89 0

භාරකරුවන් ඉදිරිපත් නොවීම නිසා මියගිය පුද්ගල මළ සිරුරු 28ක්, මාස දෙකක් තිස්සේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි එම රෝහලේ අභ්‍යන්තර


ප්‍රසන්න රණවීර රිමාන්ඩ්
2025 මැයි මස 07 555 0

කිරිබත්ගොඩ නගරයේ රජයේ ඉඩමක් වංචනිකව හොර ලේඛන සකසා විකිණී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ලබන 19 වැනි දා තෙක් රිමාන


‘නව ගමනකට මුලපුරනවා‘
2025 මැයි මස 07 704 2

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව ශක්ති සම්පන්න මහජන සේවාවක් උදෙසා විපක්ෂයේ සියලුම බලවේග එකට එකතු කර ගත් නව ගමනකට සමගි ජනබලවේගය මුලපුරන බව - විපක්ෂ න


මොනරාගල ප්‍රා.ස. ජය ජාජබට
2025 මැයි මස 07 187 0

මොනරාගල ප්‍රාෙද්ශිය සභාවේ සභිකයින් 20 දෙනාගෙන් සභිකයින් 11 දෙනකු ගේ බලය ජාතික ජනබලවේගය සතු කරගත්තේය.


කුලියාපිටිය නගරසභා වැඩිබලය විපක්ෂයට
2025 මැයි මස 07 723 0

කුලියාපිටිය නගර සභාවේ වැඩිබලය විපක්ෂයට හිමිව තිබේ. මුළු සභික ගණන 16කි. ඉන් ජාතික ජනබලවේගයට හිමිව ඇත්තේ සභිකධූර 6ක් පමණි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 924 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 230 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1287 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site