(සුජිත් හේවාජුලිගේ )
කොරෝනා පැතිරීම පාලනය කිරීම සඳහා දිවයින පුරා පනවණු ලැබ ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවත් සතියක කාලයකට දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා තීරණය කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
මේ අනුව රට නැවත විවෘත කෙරෙන්නේ ලබන 13 වැනිදා අලුයම 4.00ටය.
නිරෝධායන ඇඳිරි නීතිය අනිද්දා ( 6 ) වැනිදා සඳුදා ඉවත් කිරීමට මුලින් තීරණය කර තිබිණ.
දිවයින පුරා නිරෝධායන ඇඳිරි නීතිය පනවණු ලැබුවේ පසුගිය මස 20 වැනිදාය.
මේ අනුව රට පුරා නිරෝධායන ඇඳිරි නීතිය අද(4) වනවිට ක්‍රියාත්මක කර ඇති දින ගණන 16කි.
රටපුරා කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා තවත් සතියක කාලයක් රට වසා තබන්නැයි වෛද්‍ය විශේෂඥයන් කොවිඩ් මර්දන කාර්ය සාධක බලකා රැස්වීමේදී ඊයේ පෙන්වා දී ඇත. නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ ඉන් අනතුරුවය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් 19 ජනාධිපති කාර්ය සාධක බළකාය ඊයේ රැස්වී ඇත්තේ "සූම්" තාක්ෂණය ඔස්සේය.
කොවිඩ් අවදානම හේතුවෙන් කොවිඩ් කාර්ය සාධක බලකා රැස්වීම සූම් තාක්ෂණය ඔස්සේ මෙලෙස පැවැත්වුණේ පළමු වතාවටය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගමික ස්ථානවලින් සිදුකරන "ලවුඩ්ස්පීකර් හිරිහැරය" දැන්වත් නවත්වන්න. ඇඳිරිනීතිය නිසා නිවෙස්වලට වෙලා ඉන්න අයට වගේම කොරෝනා රෝගීන්ටත් මහ පාන්දර සහ සවස් කාලයට ඒ ලවුඩ්ස්පීකර් ශබ්දය හරිම හිරිහැරයක්...
අනේ මන්දා මෙහෙම නිරෝධායන ඇඳිරි නීතියකුයි, අත්‍යාවශ්‍ය සේවාවනුයි. පුදුම අත්‍යාවශ්‍ය සේවා ටිකක් ලංකාවේ තියෙන්නේ... මේක නිකන් අරියාදුවට කරන වැඩක් වගේ. මෙහෙම වහලා ඵලක් වේද..?
දැන් ඔය මොන රටද තව සතියක් වහන්නේ... එහෙම කිව්වාම කන්ෆියුස් වෙනවනේ...
අවුරුද්දට නොනගතය තියෙන වෙලාවට මීට වඩා මිනිස්සු ගෙවල් වල ඉන්නවා
හොද තීරණයක් මේ වෙලාවෙ
දොස්තරලා ජනාධිපතිවයි රටයි නන්නත්තාර කරලාම දායි වගේ.
ඇඳිරි නීතිය? විහිළු කරනවද මන්දා...!!!
ඇඳිරි නීතිය කියලා රජයට අාදායම් එන සේවාවන් විතරයි වහන්නේ..., අනිත් අය ඔක්කොම වැඩ...
මට කියන්න තියෙන්නේ, මෙහෙ අන්දරේ නීතිය නම් 2021 ඉවර වුණත් තත්වය මෙහෙම වේවිදෝ...
යෝගා වෙත, ඔබතුමා ඉස්පිරිතාලයකට ඇවිත් පොඩ්ඩක් බලන්නකෝ... කවුද නන්නත්තාර වෙලා තියෙන්නේ කියලා පෙනෙයි... ඔක්කොම රෝහල් කොරෝනා ලෙඩ්ඩුන්ගෙන් පිරිලා... එයින් සමහරක් පණ අදිනවා. සෞඛ්‍ය කාර්ය මණ්ඩල වැඩි දෙනෙකුටත් කොරෝනා හැදිලා.. ඔබට හෝ ඔබේ පවුලේ කෙනෙකුට කොරෝනා හැදුණත්, ඔබව පරීක්ෂා කරන්න වෙන කවුරුත් ළඟට එයිද? වෛද්‍යවරයෙක් හෝ හෙදියක් හැර... එතකොට ඔබට තේරෙයි වෛද්‍යවරු නැතිනම් ඔබත් නන්නත්තාර වෙලා තමයි කියලා..
මොන රට ගැනද මෙතුමා මේ කියන්නේ අපට පැහැදිලි නෑ.
සද්දෙට උදේ හවස පිරිත් දාලා බැරි වෙයිද මේ වසංගතය නවත්තන්න සර්...? අර මොකද්ද මහනුවරක කළාලුනේ...
දමන පිරිතක් උදේ 6න් පස්සේ දමාගන්න. උදේ 4 වෙනකොට ලවුඩ්ස්පීකර්වලින් පිරිත් දාලා අපට නිදා ගන්න නැහැ.. මේක හරිම කරදරයක්...
සම්පූර්ණ ඇත්ත... ආගමික ස්ථානවල ලවුඩ්ස්පීකර් දාගෙන කරන මළ අඳෝනාව මළ කරදරයක්... වැන්දත්, හිඟන්නන් වගේ යැද්දත්, කොරෝනා වසංගතය වැඩිවුණා මිස අඩුවුනේ නෑ. මේ කාලකණ්ණින්ට මෙය නොතේරෙන එක තමයි ප්‍රශ්නේ...
මේක තනිකරම බොරුවක්.. හලාවත - කොළඹ පාරේ වෙනදා වගේම වාහන. වෙනදා වගේම සෙනග... වෙනදා වගේම කඩඇරලා බඩු දෙනවා. මේක තනිකර බොරුවක්...
කණගාටුවෙන් වුණත් කියන්න වුණේ ඉතාම ගොන් තීරණයක්... ආණ්ඩු පෙරළන්න බලන් ඉන්න අයට සුබ නිමිත්තක්... ජයවේවා..!!!
දැන් අපි මෙච්චර කැපකිරීම් කරලා මේ කොවිඩ් 19 පැතිරීම වැළැක්වා ගත්තා කියමුකෝ ඊට පස්සේ තව මාස දෙක තුනක් ගිහිල්ලා රට වහන තරමට පැතිරීම වැඩි උනොත් මොකද කරන්නේ? මීට කලිනුත් රට වහුවානේ පලක් උනාද? මෙහෙම වැහවූවොත් අපේ රට අනිවාර්යෙන්ම කඩාගෙන වැටෙනවා එම නිසා අපේ වගකීම මොකක්ද කියා දැනගෙන වැඩ කරමු. කවදාවත් කොවිඩ් 19 අපේ ලගට එන්නේ නැහැ, අපි තමයි ඒ ලෙඩේ හොයාගෙන යන්නේ.
එක පාරටම සති 03ක් වහනවා කියන්න ඇති... නිකන් බොරුවට සතිය සතිය අදිනවා. මොකද සිකුරාදා දවල් වනවිට අපි දන්නවා දැන් තව සතියක් වහනවා කියලා...
එයාලා වහනවා... අපි බඩගින්නේ මැරෙනවා... ඇරියොත් කොරෝනා හින්දා මැරෙනවා. වැහුවාම දවස පිරිමහගන්න බැරුව මැරෙනවා.
වර්තමාන තත්වය සහ කාලය ඩෙංගු වලට එරෙහිව ක්‍රියාශීලීව ක්‍රියා කිරීමට හොඳම අවස්ථාවයි.