(ඩයනා උදයංගනී)
ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව විසඳීම සඳහා අමාත්‍ය මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිගත හැකි විසඳුමක් නොවන බැවින් ඔන්ලයින් ගුරු වර්ජනය ඇතුළු වෘත්තීය ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.
සේවාවේ ගුණාත්මකභාවය, ගෞරවය, ජීවන වියදමට සරිලන වැටුපක් ලබාගැනීම සඳහා දියත් කළ සටන රුපියල් 5,000කට ලඝු කිරීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සූදානම් නැතැයි ද එම සන්ධානය නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයෝ අද (31) පැවසූහ.
මෙහිදී සුබෝධනී කමිටු වාර්තාව මත පදනම් වූ විසඳුමකට යා යුතු බවටත්, එසේ කරන තුරු ඇමති අනු කමිටුව යෝජනා කළ 2018 වැටුප් යෝජනාව එකවර ලබාදෙන ලෙසටත් ගුරු සංගම් ඉදිරිපත් කළ යෝජනා ගැන රජය කිසිඳු සැලකිල්ලක් දක්වා නැති බවත්, ඒ අකාරයේ විසඳුමක් ලැබෙන තුරු සටන ඉදිරියට ගෙන යන බවත් ඔවුහු සඳහන් කළහ.
ගුරු විදුහල්පති වැටුප් විෂමතා විසඳීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලය ඊයේ (30) ගත් තීන්දු සම්බන්ධයෙන් තම ස්ථාවරය ප්‍රකාශ කිරීම සඳහා කොළඹ දී අද (31) පැවති මාධ්‍ය හමුවකදී එම නියෝජිතයෝ මේ බව සඳහන් කළහ.
එහිදී අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ තම ගැටලුව විසඳීමට බව කියමින් කැබිනට් මණ්ඩලය සම්මතර කර ඇමතිවරයා විසින් ප්‍රකාශයට පත්කළ වූ යෝජනා තමන් ප්‍රතික්‍ෂේප කරන බවයි.
ගුරු විදුහල්පති සංගම් ඉකුත් 26 වැනිදා නව අධ්‍යාපන ඇමතිවරයා හමුවී ඇමති අනුකාරක සභාව යෝජනා කරන 2018 වැටුප් යෝජනාව සුබෝධනී කමිටු වාර්තා කොටසක් ලෙස ගෙන එන ලෙස යෝජනා කළ බවත්, ඇමතිවරයා අනුකාරක සභාව හෝ කැබිනට් මණ්ඩලය එම යෝජනාව සැලකිල්ලට ගෙන නොමැති බවත්ය.
ආණ්ඩුව වෘත්තීය සමිතිවල ඉල්ලීම නොසලකා කටයුතු කරන්නේ නම් ඉල්ලීම් ලබාදෙන තුරු මේ වන විට දින 51ක් තිස්සේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවලින් ඉවත්වෙමින් ඉතා ශක්තිමත්ව කැපවීමෙන් දියත් කර ඇති අරගලය තවදුරටත් පෙරට ගෙනයාමට සිදුවන බව ද ඔහු කීවේය.
සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමියෝ සහ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ සභාපති පරාක්‍රම වීරසිංහ යන මහත්වරු ද මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්න ඇති. නමුත් මේක නොවෙයි ඒවා ඇදගෙන නටන වෙලාව. මේ මිනිසුන් ඇයි මෙච්චර කෘර ?
පව් අහිංසක දරුවා් අනාතකරලාම දැම්මා.
ගුරුවරුන් නෙවෙයි තොපි සත්තු. හෙන ගහනවා ඉහට.
වෙලාවේ හැටියට අපි පොඩ්ඩක් ළමයි ගැන හිතමුද? මේ තරම් අර්බුදයක් තියෙන වෙලාවක පොඩ්ඩක් අපි නම්‍යශීලී වෙමුද?
මස් රාත්තලම ඉල්ලන්නේ දැන්නම් මේ ගොල්ලන්ගේ අරමුණ ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට බව පැහැදිලියි. ආණ්ඩුව කියනවා නේද බජට් එකෙන් විසදුමක් දෙනකම් රු 5000 දීමනාව ගන්න කියල . ඔහොම පඩි දෙන්න කොච්චර සල්ලි අච්චු ගහන්න ඕනද . සල්ලි අච්චු ගැහුවම උද්ධමනය තවත් වැඩි වෙනවා . ඕකෙන් වෙන්නේ එදිනෙදා කුලියක් කරලා ජීවත් වෙන මිනිහා කබලෙන් ලිපට වැටීම විතරයි.
රට නැතිකරන අවස්ථාවාදී සංගම් විසුරුවා හරිමු. ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව විසඳීමට නොහැකිවූ ස්ටාර්ලින් ඉවත්කර වෙනත් පුද්ගලයකු පත්කරමු. මෙයාලගේ කට විතරයි. බොරුවට මාධ්‍ය ඉදිරියේ සද්දෙ දානවා. වෙන කළ හැකි දෙයක් නැත.
ගුරුවරුන් මොවුන්ව ප්‍රතික්ෂේප කළ යුතුයි... මොවුන් කරන්නේ දේශපාලනයක්... කෙසේ හෝ කෝවිඩ් සමාජ ව්‍යාප්තියක් දක්වා ගෙන ගියේ මොවුන්ගේ නායකත්වයෙන්. ඉතින් දැන්වත් සිතන්න. දරු පරපුර ගැන සිතා තීරණයකට එන්න.
මේක නම් මහා අසාධාරණ කැත තීරණයක්... මුළු රටම ආර්ථික වශයෙන් ඉන්නේ අන්තිම අඩියේ.. එතකොට මේ අවුරුදු එක හමාරක් තිස්සේ ගෙදර ඉන්න මිනිස්සුන්ට පඩිය වැඩි කරලා ඉල්ලද්දී දවසේ කුලිය හොයාගෙන බත් කටක් කන්න බැරුව අසරණ වුණු මිනිස්සු කොච්චර නම් ඉන්නවාද..? ගෙදර ඉන්න ළමයි වුණත් ඉන්නේ ලොකු පීඩනයකින්.. ඒ ළමයින්ව ඇපයට තියාගෙන ගුරුවරු මේ කරන වැඩේ නම් කොහොමත් අනුමත කරන්න බැහැ..
ඔබලාගේ ඉල්ලීම් සාධාරණ වෙන්න පුළුවන්. නමුත් මේ ඒ ඉල්ලීම් ඉල්ලන්න සුදුසු කාලයක්ද කියලත් හිතලා බලන්න...
ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව විසඳීමට ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුළු සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමියෝ කිසිවකුට නොහැකිය. වසර 25ක සිට පවතින ගැටළුවක් රටතුල සෞඛ්‍ය අර්බුදයක් මෙන්ම ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක මවැනි අනවශ්‍ය අර්බුදයක් ඇතිකිරීමෙන් පාසල් දරුවන්ගේ අදයපන කටයුතුද කඩාකප්පල් කරමින් හදිසියේ දියත් කර ඇති අරගලයේ අරමුණ කුමක්ද ? ජෝසප් ස්ටාලින් ඇතුළු සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර භික්ෂූන් වහන්සේත් ආලෝකෝ උදපාදී, පඤ්ඤා උදපාදී අමතක කර දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීම ජාතික අපරාදයකි. පාසල් දරුවන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් වීමට වගකියන්නේ කවුද ? ජෝසප් ස්ටාලින් ඇතුළු සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමියන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක වන්නාවූ වැඩ වර්ජනය කල ගුරුවරුන් හට සේවය නොකරන්නේ නම් ඔවුන්ට වටු නොලැබෙන බව ඔවුන් නොදන්නේද ? මවන විට අධ්‍යාපනයක් නොමැතිව පාසල් දරුවන් නිකමුන් වී තිබේ. දෙවනුව ඇති හැකි අයගේ දරුවන් පුද්ගලික පාසල් මගින් අධ්‍යාපනය ලබන නිසා ඔවුනට ප්‍රශ්නයක් නොමැත
31,000ක් පඩි වැඩි කරන්න පුලුවන් කාලයක්ද මේක. කරුණාකරලා ඔයාලගේ කුණු විරෝධතා වලට ගුරුවරු නැතුව වෙන සෙට් එකක් අල්ලගන්න. රටේ ලමයින්ගේ අනාගතයයි, ගුරුවරුන්ගේ ගෞරවයයි දෙකම කන්න හදන්නේ මේ සමිති කාලකන්නි ටික.
අරුන් බලේට ආවම මුන්ගේ විරෝධතා, මුන් ආවම උන්ගේ විරෝධතා. ඔය කාලකන්නි චක්‍රය නවත්තන්න ඕන සේරටම කලින්. හැබැයි මේතරම් අමන විදියට උද්ඝෝශණ, වර්ජන කරේ නෑ මතක ඇති කාලෙක.
දැන් නම් ඉතින් මෙයාලගේ අරමුණ හොඳටම පැහැදිලියි.
අපි නම් ඕක මුන්ගෙන් බලාපොරොත්තු වුනා. කොහොම හරි රට කන්න තියෙනව නම් එච්චරයි ඉතින්.
දරුවන්ගේ හෙට දවස ගැන සිතා අනුකම්පා කරන්න මහතුනේ , කිසිවක් නැති අයගේ අනාගතය ගැන සිහිනය සොරාගෙන නොයන්න.
මොවුන්ගේ මේ වැඩ වලින් දුක් විඳින්නේ අපියි , අහිංසක දරුවොයි .ඇත්තටම දැන් ගුරුවරුන්ට තිබූ ගෞරවය ඊනියා මතධාරීන් නිසා කෙලෙසිලා හමාරයි .මේ වෙලාවේදීවත් දරුවන් ගැන සිතුවොත් නරකද ?
ඔබලා ඉල්ලන දේම පුළුවන් කමක් නැහැ. එහෙම උනොත් හැම වෘර්තිකයෙක්ම තමන්ට ඕනේ දේ ඉල්ලයි. දෙන දේ ගන්න බැරිනම් යන්න කියලා මොවුන්ට 1985 ජුලි වර්ජකයින්ට සලකපු ආකාරයට සලකන්න. කාලකන්නි.
රාත්තලම ඉල්ලා පල්ලා.... හුරේ අපේ ස්ටාලින් පඹයාට ජය වේවා..... මීට සෑම වස්ත්‍රයකටම විරුද්ධ අපි ප්‍රරමුක දියව් දියව් කුමාර සහ සහචරයන්...උපන් රට මූණදී තිබෙන අවදානම අපට වැඩක් නැත. දිවිහිමියෙන් සටන් කර ජය ගනිමු.... අපිට ඕනේ බලය ගන්න .....
ඔය කියන ඒවා දෙන්න වැඩ කරන්න ඕන .නිකන් ඉන්න මිනිස්සුන්ට මොකටද තවත් පඩි වැඩිය දෙන්නේ .උද්ඝෝෂණ ටික කරගෙන පාරට වෙලා ඉන්න දෙන්න .ගුරුවරුන්ට ගෙවන වැටුප ළමයින්ට බෙදලා දෙන්න .ප්‍රයිවට් ඉගන ගන්න .එතකොට ඔය ගුරුවරු ඕන නෑ
මේ ඉල්ලීම් දෙන්නම එපා. මේ කොරෝනා අස්සේ කරපු බලු වැඩේට... පාසල්වල පරිගණක විද්‍යාගාර වලට රිපෝර්ට් කරලා ඔන්ලයින් කරන්න කියන්න ශෙඩියුල් එකකට. එන්නේ නැති අයට VOP යවලා අලුතින් බඳවා ගන්න. දෙන්නම එපා ඔය ඉල්ලන එකක්වත්...
රුපියලක්වත් පඩි වැඩියෙන් දෙන්න එපා, වසංගතය කලේ මාසික වේතනය කපා හරින්න...
අලුතින් ගුරුවරු බඳවාගන්න... සේවය අතහැර ගිය අය ලෙස දැනුම් දෙන්න. අලුත් අය ලවා ඔන්ලයින් පටන් ගන්න. මේ ගොල්ලන්ට දිවි ඇති තෙක් පාරක් ගානේ පෙලපාලි යන්න ඉඩදෙන්න.
නියමයි. දිගටම වර්ජනය කරන්න. පඩිය කොහොමත් ලැබෙනවනේ. දොස්තරලා හෙදියෝ එක දවසක් වර්ජනය කළොත් කඩු, පිහි අමෝරා ගෙන එන බුකියේ ජනයා නිශ්ශබ්දයි. මොකද හානිය වෙන්නේ දරුවන්ට, ඔවුන්ට හඬක් නැහැ. එතකොට ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින අයවත් මොකද සද්ද නැත්තේ? ඔවුන්ගේත සාක්කු පිරිලාද? ඇත්තටම ගුරුවරු ටියුෂන් කරන නිසා ළමයින්ට පාඩුවකුත් නැතිව ඇති.
මේ වෙලාවේ පලයල්ලකෝ පෙළපාලි .තොපි කාලකන්නිම තමයි
අනුර කුමාර දිසානායකට දෙන්න මුදල් ඇමති කමයි, අධ්‍යාපන ඇමති කමයි. එතකොට සෞඛ්‍ය ඇමති කමයි ඔය ප්‍රශ්න ඔක්කොම විසඳයි ..
ගම් වල අහිංසක මිනිස්සු රුපියල් 2000 ත් ආණ්ඩුවට දෙද්දී ,මාස ගානක් නිකන් පඩි ගත්ත ගුරුවරු මේ විදිහට තම දේශපාලන අතකොලු බවට පත් කරගෙන හෑල්ලුවට ලක් කරන එක ගුරුවරුන්ට හොඳ නෑ .බුද්ධිමත් ගුරුවරු මොවුන්ගේ දේශපාලනය සහ තම ගෞරවය ගැන සිතිය යුතු කාලය ඇවිල්ලා
ඉස්කෝල කොහොමත් වහලානේ .මෙගොල්ලොන්ගේ මේ ආත්මාර්ථකාමී ක්‍රියාව හෙලා දකිමු .නන්දසේනට කඩේ යනවා නොවේ
දැන් ගුරුවරු ගොනාට අන්දන්න අමාරුයි .කරුණාකර දරුවො අතරමන් කරන්නෙ නැතිව මෙම ප්‍රශ්නය විසදන්න.
රජය මේ අවස්ථාවේදී ශතයක්වත් නොදිය යුතු අතර, මෙම වැරදි කරන්නන්ට එරෙහිව රජය දැඩි පියවර ගත යුතුය. රජය බිය වන්නේ ඇයි?
ගුරු ඉල්ලීම් සාධාරණ වුවත් මේ අවස්ථාවේදි රටෙ තත්වය සහ දරුවන් ගැන සිතා නම්‍යශීලී විය යුතුයි.
ජනපතිතුමනි, පුළුවන් නම් මොවුන්ගේ මුළු පඩියම කපා දැම්මාම එයා ඔබතුමා කරන රටට ලොකු සේවයක්...!!!
මේ වගේ කාලකන්නින්ට “මහතුනේ” කියන්න ලැජ්ජා නැද්ද?
අතිගරු ජනාධිපතිතුමනි, ළමයින්ට උගන්වන්න මෙයාලා පාසල් එන්නේ නැතිනම් වැටුප නවත්වන්න. මේ අයගේ පදිංචිය වෙනස් කරන්න... යාපනය පැත්තේ දූපතකට දාන්න කෝවිඩ් ඉවරයක් වෙනකම්...!!!
ගුරු වෘත්තියේ ගරුත්වය නැත්තටම නැතිකරලා දාන්නද හදන්නේ?... ඔයාලගේ ඉල්ලීම් ගන්න. හැබැයි වෙලාවේ හැටියට ළමයි ගැනත් හිතන්න. දින 51ක් රාජකාරි නොකර පඩිගත්තා කියලා හරි ආඩම්බරෙන් කියන්නේ. ඇයි ඔන්ලයින් ටියුෂන් වර්ජනය නොකරන්නේ...? සල්ලි තියෙන ළමයින්ට විතරක් තියෙන අමුතු සෙනෙහසක් නිසාද?
කරුණු නොදැන අදහස් දක්වන්නට එපා. මේ අවස්ථාවේ කරගත්තේ නැතිනම් වෙන කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ ගුරුවරුන්ට. අවුරුදු 24ක් පුරා දුවන ගැටලුවක්. මේක දෙන්න ඕනේ නැහැ දැම්ම... ඔය සුබෝධනී වාර්තාවේ යෝජනා කි‍්‍රයාත්මක කරනවා කියලා ලිඛිතව හෝ ගැසට් මාර්ගයෙන් හෝ ප‍්‍රකාශයට පත්කළා නම් ඇති. ඒක කරන්නේ නැතිව.., මෙහෙම කොටස කොටස සල්ලි දෙන එකටයි මේ විරුද්ධ. මේ වෙලාවේ රටට සල්ලි නැහැ කියලා නොදැන ඉන්න ගුරුවරු මෝඩයෝ නොවෙයි. හැබැයි, ඒක තමන්ගේ වාසියට හරවාගන්න එක එක අයට නම් කොහෙත්ම ඉඩක් දෙන්න හොඳ නැහැ...
එකම නමයි... ඒ නම ‘‘කාලකණ්ණි‘‘...
අර චීවර ධාරීන්ගේ. චීවරය දාගත්ත අරමුණ අමතක වෙලා.. ගිහියන්ට කෙසේවෙතත් මේ ගොල්ලන්ට ගුරු පත්වීම් දෙන්න නරකයි... ‘‘සබ්බ දුක්ඛ නිස්සරණ‘‘ කියලනේ පැවිද්ද ඉල්ලන්නේ... අපිටත් පව් පුරවනවා...
රටේ බොහෝ දෙමව්පියන් තම ළමයින්ට කන්න තුන් වේල සපයා ගන්න බැරුව හුල්ලන වෙලාවේ මේ කරන වැඩේ අනුමත කල නොහැක.
ගුරුවරුන්ට පඩි වැඩි කරලා දුන්නොත් රටේ මහජනතාව වන අපි මාරාන්තික උපවාසයක් කරන්න සුදානම්.
එක කොළ එකකට රතු 5ක් වැටෙන්නට හදලා තියෙන කට්ටියට කොරෝනා හැදිලා පලයල්ලා...
ජේ. ආර්. නැති පාඩුව දැන් තමයි දැනෙන්නේ.. මතකයිද කට්ටිය දීපු හැටි...
තමන්ගේ භෞතික ඉලක්ක සපුරා ගන්නා අහිංසක දරුවන්ගේ අනාගතය බිල්ලට දෙන නරුමයින්... මම දන්නා බොහොමයක්ම ගුරුවරු තදබල අකමැත්තෙන් මේ විරෝධයට සහභාගි වෙන්නේ... මම ගුරු වෘත්තියේ ඉඳලා අති දුෂ්කර සේවයේ අවුරුදු 7ක් සේවය කරලා අවුරුදු 20ක් සේවයෙන් පසු විශ්‍රාම අරගෙන ඉන්නේ. කවමදාවත් විරෝධතාවයකට සහභාගි වෙලා නෑ. අපි කැමැතියි ස්වේච්ඡාවෙන්ම ඔන්ලයින් ලෙසන් කරන්න. ගුරු වෘත්තිය කියන්නේ සේවයක් මිස රැකියාවක් නෙවෙයි. O/L ප්‍රතිඵල දෙන්න විදිහක් නෑ. ඒ දරුවන් කොච්චර අසරණයිද? ඔය කෑගහන කිසිම වෘත්තීය සමිති කාරයෙක් ඉස්කෝලවල වැඩක් කරපු අය නෙවෙයි.. අපේ කාලෙත් එහෙම අය හිටියා...
මඩුවලිගෙන් ගහනන ඔිනි
මෙතන තියෙන ප්‍රතිචාර දැක්කාම.. ජනතාව විරුද්ධයි මේ අවස්ථාවේ පඩි වැඩිකරලා දෙනවාට. ආණ්ඩුවට කොන්ද පණ නැහැ කෙළින් කතාකරලා කියන්න. පඩි වැඩිකරන්න බෑ. තවත් මහජනතාවගේ සල්ලි නාස්ති කරනවා වැඩක් නැති කමිටු පත් කරලා. රජයට තියෙන්නේ ඡන්දයක් තියන්න. පඩි වැඩිකරනවද? අඩු කරනවද? ජනතාව තීන්දුව දෙයි.
දයාබර මිනිසුනේ, අතීතයේ ඔබේ පාසල් දිවිය ගැන මොහොතකට සිත යොමු කරන්න.. අද ඔබ ලබා ඇති ජයග්‍රහණ පිටුපස කවුරුන් හෝ ගුරුවරුන් ඇති.. නමුත් ඒ එදා මෙදා ගුරුවරුන් ගැන කියන කතා හා ඒ පිළිබඳව ප්‍රතිචාර මෙහි ඉහත බොහෝ දෙනා අපූරුවට දක්වා ඇත.. අඩු පඩියට වුවද ඒ ගැන නොතකා සේවය කොට විශ්‍රාම ගිය අතීත ගුරුවරුන්ට මේ ගැන ඇත්තේ දැඩි වේදනාවකි. ලොව පුරා වසංගතය පැතිර යන දහස් ගණනක් මිනිසුන් මියයන මෙවන් මොහොතක අනෙකුත් රජයේ නිලධාරීන් තම ජීවිතය පරදුවට තබා ක්‍රියා කරන අතර ඇතැම් සේවාවන් සඳහා අර්ධ වැටුප් ගෙවීම් ලබන අතර බොහෝ දෙනා හට කිසිඳු ආදායමක් නැතිව ඉන්න මොහොතක දිගු කාලයක් තිස්සේ කිසි දෙයක් නොකර සම්පූර්ණයෙන් පඩි ලබමින් මේ කරන අරගලය කුමකටදැයි පැහැදිලි වේ. මේ මොහොතේ කළයුතු වන්නේ ඔබේ දරුවාගේත්, රටේ අහිංසක දරුදැරියන්ගේ ඉදිරි කටයුතු කරන ආකාරය ගැන අවදානය යොමු කොට ඒ පිළිබඳව සොයා බැලීමයි.
මෙවැනි ජනතා විරෝධයක් කිසි කලෙක දැක නැත. ගුරු භවතුනි ඔබේ නම කෙළෙසන තක්කඩි අතහැර හෘද සාක්ෂියට ඉඩදී ගරුත්වය රැකගන්න.
ගුරුවරු ඉස්කොලවලට ගෙන්වලා සාමාන්‍ය විදියට ඔන්ලයින් උගන්වනන පුලුවන් නේ
කලදුටු කල වල ඉහගැනීම... හරිම ලැජ්ජයි.. ගුරුවරු ඉස්සරහට දාගෙන පිටිපස්සේ ඉන්න නරි ටික ගැන... බහුතරයක් ගුරුවරු ඇත්තටම දෙවිවරු... ඒ අයගේ නමත් මේ නරි ටික කාලා දානවා.
කොරෝනා පටන් ගත්තු කාලයේ සිට නිකම්ම පඩි අරන් ඒ අස්සේ ඉල්ලීම්. මෙදාපාර බැස්සොත් සාමාන්‍ය ජනතාවගෙන් කෑම ලැබෙන වගක් පේනවා.
ගුරු විදුහල්පති වර්ජනය තීව්‍ර කලේ ඇමති ලගේ කට වරද්දගනිමෙන්. මේගැන ජනාධිපති හෝ අගමැති මැදිහත් වී වෘත්තීය සමිති වලද එකඟතාවය ගැන සලකා විසඳුම් ක්‍රියාවලියකට යාම සුදුසුයි. කරනු ලබන 5000 වැඩිවීම කමිටු වාර්තාවේ කොටසක් ලෙස සලකන ලෙස සමිති ඉල්ලා ඇත. ඇයි ආණ්ඩුව එය බැහැර කරන්නේ ? වෙලාව අනුව වෘත්තීය සමිතිද සාකච්චා කොට විසඳුමකට යාම උචිතයි.
බෙහෙත් දෙන්න කාලේ හරි - පව් නෑ - දුවන්න දුවන්න ගහන මිනිහත් මෝඩයි - ගහන්න ගහන්න දුවන මිනිහත් මෝඩයි
එන්න පාරට උද්ඝෝෂණය කරන්න ආපහු.. මිනිස්සු බලන් ඉන්නවා මේ පාර දෙන්න හොඳට පඩි වැඩි කරලා.. මේ වගේ කාලකණ්ණි අයට පඩි නෙමෙයි දෙන්න ඕනේ.. පුළුවන් නම් අර ගෙදර ඉන්න අහිංසක පොඩි අයට කීයක් හරි දෙන්න..
මම මීට වසර 30 ට පෙර අධ්‍යාපනය ලැබූවෙක් .මේ කාලකන්නි ගේ ඒ කාලෙ තීරණ නිසා මගේ ජීවිතයෙන් වසර තුනක් විශ්වවිද්‍යාලය අධ්‍යාපනයෙන් ආපස්සට ගියා. මොවුන්ගේ මෙම තීරණ නිසා මගේ දරුවන්ගේ ජීවිතයටත් බෙදීම වෙන හැටි මට අද බලාගෙන ඉන්න වෙලා .මුන්ට සාප වීම හැර වෙන දෙයක් වෙන්න නෑ
ඔය ජෝසප් ස්ටාලින් කියන නමට අපහාස නොකර විමල් වීරවංශ, දයාසිරි ජයසේකර, අනුර කුමාර, සජිත් ප්‍රේමදාස වගේ අවස්ථාවාදී නමක් දාගන්නවා...