( හර්ෂණ තුෂාර සිල්වා සහ රංජන් කස්තුරි)
කාණ්ඩ 11කට අයත් භාණ්ඩ 623ක් ආනයනය කිරීමේදී සියයට සියයට ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය සැප්තැම්බර් 8 වැනිදා රැස් වූ අතර එහි දි මෙම තීරණය ගෙන තිබේ.
එ අනුව බලපත්‍රලාභී වාණිජ බැංක සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ණයවර ලිපි (එල්.සී.) සහ ප්‍රතිග්‍රහණය මත ලියිවිලි (ඩී.ඒ) ලබාදීමේ කොන්දේසි යටතේ අත්‍යවශ්‍ය නොවන/හදිසි නොවන ස්වභාවයේ තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීමේ දී සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාත්මක වේ.
මෙම ක්‍රියාමාර්ගය අනුව යම් කිසි අයකු පහත සඳහන් භාණ්ඩ ආනයනය කිරීමේ දී ඒවායේ සම්පූර්ණ වටිනාකම බැංකුවේ තැන්පත් කළ යුතු වේ.
විනිමය අනුපාතිකයේ ස්ථාවරභාවය සහ විදේශ මුදල් වෙළෙඳපොළේ ද්‍රවශීලතාව රැක ගැනීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
“ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව පැනවීමට ගත් තීරණය විශේෂයෙන්ම සමපේක්ෂණ ස්වභාවයේ අධික ආනයන අධෛර්යමත් කිරීම ඔස්සේ විනිමය අනුපාතිකයේ ස්ථාවරභාවය සහ විදේශ මුදල් වෙළෙඳපොළ ද්‍රවශීලතාව රැක ගැනීම සඳහා දැනටමත් සිදු කෙරෙන උත්සාහවලට සහාය වනු ඇතැයි අපේක්ෂා කෙරෙන” බව ද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශ විනිමය අර්බුධයක් ඇතිවිට මෙවැනි දේ කල යුතුමයි.
නියමයි සර් ඔහොම යමු
ජයවේවා
දැනටමත් ටයර් එකක් හොයා ගන්න බෑ. මීට පස්සේ ඉතිං බර කරත්ත තමයි
මොනා වුනත් ඉන්න රටක් තියෙනවනේ. ලොකු තැන්වල අය සතුටෙන් හිටියොත් තමයි රට රැකෙන්නේ.
ටයර් කොහොමද අත්‍යවශ්‍ය නොවන භාණ්ඩයක් වෙන්නේ? තියෙන වාහන ටිකවත් දුවන්න වෙන්නේ නැහැ. මිනිස්සුන්ගේ ජීවිත අනතුරේ දානව පරණ ටයර් එක්ක වාහන දිව්වහම.
දැන් සැපද?
සංක, අර්බුදේ හැදුවේ ජනපති වෙන්න ඡන්දෙ දීපු, 20 සම්මත කරගන්න දුන්නු, 2/3 ගන්නකන් හිටපු මිනිස්සුද?
පුදුම තීරණ
ආනයන සීමා කිරීම හේතුවෙන් වෙළඳ පොලේ භාණ්ඩ හිඟයක් නිර්මාණයවී, වැඩිවන ඉල්ලුම හමුවේ භාණ්ඩ මිල ඉහල යාම සාමාන්‍ය ආර්ථික විද්‍යා න්‍යායයි. මේ ක්‍රියාදාමය අනුව රටේ ජනතාවට අත්විය හැකි ප්‍රතිවිපාකය ඔවුන්ගේ නැණ පමණ අනුව දැන්මම අවබෝධ කර ගැනීමට හැකිවේවි. විවෘත ආර්ථික ක්‍රමයක් තුල සංවෘත ආර්ථික න්‍යායන් ක්‍රියාවට නැංවීම අදුරදර්ශී බොළඳ ක්‍රියාවක් ලෙසයි මා නම් දකින්නේ. ඉදිරි අනාගතයේදී, ආනයන භාණ්ඩ මතත්, වෙළද ඒකාධිකාරයක් මේ තුලින් ඇතිවීම නොවැලක්විය හැකියි. නිෂ්පාදන හා සේවාවන් තුලින් විදේශ සංචිත පියවා ගන්නවා විනා, ආනයන සීමා තුලින් වෙළඳ පොළ ආර්ථිකයක් ගැන සිතීමත් එක්තරා විහිළුවක්. එත්, අවාසනාවට ලංකාවේ පණ්ඩිත මහාචාර්යවරුන්ගේ ගල්යුගයේ විකුර්ති ආකල්ප හා විපරිත සංකල්ප වර්තමානයේ ක්‍රියාවට නැංවීම ජනතාවගේ කරුමය ලෙසින් අනාගතයේ අර්ථකථනය කරාවි. අඥාන පාලකයින් පත්කොට කිරිබත් කෑ ජනතාවට, කරුමය, අරුමයක් නොවන බව තමයි කිව හැකිව ඇත්තේ??
ඉතා හොඳයි. දේශීය දෙයට මිලක් එයි
සියලුම ෆෝන් සහ ටැබ් ගෙන්වීම නතර කිරීම කිසිසේත්ම අප අනුමත නොකරමු. නමුත් විකල්ප ක්‍රියා මාර්ගයක් ලෙස රු.100000ට වැඩි සියලුම ප්‍රධාන ඛාණ්ඩයේ ෆෝන් සහ ටැබ් ගෙන්වීම නතර කල යුතුය. මධ්‍යම පරාස සහ බජට් ඛාණ්ඩයේ ෆෝන් සහ ටැබ් මගින් දැනට පවත්නා සියලුම යෙදවුම් භාවිතා කල හැක. එමනේම සියලුම ඇපල් ෆෝන් සහ ටැබ් ගෙන්වීම තහනම් කිරීම මගින් අති විශාල මුදලක් ඉතුරු කර ගත හැක. ඇනරොයිඩ් අඩු වියදම් ෆෝන් සහ ටැබ් වලින් ඇපල් වලින් කරන කාර්ය ඊට වඩා හොඳින් කර ගත හැක. මේ ආකාරයේ සීමාවක් පැනවීම මගින් සියලුම මහජනතාව පීඩාවට පත් වීම වැලැක්විය හැක. මුහුන දී සිටින අති දුශ්කර අවස්ථාවේ මහජනතාව ලෙස අප රජයට හැකි උපරිමයෙන් සහයෝගය දැක්විය යුතුය. ඹබ සැමට තෙරුවන් සරනයි…..
ඇමැතිවරුන්ගේ වාහනවලට නැද්ද
ආණ්ඩුවට කඩේ ගහින් කීයක් හරි හම්බ කර ගනිල්ලා, මේ රටේ තියෙන දුෂණ වහලවැඩ කරන මිනිසු
හොද දෙයක්
අන්ධ රියදුරෙක් ලයිට් නැති වාහනයක් කළුවරේ පැදගෙන යනවා
ඉස්සරහට ආපහු එන්නේ පිරිමි අමුඩ අඳින, කාන්තාවන් ඇඟ වටේ රෙද්දක් ඔතාගෙන ඉන්න යුගය. දඩයමක් කරලා, අල බතල හාරලා, කොස් කඩන් කාලා ජීවත් වෙන්න වෙන යුගයක්... දැන් ඉඳන්ම සරල ජීවිතයකට පුරුදු වුණා නම්, ඉස්සරහට වේදනාව අඩුයි.
මේ රටේ බොහොමයක් ආගමික ස්ථානවලට බොහෝ මුදල් එකතු වෙනවා. ඒවා නිසි ආකාරයෙන් රජයට බදු ගෙවනවාද ? මේ ගැන සොයා බලන්න. විහාර දේවාලගම් පණත අනුව වාර්ෂිකව රජයට බදු ගෙවන්න ඕනෑ. එහෙත් වත්මනේ විහාර භූමි මුදල් ඉපැයීම සඳහා යොදවනවා නේද ? ඒ උපයන මුදල් දායක සභාවට හෝ වෙනත් සමිතියකට ලැබෙන්නෙ නැහැ. ඒවා ඒ ස්ථානභාර ආගමික පූජ්‍ය / පූජක පක්ෂය තමන් සතු කරගන්නවා. මේවා දහමට පටහැනි දේවල් නේද ?
මෙන්න හැටනම ලක්ෂයට රතිඤ්ඤ පත්තුකරල පාරෙ කිරිබත් කන්න පුලුවන් ප්‍රවෘත්තියක්. සද්දයක්වත් නැතුව ඉන්න එක තමා තේරුම්ගන්න බැරි.
කමක්නැහැ බයියන් ටික හරි සතුටින් ඉන්නවානේ මේ රටේ...
බයියන් යම පාලනය යැයි කිවූ යහපාලන කාලයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ටැබ් දීමට හිටපු අගමැති හා අධ්‍යාපන ඇමති කොතෙක් උත්සාහ ගත්තත් හිටපු ජනපති ඔහුගේ නිශේධ බලය යොදා ඒවා තහනම් කලා. අතීතයේ ධනපතියන් යැයි කියූ එක්සත් ජාතික පාක්ෂිකයින් දුප්පත් දරුවන්ට උසස් අධ්‍යපනයක් දීමට උත්සාහ ගත්තත් පැරණි වලව් පැලැන්තියේ අයත් වරප්‍රසාද ලද්දෝ පිරිසත් කොළඹ උදවියත් ගමේ බයියන්ට ඉගෙනීමට ඉඩක් දෙන්නේම නැතිබවයි ෆෝන් ගෙන්වීමට බාධක යෙදීමෙන් පෙනෙන්නෙ.