(නිමන්ති රණසිංහ)
කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා සන්තකයේ තබාගෙන සිටි නවීන වර්ගයේ ජංගම දුරකථනයක් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර මූලස්ථානය සඳහන් කරයි.
බන්ධනාගාර නිලධාරීන් විසින් වාට්ටු සෝදිසි කිරීමට පැමිණි අවස්ථාවේදී සැකකාර රිෂාඩ් බදියුදීන් මහතා එම ජංගම දුරකථනයෙන් ඇමතුම් ලබා ගනිමින් සිට ඇති බවත්, නිලධාරීන් දුටු සැකකරු එම ජංගම දුරකථනය අසල ජනේලයෙන් ඉවතට විසිකර ඇති බවත් බන්ධනාගාර කොමසාරිස් (පාලන ) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.
ඒ අනුව බන්ධනාගාරයක් තුලදී සැකකරුවකු ජංගම දුරකථනයක් භාවිත කිරීමේ වරදට අදාළව බන්ධනාගාර ආඥා පනත ප්‍රකාරව බන්ධ විනිශ්ච මණ්ඩලයක් හමුවට මෙම සැකකරු ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද ඔහු සඳහන් කළේය .
සැකකාර හිටපු අමාත්‍යවරයා ජනේලයෙන් ඉවතට විසි කරන ලද ජංගම දුරකථනය නිලධාරීන් විසින් අහුලාගනු ලැබීමෙන් පසු වැඩිදුර පරීක්ෂණ සඳහා බුද්ධි අංශ වෙත ඉදිරිපත් කර ඇති බවද සඳහන් වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා අතට ඔය දුරකතනය ගිය හැටිත් කීවා නම් වටිනවා
එයා විතරද ඔය වැඩේ කළේ..? දුමින්දලා ගාව ජංගම දුරකථන තිබිලා නැද්ද?
ඕවා අහන්නත් දේවල්ද? සමහරවිට කන්‍යාවියොත් ඇති...
හිර කූඩුවේ ජනේල තියෙනවද. තව ටික දවසකින් කියයි බදුර්දීන් ජනේලය කඩාගෙන පැනල ගිහින් තියෙනවා කියලා
මොහු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු වන නිසාත්, මොහුට ඇති වරප්‍රසාද නිසාත්, මොහු නිතරම ආරක්ෂා වෙනවා. කෝ ආණ්ඩුවේ පම්පෝරි කතා විතරනේ. මොහුට තවමත් හරිහමන් දඬුවමක් දුන්නාද ? තව මොනවා කළත්, ඔච්චර තමයි.
බයියන් චූන් කිරීමට තවත් කෙටි නාට්‍යයක්.
හා එහෙමද? එයා එනකොට අරන් ඇවිල්ලා ඇතිනේ... විකාර.. මිනිස්සුන්ට මෙහෙ කන්න නැහැ. රිෂාඩ්ගේ කේස් එක තමයි වැදගත්.