(අජන්ත කුමාර අගලකඩ)
රජය මුහුණ දී සිටින බරපතළ මූල්‍ය අර්බුදය හමුවේ රජයේ වියදම් දැඩි ලෙස සීමා කිරීමට තීරණය කර ඇත.
කොවිඩ් වසංගතය හමුවේ ආර්ථිකය බරපතළ ගැටලුවකට මුහුණ දී ඇති බැවින් ,රජයේ අපේක්ෂිත ආදායම විශාල ලෙස පහතවැටී ඇති අතර ,මේ වසරේ පුනරාවර්තන වියදම් පියවාගැනිමට පවා එය ප්‍රමාණවත් නොවන බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇත.
මේ වසරේ පුනරාවර්තන වියදම රුපියල් කෝටි 2,69,400 ක් ලෙස ඇස්තමේන්තු කර ඇතත්, එන්නත්කරණය,සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු පුළුල් කිරීම ,සහනාධාර දීම ඇතුළු කටයුතු හේතුවෙන් පුනරාවර්තන වියදම තවත් වැඩිවනු ඇතැයි ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇත.
මේ තත්වය තුළ , රජයේ ප්‍රතිපාදන වෙන් වී ඇතත් ,මෙතෙක් ආරම්භ කර නොමැති ව්‍යාපෘති,මිලදී ගැනීම්,ගොඩනැගිලි ඉදිකිරීම්, ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම් ආදිය අත්හිටුවන ලෙස මුදල් අමාත්‍යාංශය අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී තිබේ .
සේවක බඳවා ගැනීම් සඳහා මූලික කටයුතු සිදු කර මෙතෙක් පත්වීම් ලිපි නිකුත් නොකළ, තනතුරු සඳහා බඳවා ගැනීම් අත්හිටුවීමට ද රජය තීරණය කර තිබේ .
සුභ සාධන කටයුතු සඳහා හඳුනාගෙන ඇති ප්‍රතිලාභී ලැයිස්තු නැවත සමාලෝචනය කර සහනාධාර අඩුආදායම්ලාභින්ට පමණක් සීමා කිරීමට ද තීරණය කර ඇත.
මේ අතර ,අමාත්‍යංශ ලේකම්වරුන්ගේ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ අනුමැතිය මත, ගෙවනු ලබන වැටුප් නොවන දීමනා සහ බිල්පත් පියවීම් යනාදිය නැවත සමාලෝචනය කර, සේවයේ සැබෑ ලෙසම නිරතවන නිලධාරීන්ට පමණක් ගෙවීමට ද මුදල් අමාත්‍යාංශය නිර්දේශකර ඇත.
තම ආයතන වල නිලධාරීන් චක්‍රිය ක්‍රමයකට කැඳවීමේදී ඔවුන්ට පැමිණීමට අදාළව ගෙවනු ලබන ඉන්ධන දීමනා ආදිය පැමිණෙන දිනට පමණක් සීමා වන සේ ගෙවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරන ලෙස අමාත්‍යංශ ලේකම්වරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත .
වියදම් සීමා කිරීමෙන් ඉතිරි කරගත හැකි අරමුදල් ප්‍රමාණය පිළිබඳ සවිස්තර වාර්තාවක් ලබා දෙන්නැයි මුදල් අමාත්‍යංශය ලේකම්වරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් රටේ අපනයන ආදායම වැඩි කරන දේවල් වලට මුදල් ආයෝජනය කරන්න. අපි තාම තේ, පොල්, රබර් යටතේ හිටියොත් රටම විනාශ වෙනවා. දැන් අපේ රට කාර්මික රටක් කරන්න කාලය ඇවිත් තියෙන්නේ. කෘශිකර්මාන්තෙන් රට දියුණු කරන්න බෑ. මොකද අපිට එන්න එන්නම ඉඩම් අඩු වෙනවා. ජනගහනය සීග්‍රයෙන් වැඩි වෙනවා. අපේ රටේ කෙල්ලො ටික මැදපෙරදිග වහල් සේවයට යන එක නවත්තලා ඒ මිනිස්සුන්ගේ ශ්‍රමයෙන් විද්‍යුත්, විදුලි, කාර්මික උපකරණ නිශ්පාදනය කරවන්න.
ඉතින් මල්වානේ බංගලාව විකුණන්නකෝ මයේ දෙයියෝ
තව අලුත් වාහන ගෙන්න ගමු ඇමැති මණ්ඩලයටම . ඔය තියන වාහන ඔක්කෝම මාස 3 ක් විතර පරණ ඇති නේද ? ඒක විකුණලා අලුත් එකක් ගන්න කාලේ හරි .
මුදල් ඇමැති මෙවැනි ප්‍රකාශයක් කළා කියන්නේ ඔය කිව්වට වැඩ දහස් ගානකින් හෝ ඉට වැඩි ගුණයකින් අපේ රටේ ආර්ථිකය බිදවැටි ඇති බවයි
අවුරුදු 70ක් තිස්සේ මේ දේශපාලන හොරාකාපුවා දැන් තමයි ගෙවන්න වෙලා තියෙන්නේ... බැසිලුත් ඉන්නවා...
පවුල් පාලන ආණ්ඩුවක් නඩත්තු කරන එකත් ලෙහෙසි පහසු දෙයක්ද..? මොනතරම් මුදල් කන්දරාවක් වැය වෙනවා කියලා කවුද දන්නේ...?
සංවර්ධනයට කියලා ණය අරන්.., ඒ ණය වලින් සැලකිය යුතු ප්‍රමාණයක් හොරකම් කරගෙන ගිහින් ඇමරිකාවේ දේපළ ගත්තු අය, අයිතිකරුවන් නැති දේපළ ගොඩනගපු අය තමයි මේ තත්වයට වග කියන්න ඕනෑ...
නිකං බොරැ කයිවාරු එපා..නවත්තනවා නම්මැති ඇමැතිවරුන්ගේ වියදම් නවත්ත්තනන
අපිට නම් පේන්නෙ එක මොලයක් වත් නැති විදියටයි.හැබැයි මේ කොල්ල මාටිය ගහන්න නම් හරිම දක්ෂයා
එතකොට පරාක්‍රම සමුද්‍රයේ රළපනාව ගලවලා ජොගින් ට්‍රැක් හදන එක රටට අත්‍යාවශ්‍යම දෙයක් කියලා උපදෙස් දුන්නේ කියත් මගෙන්ද?
සේවකයින් සේවා කාලයෙන් පසුව රාජ්‍ය සේවයෙන් බැහැර කටයුතු කිරීම වෙනුවෙන් උපයන මුදලින් සියයට ගණනක් අයකළ යුතුබව ආයතන සංග්‍රහයේ මෙන්ම මුදල් රෙගුලාසි වලත් දැක්වෙනවා.. දැනටමත් ගුරුවරු මෙන්ම වෛද්‍යවරුත් මෙලෙසින් අධික මුදලක් උපයනවා. සමහර ගුරුවරු පාසල් කාලයේ බැහැර ගොස් පන්ති කරනවා. රාජ්‍ය සේවයේ තියෙන නීති ක්‍රියාත්මක කළාම ආදායම් ගන්න පුළුවන් තවත් කොපමණ නාස්ති තියෙයිද සොයා බලන්න...?
පාර්ලිමේන්තුවේ සිටින ඔළුගෙඩි ප්‍රමාණය අඩුකළ යුතුයි. රජයේ රැකියාවක් කිරීමට හෝ සුදුසුකම් නොමැති නූගත් අනුවණයින්, නීතිවිරෝධී කටයුතු සිදුකළ අය නිසා, ඔවුන්ගේ නුසුදුසු උපදෙස් නිසා රටට වෙන හානිය සුළුපටු නොවේ. එබැවින් රට වැටී ඇති මෙවන් මොහොතක ඔවුන් ඉවත් කොට ඒ මුදල් රටට ඉතිරි වෙනවා නම් එය මහඟු සේවයකි. පාර්ලිමේන්තු භෝජනාගාරයේදී වියහියදම් සීමා කළයුතුයි. මන්ත්‍රී වරුන්ට වාහන ගෙන්වීමට වෙන්කොට තිබූ මුදලද සෞඛ්‍ය වියදම් සඳහා යොදාගත යුතුයි. හිටපු ජනපති වරුන්ගේ විශ්‍රාම වැටුප් අඩුකොට, අනෙකුත් විය හියදම් අඩුකොට දැමිය යුතුයි. හිටපු ජනපතිවරුන් නැවත පාර්ලිමේන්තුවේ සිටින්නේ නම්, ඔවුන්ගේ මන්ත්‍රී වැටුප හා අනෙකුත් වියදම් කපා හැරිය යුතුය. ඒත්, ඒවා කෙරේදැයි සැක සහිතයි...
ඕක මොකක්ද තව ප්‍රින්ටර් එකක් ගන්න. සල්ලි ප්‍රින්ට් කරන්න තියෙන්නේ....
මේ රටේ දුප්පත් සහ මධ්‍යම පාන්තික ජනතාව මෙතරම් දුක් විඳින්නේ මාසිකව ලක්ෂ එක හමාරට වඩා වැටුප් ලබන උදවියගෙන් අය කරගනු ලබන අදායම් බදු මුදල ප්‍රමාණවත් නොවීම නිසයි. මෙම ඉහළ වැටුප් ලබන සේවකයින්ගේ අත ඇති මුදල් අතිරික්තය නිසාම ඔවුන් මිල අධික සුඛෝපභෝගි වාහන, ජංගම දුරකථන මිල අධික අත් ඔරලෝසු මිලට ගැනීම නිසා මෙරට මුදල් පිටරටට ගලා යෑම නිසා ඩොලරය ඉහළ යනවා. එවිට බඩු මිල ඉහළ යනවා. එතකොට අසරණ මිනිසුන් කබලෙන් ලිපට වැටෙනවා. අන්තිමට බැලුවාම පොසතාගේ මිලදී ගැනීම් වලට දුප්පතා බදු ගෙවනවා වගේ පෙනෙන්නේ.. බැසිල් මැතිතුමනි, ලක්ෂ එක හමාරට වඩා අදායම් උපයන අයට අධික බදු පණවන මෙන් ඉල්ලා සිටිනවා. එවිට සුභෝපහෝගි භාණ්ඩ මිලට ගෙන රුපියල බාල්දු කරන ලද පාර්ශවයට තරමක හෝ බලපෑමක් ඇති කරවන අතර රුපියල නැවත පණ ලැබී අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩු වී දුප්පතාට සහනයක් ලැබෙනු ඇත...
ලැබෙන විදේශ විනිමයෙන් ටිකක් මෙයා ඇමෙරිකාවට අරගෙන යන්න ඕනෑනේ... මෙයාගේ පවුල නඩත්තු කරන්න...
හොරකම් කරපුවාගෙන් ටිකක් ආපහු ලංකාවට ගෙනාවා නම් ඇති මිස්ටර් ටෙන් පර්සන්ට්...
කොමිස් නැති වුනා නම් රටට මෙහෙම වෙන්නේ නැ
වැඩකට නැති ඇමැති මණ්ඩලය විසුරුවා හරින්න.. එ්කෙන් රජයට ලොකු මුදලක් ඉතිරි කරගන්න පුළුවන්...
අද රටේ මිනිසු අන්ත අසරණ වෙලා
සමහරු සිතාගෙන සිටියා බැසිල් ආවාම ආර්ථිකයට නව ප්‍රබෝධයත් ඇතිවෙලා බඩුමිල අඩුවෙලා කාට කාටත් හොඳින් ජීවත්වෙන්න හැකියාව ලැබෙයි කියලා. බැසිල් කියන්නේ සර්ව බලධාරියෙක් හෝ මැවුම්කරුවකු නොවන බව දැන් කාටත් පේනවා ඇති. ආර්ථික විද්‍යාත්මකව තිබෙන සම්පත් කළමනාකරණය කරමින් රට මෙහෙයවීම කාටත් කළහැකි දෙයක්... වෙනස නම් සම්පත් කළමනාකරණය කරන ආකාරය අනුව ආර්ථිකය හැඩගැස්විය හැකිද නොහැකිද යන්න තීරණය වේ. වර්තමානයේ රට මුහුණ දී ඇති ආර්ථික පසුබැස්මෙන්... රට ගොඩ නගනවා යනු සත්‍ය වශයෙන්ම අභියෝගයකි. රජයේ වියදම් කපාහැරීම යනු ජනප්‍රිය නොවන තීරණයකි. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඒ අභියෝගයට මුහුණ දීමට ජනතාවට සිදුවනු ඇත. මැතිවරණ වේදිකාවලදී ජනතාවට පොරොන්දු දෙන තරම් රසවත් කතන්දරයක් නොවේ...
විදේශ විනිමය ලබාගැනීමේ කාටත් ඇස නොගැටුණ ක්‍රමයක් ඉදිරිපත් කරන්න කැමතියි. ඒ තමයි රටේ තරුණ පරපුර අන්තර්ජාලය හරහා සේවය සැපයීම තුළින් ලබන ආදායම. එම ආදායම් ලබාගැනීම සදහා පිළිගත් නියම ක්‍රමවේදයක් නෑ. එම ව්‍යාපාර තනි පුද්ගල ව්‍යාපාර ලෙස ලියාපදිංචි කිරීමේ විශේෂ ක්‍රමවේදයක් නෑ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින උදවියට අන්තර්ජාලය හරහා කරන ව්‍යාපාර සම්බන්ධව කිසිදු අවබෝධයක් නෑ.
දෙසියවිසිපහේ පඩි බාගෙකට අඩුකිරීම, මන්ත්‍රී සහ ඇමති දීමනා නැවතීම, දේශපාලකයෝ හොරකම් කල වත්කම් සියල්ල ජනසතු කිරීම, සන්ස්තාවල භාවිතයට නොගන්නා වාහන ඇමතිලාට සහ මන්ත්‍රීලාට බෙදාදීම, පලාත්සභා අහෝසි කිරීම මේ අර්බූදයට ක්ශනික විසදුමකි.
අත්තටම ලංකාවේ රජයක් තිබෙනවා ද?.....මොනවාද කරන්නේ....
ඔන්න නියම රජය ...ලබන කන්නයටත් පත් කරනවා මයි
අයියෝ… ඇයි වියදම් කපන්නේ? මේ දවස්වල මිනිස්සුන්ට ජිම් කට්ටල ඕනෑ වෙනවා නේද? ඇයි කිලෝමීටරයට මිලියන එක්දහස් ගාණක් වියදම් කරලා අර ගාලු පාර සමාන්තර හදනවා කියපු පාර? එතකොට අර රජවරු හදපු වැව් බන්ට් එක උඩ මං තීරුව? මේවා මේ වෙලාවේ ප්‍රමුඛතාලු නේද?
ඇමති, අගමැති, මන්ත්‍රීලාගේ වරප්‍රසාද වෙනුවෙන් ඇති පුනරාවර්තන වියදම්ද අනවශ්‍ය ප්‍රාග් ධන වියදනුත් කපන්නකෝ...!!!
තනතුරු සදහා බඳවා නොගන්නේ නම් අනිවාර්ය විශ්‍රාම වයස රජයේ සේවකයන් සදහා 63 දක්වා දීර්ඝ කිරීමෙන් මේ අවස්ථාවේ රජයට සැලකිය යුතු මුදලක් ඉතිරි කරගත හැකි නේද?
මෙය ඇමතිවරයාගේ හොඳ ක්‍රියාවක් වනු ඇත. මෙම ක්‍රියා පටිපාටි බොහෝ කලකට පෙර ක්‍රියාත්මක කළ යුතුව තිබුණි.
පවුල් ආණ්ඩුවක් නඩත්තු කරන එකත් ලෙහෙසි නැහැ. සෑහෙන වියදමක්....
එතකොට පාර්ලිමේන්තුවේ වියදම්, ඇමැතිලාගේ වියදම් ඒවා වියදම් නෙවෙයිද.?