( සුජිත් හේවාජුලිගේ සහ යොහාන් භාසුර)
බස්නාහිර පළාතේ ගබඩා පහක සඟවා තිබී සොයා ගනු ලැබූ සීනි මෙට්‍රික් ටොන් 83,000 ක් පමණ රජයේ බාරයට ගත් බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්.ඩී.එස් .පී නිවුන්හැල්ල මහතා ලංකාදීපයට පැවැසීය.
මින් සීනි ටොන් තිස් දහසක් සතොස සහ සමුපකාරවලට ඊයේ (1) බෙදා හැරි බවද හෙතෙම සඳහන් කළේය.
එම ආයතනවලට බෙදා හැර ඉතිරි වෙන සීනි තොග මහජනතාවට අලෙවි කිරීම සඳහා පෞද්ගලික අංශයේ සුපිරි වෙළෙඳසල්වලට ලබාදෙන බව පැවසූ නිවුන්හැල්ල මහතා රටපුරා සඟවා ඇති සීනි, සහල් සහ වී තොග සොයා ගැනීමට විශේෂ මෙහෙයුමක් අරඹා ඇතැයිද කීවේය.
ජනතාව දුෂ්කරතාවයට පත්ව සිටින අවස්ථාවක මෙලෙස ආහාර තොග සැඟවීම බරපතළ වරදක් බවත් එසේ ආහාර සඟවන්නන්ට තමාගෙන් කිසිම සමාවක් නොලැබෙන බවත් නිවුන්හැල්ල මහතා පැවසුවේය.
මෙම සීනි තොග සොයාගනු ලැබුවේ සිදුව ,කැලණිය වත්තල යනාදී ප්‍රදේශවල බලපත්‍ර සහිත සහ රහිත ගබඩා පහක තිබියදීය.
පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් මෙම ගබඩා වලට පසුව මුද්‍රා තබනු ලැබීය.
මෙම ගබඩා හිමියන් මේ සම්බන්ධයෙන් වරද පිළිගෙන ඇතැයිද එම සීනි අයත් ව්‍යාපාරිකයන්ට පසුව ඔවුන්ගේ වියදම් වලට සරිලන පරිදි මුදලක් ගෙවීමට කටයුතු කරන්නේ යැයිද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.
සහල්, වී සහ සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැඟවීම අධික මිල ගණන්වලට අලෙවි කිරීම තහනම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉකුත් 30 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීති රෙගුලාසිද පනවනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ව දමනය කිරීමට නම් දැඩි තීන්දු ගත යුතුයි. සමහරක් ගුරුවරුන්ටද අදාළයි. ඔලුව පහත් කරන්න කරන්න ටොකු අනින්න තමයි ලෑස්ති වෙන්නේ..
සුපර්. වසංගතේ අස්සේ අනවශ්‍ය ලාභ ගන්න අයට දෙන්න ඕනේ හොඳ පාඩමක්.. මොනවා වුනත් ලංකාවේ සීනි සංස්කෘතිය වෙනස් කරන්න කාලේ ඇවිත් ලිට්රෝ එකෙන් ගෙවල්වල දර ලිප් ටික අයින් කරලා, ගෑස් ටැංකි ගෙනත් දාලා කරපු විනාසේ වගේ තමයි ලංකාවට සීනි හඳුන්වලා දීලා වෙලා තියෙන්නේ...
සීනි තොග තබාගැනීමේ නීතිමය තහනමක් තියෙනවද? එසේනම් එක ව්‍යාපාරයක් තුල තබාගතහැකි උපරිම තොගය කොපමණද? මේ වනවිට සීනි වල පාලන මිල ඉවත්කොට ඇත. එසේනම් වෙළෙන්දාට කැමති මිලකට සීනි විකුනන්න පුළුවන්. සීනි වෙළෙන්දෝ උසාවි ගියොත් ආණ්ඩුව අම්මරුවේ වැටෙනවා.
ඒ වගේ ඒකාධිකාරයක් ඇති දේවලුත් මේ ගමන්ම අවසාන කරමු...
ජාවාරම් කරුවන්ට අවශ්‍ය අන්දමට කටයුතු කළ හැකි නම් රජයක් අවශ්‍ය වන්නේ නැත. සීනි ජාවාරමුන් පසුපස සිටින්නේ කවුරුන් වුවද දැඩිව නීතිය ක්‍රියාත්මකවීම විය යුතුය. එය තවත් ජාවාරම් කරුවන්ට පාඩමක් වනු ඇත. මේජර් ජෙනරාල්තුමා නීතිය නිසියාකාරයෙන් ක්‍රියාත්මක කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි...
චීනේ වගේ වෙඩි තියලා මරන්න ඕනේ...
මල්ටි බිලියන් සීනි හොරාට දඬුවම් නැත්තේ එයා අහවලාගේ ගජමිතුරා නිසාද?
ගිණි තියමු.
වරායෙන් එනකොට මේවාවල තොග ගණන් කරන්නේ නැද්ද? අඩුම ගාණේ මෙච්චර ප්‍රමාණයක් ලංකාවට ආවා කියලාවත්...!!!
තද නීති රීතිි නැතිව කල්ප කාලයක් තිස්සේ හොර කමටම හුරුවුණු අය නිවැරදි කරගත නොහැක.
සිවිල් නීතියෙන් රිංගා යාමට සිවිල් ජනතාව හොඳින් දනී. ත්‍රස්තයන් හා හොරුන් වඩාත් හොඳින් දනී. ඒසේ රිංගා යාම වැලැක්වීමට නම් ඒවැනි තැන්වලට සිවිල් පරිපාලන බලය පූර්ණ වශයෙන් ලබා නොදිය යුතුය. රටට, මහජනතාවට හානිකරන කිසිවක් රටකට වැඩක් නැත. ත්‍රස්තවාදයට විරුද්ධ සටනේදී හමුදාවට සහාය දුන්නාක් සේ හමුදාව කෙරේ විරෝධී ආකල්පී දරණ අයගේ බොරුවලට නොරැවටී ජනතාව මොවුන්ට ශක්තියක් දිය යුතුය. රට හැදීම කරන්නන් වාලේ සිදුකල නොහැකි අතර ඒ් සඳහා කිසියම් සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය ක්‍රම වේදයන් අවශ්‍යය. හැම විටම අවසානයේ නොව මුලදීත් නොව මැදදී වත් කෙවිට අතට ගත යුතුය. මෙවැනි ප්‍රයෝග හඳුනාගත් විගස පළමුව දැඩි නීති පැනවිය යුතුය. දෙවනුව මෙවැනි දේට දඪුවම් නිශ්චිත බවට පූර්වාදර්ශ සැපයිය යුතුය. ඒවිට වරදට භිය වනු ඇත. ගත් තීරණ දැඩිව ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබේවා..
සර් මේ ක්‍රියාන්විතය ඔබට කළ හැකියි .ජනතාව හරි දේට සැමවිට ඔබ සමගයි
උපරිම මිලක් දැමම ඒකෙන් කොහොමත් දෙතුන් දෙනෙක් වන මහා පරිමාණ අනයනකරුවන්ට නියමයි
සීනි රුපියල් 95 ට ලේසියෙන් දෙන්න පුළුවන්.
සීනි තොග රාජයේ බාරයට ගත්තා මිසක් රාජසන්තක කළා නොවේ. මේවාට ගෙවන ගණන - "ඔවුන්ගේ වියදම් වලට සරිලන පරිදි මුදලක් ගෙවීමට" මේවා නාටක පමණි...
හමුදා පාලනයක් තියෙන්නේ... ඔව්වා පාලනයට තමයි.
සීනි වල බද්ද නොසෑහෙන සේ අඩුකලා. එහි වාසිය රටේ ජනතාවට දීමේ නිසි ක්‍රමවේදයක් තිබුණේ නැහැ. සීනි ගෙන්වූ බොහෝදෙනා ගැන රජය දැන සිටියේ නැහැ. අඩුම තරමේ සීනි ගබඩා කිරීමේ අවසරය හෝ ලබා නොතිබුණු අය සීනි ගෙන්නුවා. මාධ්‍ය වලින් නොපෙන්වන්න තවමත් ඒ ගැන රජය දන්නේ නැහැ. අන්න එහෙමයි වැඩ. හැම වැඩේම අනාගන්නවා. ඊට පස්සේ ඒවා පාලනය කරන්න විශ්‍රාමික හමුදා නිලධාරියෙකු පත්කරනවා. මේ රටේ තියෙන්නේ මිලිටරි පාලනයක් වගෙයි පේන්නේ. සිවිල් පාලනය හරිහැටි කරගැනීමට බැරි අය තමයි මේවා කරන්නේ. ඒත්,ප්‍රශ්නයට පිළිතුර එය නොවන බව තේරෙන විට, වෙන්න තියෙන දේ වෙලා ඉවරයි. එතකොට අලියා ගිහිල්ලා. වලිගෙන් ඇදලා නවත්වන්නට බැහැ.
හරි ඕවා වැඩක් නැහැ. දැන් සීනි කිලෝ එක අපිට දෙන්නේ කියියටද.?
දැන් ඔබට ඒවා පාලන මිලට රුපියල් 84/- හෝ ඊට අඩු මුදලකට විකිණිය හැකිය.
සීනි ආනයනය නිදහසේ ඕනෑම කෙනෙකුට කරන්න දුන්න නම් ප්‍රශ්නය ඉවරයි නේද?
හමුදාවටත් ,ඒකේ සොල්දාදුවන්ටත් අපේ තියන ගරුත්වය පොඩ්ඩක් වත් අඩු වෙන්නේ නැහැ . නමුත් රජා හිතාගෙන ඉන්නවා හැම මගුලම හමුදාවට කොරන්න පුළුවන් කියල. එහෙම හිතල වීරෝධාර රණ වීරයෝ , අපි එදත් අදත් ගරු කරන ,ගරු කල වන්දනීය චරිත තුට්ටු දෙකට දමනවා. මම නම් කියන්නේ ඕන නැහැ මීට කලිනුත් එකෙක්නෙක් දැම්ම වී අල්ලන්න්න මහා සද්දයක් දමල වැඩට බැස්ස ,නමුත් අන්තිමේදී නිකම්ම නිකන් - සවුත්තුම වෙලා ගියා. දැන් උන්නද මලාද නැහැ ! බලමු මේකට මොකද වෙන්නේ කියල. අනික හන්ගපුව අල්ලලා වැඩක් නැහැ. ඒවා හංගපු ගජමිතුරු දනවාදයේ පංගු කාරයින් නිදැල්ලේ නම්
දූෂිත පාලකයින් රජ කරන රටක මේ වගේ අය ගැන කවර කතාද?
ලුම්බිණි කියලා වැඩක් නැහැ මාර බුද්ධිමත් අදහසක්. රටේ ආදායමෙන් සීනි විතරක් ගෙන්වනවානම් ඔය කතාව හරි.
ඇයි බාරයට. රාජසන්තක කල යුතුයි