
(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකාවේ මන්නාරම් ද්‍රෝනියේ එම් - 2 ලෙස දැනට හදුනා ගෙන ඇති බැරකියුඩා ප්‍රදේශයේ බොර තෙල් බැරල් මිලියන 2,000 ක් තිබෙන බව සොයාගෙන තියෙනවා. එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 150 ක්.එමෙන්ම මෙම ද්‍රෝනිය තුළ ගෑස් ඝන අඩි ට්‍රිලියන 09 ක් තිබෙන බවත් සොයාගෙන තියෙනවා.ඒවායේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 17 ක් යැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
ඉතිං මෙම ඛනිජ තෙල් සහ ගෑස් අලෙවියෙන් අපට ඇමෙරිකානු ඩොලර් බිලියන 167 ක් උපයා ගත හැකියි.
ශ්‍රී ලංකා රජය සහ අනෙකුත් ආයතන මේ වනවිට සමස්ථ විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 47 ක් ණය වී ඇති බවත් , ඒවායින් නිදහස් වීම සදහා ඇති එකම මාර්ගය ශ්‍රී ලංකාවේ මන්නාරම් ද්‍රෝනියේ ඛනිජ තෙල් සහ ගෑස් ගවේෂණය කර සොයා ගැනීම බවත් අමාත්‍යවරයා පවසයි.
එයින් අප රටේ සමස්ථ විදේශ ණය ප්‍රමාණය ගෙවා දැමූ විට,තවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 133.5 ක් ඉතිරි වන බවත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය
ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සහ ගෑස් නිධි පිළිබඳ ගවේෂණය වැදගත් සන්ධිස්ථානයකට පැමිණ ඇති බවත්,ඒ අනුව ලබන මාසයේ ඛනිජ තෙල් සංවර්ධන පනත පාර්ලිමේන්තුව තුළ සම්මත කිරීමෙන් පසුව,මෙම කටයුතු සදහා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවන බවත් උදය ගම්මන්පිල අමාත්‍යවරයා පැවසීය .
ඉන්පසුව ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සහ ගෑස් ගවේෂණය සහ උකහා ගැනීම සදහා ආයෝජනය කිරීමට , ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ සමාගම්වලට ආරාධනා කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය .
මීට පෙර ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් තිබිය හැකි ප්‍රදේශ බිම් කැබලි 20 කට කඩලා තිබුණා . එනිසා එක් සමාගමකට තනිවම මෙම එක් බිම් කැබැල්ලක් ගවේෂණය කිරීමට දිගු කාළයක් ගත වෙනවා වගේම විශාල වියදමක් දැරීමටත් සිදු වෙනවා . මෙම තත්වය ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ගවේෂණය සදහා ආයෝජකයන් පැමිණීමට මැලි වීමට කාරණයක් වී තිබුණා .
එනිසා මෙම විශාල බිම් කැබලි 20 , කුඩා බිම් කැබලි 873 ක් ලෙස කැබලි කර තිබෙනවා .
මෙම මන්නාරම සහ කාවේරි ද්‍රෝනියේ ඛනිජ තෙල් සහ ගෑස් ගවේෂණය සදහා ලෝකයේ කීර්තිමත් භූ භෞතික සමීක්ෂණ සමාගමක් වන එක්සත් රාජධානියේ " බෙල් ජියෝස්පේස් " ආයතනය , සිය ගවේෂණ ගුවන් යානයක් ද රැගෙන විත් , ආයෝජකයන්ට අවශ්‍ය දත්ත රැස් කිරීමේ කාර්යයේ මේ වනවිට නිරත වී සිටිනවා යැයි ද අමාත්‍යවරයා කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුටු දායක පණිවිඩයක්. සියල්ල සාර්ථක වේවා ! ප්‍රාර්ථනා කරමු.
ඕකත් විකුණන් කාපන් ,කාලා සැපට ඉමු .නොදකින් අපේ ජාතිය ?
තවත් මාධ්‍ය සංදර්ශනයක් නොවේවායි පතමි
ණය ගෙවල ඉතිරි වෙන ඩොලර් ටික ඕගොල්ලො සමගියෙන් බෙදා ගන්න ඕන හරිද.. ගහ මරා ගන්නෙ නැතුව
නිවැරදි පුද්ගලයින් නිවැරදි තනතුරුවලට පත් කිරීමෙන් ව්‍යාපෘතිය ආරම්භ කරන්න. නොමැතිනම් තෙල් නොව මොනදේ හොයාගත්තත් අපි දුප්පත්
පච මල්ලක්
එකම තෙල් එකම මිලට විකුණලා ඉන්දියන් ඔයිල් සමාගම ලාබ ලබද්දී සිපෙට්කෝ එකට පාඩුයි. ඉතිං මන්නාරමේ තෙල් නිධියක් නෙවෙයි මුළු මන්නාරම් මුහුදම තෙල් සාගරයක් උනත් ඔහෙලට ලාබ ලබන්න බැහැ. තියන ටික විකුණාගෙන තම තමන් කෑවොත් මිසක්. මෙහෙම අයට ජන්දෙ දීලා පාර්ලිමේන්තු අරන් එනවනේ අපේ ජන්දදායකයෝ. අනේ මගේ රට..
චන්දේ කවද්ද මහත්තයෝ ?ආයෙම චන්දෙට 100 ගානේ එකතු කරන්න යන්නද කල්පනාව ?
හැත්තෑ ගණන් වල ඉඳල මන්නාරමේ තෙල් තියෙනවා කිය කියා චන්ද ගත්ත. කෝ තාම තෙල් ටික ගන්න බැරි උනා. බලමු ගම්මන්පිල වත් තෙල් හොයාගනියිද කියල. අඩු ගානේ එයාගේ කොමිස් එකටවත් උනන්දු වෙලා.
යම් විදියකින් තෙල් එනවා කියලා දැනගත්ත වහාම ඕකට බැසිල්ව දාන්න
රට චීනගේ ණය උගුලේ උවමනාවෙන්ම දාපු පාලකයෝ ඉන්නකම් තෙල් නෙමේ දියර රත්තරන් නිදියක් හම්බ උනත් වැඩක් නැහැ .අනික මෙය කියන්නේ අමු ටොන් පච
තෙල්, ගෑස් තියෙන තරම ඔක්කොම දන්නවා. ඉතින් තව මොනවද හොයන්නේ. තවත් බොරු නාට්‍යක්
පච මල්ල නැවතත් එලියට ඇවිත් ?
ලංකාවට ගොඩ යන්න පුළුවන් හොඳ ඉල්ලමක්. නමුත් මෙය බුද්ධිමත් ව හොඳින් කළමනාකරණය කරගෙන සුදුස්සා තෝරා ගත යුතුය . බාධක ගොඩක් එයි. බටහිර හා පෙරදිග දේශපාලන පොර පිටිය තරග කරයි.
මටනම් විශ්වාසයක් නෑ ඕකෙන් ණය ටිකවත් ගෙවල ඉවර කරයිද කියල.....ඒක හින්ද කවුරු හරි අවන්කව රට ගැන හිතන පාලකයෙක් එනකම් ඔය ටික ඔය විදිහටම තියෙන එක තමයි වඩාත් හොද කියල මමනම් හිතන්නෙ......
අනේ මේ කිරිපුතා වගේ බයියෝ ඉන්නකම් රටට අඹ සරණයි
ජනතාව ගේ අදහස් මදකට කියවා බැලුවෙමි. බොහෝ දෙනා හැම දෙයක්ම බලන්නේ තම දේශපාලන මතයේ සිට වග පැහැදිලි ය. රටේ තෙල් නිධියක් සොයාගත හොත් ඊට පාට පක්ෂ බේදයක් නැත. එය රටේ සම්පතකි. මිනිසුන් බොහෝ සේ පටු වී ඇත. එය නිවැරදි නොවේ යැයි සිතමි.
වගකීමෙන් කියනවා මේක බොරුවක්
අත තියන්න එපා. ඕකත් විනාශ කරනවා රටට තවත් පාඩු කරලා. ඔහොම තිබුනාවේ රටට යහපත් පාලකයෙක් එනතුරැ.
අවුරුදු 70 ක විතර ඉඳන් පත් වෙන හැම දේශපාලුවන් ම ඔය කතාව ඔය විදිහට ම කියනවා අහලා තියෙනවා. ඕව ජනතාවට කියලා වැඩක් නැහැ. කරල පෙන්නන්න
කියන්න කණගාටුයි ,ඕකෙන් ලෝකෙම සල්ලි හම්බවුනත් සැප විඳින්නේ පාර්ලිමන්ට් එකේ ඉන්න උන්ගේ පවුල්වල හැතිකරේ විතරයි .අහිංසක ,මිනිස්සුන්ට මුන් ජීවත් වෙන්න දෙන්නේ නෑ .ජොබ් කරලා ජීවත් වෙන මිනිස්සු ඔය නිව්ස් ගැන හිතන්න එපා
වෙනිසියුලාව ලොව අංක එකටම තෙල් නිපදවන රටකි.නමුත් පාලකයින්ගේ දක්ෂතාවය මත ලොව දුප්පත්ම රටක්වී ඇත .1948 සිටම අපේ රටේ සිටියෙත් එවැනි පාලකයින් නිසාත් ඉදිරියේවත් වෙනස්වන බවක් නොපෙනෙන නිසාත් මොන තරම් සම්පත් ලැබුනත් මංතීරු හා අධිවේගී මාර්ගත් කුළුණුත් හැර වෙනත් සංවර්ධනයක් වේදැයි සැක සහිතයි.
ආයේ පරන තැටියම නැවත වාදනය කරනව මිනිස්සුන්ගෙ හිත හදන්න, මතක විදිහට ෆවුසි මහත්තය අවු 10 කට 15 කට කලින් ඹයතෙල් අපිට දින වකවානු කියලම වික්ක, කාලෙකට පස්සෙ අද ආයෙවිකුනන්න හදනව, මංහිතන්නෙ ප්‍රතිවාදනය තවටිකක් පමා කලානම් හොදයි. පරන බොරු තවම මතකයි.
රටේ ණය බරින් නිදහස් වෙන්න පුලුවන් සුනාමි සල්ලි හොරකමේ ඉඳන් මහජන මුදල් හොරකම් කල ඈමතියන්ගේ දේපල රාජසන්තක කරල වික්කා නම්.
චීන එන්නතෙන් පමණයි. ඔය තෙල් ඉල්ලම කලින් කලට මතු වෙනවා ලොක්කා. නැති වෙනවා ඊටත් ඉක්මනට. ඔය ලබු ගෙඩිය කවදාවත් හරියන්නේ නැහැ
නොපෙනෙන හිතළු ගැන කයිය ගහන එකට වැඩිය හොඳ නැද්ද මහා පරිමානයේ සොරාකෑම දුෂණය වගේ දේවල් නැති කරන එක. "තමන්ගේ වියදමෙන් ගුවන් ටිකට්පත් ගන්නවා" කීවාට ඒසල්ලිත් හම්බ කලේ ෂෙඩ් එකක පැට්‍රොල් ගහල හරි වෙනත් රස්සාවක් කරලා හරි නෙවේනේ කියල කවුද නොදන්නේ ?
මේ වගේ හොරු කොරෝනා හැදිලම මෙතනින් ඉක්මනට තුරන් වේවා
කොහොම හරි තෙල් ගමු
කොහොමහරි ණය බරෙන් නිසදහස් වෙනවනම් හොදයි
දවල් හීන පෙන්නලා ජනතාව රවට්ටනවා
සිරිමා බණ්ඩාරනායක යුගයේදීත් ඇමති කෙනෙක් මේ විදිහටම තෙල් බැරල් ගණන් හැදු බව මට මතකයි .මේ ගැන විශ්වාසයක් තියන්න අමාරුයි .යම් විදියකින් තෙල් ලැබුනොත් මේ දේශපාලුවෝ එකත් විදේශයකට විකුණනවට කිසිම සැකයක් නෑ
ලෝකයේ ඛණිජ තෙල් භාවිතය අවසන් අවදියට එමින් පවතිී . අපේ තෙල් එනකොට ගන්න කවුරුත් නැති වෙයි. අපරාදෙ වියදම.
මෙයා මේ හෙන ටොම් පචයක් කියන්නෙ.කොන්ඩෙ බැඳපු චීන්නුන්ට හොඩය් මේ පච කතා.මුන් මේ පච කියල අපේ රටේ ගොන් ජනතාව රවට්ටගෙන තවත් අවුරුදු ගානක් බලයෙ ඉන්නය් හඩන්නෙ.තබ සතේකට විස්වාස කරන්න එපා මේ තක්කඩියගෙ විහිලු කතා.මේගොල්ලො හැමදාම බොරු බේගල් කියලා බලයේ ඉන්න හදන්නේ.
දැන්ම ඉඳන් ණය ගමු .තෙල් හම්බවුනාම ගෙවන්න පුළුවන්නේ .
අනේ මහත්තයෝ ඔය සුරංගනා කතා කාව රවට්ටන්නද ?ඕකේ තෙල් තිබ්බත් එයින් රටටනම් සෙතක් වෙන්නේ නෑ .ඕක ලොකු කොමිස් කුට්ටියක් අරන් පිටරටට,සමාගමකට විකුනලා දැම්මම ඔක්කොම ආදායම එයාලට .ලංකාවට හුලන් .දැන් වරායවල් වලින් වෙනවා වගේ
ඕකත් චීනාට විකුණපල්ලා
හොඳ දෙයක් කරන්න පුලුවන්
ඔය තෙල් කතාව, 1970 ගණන්වල ඉඳන් කාලෙන් කාලෙට ප්ලේ වෙන කැසට් එකක්.
ඒක හොඳයි ණය බරින් මිදෙන එක , අපිත් මේ බලාගෙනඉන්නේ ඔයාලා වගේ රටට බරක් වෙලා ඉන්න දේශපාලකයන් ගෙන් රට බේරාගන්න පුළුවන් කොයි වෙලාවකද කියලා
මේකට වෙන දේත් කල් තියාම කියන්න පුලුවන්.. මේ වෙනකොටත් ඕනෑ අය අතර බෙදාගන්න ප්ලෑන් ගහල ඉවර ඇති.. මේවා ගැන ඔය කියන දේවල් කිසිම විශ්වාසයක් නෑ.
ඔතන හිලක් විදලා තෙල් 1ක ලීටරයක් පුලුවන්නම් අරගෙන පෙන්නන්න .
හොඳ නිව්ස් එකක් .එත් මේ 225 හිටියොත් ඔය සල්ලිවලට ඇපත් නෑ .මංකොල්ල කන එක ෂුවර් .හොරු සෙට් එකක් දාලා
මන්නාරම් පිටි වැල්ලේ මදටිය වැල් ඔන්චිල්ලේ කොන්ඩේ කඩන් අඬමු අපි
වැඩක් කරනවට වඩා කයිවාරුව නම් මහ ඉහලින් තියෙනවා. අනික මේ කයිවාරු ගැහිල්ල 1970 ගනන්වල ඉදල කරන එකක්. ජනතාව රවටල ඡන්ද ටිකක් ගරාගන්න මගෝඩි දේශපාලුවන්ගේ පම්පෝරි කතාවලට නොරැවටෙමු.
මිනිසුන්ගේ අවධානය වෙනතකට යොමු කරමින්, උණුසුම් මාතෘකාවක් තැබීමට මේ අය ඉදිරිපත් වන්නේ කෙසේද යන්න කරුණාකර කරුණාකර තේරුම් ගන්න.
ඔය පට්ට බොරැ පවතින ප්‍රශ්ණ යට ගහන්න හැමදාම බයිලා කියලා මිනිස්සු රවට්ටන එක තමයි කරේ. අපි දන්න ව්දිහට නම් ඔය කියන මන්නාරම් නිධියේ හම්බ වුනේ ගෑස් විතරයි. ඒකත් තියෙන්නේ ගන්න ඉතා අමාරු තරම් අමාරු කි.මී. ගානක් යට. ප්‍රංශ සමාගම දාලා ගියේ ඒ නිසා. ඉතුරු වුනේ ඉන්දියාවේ කයිරාන් කියන සමාගම විතරයි. එයාලත් මේ ගෑස් නිධියට උනන් දු නොවුනේ අධික වියදමක් වැයවෙන නිසා. ඒවා ශක්‍යතා වාර්තා වල තියෙනවා. ඔය සම්බන්ධව හොඳින්ම දන්නේ චම්පික මිසක් ගමන් පිළ වගේ, බොරු ශෝ කාරයෝ නෙමේ. මේ ඇවිල්ලා හිස් පතොරොම් වලින් වෙඩි තියන්න හදන ටකරම් කටාලා විතරයි. අනික අමතක කරන්න එපා එදා දරුවන් ට ටැබ් දෙන්න හදද්දී, ටැබ් වලින් දරුවන්ට පිළිකා හැදෙන බව කියලා එදා ඒක වලක්වන්න වැඩ කරන්න තරම් ඔලුවක් තිබුනු කෙනෙක් මේ කතා කරන්නේ කියලා.
මැජික් පෙන්වීමට ඉතා දක්‍ෂය.
අනේ බුදු සර් කියන තැනකට වදින්නම්. තව ටික දවසක් ඉන්න මේ හිටියා වගේ...
එක වතාවකුත් ඡන්දෙකට කලින් දළදා සමිදුන් වැඩ හිටින මහනුවරදී කිව්වා නේද මන්නාරමේ තෙල් හමුවුනා කියලා. අනේ ජනතාව රවට්ටන්න එපා.
ඔය තරම් හීන පෙන්නන්න එපා. අපි පවු කියලා හිතෙන්නෙ නැද්ද? ඔය මනුස්සය කට ඇරියොත් බොරුවක් තමයි.
ශුවර් නම්, චීනෙට ඔය කියන වවටිනාකමට දීලා සල්ලි අරගෙන ණයත් බේරලා රටත් ගොඩදාලා පෙන්නන්න, නිකම් බොරු කියන්නේ නැතිව.
කට ඇරියොත් බොරුවක්.
ලෝකයේ දිනකට පරිභෝජනය දිනකට බොරතෙල් බැරල් මිලියන 100. මන්නාරම් ද්‍රෝනියේ හමුවෙලා තියෙන්නේ බොර තෙල් බැරල් මිලියන 2,000 අපි දිනකට බොරතෙල් බැරල් මිලියන ½ ක් නිපදවුවොත් ( ඒ කියන්නේ ලෝකේ පරිභෝජනයෙන් 0.05% ක්), අවුරුදු 11න් තෙල් ටික ඉවරයි. නේ....
ගොඩක් කාලෙකට ඉස්සර පස්යාලෙනුත් තෙල් හම්බවුනා .ඒ දවස්වල පත්තර වල ගියා පස්යාලේ තෙලෙන් කෝටි හතක් අතේ ,සුද්දෝ අරගෙන තිබුණු ණය ඔක්කොම ගෙවලා ඉවර කලා .ජය වේවා
තේ වගාකලා, රබර් වගාකලා, පොල් වගාකලා මැණික් ගැරුවා, රෙදි මැහුවා, සිරිමාවෝගේ කාලේ ඉඳන්....
මේ වන විට බැරල් මිලියනයක වෙළෙඳපොළ විකුණුම් මිල ඩොලර් මිලියන 70 කි. එබැවින් බාබෙල් මිලියන 2000 ක විකුණුම් පිරිවැය ඩොලර් බිලියන 140 ක් වන නමුත් තෙල් නිස්සාරණ පිරිවැය කොහේද. ? මේ සියලු වටිනාකම් බොරු ය.
2010ත් මේ වගේ තෙල්/ගෑස් නිධියක් ගැන වේදිකාවල කතාවුනා මතකයි. අවුරුදු 10කට පස්සේ තවත් නාටකයක්ද? මේක ඇත්තනම්, ගම්මන්පිල මොන සංදර්ශන දැම්මත්, ණය වාරික ගෙවන්න එයත් දන්නේ නැතුවම මේක ගෙඩිය පිටින් කාට හරි විකුනලා දායි.
නෑ . මන්නාරම් පිටි වැල්ලේ කොන්ඩෙ කඩන් ඉන්න කුන්ඩු මනී කෙනෙක් හම්බවෙයි . අන්න එයාගෙන් ගෙන් ගොඩයන්න පුළුවන් ඔහේට
මේ හොරු රැල ඉන්නකල් සවුදියේ ගානට තෙල් හම්බ උනත් වැඩක් නැහැ.එක කට්ටියක් හොරකම් කරලා ඉවර උනාම අනික් උන් පටන් ගන්නවා .දෙවියෝ ලෝකෙට කොවිඩ් එවලවත් මුන්ව වඳ කරන්න බැරි වුනානේ ?
මේ මී හරකා තව බොරුවක් කියනවා මිනිස්සුන්ට .මේ සැරේ මිනිස්සු රැවටෙන්නේ නෑ මී හරකෝ
ඔය තෙල් නිධි කතාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා දළදා මාලිගාව ඉදිරිපිට සිට කියල දැන් වසර ගණනාවක් ගත වෙලා. ඔය බොරු අහල දැන් මහජනතාවට එපාවෙලා තියෙන්නෙ. තවත් බොරු කතා නොකිය ඉන්න ඇමැතිතුමනි
තෙල් නිදියම විකුණල හරි,ණය ටික ගෙවපං මචං.උඹට පින් අයිතිවෙනවා.සාදු සාදු සාදු.තෙරැවන් සරණයි.
ඕක බොරු
චන්ද්‍රිකාගේ රජයේ කාලේ ෆවුසි ඇමතිතුමාත් ඔය කතාවම කිව්වා. ඒත් තාමත් තෙල් නං නැහැ
දේශපාලුවෝ මහා පරිමානයේ හොරකම්,වංචා ,දූෂණ වලින් ගසා කාපුවායේ ප්‍රතිපල . බොරු සෝබන වැඩ වලට විතරක් මොනතරම් ධනස්කන්දයක් නිකරුණේ කාබාසිනියා කරන්න ඇත්ද ? සුනාමි ආධාර ,විදෙස් රරටවලින් කොයිතරම් ආධාර ලැබුණ ද. නූපන් දරුවන් පවා ලෝකෙටම ණය කාරයෝ කරලා රට ආගාදයට ඇදලා දැම්මේ කාලකන්නි දේශපාලුවෝ මිසක් වෙන කවුද .හෙනම ගහපිය.
ඉස්සෙලම අපි ඔයාලව ගෙදර ඇරලා .ඊට පස්සේ අපි ඕවා ගොඩ දාන්නම් .මැතිවරණයට ඉස්සෙල්ලා යන්න කැමතිනම් හුඟාක් හොඳයි
තෙල් හම්බුනාම නම් මෙහෙම කියව කියවා ඉන්නේ නැහැ ඒක චීනෙට විකුණලා දමලා කොමිස් එක අරගෙන කට්ටියම සද්ද නැතුව ඉඳීවි.
දැන් වසර 20ක් 30ක් තිස්සේ ගව්ෂණ පමණයි. මැතිවරණ ළංවෙන කොට... රජයන් ජනතා අප්‍රසාදයට ලක්වෙන කොට.. ඔය කථාව මාතෘකාව වෙනවා.. ආයේ යට යනවා. ඇත්තටම, එසේ පවතිනවා නම්, අප මුලින්ම මේ හොර දේශපාලන තක්කඩි විනාශ කරලා දාන්න ඕනේ...
මුන්ගේ තෙල වැඩි වෙලා වගේ
දැනටමත් තෙල් අරගෙන විකුණලා පිටරට බැංකු ගිණුම්වලට දාලද දන්නෙත් නැහැ. සංසාරෙක හැටිද , ලංකාවේ හැටිද දන්නේ නැහැ.
ණය ගෙවා ණය බරින් නිදහස් වෙමු. ඊට පස්සේ ඉතිරි වෙන ඩොලර් බිලියන 133.5 මහ එකාට වැඩියෙන් පුදලා අනෙක් ටික අපි බෙදාගමු. ඊට පස්සේ තවතවත් ණය වෙලා ඒක ගෙවන්න මුගේ වෘෂන කෝශ දෙක විකුනමු. ඒකට හම්බවුනේ සොච්චමක් නිසා අනිත් උන්ගේ ටිකත් විකුනමු. තුං.....නොදකිං මේ අවජාතකයන් ටික.
ණය බරින් නිදහස් වෙන්න 225 ම නැති වෙන්න ඕන.
ඔයා වගේ අය අස්වුනොත් අපේ රටේ නිකන්ම ණය බර අඩුවෙයි.
ජනතාව මුහුණ පාන දැවෙන ගැටලු වලින් ගැලවීම සඳහා තවත් "සතුටුදායක" ආරංචියක්!
මහින්ද ජනාධිපතිතුමාත් අවුරුදු 4ක් ම ඕක ගවේෂණය කරලා ඇත ඇරලා දැම්මා. කිසිම දෙයක් තිබිල නැහැ. අවුරුදු 7කට පස්සේ කොහොමද තෙල් උනන්නේ?
ඩොලර් බිලියන 167 ක් වටින තෙල් උඩට අරගන්න පොලොව හාරලා පොම්ප සහ බට දාල හදන්න වෙන රටකට දෙන්න වෙනවා. එතකොට අපිට ලැබෙන්නේ ඔය තෙල්වල වටිනාකමින් 10% විතරයි. ඒ කියන්නෙ ඩොලර් බිලියන 16.7 යි. ඊට වැඩිය හොඳයි ඔය තෙල් නිධි අනාගත පරපුරට ඉතිරි කරල තියෙන එක.
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමති (2010-2015) ෆවුසි එදා පැවසූ දෙය ගම්මන්පිල නැවත කීවේය.
ඒ කියන්නේ ණය බරින් කවදාවත් නිදහස් වෙන්න බෑ කියන එක නේද.?
අපිටනම් තරු පෙනිලා තියෙන්නේ.
කියන තරමක් කියන්නේ බොරු...
මේ වගේ අයට මුකුත් කියන්න යන අපේ කාලෙත් අපරාදේ.
බටහිර රටවල් සමඟ ඇති මැද පෙරදිග කොන්දේසි මොනවාදැයි අපේ රජය සොයා බැලිය යුතුය. ඇමරිකානු සහ කැනේඩියානු නෝර්වේ තෙල් සමාගම විසින් ගෑස් සහ තෙල් සොයා ගන්නා ලදී. බොහෝ මධ්‍යම රටවල් ඔවුන් සමඟ එකඟතාවයන්ට(ෆිෆ්ටි ෆිෆ්ටි) පැමිණ ඇත.
කෙළවරක් නැතිව නූතන රජයට කඩේ යනවා....දෙවි පිහිටයි..!!!