
(නිමන්ති රණසිංහ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල පසුබිම් කරගනිමින් අසභ්‍ය වීඩියෝ පටයක් නිර්මාණය කිරීමේ සිද්ධියට අදාළ තරුණයකු සහ තරුණියක අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ ජාල අපරාධ සම්බන්ධ විමර්ශන අංශය විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ මහරගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි තරුණයකු සහ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි විසි පස් හැවිරිදි තරුණියක බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේය .
මෙම සැකකාර තරුණිය තාවකාලිකව පන්නිපිටිය ප්‍රදේශයේ නවාතැන්ගෙන සිට ඇති බවත් මොවුන් වෘත්තිය වශයෙන් මෙවැනි අසභ්‍ය වීඩියෝ නිර්මාණය කර ඇති බවට හෙළිවී ඇති බවත් එම නිලධාරියා පැවසීය.
අසභ්‍ය ප්‍රකාශන පනත ප්‍රකාරව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ දම්සක් පදනම නම් සංවිධානයක සභාපති පස්සරමුල්ලේ දයාවංශ හිමියන් විසිනි.
අසභ්‍ය වීඩියෝ දර්ශනය සහ අසභ්‍ය ඡායාරූප ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම් හරහා සමාජ මාධ්‍ය තුළ ඉකුත් සතියේදී සංසරණය විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. මේ අය මේ වීඩියෝව දැම්මේ නීත්‍යානුකූලව තිබෙන වෙබ් ජාලයකටයි. මේ අය කිසිම වරදක් කර නැහැ. වරදක් වෙලා වගේ පෙනෙන්නේ මෙය නරඹපු හාමුදුරුවෝ අතිනුයි...
මේවා නම් අහුවෙන්නේ බලන් ඉන්නකොට... නමුත් පාස්කු බෝම්බ සිද්ධිය අහුවෙන්නේ නැහැ... අවුරුදු ගණන් ගියත්...!
අනේ පව්... කුඩු කාරයින්, මිනීමරුවන් නිදහස්... මෙහෙමත් රටක්...!!!
බොහොම හොඳයි. මේ සිංහල බෞද්ධ රටේ මේ වගේ දේවල් සිද්ධ වෙන්න දෙන්න බැහැ. මේ ජෝඩුවට උපරිම දඬුවම් ලබා දෙන මෙන් අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.
කාගේවත් පුද්ගලික දෙයක් ලොක්කෝ වගේ අල්ලන එක මහ වීර ක්‍රියාවක් නොවෙයි. මේවා මැජිකුත් නෙවෙයි. අල්ලපල්ලකෝ පාස්කු බෝම්බ ගහපු අයව විහිළු සපයන්නේ නැතිව...
පාස්කු බෝම්බ මහ මොළකාරයො, මහ බැංකු වංචා මහ මොළකාරයො තාම හොයනවා අව්රුදු ගාණක් තිස්සෙ. සීනි කඳු පිටින් හංගන් හිටපු බිස්නස්කාරයන්ගෙ විස්තරත් මේ විදියටම එළියට දැම්ම නම්.....
පාස්කු දින ප්‍රහාරයේ ඝාතකයින් අල්ලන්න ,බැඳුම්කර වංචා හොරු අල්ලනවා කියල ආපු සර්ල අන්තිමට ඇල්ලුවෙ කපල් එකකුයි සීනියි විතරයි හාමුදුරුවනේ ..
වීඩියෝ එක නම් දැක්කෙ නෑ. ඒත් වැඩේ වැරදියි.
පාස්කු බෝම්බ, මහබැංකු හොරු අල්ලන්න බැරි ඇයි මෙහෙම ඉක්මනට?. මේ වගේ අය නම් අල්ලන්න පොලිසිය හරි දක්ෂයි. මෙහෙමත් නාඩගම්...
මහලොකු සංස්කෘතියක් තියන නම්බු කාරයෝ බහුතරයක් ජීවත් වෙන රටට කරලා තියන අපහාසයක් නේද? අනේ, මොනවට කියනවද ඒ ගැන, "කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙනවා" අනික සුන්දර තැනකට ආවාම සුන්දර රාගික හැගීම් එන එක සාධාරණයි. කොහෙද ඉතින් මහලොකු නම්බු කාරයින්ට කොහෙද ඒ වගේ හැගීම් පහල වන්නේ. ඔක්කොම හිතාගෙන ඉන්නේ, රහත් වෙලා කියලනේ?
ගෑස් අඩුකරලා හොරට විකුණලා අපේ බඩට ගැහුවා... මහජනතාවගෙන්ම හොරා කාලත් කෝ නීතිය? ඒත් මේවට උඩ පැන පැන තලනවා, හරියට කවුරුත් නොකරන දෙයක් වගේ.
මෙයාලා මේක විලාසිතාවක් කරගෙන. හැම ප්‍රසිද්ධ තැනකම මේක කරනවා.
මොන මගුලකටද අන්තර්ජාලයට දැම්මේ .මෙවැනි ක්‍රිය ා කරන්නනට දැඩි දඩුවම් දෙනන ඔනි
හෙට අනිද්දා රුවන්වැලි මහාසෑයට හේත්තු වෙලා මේ වගේ වැඩ කරයි. මෙවැනි දේ නොවෙන්න දඬුවම් දියයුතුයි. සමහරවිට ලංකාවෙ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න කරපු දෙයක්ද මේ?.
බංගලියොන්ගෙන් හිගා කන්න ලැජ්ජ නැ. මේ දෙන්නා මෙහෙම හරි උත්සාහයෙන් ඩොලර් ටිකක් රටට උපයා දෙන්න හදන එක ගැන ආඩම්බර වෙන්න.
මහ බැංකු වංචාව ප්‍රසිද්ධියේ පිලිගත්ත නඩය තාම කොටුකර ගන්න බැරි වුනා. තමන් ලැජ්ජා නැතිකමට කරපු වැඩෙන් අපේ රටට වුන පාඩුව මොකක්ද ? ඔයිට වැඩිය දේවල් ඕන තරම් ලොක්කො කරනවා. රටේ වෙන ප්‍රශ්න නැතුව වගේ මේ වගේ දේවල්වල එල්ලිලා අපිට මෝඩ චූන් දෙනවා.
මේ අයට දඩුවම් දිය යුතුයි. එහෙම නොවුනොත් තැනක් නොතැනක් නැතිවෙයි.
ඇයි මෙහෙම මිනිස්සු හැසිරෙන්නේ...
මිලියන ගණන් හොරකම් කරපු අය මිනී මරපු අය අගේට ඉන්නවා. මේක තමයි ලොකුම අපරාධය.
එතකොට සීගිරි ලලනාවියොත් අත්අඩංගුවට ගත යුතුද.?
පුළුවන් ඔච්චරයි රටේ මිනිසුන්ට කන්නවත් නැහැ.
ඉසුරුමුණි පෙම් යුවළ වහාම අත්අඩංගුවට ගතයුතු මය
බද්රානි, ලංකාවේ ඉන්න දරුවන්ට පෙන්නන්න, මෙහෙම තමයි ප්‍රසිද්ධ ස්ථාන වල හැසිරෙන්න ඕනේ කියල. ඕනේ තැනක තමන්ට රිසිසේ පුළුවන් ,හැබැයි ලෝකෙට දාල ,රටේ දරුවන් නොමග යවන්න ඕනේ නැහැ. තමන්ගේ පාඩුවේ කලානම කාටවත් ප්‍රශ්නයක් නැහැ.
පාස්කු ප්‍රහාරෙ කරපු එකෙක් අදටත් නෑ.
තෝරු, මෝරු ඔක්කොම අතඇරලා ඉස්ගෙඩියන් අල්ලන් රඟනවා..
පාස්කු බෝම්බ මහ මොලකාරයින්, මහ බැංකු වංචා, මහ මොලකාරයින් තාම හොයනවා...
හොද වැඩේ
අපේ රටේ මිනිස්සු දන්නේ හැංගි හැංගි දුරාචාරයේ ජීවත් වෙන්නයි. බොරු බෞද්ධකමයි, බොරු සංස්කෘතියයි... බොරු උද්දච්ච කමයි... මේ හැම දෙයක් පස්සෙම තියෙන්නේ හොරකම, බොරුව, දුරාචාරයයි... සමාවෙන්න....!!!
අපි ඉතින් අපේ හැඟීම් ඉදිරියේ ‘‘ලාම්පුව නිවන‘‘ ජාතියක්නේ..!!!
අම්මෝ මේකට තියෙන කමෙන්ස් ගොඩ
එතකොට ගමක් ගමක් ගානේ රටපුරා වැහිවැහැලා තියෙන සම්බාහන මධ්‍යස්ථාන වල වෙන්නෙ භාවනා කරන එකද? දන්නේ නැති නිසයි ඇහුවේ...!
පොලිස් ඇප දීපු ඒක හොඳයි. මොකද රටට ඩොලර් ගෙනාපු යුවළක් . ඒ ගොලන්ගේ නිදහස් රැකියාව අන්තර්ජාලයේ කරන්න ඒ ගොලන්ට කිසීම නීතිමය බාදාවක් නොතිබුනොත් හොඳයි .
ඕක ඔච්චර දෙයක්ද? රටේ මෙච්චර ප්‍රශ්න තියෙනවා ඒවා තාම පෙන්ඩින්....
පරෙවි සංදේශය ලියපු අය වහාම අත්අඩංගුවට ගන්න...!
මහබැංකු හොරකම නිරුවතින් කලා නම් අල්ලා ගන්න තිබුණා.
මහලොකු සංස්කෘතිය ලොකු අයට නයිට් ක්ලබ් වල බාල් නටන්න හොඳයි පොඩි අයට තමයි මේ ඔක්කොම නීතිරීති.
අපේ සංස්කෘතිය හා සභ්‍යත්වය ආරක්ෂා කිරීමට රටේ සියලුම සමිබාහන මධ්‍යස්ථානවල කාමර වලට CCTV කැමරා සවිකර ඒවා අදාල ප්‍රදෙශයේ පංසල් වලට සම්බන්ධ කල යුතුයැයි මා යෝජනා කරනවා!
මේවා බලලාද නිවන් යන්න හදන්නේ? මේ කොහෙද යන දුශ්ශීල බමුණෙක්... ඕවා තමයි පන්සලට වෙලා බලන්නේ... දායකයෙක් මේක දැක්කා නිසා බමුණා බයවෙලා පොලිසියට දන්වලා...
දම්සක් පදනම නම් සංවිධානයක සභාපති පස්සරමුල්ලේ දයාවංශ හිමියන් මෙම වීඩියොව බලලා අනික් අයට බලන්න බැරි වෙන්න කටයුතු සැලසුවා... එ්ක නරක ආදර්ශයක්... අනික ඔවුන් මෙය කර තිබෙන්නේ මුදල් සොයා ගැනීමට නම්... ඔය පාර්ලිමේන්තුවේ ඉන්නා 225ම මහජන මුදල් වලින් යැපෙමින්, තවත් සොරා කනවා, මේ දෙන්නා එසේ නොවේ.. බලහත්කාර කමක් සිදුවී නැහැ. දෙන්නා කැමත්තෙන් කරලා තියෙන්නේ... මේවා බලන අයගේ තෘප්තියට සහ මුදල් සොයා ගැනීමට. මම නම් වරදක් දකින්නෙ නැහැ..