(අජන්ත කුමාර අගලකඩ)
වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර වලට, බීමතින් සිය මිතුරන් පිරිසක් ද සමග අයුතු ආකාරයෙන් ඇතුළු වූ බවට චෝදනා එල්ල වූ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද (15)සිය ධුරයෙන් ඉල්ලා අස්විය.
තමා එම සිදුවීම් වල වගකීම බාරගනිම්න් බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ලොහාන් රත්වත්ත මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියකින් ඊයේ පෙරවරුවෙි දැනුම් දුන්නේය.
රාජ්‍ය අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය ද නිවේදනය කළේය.
සිරකරු සුබසාධක දිනය යෙදී තිබූ ඉකුත් ඉරිදා( 12) අනුරාධපුර බන්ධනාගාරයට සිය මිතුරන් පිරිසක් ද සමග බීමතින් ඇතුළුවී සිරකරුවන් පිරිසකට සිය ගිනි අවිය පෙන්වා තර්ජනය කළ බවට සහ ඒ ආකාරයටම ඉකුත් 6 වෙනිදා වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වූ බවට රත්වත්තේ මහතාට චෝදනා එල්ල වී තිබිණි .
ඒ අනුව අදාළ සිද්ධි වල වගකීම බාරගනිමින් තමා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ලොහාන් රත්වත්තේ මහතා ජනාධිපතිවරයාට ද අද දුන්නේය.
ලොහාන් රත්වත්තේ මහතා මැණික් හා මැණික් ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැතිවරයා වශයෙන් ද කටයුතු කළ අතර ඔහු තවදුරටත් එහි කටයුතු කරනු ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙලෝ වැඩක් නැති කිසිම බලයක් නැති රාජ්‍ය ඇමතිකමක් ලැබුනහම ඔහොම තමයි
ඔන්න ඒක තමයි ගරු ජනාධිපතිතුමාගේ සහ ආණ්ඩුවේ නීතියට වැඩ කිරීම කියන්නේ. වරදක් උනොත් කාට උනත් සමාවක් නැහැ. ඇමතිවරයෙක් උනත් ඉල්ලා අස්වෙන්න සිදු වෙනවා. කොහොම උනත් මේ රාජ්‍ය ඇමතිතුමා වරද බාර ගත්තු නිසා නැවත ඇමතිකම ලබා දීම සුදුසු බවයි අපගේ ජනතා මතය.
බොහොම හොදයි මේ තිරිසනාට අප මෙසේ කීමට කැමැත්තෙමු.නැවත ගමේ මරණාධාර සමිතියක සාමාජිකත්වය ගන්නවත් එන්න නම් එපා ගොයියෝ ,මිනිස්සුන්ට කැනඩාව මතක් වෙලා සෙරප්පුවලින්ම සුබපැතුම් එක්කරයි......
කවුරුන් මොනවා කිව්වත් ඉතාමත් ඉහළ ප්‍රවනතාවක් . පසුගිය දවස්වල මාධ්‍යවේදීන් පිළිබඳව ප්‍රශ්නයකට ඩලස් ඇමතිතුමා විශේෂඥ වෛද්‍ය නීලීකා මහත්මියගෙන් පොදුවේ සමාව ඉල්ලුවා. මේ තත්ත්වය දිගටම පවත්වාගෙන යා යුතුයි .වැරදි නොකරන මිනිස්සු මෙන්ම දේශපාලකයෝද නැති බව අපි තේරුම් ගත යුතුයි. නමුත් මේ ක්‍රියාව අගය කල යුතුයි
මල්ලියේ අපි දෑතම දිගු කරලා ඉන්නේ ඉතින් අපේ පැත්තට එනවද....?? "මලය ටිකක් උස නිසා අපේ පැත්තට ආපුගමන් සිකුරිටි" රස්සාවක් දෙනවා දෙනවමයි මම.....මොකද කියන්නේ එනවද ?
නැවත දිවුරුම් දෙනු ඇත. කට්ටිය බලාගෙන ඉන්න.
මේක සුළු වරදක් නෙමෙයි. සමහර රටවල් බලන් ඉන්නේ අපිට පහර දෙන්න අවස්ථාවක් එනකම්.. ඉතින් මේ වගේ රාජ්‍ය ඇමැතිලා විකාර නැටුවාම ඒකෙන් වෙන්නේ මුලු රටම පීචන් වෙන එක.. ඒකෙනුත් සියලුම ඇමැතිලා රාජ්‍ය ඇමැතිලා සහ මන්ත්‍රීලා... මේක හොඳට හිතට ගන්න. ඒ වගේම කිසිම සමාවක් දෙන්න එපා. ඒක ඡන්දෙ දීපු ජනතාව ඔබෙන් බලාපොරොත්තු වෙනවා. එතකොට රටේම විනය නිකන්ම හැදේවි.
තානාපතිකමක්වත් දීලා යවමු නේද. ඇමෙරිකාවේ අපේ තානාපතිතුමා ඔන්න ඉල්ලලා අස්වෙලා. වියතුන් එක එක්කෙනා අයින්වෙන පාටක් තියෙන්නේ.
තවද, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිය පැවැත්වෙන අවස්ථාවම තෝරාගෙන මොහු මෙවන් ක්‍රියාවක් කිරීම විශේෂයෙන් සොයා බැලිය යුතු දෙයකි.
තිරනාටකයට අනුව රඟපෑම. එකකින් අයින් වුණා. එකක් තියාගත්තා. හරි ශෝක්...
UN එක කට අැරගෙන බලන් ඉන්න වෙලාවක බන්ධනාගාරෙට පැනලා හොඳටම කළා.
කූඩැල්ලා මෙට්ටේ තියන්න බැහැ කියන්නේ නිකන් නෙමෙයි.!!!
මෙයා අයින් වෙලා තියෙන්නෙ එක ඇමතිකමකින් විතරයි. තාමත් ඇමති.. මෙච්චර වරදක් කරලත් කිසි දඩුවමක් නැ..
මේ හොරුන්ගේ, මිනීමරුවන්ගේ, කුඩු කාරයින්ගේ, දූෂකයින්ගේ පාරාදීසයයි. මේ දියවන්නාවෙන් ජනතාවට දෙන පණිවිඩයයි...
අලුත් ඇමැතිකම මොකක්ද?
සමහරවිට බැංකුවක සභාපතිකමක් ගන්න හිතාගෙන ඉන්නවාද කියලා කවුද දන්නේ..?
අර ඕකෙ බන්ධනාගාර කොමසාරිස් තාම මුකුත් දන්නේ නැතිව ඇති. කිරි බොන බබ්බුනේ...
මේ වගේ අයට ඡන්දෙ ඉල්ලන ටිකට් එක දෙන ලොක්කා තමයි වැරැදි...
ඉල්ලා අස්වී නැත ඉල්ලා අස්වීමට ජනාධිපතිවරයාගේ නිර්දේශ ඉල්ලීමක් කර ඇත. දැනුමේ තරම පෙනේ
පත්තරෙන් වත් දකීද?
අර ලොකුම මැණිකෙ වැඩේ හරි ගියෙ නැද්ද දන්නෙ නෑ
ජනපතිතුමණි , ඔබ තුමන්ගෙන් රටේ ජනතාව බලාපොරොත්තු වන්නේ මෙවන් දැඩි තීරණ ගැනීමට පියවර ගැනීමයි. මෙම රාජ්‍ය අමාත්‍යවරයා සිදු කළ ක්‍රියාව සම්බන්ධයෙන් පරීක්ෂණයක්ද ජනතාවගේ අපේක්ෂාවයි. මෙවන් සිදුවීම් රටට අවමානය ගෙන දෙන්නක්.
කිසිම සිදුවීමක් වාර්තා වුනේ නෑ කියපු බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට මොකද වෙන්නේ.
බලනන ඒක රටක ඒක නීතියක්
අන්න පේනවනේ මැතිවරු
ලොහාන්ට නියෝජ්‍ය මහ බැංකු අධිපතිකම දෙමු. එතකොට ලෝක බැංකුවට පිස්තොලේ දික්කරල හරි සල්ලි හොයාගනියි.
මැණික් කියන්නෙ දියුණු වෙන්න පුළුවන් හොඳ ක්ෂේත්‍රයක්... මැතිඳුනි අප ඔබ සමඟයි...
ඡන්දෙ දීලා පත් කරන්න මිනිසුන්ට ගහනන ඔනි
වරද පිළිගතතම ඇතිද/ දඩුවම් නැද්ද
මැණික් ව්‍යාපාරිකයනි... මේ ඔබගේ වාරයයි... ප්‍රවේශම් වෙන්න ! තාවකාලිකව මැණික් ව්‍යාපාරයෙන් ඉවත් වී කුලී වැඩකට හෝ යන්න...
එතකොට නඩු නැද්ද ? බන්ධනාගාර ඉහල නිළධාරීන්ට විනය පියවර නැද්ද ?
කලබල නොවෙන්න
උඩතලවින්නේ, සිදුවූ දේ හිතාගන්න පුළුවන්...
මේ ඇමතියා කළ කුප්ප වැඩේ මීට කළින් ඔයාලා දන්නේම නැහැ. රජය ආරක්ෂා කරන්නේ බයටද? සල්ලි වලටද?
නම දැම්මේ නැත්තේ ඇයි කියලා කියන්න පුළුවන්ද?
ශෝ එක ඉවරයි... දැන් ගෙදර යන්න...!
ඔක්කොම එකම බෝට්ටුවේ!
ඡන්දය දුන්න අයවළුන්ට ස්තුතියි.
වරද පිලි ගත්තා කියලා අර පල්ලියේ වගේ සමාව දීලා ද=ගෙදර යන්න බැහැ .මොහු කරලා තිබෙන්නේ බරපතල වරදක් .මොහුට විරුද්ධව නීතිය ක්රියාතමක් කරන්න .
ගොඩක් මැති ඇමැතිවරු කොහොමත් වැඩ කරන්නේ රටේ පොදු නීතිය එයාලට අදාල නැති විදිහට නේ . මේකත් රඟපෑමක් විතරයි . දැක්කනේ රටම දන්නා මිනීමරු කුඩු බිස්නස් කාරයන්ට රටේ ඉහළම තැනින් සමාව සමාව එක්කම රටේ වැදගත් තනතුරු පුදපු හැටි.
මෙයා ඉල්ලා අස්වුනා කියල හිතන්ට අමාරුයි. කව්රු හරි කියල තියෙනවා මෙයාට අයින් වෙන්ට කියලා.
කොහොමත් මේ මෙයාගේ පෙර වැරදි නිමක් නෑ ..උඩ තැන් වල ඉන්න පුද්ගල ඝාතන පිටිපස්සේ කව්ද හිටියේ .මහනුවර එවකට හිටපු නියෝජ්‍ය පොලිස්පතිට ප්‍රසිද්ධියේ තර්ජනය කලේ කවුද ?තාත්තයි පුතයි ඔක්කොම කලේ බලාය තියෙද්දී එය අයුතු ලෙස භාවිත කිරීමයි ..මේ මිනිස්සු මානසික ලෙඩ්ඩු .හිරේ ඉන්න මිනිස්සු ඉන්නේ නිරායුදව . ඒ මිනිස්සුන්ට ආයුධ පෙන්නලා දනගස්සවන්නේ නිවටයෝ .මේවා කරනකම් භන්ධනාගාරයේ නිලධාරීන් නිදාගත්තද. හරි නම් තුෂාර උපුල්දෙනියත් ඉල්ලා අස් විය යුතුයි ..මේ රාජ්‍ය ඇමැතිකමින් අස්වෙලා තව එකක ඉන්නේ කොහොමද ? ඒ හින්දා ඉල්ලා අස් විය යුතුයි
බේබදුකමයි, සල්ලාලකමයි එකට එකතු වුණාම මේ වගේ විගඩම් නටන්න හිතෙනවා ඇති. එ්ත් මේ රටේ නීතියක් තියනවා නම් මොහුට විරුද්ධව නඩු පවරා දඬුවම් කළ යුතුයි. මොහුට පමණක් නොවෙයි අර නම හෙළි නොකරන රූප රාජිනියටත් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. එය එසේ නොවුණොත්, මේ රට අමන අශිෂ්ඨ ගෝත්‍රිකයින්ගේ නිජ බිමක් මිස, ශිෂ්ඨ සම්පන්න රටක් ලෙස අපි නම් පිළි නොගනිමු.
එතකොට බන්ධනාගාර කොමසාරිස් දැන්වත් දන්නවද දන්නේ නෑ මෙහෙම සිද්ධියක් උනාද කියලා. මේ වගේ හරක් පැටව්නේ මේ තනතුරුවලට පත් කරන්නේ. තමන්ගේ යටතේ තියෙන බන්ධනාගාර දෙකක රාජ්‍ය ඇමති පිස්සු කෙළිනකොට දන්නේ නැති වෙන්න කොමසාරිස් කෝමා තත්ත්වයේද හිටියේ ?
සහෝදරවරුනි මුන් ඔක්කොම යාළුවෝ. මුන් කරන වැරදි වලට දඬුවම් හම්බ වෙන්නේ නැහැ.ජනමාධ්‍යත් තක්කු මුක්කු වෙලා නේ හිටියේ නම ඉදිරිපත් කරන්නැතුව.ඇමතිකමෙන් අයින් කළේ ෂෝ එකට.උන් මුන් ඔක්කොම එකයි.ඊළඟ ඡන්දෙදි මුං ඔක්කොම එළවලා ලොකු වෙනසක් නොකළොත් ශ්‍රී ලංකාවේ අනාගතය වලපල්ලේ.
කබ්රාලේ ගේ හිස් උන මන්ති ධූරයට ගරු ආර් දුමින්ද සිල්ව මැතිඳුන් පත් කර එතුමාට බන්ධනාගාර සහ සිරකරු අමාත්‍යධුරය ලබාදෙන්න ජනපතිතුමනි
මිනී මරලා හෙලිකොප්ටරෙන් උසාවි ගිය අයනේ මේ....
එතකොට ගත්තු පඩි ආපහු දෙන්නේ නැතිද ?
ලොහාන් රත්වත්තේ මහතා මැණික් හා මැණික් ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැතිවරයා වශයෙන් ද කටයුතු කළ අතර ඔහු තවදුරටත් එහි කටයුතු කරනු ඇත. මරු දඬුවම , මෙච්චර රටේ නිතිය කඩලා තවම ඇමැති කෙනෙක්. කෙහෙමද ඇන්දිල්ල
බොහොමයක් හොඳ රැකියා වල කෙනෙක්ව ඇස කරන්න ඕන උනාම කාලයක් වැඩ කරපු කෙනෙක් නම් ඉල්ලා අස්වෙන්න අවස්ථාවක් දෙනවා .පව් .සිංගප්පුරුව සෞඛ්‍ය පහසුකම් ,තීරු බදු රහිත වාහන එහෙමත් අයින් කරලාද ?චන්දයක් වත් තිබුනා නම් අනික් පැත්තට පැනගන්නවත් තිබුනා නේද ?
කොහෙන් හිනාවෙන්නද කියලා හිතාගන්න බෑ. ආදායමක් නැති අමාත්‍යාංශයක් නිසා පොර වගේ අස්වුනා, අර මැනික්ගල විකුනනකංවත් මැනික් ඇමතිකමෙන් අස්වෙන්න හිත හදාගන්න අමාරු ඇති. උඩතලවින්න මතක් වුනා.
රටේ සාමාන්‍ය ජනතාව දුන් තාවකාලික දේශපාලන බලය අයුතු ලෙස භාවිතා කළ කළු ඉතිහාසයක් ඇති වගකීම් විරහිත හා දූෂිත දේශපාලනඥයින්ට එරෙහිව ජනතාව නඩු පැවරිය යුතුය.
ශ්‍රී ලාංකිකයිනි රජය විපක්ෂය හැර වෙනත් විකල්පයක් ලංකාවට නැතිද ?
අපි මේ විඳින්නෙ සුද්දා ලංකාවට නිදහස දුන්නු එකේ කරුමයයි.. තවමත් මේ රට එංගලන්තයට අයිති එකක් උනා නම් ... මේ වෙන කොට මේ රට කොපමණ දියුණු වෙලාද ?
රට පාලනය කරන අය මෙහෙම පිස්සු කෙලිනවානම් , මහජනතාව ගැන කුමන කතාද.?
ඕකා මහත්තයෙක් නෙවෙයි බේබද්දෙක් .එවපු උන්ට බූ වල්ලෙන් තලන්න ඕනේ
ලොහාන් රත්වත්තේ මැතිතුමා ඇති විශිෂ්ට බුද්ධිමත් දේශපාලකයෙක් .කොහොමද .හරියටම ගිනීවා මානව හිමිකම් සැසිවාරය ඉලක්ක කරලම හිරකාරයන්ගේ ඔලුවට පිස්තොලේ තියපු ලස්සන .කාටද එහෙම බුද්ධිමත් අදහස් පහල වෙන්නේ ?
ඉස්සර දේශපාලනයට එන්න පක්ෂයේ ජෙෂ්ඨත්වය උඩ දෙන පවුල් උරුමයක් කරගෙන මේ නිසා චරිතවත් වැදගත් අය දේශපාලනයට එන එක අඩුයි.
වරදක් කලත් සිතකින් නොවේ. පළිගන්නේ රිදවන්නේ ඇයි. දැන් ඉතින් මම අස් වුනානේ.