(අංජුල මහික වීරරත්න)
තව වසර දෙකක් ඇතුළත බීජ ආනයනය සහ පිටිකිරි ආනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේය.
2024 වන විට රටට අවශ්‍ය බීජ රටේම නිපදවා ගැනීමටත්, කිරිපිටි ආනයනය නතර කර ජනතාව දියර කිරි සදහා හුරු කරවීමේ ඉලක්කය සපුරා ගැනීමටත් කටයුතු කළ යුතුව ඇතැයිද අලුත්ගමගේ මහතා කීය.
බහුජාතික සමාගම්වල බලපෑම්වලට හසුනොවී ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කෘෂිකර්ම ඉලක්ක සපුරා ගැනිමට කැපවී කටයුතු කළ යුතු බවද මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානීන් සමඟ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අමාත්‍යවරයා මෙි බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ අරමුණක් . ඉටුකර ගැනීමට ලැබේවායි සුබ පතමු
ඇමැතිතුමෝ,බයවෙන්න එපා එච්චර කල් ඔබතුමාලා බලයෙ තියෙන්නේ නැහැ.දැන් දැන් කොටිට පැදුරැත් අරගෙන යන්න ලැස්ති වෙන්න.
ඇමති කියලා තියෙන්නේ සැලසුම් සකස් කරන්න කියලා හා ඉලක්ක සපුරාගන්න කටයුතු සකසන්න කියලා. ඒවුනාට ලිපියේ මාතෘතාව කිරිපිටි ගෙන ඒම සම්පූර්ණයෙන් නවත්වනවා කියලා පාඨකයා නොමග යවලා තියෙන්නේ.
මෙයාගේ බොරු කයිවාරු විතරයි .කලින් කියපු විදියට අඩුවට දීලා ඉන්න .පස්සේ පුළුවන් අලුත් දේවල් කරන්න
කරන්න පුලුවන්නම් හොඳයි. මටත් ඉඩමක් දුන්නොත් කිරිහරක් හදන්න පටන් ගන්නවා
වර්තමාන නිෂ්පාදනය 5 %ක් ලබා දීමට ප්‍රමාණවත්, සෑම ගවයෙක්ම වාර්ෂිකව ගවයින් බිහි කළත් කිරි නිෂ්පාදනය 80 % දක්වා වැඩි කිරීමට අපට අවම වශයෙන් අවුරුදු 5 ක් අවශ්‍ය වේ. සාමාන්‍යයෙන් ගවයෙකුගේ වැඩිහිටිභාවයක් වසර 6 කටත් වැඩි ය. ඔවුන්ට පෝෂණය කිරීමට තණබිම් නිපදවිය හැක්කේ කොතැනින්ද.
හදිසි නීතිය ඉවරවුණු හැටියේ ගහලා පන්නන මිනිස්සු බලන් ඉන්නේ මෙයා අවුරුදු ගණන් සැලසුම් හදලා හීනෙන්...!
මේ කියන දේවල් ඉල්ලා අස් කරගනන ඒහෙම ඒපා
ධුර කාලය ඉවර වෙනකොට අපිට මැරෙන්න වෙයි වගේ
මොන සැලසුම්ද, කිරිපිටි තහනම් කලානම් වැඩේ ඉවරයිනේ. මේ කිරිපිටිත් අර සුද්දා අරක්කු නිකන් දීලා පුරුදු කලා වගේ දෙයක්නේ. කිරිපිටි නිෂ්පාදනය කරන කිසිම රටක කිරිපිටි විකුනන්නේ නැහැ.
හොද සත් ක්‍රියාවක් යනන කලින් කරල යනන
මම ආවෙ කමෙන්ට බලනන
ඔන්න නොකීවයි කියන්න එපා. අවුරුදු 2ට කලින් කියන්නේ.
අවුරුදු දෙකක් යනකොට කිරිපිටි කෙසේවෙතත් බීජ නම් පිටරටින් ගෙන්වන්න අවශ්‍ය වෙන එකක් නැහැ. පොහොර නොමැති නිසා ගොවියෝ දැන් ගොවිතැනින් ඉවත් වෙනවා.